සඳට බැළුම් හෙලූ අය

Oct 9, 2019

සුළඟ මේ අහපං !




සුළඟ මේ අහපං
ගිහින් අන්න අර
උන්දැට කියපං
කොයි තරං
ඈතක හිටියත්
මං ආදරේ බව
දැනෙනවද අහපං....

ඔය සමහර ඒවා
එයාගේ හිතළු
විතරක්ම බව
ඔන්න එයාට කියපං....

මං කියන එක
විස්වාස නැත්තං
රෑට ඇවිදින් හීනෙන්
බෙල්ල මිරිකන බවත්
උන්දැට කියපං....

එයාට මං ඕනෙද
එපාද අහපං
එපානම්
මටත් එපා බව කියපං....

ආ...මතක ඇතුව
එයාගේ උත්තරෙත්
මට ඇවිත් කියපං....

21 comments:

  1. සමහර උත්තර තියෙනවා හම්බෙන්නේ නැති තරමටම හොඳ ඒවා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඒකත් ඇත්ත බලන් යනකොට

      Delete
  2. මට බෑ...
    ඔයාම ගිහින් උන්දැගෙන් අහපං.
    මට මගේ පාඩුවේ ඉන්න දීපං.
    මීට සුළඟ.

    ReplyDelete
    Replies
    1. ඔන්න්න බලන්නකෝ ඉතින් ඔයා එක්ක බෑනේ

      Delete
  3. උත්තර හොයන්න එපා සඳ...

    ReplyDelete
  4. පණිවුඩ යවන එකමද
    දැං මගෙ රාජකාරි..
    කර ගත්තොත් නරකද
    උන්දැව භාරකාරී..

    ReplyDelete
  5. තොපට එපා.. නං එක වාරයක් අපා...
    අපට එපා.. තුන් සිය වාරයක් තොපා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...අපිත් දැන් ඒමයි

      Delete
  6. සුළඟ අත එවූ උත්තර ලැබුනාද....?

    ReplyDelete
  7. ආ තව ලස්සන කවි බ්ලොගක් හම්බ උනා, සතුටුයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.... ස්තූතියි

      Delete
    2. ස්තූතියි. සඳවතීට පොඩි කවි challlenge එකක් කරන්නද, භාර ගත්තත් නැතත් කිසි අමනාපයක් නැතුවා. මෙන්න මේ ලින්ක් එකේ ඔයා වඩාත් කැමති ඡායාරෑපයකට පොඩි කවියක් ලියන්න, මම හරි ආසයි ඒ ඡායාරෑප වලට. https://www.boredpanda.com/children-and-animals-cuddle-in-adorable-photoshoots-by-elena-karneeva/?utm_source=bing&utm_medium=organic&utm_campaign=organic

      Delete
    3. අම්මෝ ඒ පින්තූර දැකලා මං පිස්සු හැදිලා ඉන්නේ.... කෝක තෝර ගන්නද මන්දා.... ස්තූතියි ඔයාට හොදේ... මම එකක් තෝරගෙන හිමිහිට ලියන්නම්....

      Delete
  8. පුලුවන් නම් කියපන්
    රෑට රෑට හොරෙන් නැගිටලා
    සෑහෙන්න හඬන බව..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...