සඳට බැළුම් හෙලූ අය
Mar 28, 2019
හීනයක් කියන්නෙත් හීනෙකට !
ග්‍රීෂ්ම සෘතුවක
විඩාබර හැන්දෑවක්..
පියෙන නොපියෙන
නෙතු ඉහත්තට
හීනයක්ව ඔබ ඇවිත්
එල්ලී වෙලී ඔය සුවැති
උර බාහුවක
මීඳුමෙන් පිරුණු හරි
ලස්සන පාරක
ඇත්තමයි මං උන්නෙ
සමනලියක් ගානට
මට කියන්න..
අපි ඒ ගියේ ප්‍රේමයේ
අනන්තයටමද...
මනමාල පාට ඔය ඇස් වල
හරි හරියට එල්ලිලා ඉන්න
මං බයක් දැනුනේම නෑ
ඒ මුලු හීනෙම
මෑත්කර අක්ඹබරු කෙහෙරොද
ගෙල බෙයද පාමුල
ඔබ තැබූ ඒ එකම හාදුව
තමයි මම හීනයෙන් ගැස්සිලා
ඇහැරෙන්න හේතුව
--------------------------------------------
" මම ඔයාව මේ දැන් හීනෙන් දැක්ක "
සිහි එලවා ගත් සැනින් මා ඔබට තැබූ කෙටි පණිවිඩය
ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්....
ඒ නිහඬ වෙන්නට සංඥාව
හ්ම්ම්ම්ම්...
සමහරවිට ඔබ ඒ හීනය
සම්පූර්ණ කරනවා ඇති
ඈ සමඟ...
සැබෑවටම...
ඉතින් ,
නෑ දුක් ගන්න කාරණ
ඊරිසියා කරන්නවත්
කෝ කොහෙද අවසර
මේ තමා කොන්දේසි
විරහිත ප්‍රේමයක
ඔබට මට පොදු ඉරණම
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

මුල ෆැන්ටසියෙන් පටං ගෙන අන්තිමේ අතරමං කළා. හරියට ක්ලැරන්ස්ගෙ "ඈත එපිට හිම කන්දෙන්..." වගේ.
ReplyDeleteපොඩ්ඩක් ඉන්න සිංදුව අහලා එන්නම්....
Deleteලස්සණට මවාගෙන ආපු සිත්තම එකපාරම බොද කරා කියහන්කෝ ............
ReplyDeleteඒකනේ ඉතින් මටත් හිතුනේ ඔහොමමයි
DeleteYes Dreams are just dreams....Never try to realize them; After all they are only dreams
ReplyDeleteඔයානම් ඉතින් කියයි රවි මාමේ
Deleteහරිම සොඳුරු හීනයක්. හීනයට උඩින් තිබුන පින්තූරෙත් එක්ක මමත් ඒ හීනයේ ජීවත් උනා. මට නම් හීනෙකින් වත් හිතුනේ නෑ ඒ හීනය මේ විදිහට කෙලවර වෙයි කියලා :D
ReplyDeleteසුන්දර මතකයක්
ReplyDelete