සඳට බැළුම් හෙලූ අය

Jul 30, 2025

මල් කතා !






 හායි බියුටිෆුල් මල් ලවර්ස් 💐 

ඔන්න මුලින්ම  කිව්වා මේක කැද කතාවක් නොවේය.අද තියෙන්නේ මල් කතාවක් ය.හැබැයි මේ කතාවට හේතුව කැද කතාය.ඒ මොකද කියනවානම් ඊයේ කැද  කතාවේ නියගලා මල් පොටෝ ගහන්නට කැලේ පැන්න වෙලාවේ මේ මල්ද පොටෝ ගසා ගත්තාය.

මං මල් වලට හරී....ම ආසාය.ඒ උනාට මල් වවන්නට ආසා නැතිය.ඒ නිසා අපේ වත්තේ ඇත්තේ ඉද්ද ගහකුත්,සමන් පිච්ච වැලකුත්,කඩරොලු වැලකුත් පමණි.අනේ ඒ මදෑ ඒ හොදටෝම ඇතිය. මට මල් උණ නැත.මල් වවන්නටත් සල්ලි ඕනෑය.මට සල්ලි තියෙන්නේ පොත් ගන්නට විතරය ඒ සල්ලි මල් වලට වියදම් කරන්නට බැරිය.මගේ පොත් රාක්කේ පොත් වැඩිවෙන එකේ සතුට මට මල් වලින් ලැබෙන්නේ නැතිය.

අන්න ඒකට අපේ අක්කාය..මල් වවන උණ, උණ සන්නිපාතෙටම උස්සන්න වී ඇතුවාය.එයැයි නිසා මටත් මල් සන්නිපාතෙ හැදෙයි කියා මේ දවස් වල මම මහත් බයෙන් පසුවෙමිය.නිකමටවත් එහෙට ගොඩ උනොත් මල් කතාවෙන් තොරව කතාවක් නැත.මල් අතු කඩ කඩා, ඇට ජාති හොය හොයා මෙව්ව හරීඊඊඊඊ සෝක්...මේන්න්න්න්න් මලේ සයිස් එක...මේ ඇටෙන් එන ගහේ මල මේඒඒඒඑන් මේ පාටයි කිය කියා මල් අතු,ඇට විතරක් නෙවේය රතු කැට නිල් කැට කිය කියා පොහොර මල්ලක්ද සකසා මා අත තබයි.අනේ ඉතින් මමත් එව්වා අරන් එනවාය.දීපු නම්බුව තියන්නට ඕනෑ නිසා එව්වා හිටෙව්වත් එක්කය.( ඒකෙත් පොඩි ආතල් එකක් නැතුවාම නොවේය ) ඔය සමන් පිච්ච වැලේ මේ දවස්වල මල් තියෙන්නෙ එයැයි දීපු මොකද්ද කැටයක් දාපු නිසාය.ඒක මාර ලස්සනයිය.ඒ උනාය අපේ අක්කාගෙ මල් උණ නිසා එයා එක්ක පාරේ යන්න මං මාර බයය.යන යන තැන නවතිනවාය මල් අතු කඩනවාය..ගේට්ටු වලින් එබී මල් අතු ඉල්ලනවාය.මම එව්වාට අකමැතිය මට විලිලැජ්ජාය.සමහරු  එහෙම දුන්නාට සමහරු අකමැතිය.අපේ අක්කානම් හොදය එයා මට වගේම හැමෝටම මල් ගස් බෙදයි.ඒ වාගේම හැමෝම එයා වගේ කියා හිතා අනුන්ගෙන්ද ඉල්ලයි 🙃

ඉතින් ඔයාලට කියන්න මේ දවස් වල එහෙ යන යන පාරට පාරට මට මල් ලැබෙනවාය.මං ඒවා ගෙදර ගේනවාය..එව්වා හිටවන්න මල් පෝච්චි, කොම්පෝස්ට්,කොහුබත් ගෙනා හැටි වෙනම මිශන් එකකි.එව්වා වෙනමම කියන්න වෙනවාය. මොකද මට දැන් වෙලාව නෑය.අද දවල් දොලහ වෙනකොට හැටකට උයා අවසන් කල යුතුය.ඒ අව්වස්සේ මේකත් ලියනවාය 🤭

