සඳට බැළුම් හෙලූ අය

Aug 2, 2019

අහන්නකො !




දන්නවද

හීන් මද මාරුතය
ඔය අරන් වඩින්නේ
ආ..න් අර දුර ඈත
පිපුණු  මල් වල පහස

අර බලන්න

අවාරේ ඇහැ ඇරුනු
බටිත්තෙක් හරි හෙමින්
තටු සලා ඉගිලෙන්න
හදනවා රෑ අහස

ඔය ඔය

නිකින්නේ සඳවතී
කවුළුවෙන් එබෙන්නේ
හොයන්නට වගෙයි අද
රැයේ සොඳුරුම රහස

අනේ අර

සඳ දියෙන් නෑවෙනා
උස්ම කඳු මුදුන මත
මල් කිනිත්තක් පිපී
හුස්ම ගන්නවද කොහෙද

අහන්නකො

ලා ළ'වැලි තලා මත
වැතිරිච්ච කදෝකිමි
වයනවා ඇහෙනවා
අනුරාග මන්ද ස්වර

කියන්නකො

රසෝඝේ විල් තලා
කලඹවන සුයාමයෙ
ඔය දුරින් ඇහෙන්නේ
ප්‍රේමයේ මන්තරද

 * 

*

*

*



12 comments:

  1. හ්ම්...ඔව්...කොහොමද දැනගත්තෙ?

    ReplyDelete
    Replies
    1. සොබාදහමින් අනේ...සොබාදහමින්

      Delete
  2. මෙහෙ සඳ දිය උතුර උතුර අපතේ යනවා.. මෙයා මගුලක් අහනවා.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ගිලී නාන්න වෙලාවක් නැද්ද...

      Delete
  3. ප්‍රේමයේ මන්තර හැමතැනම. හරි ලස්සනයි සඳේ.

    ReplyDelete
  4. රසම රසයි ,
    කියන්න වචන නෑ අක්කේ :D
    (Y)

    ReplyDelete
  5. කියෙව්වා.. කියන්න දෙයක් තමයි නැත්තේ.. පද ගැලපුම නම් ලස්සනයි..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...