සඳට බැළුම් හෙලූ අය

Nov 5, 2024

රංකඳ රාවණා !!

 



ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචියක් ඔයාලා එක්ක බෙදා ගන්න.මගේ දෙවෙනි කවි පොත "රංකඳ රාවණා " නමින් පහුගිය දවසක නිකුත්වුනා.


ඇත්තටම පොතක් මුද්‍රණය කිරීම අද කාලේ ලේසි පාසු කටයුත්තක් නෙවෙයි.සෑහෙන සල්ලි යට කරන්න වෙන වැඩක්නෙ.සල්ලි වලින් කරන්න වෙන ඕන තරම් වැඩ තියෙන නිසා පොත් කිරිල්ල හීනයක්ම  තමා.ඉතින්ඔ හොම සිතුවිලි වල ඉන්නකොට තමා නේත්‍රෝ ප්‍රකාශන ආයතනය මගේ උදව්වට පිහිටට එන්නෙ.ඔන්න ඒ හරහා මගේ රංකඳ දැන් එලියට ඇවිත්.


ඉතින්  හැමදාමත් මාව කියවපු මගේ නිර්මාණ එක්ක හිටපු ඔයාලටත් පුලුවන්  රංකඳක් ගෙදරට ගෙන්න ගන්න..ළඟ තියා ගන්න.වැඩිය නෑ අනේ


ඩිස්කවුන්ට් වැටුනම පොතක මිල රුපියල් 400/-

ලංකාවෙ ඕන තැනකට තැපැල් ගාස්තු 150/-

එහෙනම් රංකඳ  ඕන අය මට කියන්න හොදේ.


දැනටමත් අපේ බ්ලොග් සෙට් එකේ කීප දෙනෙක්ම මගේ රංකඳ රාවණා  ඕඩර් කරල තියෙන්නෙ.එයාලට ගොඩක් ස්තූති .මං බලන් ඉන්නවා ගුණ දොස් දක්වලා මගේ ඉදිරි නිර්මාණ ජීවිතේට  සහයක් රුකුලක් දේවි කියල.

8 comments:

  1. මටත් ඕන පොතක්!! සුබ පැතුම් අක්කා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති නංගා...ඔයා ෆේස්බුක් ඉන්නවද ?

      Delete
    2. නෑ අක්කා! ඉන්ස්ටා නම් ඉන්නව!

      Delete
    3. shanika_silva@yahoo.com මට මේල් එකක් දාන්න නංගී

      Delete
    4. මේකට ඔන්න මේල්එකක් මාත් දැම්ම!

      Delete
  2. සුභ පැතුම් . ලංකාවට ආපු වෙලේක තමා ගන්න වෙන්නේ . එහෙම හරි බ්ලොග් මතක් වෙච්චි එකත් ලොකු දෙයක්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූති අයියේ...uk වලටත් එවන්න පුලුවන් හැබැයිතැපල් ගාස්තු වැඩි වෙනවා ඉතිම් 🙃

      Delete
  3. හුම්.
    පොත ගන්නෙ කොහොමැයි?

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ආදරෙයි උතුරන්න !

දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...