සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Jul 30, 2019
දම්සාරී...!
විසිකර දමා අවසන් නැති පොරි අහුර
හතරයි කාලෙ නුඹ ගිය පසු මහනුවර
ටියුෂන් නඩේ බැන්දත් කර වට පවුර
ඇතුගල උඩින් ඉපදුනි පාළුව අදුර
ජෝතිගෙ ගීයකින් ටජ් මහලක් හැදුනා
මිල්ටන්, සුලගෙ පාවී ඒ වෙත ඇදුනා
දින පොත බලද්දී මට ඊයෙත් රිදුනා
බෝ ගස් යටත් සමහර සිල්පද බිදුනා
සිනමා හලක මද අදුරක හීතලක
රන්තාලියේ දිය විසිවෙන බංකුවක
නිමිනැති කතාවක කෙලවර රංඩුවක
ප්‍රේමය පවා මිල විය අඩු ලංසුවක
රූ බර ලදුන් සරසන දම් පැහැ සාරී
මග තොට දකිද්දී අදටත් හිත හීරී
මතකයෙ සෝ සුසුම් නැගුනත් නැත කාරී
සද නැති රැයට තරු එළියකි දම්සාරී
(චින්තක සමන් හේරත්)
ඇතුගල උඩින් පායන සඳ රැස් දහරේ
සුදු බුදු උවන හරි පින් පාටින් බේරේ
තාමත් පහු කරද්දී ඇත්කඳ වෙහෙරේ
බෝ මැඩ එදා දුන් හාදුවෙ රස ඇහැරේ
තිළිණේ ලෙසින් පිලිගන්වා මල් පොකුර
සුදු අසු පිටින් යන්නට බන්ඳා තොරණ
තහනම් කල නිසා ඔබෙ සෙනෙහස ගෙදර
හිරිමල් හීන වට කොට බැන්දා පවුර
සක්මන් මළුවෙ තනිවුන ලී බංකුවක
කාටත් හොරෙන් ගෙල මුල ඇඳි සිතුවමක
හිතුවක්කාර වී පැටලුන රංඩුවක
සෙනෙහස දැවී අළු විය හද ගින්දරක
තාමත් නිරන්තර මතකයෙ දිගේ ඇදී
සිහිනෙන් ගෑ සුවඳ නෙත් වල ඉවුරු බිදී
උරුමය ලෙසට ගියමුත් අත්වැලම සිදී
පොපියන හීන තාමත් හදවතේ නිදී
( සොඳුරු සඳවතී )
Subscribe to:
Post Comments (Atom)
හීන වලට හිත පැටලී උන්නා ඇති වගේ
ReplyDeleteහැමෝගෙන්ම වෙන්වී යන්නට කාලේ හරි වගේ ....
හීන බල බලා හිටියට නැතුවා කිසි පලේ
Deleteආටියාගෙ හිත මොහොකට හරි රිදිලා වගේ
ඔන්න අපිත් ආවා මේ පැත්තේ.. රජතුමාගේ අඩවියෙන් තමා පාර දැනගත්තේ..
ReplyDeleteකවිය නම් හොඳයි..
ආදරේ ගැන කතා කරන්නේ නැහැ වැඩිය. තාම අත් දැකලත් නැහැ ඒ නිසා දන්නෙත් නැති තත්වයක් තමා තියන්නේ.
සාදරෙන් පිලිගන්නවා...ආදරේ කියන්නෙනම් අමුතුවෙන් ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි ඉතින් ...හංසයින්ට පීනන්න අමුතුවෙන් උගන්නන්න ඕනෙ නෑ වගේ තමා.මාත් එන්නම්කො ඒ පත්තේ ඇවිත් යන්න
Deleteපොපියන හීන තාමත් හදවතේ නිදී. ලස්සනයි සඳවතියේ.
ReplyDeleteබොහොම ස්තූතියි පූ
Deleteලස්සනයි!!!
ReplyDeleteබොහොම ස්තූතියි පවන්
Deleteවැහි කෝඩයක් හිත හිරිවට්ටන දිනක
ReplyDeleteමිහිදුම් දුමාරෙක තෙතබත් තුරු හිසක
පැටලෙන බිඳෙන සිතුවිලි වැතිරෙන විටක
පුදුමයි නුඹේ මතක තවමත් අත ළඟක
සිත බෝ රිදෙන දවසක සිහිනෙක මතුවී
හිස පිරිමැද සෙමෙන් යයි අඳුරට මුහු වී
නුඹ නොනිදනා දුරු නගරෙක සිත නැවතී
කඳුලක දිය කරමි සසරක හිමි අහිමී
නොමැකෙන අසනි ඉර නුඹමයි නෙත පතුලේ
නොලියන කවි අතර නිරතුරු නුඹ දැවටේ
නොකියන රිදුම නුඹේ නම හද බිතු අතරේ
නොලැබෙන ඉතිරි අඩ නුඹමයි දිවි දියඹේ
බොහොම ස්තූතියි මලී ඔයාට...හරි අපූරුයි මේක
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි සදූ... දම්සාරි කියද්දි පත්තරේ ගිය නවකතාවක් මතක් වුනා.
ReplyDeleteජයවේවා!!!
බලන් යනකොට දම්සාරී හරි ෆේමස් නමක් වගේනේ
Deleteබෝම ලස්සනයි!!
ReplyDeleteදම්සාරී කියද්දි අර ඇන්තනී කොලුවගෙ මූණ මතක් වෙන එක තමයි ඉවසන්ට බැරි :(
හි හී මටනම් ඔයා මතක් කලාමයි ඒක මතක් උනේ
Delete