සඳට බැළුම් හෙලූ අය
May 24, 2019
සත් සියක් සියපත් මතින් මුඳු සුවඳ හමනා !
ඇහි පියළි අගිස්සක
අතුරලා නෙතු කැල්ම
නළල් පට මත ඇන්ද
සිත්තමකි ලස්සනම
ඉතා කෙටි දිගු සුසුම්
කන් දෙපෙති කිති කවන
මල් පොට්ටු ඇහැරිලා
දඟකාර කම් කරන
අක්බඹරු කෙස් රොදක්
මෑත් කර ගෙල පෙදෙස
නුරා රස අහුරද්දි
සුදු හංස තටු අතර
දරාගෙන ස්නේහය
උමතු නිල් තරු දෑස
ලැම බෙයද පාමුලේ
රත් දෙතොල් මුඳු පහස
වැතිර ඝන පපුතුරක
වෙලී සියොළඟ තරව
සරාගී නිමේෂෙකි
ලයෙහි ලෙය තුල කිමිද
---------------------------------
අදත් නෙතු පියද්දී
ඇවිස්සෙන ඒ මතක
හද කවුළු පියස්සෙන්
හමන්නෙම ඔය සුවඳ
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

අතීතය සුවඳමය
ReplyDeleteරසවත්ය; නොමතකය
සිරිඟර දෙයක් නම්
අමතකව නොයේමය!
එසේමය ... ස්තූතියි
Delete