සඳට බැළුම් හෙලූ අය

Mar 5, 2019

සංවරව අසංවර වීමි !





අඩසඳ සදිසි පටු නිම්නයක 
ඉසියුම්ම කේශ නාලිකාවක් මත
ප්‍රේමයේ  තිලකය අදිමි


තිසරතුඩු සුදු මුඳු
උස්ව නැගි ගිර මත
සියක්වර සියක් චුම්බන තබමි

ලා තඹ පාට මල්‍ රේණු තල මත
සැනින් එසැනින් පිපෙන තුෂර බිඳු
ලවන් පහසින් කිති කවමි

සහස් රැලි සරැලි නංවන
කලුදිය පොකුණ  අසබඬ
හැංගිච්ච දිය උල්පතකින් පවස නිවාගමි

සංතෘප්තියේ සිහින් මැතිරිල්ල
නින්නාද දෙන මොහොතක
ශිශිරතම  ගින්නකින් ඇවිලෙමි

20 comments:

  1. Too sexy..but nice and tasty.....!!

    ReplyDelete
  2. ලස්සන රෝමාන්තික සංවර ගෙත්තමක් . උපමා විශිෂ්ටයි .
    කෙටියෙන් ම කියන්නවා නම් "පට්ට"

    ReplyDelete
  3. ලස්සනයි....ශෘංගාර රසය උලුප්පන සංයමය අපූරුය....

    ReplyDelete
  4. හුහ්.. හිතාගෙන ඉන්නේ සංවරව අසංවර උනා කියල වෙන්නැති.. මේක කියවලාම මට ලැජ්ජයි.

    ප.ලි. අපි සංවරව හැදිච්චි කොල්ලෝ හරිය.. :)))))

    ReplyDelete
    Replies
    1. හෑ එහෙමෙයි.... පව් අප්පා එහෙනම් මේ අසරණ දරුවා

      Delete
  5. අපි ඔය සිරා කවි දන්නෑ බං.... අපි දන්නෙ මෙහෙම එව්ව ඉතරයි..

    මා වවුලන් පවා දත් රහසකි මේක,
    වැහිබර රැයක අව අටවක පෝදාක,
    XXXXX XXX XXXXXX XXXXXXXXX,
    XXXXX XXX XXXXX XXXXXXXXXx!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...