සඳට බැළුම් හෙලූ අය

Mar 1, 2025

................!!


අපට අප මඟ හැරුණු මුත් තව

මතක් වෙන බව කියන්න

කලාතුරකින් වගේ දවසක

හොදින්දැයි ඔබ අසන්න


මගෙම හිත වෙන කෙනෙක් ලියු 

පද පේලියක ඔබ සොයන්න

එහෙම ගීයක් ඔබට එව්වා

නෙතු පියාගෙන විඳින්න


හදේ කොතැනක හෝ ඔබේ

මට ඉඩක් වේනම් කියන්න

පුංචිවට හරි ඒ ඉඩේ මං

මගේ කවියක් තබන්න


අහම්බෙන්වත් හමු වුනොත් අපි

අපේමයි බව දැනෙන්න

ළං වෙලා එක බරැති සිපුමක්

නලළ මැද්දෙන් තියන්න


නෙතින් අපි ගිය දුර බොහෝමයි

සිතින් පිරිමැද බලන්නම්

අතින්වත් අත නෑල්ලූ පෙම

ඉතින් සොඳුරුයි කියන්නම්



No comments:

Post a Comment

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

................!!

අපට අප මඟ හැරුණු මුත් තව මතක් වෙන බව කියන්න කලාතුරකින් වගේ දවසක හොදින්දැයි ඔබ අසන්න මගෙම හිත වෙන කෙනෙක් ලියු  පද පේලියක ඔබ සොයන්න එහෙම ගීයක්...