සඳට බැළුම් හෙලූ අය

May 28, 2019

අත්හල මැන මෙතුවක් මට බැඳි සෙනෙහස !




දැන් ඉතින් නුඹට හැකි හැරෙන්නට
මට අයිති නිහඬවම තැවෙන්නට
ප්‍රේමයේ ගෙල බලෙන් සිඳින්නට
වරදක්ද ගල් ගසා මරන්නට

කල්පයක් කල් බලා  හමුවීම
කෙලවරේ ලියා තිබුනද මෙහෙම වෙන්වීම
ප්‍රේමයට ඇස් නෑ , ඒ තමයි අපේ අතපසුවීම
වීදුරුත් බිඳෙන්නේ, වැඩියෙනුත් පරිස්සම් කෙරුවාම

නොදන්නවා නෙවෙයි නේද
දැන් ඉතින් මට කොහෙද සැනසීම
හිතෙන්නේම නැතිද ? දරන්නට
හැකිද මේ පිපිරීම
ඊයේ අද මෙන් හෙටත්
මට උරුම මේ බලා හිදීම
ආදරේ නෙවෙයි මං ඔයාගෙන්
උගත්තෙම ඉවසීම

*
*
*
*

කොල එලිය දැල්වෙනා බව දකිමි
එහෙත් රතු එලි සිහිව නිහඬ වෙමි
රිදෙන හිත හුස්මකින් සිර කරමි
නාඳුන සේ ඉන්න වෙර ගනිමි




12 comments:

  1. අක්කේ එකේ ලස්සන...
    "ප්‍රේමයට ඇස් නෑ , ඒ තමයි අපේ අතපසුවීම"

    ReplyDelete
  2. වීදුරුත් බිඳෙන්නේ, වැඩියෙනුත් පරිස්සම් කෙරුවාම

    ++++++++++

    ReplyDelete
  3. රසවත් ම රසවත් !

    හැමදාම වගේ පරිපුර්ණ අකුරු සිත්තමක් සදූ .

    ReplyDelete
  4. කාලෙකින් ගොඩ වෙන්න බැරිවුණා . වෙනදා වගේම ලස්සනයි .

    ReplyDelete
  5. හරිම ලස්සනයි. අද ආවේ මේ පැත්තට. පරණ ඒවත් කියෙව්වා ටිකක්. හම්මේ කවි ලෝකේ අතරමං උනා වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැමිනීමට..... ආයෙත් එන්න

      Delete
  6. /ආදරේ නෙවෙයි මං ඔයාගෙන්
    උගත්තෙම ඉවසීම/

    හරිම ලස්සන සිතුවිලි ගෙත්තමක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඇගයීමට....

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...