සඳට බැළුම් හෙලූ අය
Oct 16, 2018
සංසාරගත පෙම්වතී !
අතින් අත නොබැඳුනද
සිතින් සිත බැඳි නිසා
හෙටක් නැති මුත් අපට
අදත් මේ ඇති නිසා
ඇත්තමයි මං ඔබේ
සංසාරගත පෙම්වතිය නොවේමද...
නමක් නැති මුත් පෙමට
නිමක් නොපෙනෙන නිසා
බැඳීමක හිර කරපු
අයිතියක් නැති නිසා
කොන්දේසි විරහිතව පෙම්කරන
මං ඔබේ සංසාරගත පෙම්වතිය නොවේමද..
අතින් අතපටලාන
යන්න ඉඩ නැති නිසා
අනෛන්ද්‍රික ශෘංගාර රමණයක
රහසින්ම කැකුළු මල් කූද්දන
නිරන්තර හීනයක සැරිසරන
මං ඔබේ සංසාරගත පෙම්වතිය නොවේමද..
රැයක අවසන පවා
සිතුවිල්ල නුඹ නිසා
මදහසක් සමඟ යලි
උදෙත් මෙහි එන නිසා
නුඹ නැතුව නුඹ එක්ක පෙම් කරන
සත්තමයි මං නුඹේ සංසාරගත පෙම්වතිය නොවේමද..
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
අක්කේ මේක 👌👌👌..
ReplyDelete"අනෛන්ද්‍රික ශෘංගාර රමණයක"
මේ වචන ටික කොහෙන් ආවද....
අනිත් ඒවා එන තැනින්ම තමයි අයියෝ...හි හී
Delete+++++
ReplyDeletethanks Ian
Deleteශා ............ මේ තියෙන්නේ වැඩ .
ReplyDeleteකියන්න ලියන්න වචන නෑ මගේ ළග මේ වෙනුවෙන් .. .... සුපිරී ..
මේ විදියෙම පෙම්වතියක් ලබන්නනම් පිරිමියෙක් ආත්ම හතක් වත් අඩුම තරමේ පිං කරන්න ඕනේ .
01.සිතින් සිත බැඳි නිසා
02.නිමක් නොපෙනෙන නිසා
03.කොන්දේසි විරහිතව පෙම්කරන
04.අනෛන්ද්‍රික ශෘංගාර රමණයක
05.නිරන්තර හීනයක සැරිසරන
06.රැයක අවසන පවා සිතුවිල්ල නුඹ නිසා
කොන්දේසි විරහිතව පෙම් කිරීම කියන තරම් ලේසිත් නෑ නේද වෙලාවකට
Deleteඒක..... හරිම රහයි සඳවතී....
ReplyDeleteස්තූතියි
Deleteහැබෑ ලෝකේ වගේ සීමා මායිම් නැති හීන ලෝකෙ කොච්චර හොදද .............නියමයි .....
ReplyDeleteඒක හැබැයි.... සැබෑ නොවන නිසාම හරි මිහිරියි
Deleteඇයි මට මෙහෙම කවි සිතුවිලි පහල නොවන්නෙ? සරසවිය තී කෙතරම් අකාරුණිකද? ඇයි මට මෙහෙම පෙම්වතියක් හමු නොවන්නේ? මල්සරානෙණි ඔබ හද සෙල්මුවාවද?
ReplyDeleteසෙල්මුවා නෙවෙයි කෙහෙල්මුවා... හි හී
Deleteඇත්තටම පුදුම ලස්සනක් තියෙන කවියක් සදු. කවියෙ ආදරේ පිරිලා තියෙනවා.
ReplyDeleteස්තූතියි..... ආදරේනම් පිරිලා තියෙන්නේ හිතේ... කවියෙත් ඇති මයෙ හිතේ....
Delete