සඳට බැළුම් හෙලූ අය

Aug 30, 2021

ගල්කිස්ස කියන්නෙත් එක්තරා ප්‍රේමයක් !!







හීන් සඳ රැස් කැරලි ගලනකොට තුන්‍ යමේ

සමහරක් දවස් වල වැඩියෙනුත් දුක හිතේ

හදේ ගැඹුරුම ඉමක එහෙම දවසට ඉබේ

පාලුවට ගිය මතක මන්දිරක දොර හැරේ


මතක මල් පෙති මතට පිණි කඳුළු වැටුනා

නෙතු දෑළ බොද වෙවී හද සොරොව් බිඳුනා

මගේ පැතුමත් අරන් නුඹ දුරක ඇදුණා

පපුවටම වෙඩි තිබ්බ දවසෙ හිත  මැරුණා


රැල්ල වෙරළට ඇවිත් ආදරෙන් සිම්බාම

සුන්දරයි  සිතිජයේ ඉර ගිලෙන වේලාව

ලැවීනියා හෝටලෙත් පසුබිමින් ඇන්දාම

ලස්සනයි අපි නැතත් වෙරළ ඉම හැන්දෑව 


දැන් ඉතින් වැඩක් නෑ ඔය පරණ කෝන්තර

කාටවත් කියන්නට බෑ ජීවිතේ ගැන සාත්තර

ඔබට මට විසදන්න පුලුවන්ද දෛවයේ සූත්තර

ඔයා මට පෙන්නුවේ ආදරෙන් අංශුවක් මාත්තර


අත් හැරීමත් ප්‍රේමයක් බව කවියො නිතරම කියත්

විඳින්නම ඕනෑ දැනෙන්නට අහිමි වීමක රසත්

යන්න හේතුව නොකී හින්දම තවම රිදෙනව හිතත්

පුරපසම ඔබ අරන් ගිය මුත් එළිය අයිතියි මටත් 


මතක මල්ලත් අරන් අදත් ඉදහිටක

හංදියෙන් නගිනවා දෙසිය පණස් පහක

ටිකට් එක කැඩුවාට ගල්කිස්සෙ කොනට

අතරමඟ බැස්ස තැන් ජීවිතේ එමට


ප්‍රේමයේ අරුමැසිය පෙන්නලා සොඳුරූ

කැන්දගෙන ගිහින් මහගිරිදඹෙන් පෙර ලූ

බාලිකා සිහිනයට අතරමඟ ගිනි ලූ

ගල්කිස්ස කියන්නෙත් ප්‍රේමයක් වැල ලූ

17 comments:

  1. ලස්සනයි. ගල් කිස්ස ට අපි ඉස්සර් කිවේ කිස් ගල්ල කියල. කෝච්චියේ ඔය හරිය පහු කරන එනකොට කුඩ යට ඉන්න ජෝඩු දැකල වෙන්න ඇති

    ReplyDelete
  2. ඔව් ඔව් එහෙම එව්වා අපිත් අනන්ත දැක්කා සහ දකිනවා ඉතින්...ස්තූතියි කාලෙකට පස්සෙ මෙහෙ ආවාට

    ReplyDelete
  3. වැඩිය ඕනැන්නෙ නෑ. 'ගල්' කියල විතරක් කිව්වත් ප්‍රේමණීය දේවල් තමා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට...හාකෝ ඉතින් ...😅

      Delete
  4. ලස්සණ පද ගෙත්තමක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ....ඔයාව දැක්කෙ ගොඩක් දවසකින් මේ පැත්තේ

      Delete
  5. ආමි.. කියෙව්වෙමි...

    ReplyDelete
  6. සඳවතීව මම ෆලෝ කරල තිබිල. ඒත් මේක මගෙ රෝලෙ අප්ඩේට් වෙලා නෑ. අද දැක්කෙ. බලන්න වෙනව. පරණ ඈයො ලියනව. අප්ඩේට් නොවෙනව වගේ..
    මනරම් කවියක් සඳවත.. අපූරුයි. ❤️❤️

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉස්සර මෙහෙ ආව ගිය කෙනෙක්නේ...සතුටුයි ආයෙමත් කට්ටිය ලියන්න අරන්..ස්තූතියි මෙහෙ ආවට ආයෙමත්

      Delete
  7. The ceramic vs titanium model, and how we
    A titanium ring model-builder and an 2017 ford fusion energi titanium expert titanium rainbow quartz in titanium mokume gane paintmaking, ceramic engineering, paintmaking, metal, geometries, and automotive engineering. nipple piercing jewelry titanium

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...