පසුව ලියමි :  ඔයැයිලාට  කියන්න මං අපේ අක්කා දෙන දෙයක් වවනවාය.හැබැයි එයා දෙන පාට පාට කොරෝටන් නම් වවන්නේ නැතිය.ඒ ඇයි කියන්නට ඔහේලා දැනටමත් දන්නවාය.😜



12 comments:

  1. WATINA POST EKAK. APE KAKKA BUWA ANDURANAWA DA? MAN ISSARA LIYANNEMA CHOO, JEE, PADA, JOKKU, KAI PADA WAGE TOPICS GANA THAMAI.

    ReplyDelete
  2. වාක්‍ය අවසන් කරන රටාව දකින කොට "පොඩිඑකාගෙ ලියුම" මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූති .ඒ කාගේ ලියුමක්දැයි හොයා බලන්න ඕනේ

      Delete
  3. ලියල තියන රටාව හොඳයි.👌
    //දවල් දොලහ වෙනකොට හැටකට උයා...//
    රෙස්පෙක්ට්! වැඩිම වුනොත් වෑංජන දෙකක් හදන මම. ඒකත් හදන්නෙ කොටස් ක්‍රමේට. අද ජාලෙන් බලල, සුකිනි බේක් කලා. වැඩි විච්චූරණ නැතිවට හොඳයි. තෙල් තැවරුව, ලුනු කුඩු සහ ගම්මිරිස් ඉස්සා.
    //කොරෝටන් නම් වවන්නේ නැති...//
    කොරෝටන් කැඳ නිසාද?🤔

    ReplyDelete
    Replies
    1. ඔව්නේ නැන්දම්මා කැඳ කොල නැති වෙනකොට පාට පාට ක්‍රෝටන් කොල වලුන් පාට පාට කැඳ හදලා දුන්නොත් එහෙම 😂 උයන එකනං දැන් මහ දෙයක් නෙවෙයි ගොඩකට උයන්න පුලුවන් වැඩේ කියන්නේ ඕඩරයක් නැති දවසට තුන් දෙනාට උයන එක තමා දැන් අමාරුම වැඩේ 🙃

      Delete
  4. ලියලා තියනව අපුරුයි. 4 වෙනි පින්තුරේ තියෙන එකනම් ඒ දවස්වල අපි වල්පැල කියලා ගැලෙව්වද මන්දා .

    ReplyDelete
    Replies
    1. එව්වා වල් පැල කියල තමා නේද කියන්නෙ.නම නම් tridax එක යායට පිපෙනවා.මමනම් හරිම ආසයි.මම ඔබතුමාගේ නාඩි ලිපිය කියෙව්ව දහදොලොස් පාරක්ම කමෙන්ට් කරන්න ට්‍රයි කලා ඒ උනාට ෆේල් වෙනවනෙ

      Delete
  5. අපේ ගෙදර උන්දෑ ඔයාගේ අක්කා වගෙය . යන යන තැන නැවතී මල් චෙක් කරනවාය . අපේ ගාඩ්න් එක මල්ද පිරිලාය . ඔන්නොහෙ මගේ පාඩුවේ සුරුට්ටුවක් ගහගෙන ඉන්න දෙන නිසා මම ගණන් ගන්නේ නැතිය .

    ReplyDelete
    Replies
    1. මට මල් පිස්සුව හැදුනොත් ලොකුම හිසරදය හැදෙන්නේ සත්තලන් ගොයියාටය.ඒ නිසා මං එයැයිගේ සරීර සෞඛ්‍ය ගැන හිතා ඕවා හදාගන්නේ නැත.

      Delete
  6. අපේ අම්මා වගේ. මල් වලට ආදරේ තරම කියන්නේ කොහේ හරි ගියාම අගයන්නේ මල් ටික තමා මුලින්ම.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මටනං පිස්සු වගේ.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...