සඳට බැළුම් හෙලූ අය

Feb 17, 2019

මේ මහා දුර ගෙවා ආ පසුත් !





පෙම්බරාණෙනි,

මහාගිරි දඹ ගෙවා පැමිණියෙමි
එ'ගිරි හිස මත
ඔබ තබනවායැයි කියූ
ප්‍රේමය ... සොයමි
කෝ කොහිද....?

කඳු පාමුලට හිස පොවමි
නැත...එහිද නැත...

ඈත දුර ආකාසෙට ඇස යවමි
එහිද ඔබත් ඔබේ ප්‍රේමයත් සොයමි

දුටිමි ...ඔබ තරුවක්ව
දිලෙන හැටි දුටිමි

ඉතින්...
වටහාගතිමි
අහසටත් පොළොවටත්
අතර ඇති මහා දුර
කිසිදාක යා නොවන බව

අවසරයි....
නික්මයමි.. සදහටම
ලියා තබා සමනළ තටුවක
නුඹට බැඳි අපිරිමිත සෙනෙහස

8 comments:

  1. නියමයි මේක,

    පද පෙළ ලස්සනට අමුණලා වචන . හරිම රහයි !

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලස්සනයි ඒක...❤
    ඇත්ත, අහසයි පොළවයි යා කරන්න බෑ කවදාවත් ම.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒකනේ... ස්තූතියි ඇගයීමට

      Delete
  4. Distance doesn't count if there is love in between කියලත් කස්ටිය කියනව... අනේ මං දන්නෑ ඔව්ව...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...