සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Oct 6, 2018

නුඹ මගේ සිත අරන් ගියා !





කෝ මට ඔයාගේ අත දෙන්න...

මොකටද ....

සාත්තරයක් කියන්න....

ඔයා එහෙම කිව්වම මම මගේ දෝතම ඔයාට පෑවා.ඔයා මගේ අත් දෙකම අල්ලගෙන අත්ල දිහා බලාගෙන හිටිය.මගේ අත් අල්ලන් හිටපු ඔයාගේ ඇඟිලිතුඩු යාන්තමට ගැස්සෙනව මම හොදටම දැක්ක.

ඔයාගෙයි මගෙයි අත් වල එකම විදියටමයි රේඛා පිහිටල තියෙන්නෙ...

ඔයාගෙ අතකුයි මගේ අතකුයි එක ළඟින් තියල ඔයා මට පෙන්නුව.ඒත් මට ඕන උනේ ඒ වෙලවේ ඒ රේඛා සසඳන්න නෙවෙයි. මගේ අත අල්ලන් ඉන්න ඔයාගේ ඇස් දෙක දිහා බලන්න...ඒ ඇස් වලින් පේන මගේම ඇස් දිහා බලන්න.... පුලුවනම් ඔය ඇස් මට කියන නොකියන හැම කතාවම එක තප්පරෙන් තේරුම් ගන්න... ඒත්.. ඒත් .. ඔය ඇස් වලට එබෙන්න මට බය හිතුන...ඔය ඇස් වල දිස්නෙට මාව පිච්චිලා යාවි කියල මම බය උනා...

ඒ ඔයා මගේ අතින් අල්ලපු පලවෙනි වතාව. ( සමහර විට අන්තිම වතාවත් ) අපිටම කියල ලැබුන ඒ පුංචිම තප්පර ගානත් මට මැරෙනකම් මතක් කරල විඳින්න විඳවන්න පුලුවන් මතකයක්.දැන් ඔයාට ඒවා අමතක ඇති. මතක් උනත් මහා ලොකුවට දැනෙන දෙයක් නොවෙන්නත් ඇති.

ඒත් ඔයා දන්නවද ...?

මේ දැනුත්... ඔව් ... මේ දැනුත් මම ඔයා අල්ලපු මගේ අතේ ඔයාගේ දිග ඇඟිලි තැවරුණු හැටි ඇස් පියාගෙන මතක් කරනව.ඔයා සීරුවට පිරිමැදපු මගේ රේඛා වල ඔයාගේ උණුහුම තියෙනවද කියල අතගාලා බලනව.එදා ඔයා ළඟදි මට දැනුන ඔයාගේ සුවඳ හීනෙනුත් ඉඹල බලනව.

ඉතින් ඔයාට නොකියාම මම උහුලගන්නව ඒ හැම මතකයකම බර....ඔයාට නොකියාම මම දරාගන්නව ඒ ප්‍රේමයේ පෙම්වත්කම.

මට ඔබ නැති වේවි ... ඒත් කමක් නෑ... ඔබ මාව හරි ඉක්මනට අමතක කරාවි..ඒත් කමක් නෑ...ඔබට මා ඔබේ ජීවිතයේ එක්තරා කාලයක සිටි තවත් එක්කෙනෙක් පමණක් වේවි... ඒත් කමක් නෑ... ඔබේ අයිතිය ඔබ අරන් යන්න.ඒත් මතක තියාගන්න... ඔයාව අමතක කරන්න කියල මට කියන්න ඔයාටවත් අයිතියක් නෑ.





අර නිදහස් සිතුවිලි එකේ ලියන  රවී අයියා / මාමා  හරි අපූරු ගීත කතන්දරයක් දාලා තිබුනානේ.ඉතින් ඒවා කියෙව්වම අපිටත් නිකං ඉන්න බෑලු.ඒක කියවනකොටත් මම හිටියේ  මහ වැස්සේ සිංදු අහගෙන වැස්ස දිහා බලාගෙන.ඒ වෙලාවේ මම අහපු මට කැමති හිතුනම සිංදුව තමා මේ...අපිට ඉතින් අර තරම් ලස්සන කතානම් ගොතන්න බෑ.ඒත් ඉතින් මේත් මදෑ කියල ඕං ඔහෙ දැම්මා.




17 comments:

  1. මං ආස නැහැ අනේ මෙහෙම සිංදුවකට කතාවක් ලියනවට , ආසවෙන් කතාව කියවල අන්තිම බලනකොට කතාව ඉවර වෙලා නෑ හරියට. සිංදුවක් තියෙනවා. අයියෝ මගේ හදවත කුඩු පට්ටම් කලා. 😪😪😪😪

    ReplyDelete
    Replies
    1. හී හී ඒකත් එහෙමද...එහෙම තමා අනේ කතාවක් මුලක් මැදක් අගක් නැතුව ඉවරවෙද්දී.. කුඩුපට්ටම් වෙනවා තමා හදවත...

      Delete
  2. සඳූගේ ලියමන් කවදත් හැඩයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අගය කිරීමත් ඒ වගේ හැඩයි ඉතින් කවදත්

      Delete
  3. ඒක හිත් කා වදින සුළුයි

    ReplyDelete
  4. හ්ම්...ඒකත් එහෙමයි එහෙනං...??!!!

    ReplyDelete
  5. අනේ මන්ද, අතේ දෙකම අල්ලගෙන කියපු සාස්තරේ මොකක්ද කියලයි මම මේ හිත හිත ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. එව්වා කල්පනා කරනන් එපා අනේ.... මොලේ කොලොප්පන් වෙයි

      Delete
  6. අයියා / මාමා දෙකක් ඕන නෑ බොල මාමම කියපං..කිසිම අවුලක් නෑ...:)

    ReplyDelete
  7. හැමදා ම වගේ හරිම ලස්සණයි .

    ReplyDelete
  8. Replies
    1. ස්තූතියි ..කාලෙකින් මෙහෙ

      Delete
  9. හිතට ගොඩාක් දැනෙනවා සදු.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.