සඳට බැළුම් හෙලූ අය
Jul 23, 2019
ඉතා සංවේගයෙන් දැනුම් දෙමි !
ඉතින් දැන් කොහොම හරි
උහුලගන්නට ඕන මේ කඳුළු ගංඟාව
වදන් අවියකින් හිත හෑරුව හින්දමයි
මේ හැටිම හිත සංකාව
ඔබ දන්නෙ නෑ නිරන්තර ප්‍රතික්ෂේප
වීමක වේදනාව
කමක් නෑ මං තියාගන්නෙ ආදරේ
විතරමයි මං ගාව
මං කියන්නට දැනන් උන්නෙ නෑ
ඔයා වගේ දෛවයේ සාත්තර
ඔයා කිව්ව හරි වැඩ කරන්නෑ තමා
දැන් මගේ නාලිකා සේරෝම
ඉතින් ආයෙමත් මල් පූදින්නෙ කෝමද
දොස්තරත් කිව්වෙ ඕකම
ඒ උනාට තාමත් මේ නහර වැල් වල
දුවනවා ඔයාගේ ස්නේහය
දැන් ඉතින් කොහොමත් එකයි මට
බයක් නෑ පැදුරටම වැටුනාම
හෙවනැල්ල උනත් ඇදයිලුනෙ
අත් හරින්නට ඕන උනාම
මොනවා උනත් මට අමතක කරන්නම බැරි
ඔය ඇස් දෙකේ පෙම් පාට හිනාව
ඔයාම කියන්න බෙල්ල මිරිකන එකද හරි
ආදරේ ඉස්මොල්ලෙ ගියාම
ඔය ඔය ඈතින් අහෙන්නේ
අපේ සෙනෙහසට වැයෙන මල බෙර
ඉක්මනට නිදියන්න මට දෙන්න
එම්බාම් මාත්‍රාව වැඩිකර
සොහොන් කොත් වලත් මල් පිපුනෙ
අපි ආදරේ කරපු ඉස්සර
දැන් ඉතින් යන්න පුලුවන් ඔයාට
මගේ සංසාරයම හැඩිකර
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

හැමදාම වගේ ලස්සණයි පිළිවෙලයි . පට්ට . තුන් පාරක් කියවලා තේරුම් ගත්තේ . 😊😊
ReplyDeleteතුන් පාරක් කියවලා හරි ඔයාට තෙරුනානේ...මට තම තේරුනෙ නෑ
Deleteහම්මෝ.. අක්කේ
ReplyDeleteම්ම්ම්ම්ම්
Deleteමේක මේ බ්ලොග්ගුවෙ නැතුව වෙන කොහෙ හරි දැක්ක නං මං හිතන්නෙ මේක බෙනා ගෙ කවියක් කියල... බෙනා ගෙ කයි වල තියන වේදනාවම මේකෙත් තියේ... මරු!
ReplyDeleteඅම්මෝ...බෙනා කොහෙද මම කොහෙද.....ස්තූතියි ඉතින් ඇගයීමටනම්
Deleteමම කියෙව්වා කීප පාරක් උඩ කියවන් යටට එද්දී උඩ අමතක වෙනවා ඒ තරම් එකකට එකක් වචන ලස්සනයි
ReplyDeleteස්තූතියි ඒ ඇගයීමට කිඹුලී
Delete