සඳට බැළුම් හෙලූ අය
Mar 21, 2019
ප්‍රේමයේ නාමයෙන් !
ඉතින් අවසරයි
තව කොහේ හරි
හැංගුන -නොපෙනුන
ඉඩක් තියෙනවානම්
මේ හිතේ
ඒ හැම තැනකටම ඇවිත්
නවතින්න !
බොහෝ සීමා බිඳ
හදිස්සියෙ හරි
ඒ තැබූ
එකම එක හාදුව
ප්‍රේමයේ නාමයෙන්
පරිස්සම්
කරන්න !
හරි ළඟයි වගෙ දැනෙන
ඔය හුරු පුරුදු කම ළඟ
මට බයයි
දියවෙන්න
ඒකමයි නොබලන්නෙ
ඔය ඇස් දිහා හරි කෙලින්
මම !
දැන් ඉතින්
ඇස් පියන්
විඳින්නට
සිතින් යලි මවාගෙන
ඉඹින්නට
තරම් සුවඳයි - ඔය සුවඳ
මට !
දන්නෙ නෑ
හෙටක් නැති ප්‍රේමයක
කෙළවර
කමක් නෑ
ඒත් මං ආදරෙයි
ඊයෙටත් වඩා
අද !
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

+++++
ReplyDeletethanks Ian
Deleteආයෙත් මහවැලි ගග අද්දර එක වැහිබර හවසකට මගේ හිත ගියා. ස්තුතියි ඒ මතකය අලුත් කලාට ලස්සන නිර්මාණයකින්....
ReplyDeleteඉතින් ඒ මතකෙ ගැනත් මොනා හරි ලියලා දාමුකෝ.... ස්තූතියි ඇගයීමට
Deleteතරු පිරිවරා
ReplyDeleteවලාවෙන් සැරසී
හිරු එලියෙන් හැඩවී
මුකුළු පෑ අහස් ගැබ
නිමල සඳවතිය ඔබ
විල්මත
විකසිත
පියුමන්
නිදහසේ විඳිනා
ඔබැ සුව
එවන් සුව
ගොනු කලා ඔබ
තැබූ සියුම් හාද්දක
ඉතිරිය මා වම් කොපුල් තල මත....!
ඒක හරිම ආදරණීය කවි කමෙන්ට් එකක් මගේ කවියටම ගැලපෙන...ස්තූතියි ඔයාට ආකී
Deleteලස්සන ගැලපීමක් සදූ.....
ReplyDeleteජයවේවා!!!
ගොඩක් දවසකින් ඔයාගෙන් කමෙන්ට් එකක්. දැන් හරි බිසී නේ
Deleteජීවිතය ජීවත් කරන මතක . ඊයේ , අද සහ හෙට
ReplyDeleteහ්ම්ම් ඔව් සදාකාලයටම
Delete"අරුත්සුන් ප්‍රේමයක තනිවෙන්න
ReplyDeleteමං ආසයි "
මේ ටිකත් කොහේන් හරි ඇතුලට ඔබ්බගත්තනම් පට්ට කියල හිතෙන්නේ මට විතරද ?
කොහොම නමුත් හැමදාම වගේ පපුව කාවදිනවා මේ ලියවිල්ල .
සමාවේවා ප්‍රමාද ප්‍රතිචාරයට ..... දන්නවානේ ගස් ගල් බඩ ගානා සතිඅන්තේ...... නේ ...
පමා වී හෝ ප්‍රථිචාර දැක්වීම නොවැ වටින්නේ,
Deleteප්‍රේමයට අරුතක් නෑ කියලා හිතන්නම් මට බෑ. කොන්දේසි විරහිත පෙමක් කියලානම් තව ඕන් කමක් නෑ.