සඳට බැළුම් හෙලූ අය

Feb 1, 2019

You Made My Day !




ඒ තරම් රළු වදනින්
දමා ගසන්නට තරම්
කලාද පුංචි මම
උඹට නපුරක්...
සාප කරන්නට බැන වදින්නට තරම්...

සාගරේ  වගේ කියන
උඹේ ඔය ආදරෙන් බිඳක්වත්
මා වෙනුවෙන් නැති බව
පසක් කෙරුවාට ස්තූතියි උඹට...

සමහරවිට

උඹ මේ කුඩුපට්ටං කලේ
මේ ලෝකෙ උඹට වැඩියෙන්ම
ආදරේ කරන හිත....

උඹ දන්නෙ නෑ
උඹව අමතක කරන්න
මං විඳින දුක....

සත්තයි
මට දැන් ඕනෙම උඹව
අමතක කරන්න...
බැරි උනොත් අමතක කලා
වගේ ඉන්න...

ඉතින් මේ තමයි
උඹට ඕනෙයි කියූ එක
මං අඬන මං තැවෙන
මං අසරණ වෙන එක
සතුටින් කියන්නම්
ඒ ප්‍රාර්ථනා  ඉටුවූ බව...

8 comments:

  1. දැවුණු මගේ හිතට
    වතුර පොදක්වත්
    එපා ආයේ නුබේ අතින්

    හිතා ගන්නට
    හැකිය හැම විට
    දුන්නු සෙනෙහේ
    නුබේ නමින්

    ReplyDelete
  2. බනින්නේ හදාගන්න ආදරේටනේ පනේ...

    ReplyDelete
  3. අක්කා දුක හිතෙන කවිමයි මේ දවස් වල.... ලස්සනයි ❤️

    ReplyDelete
  4. මා ගැන තිබූ ආලය අඩු කෙරෙන්නයි
    අතීතයක සැමරුම් අඩු කරන්නයි
    අලුත් හිතක පෙම් සුවඳක් දැනෙන්නයි
    එහෙම කෙරුවෙ නුඹෙ දුක අඩු කරන්නයි...
    ජයවේවා!!!

    ReplyDelete
  5. දුක සමබරව දරාගන්න නිර්මාණයකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද ? ලස්සනයි ....

    ReplyDelete
  6. තොපට එපා නම් එක් වාරයක් අපා
    අපට එපා පන්සිය වාරයක් තොපා

    ReplyDelete
  7. උඹ දන්නෙ නෑ
    උඹව අමතක කරන්න
    මං විඳින දුක....

    ලස්සනයි ❤️

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...