ඇත්තමයි ,
පලක් නෑ ජීවිතය තණ අගක පිණි පොදක් ගානයි
ඕං නිවෙන්නට මේං නිවෙන්නට තනන
පහන් සිලකට සමානයි
ඇතැ'ර යන්නට නොහැකි බැඳීම් අප්‍රමාණයි
දැන් ඉතින් එකම බලාපොරොත්තුව ආසාදිතයෙකු නො වීමයි
එක අතකට ,
ප්‍රේමයක් කියන්නෙත් මහ වසංගතයක්
ලේ නහර හිර කරන නපුරු වෛරසයක්
දැනුනොතින් හදවතට නුහුරු එක ගැස්මක්
පරිස්සමෙන් ! ඒ කියන්නෙ ඔක්සිජන් හිඟයක්
දැන් ඒක පුරුද්දක් ,
මහරෑත් නැගිට ගෙන පණ ඩිංග සොයමී
පෙනහැල්ල පිරෙන්නට හුස්ම ගෙන බලමී
හා පැටව් තුරුලු කරගෙන උන්ව සිබිමී
මරු කටට ගිහින් හෝ ආයෙමත් හැරෙමී
ඒ උනත් ,
නිවෙන හැටි දිනෙන් දින ආකහේ නෙක තරූ
බලා වැලපුමත් දැන් හදවතට හොද මදී
මේ තමා අපි පතා ආපු සංසාරෙක හැටී
කියා හිත බොරුවටවත් හදාගැන්ම තමා බැරී
සමහරවිට ,
අවසාන හාදුවක් කොපුලකට නොලබාම
ලාබ උරයක තනිව සීතලට ගල්වීම
දරාගන්නට වේවි
නොකියාම නික්මීම
සමුදෙන්න ! සමුගනිමු
සාදයක් නොතියාම
ගෙදරට වෙලා හිටු...!
ReplyDeleteඕඕ යේස් ලොකු සර් කියන එකවත් අහල ගෙදරට වෙලා හිටු...!!.
Deleteජයවේවා!
Chef - බෑනේ එතකොට බඩගින්නේ මැරෙන්න වෙනවා.
Deleteහැට්ටර් - ස නම් ඉතින් කියයි 😋
කවි වලට ආසදිතයෙක් වෙන එක නම් වළක්වන්න සයිනොෆාම් වලටවත් බෑ..
ReplyDeleteආසාදිත වෙලා දැන් ඇලජික් වෙලා ඉන්නෙ
DeleteThis comment has been removed by the author.
ReplyDelete