සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Dec 27, 2018
වැවක කඳුළු !
ඇතුගලින් බැස ඇවිත් ඇත්කඳ
වෙහෙර ළඟ ඇත් ළිහිණියෝ
බලා උන්නට පිපෙන්නෑ අද
වැවේ මානෙල් කුමරියෝ
නෙලන්නට බැරි තරම් දුරකින්
පිපුණාම අරවින්දයෝ
මල් හොයාගෙන ගෙදර බුදුනුත්
කරවටක් දියඹට ගියෝ
අකුණු තල තල මහා සද්දෙට
අහස බෑගිරි ගහනවෝ
වක්කඩේ දිය බිඳිල සැරටම
ඇස් බෝල පිට දානවෝ
බොර දියේ රඟ බල බලා
උඩ පනිනවා මඩ කනෙයියෝ
රතු චීත්තය වැවේ එලළද
බලාපන් කණ කෙකිණියෝ
පුංචි කාලෙත් අහල තියෙනව
උන්නු බව දිය රකුස්සෝ
ඉරත් නැති මගෙ හඳත් ඩැහැගෙන
ගියානම් උන් නරුමයෝ
කන්ද මුදුනේ නිරාමිස සුව
විඳින අර බුදුහාමුදුරුවෝ
ටිකක් බුදු නෙත යොමා බැලුවද
පහන් ටැඹ නිවිලා ගියෝ
Subscribe to:
Post Comments (Atom)
ලඟදි කුරුණෑගල පැත්තෙ ගිහිල්ල වගේ.
ReplyDeleteඔව්නෙ මුල් පද හිතේ ලියා ගත්තෙ ඇතුගල උඩ ඉදන්
Deleteහ්ම්....පව් නේ? මම කැමතිම ඉරත් නැති මගෙ හදත් ඩැහැගත්තු උපමාවට...
ReplyDeleteස්තූතී ඒ අගය කිරීමට
DeleteAgree.
Deletethanks Ian
Deleteහරිම ලස්සන පරිසරයක් මේ කවි වලින් මැවෙනවා. ඒත් අන්තිම කවි වල හදවතින් දුක් විදින ගැහැණියක් මැවෙන්නේ. මේ මට හිතෙන දේ සදු.
ReplyDeleteලස්සන පරිසරයක දුක්බර අදෝනාවක්
Deleteසද හැමදාම වගේ ලස්සනයි..
ReplyDelete- ජේ මා -
ඔව් ජේමා තමා
ස්තූතියි ඇගයීමට
Deleteහම්මේ... ඒක..
ReplyDelete- ජෑ මා කාලී ජිනේ ජිනේ -
ගොඩක් කාලෙකින් මකරාව දැක්කේ.
Deleteමේ පද වැල ලස්සන චිත්‍රයක් මැව්වා හිතේ .
ReplyDeleteඋපමා යෙදවීම් විශිෂ්ටයි !
අගය කිරීමට ස්තූතී
Delete