සඳට බැළුම් හෙලූ අය

Aug 25, 2025

සංගීතයයි ප්‍රේමයයි අනාගෙන රස බැලූ දවසක් !

 




ඉතින් ඔයාලා සැපෙන් සුවෙන්ද?හුඟ දවසකින් මෙහෙ එන්නට බැරිවුනා නොවැ.බිසී බිසී අනේ නානාප්‍රකාර වැඩ.ඒ උනාට ඔයාලට කියන්න කතා නම් එමට තිබුනා.කොහෙද ඉතින් ඒ ඒ වෙලාවට ලියවුනේ නැත්තං ආයෙ ඉතින් ලියවෙන්නෙ නෑ නොවැ.අද කතාවෙත් උණුහුම යන්ට කලින් ලියවුනේ නැත්තං ආයෙ ලියනවා බොරු.ඒ නිසා ඕං අහගන්ඩකෝ.


පහුගිය දාසක අපි ගියා නොවැ  rhythm of the guitar නොහොත් ක්ලැරන්ස් විජේවර්ධන ගේ ජීවිත කතාවේ කොටසක් යැයි කියන ෆිල්ම් එක බලන්න.මං නම් ෆිල්ම් එක ආපු කාලෙම  බලන්න යන්න පෙරුම් පුරාගෙන හිටියේ.ඒ උනාට අපේ ගෙදර අනිත් ඩබලට සිංහල ෆිල්ම් අරහං නිසා ඕකට කිසිම ගෝ එකක් ලැබුනේ නෑ.උන් නාවත් මම නම් තනියම හරි ගිහින් බලමියි එක සිතින් සිතා සිටියත් ඉස්තලන් කොලූගේ විභාගයි ඉස්කොලෙ නානාප්‍රකාර වැඩයි නිසා පහුගිය කාලේ සෑහෙන්න බිසී උනා.අනේ අපි ඉස්කෝලේ යන කාලේ මාසයක් නිවාඩු කියන්නෙ ඉතින් නිවාඩුම තමා ඒකට දැන්.නිවාඩු දෙන්නත් කලින් මුලු නිවාඩු  මාසෙටම schedule එක එවනවා මේ දවසට  athletics,මේ දවසට football අර දවසට මේක අහවල් දවසට මේක කියල.ඇත්තටම බලං යනකොට නිවාඩු කිව්වට  නිවාඩු නෑ මෙයා.


ඕං ඔය නිසා පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නැහෙ පස්සෙ පස්සෙ ඉතින් බලපු කට්ටියගෙ රිවීව් කියවලා යූ ටියුබ් රිලීස් වුන සිංදු එහෙම  බලලා මටත් ඒකේ ආතල් එක ගිහින් තිබුන සමයක අපේ ඉස්තලන් කොලුවා මං ඔය  ෆිල්ම් එකේ මංගෝ සිංදුව බල බල ඉන්න වෙලාවක ඕකට එබිල බලන් හිටියා ටික වෙලාවක්.ඔන්න කොල්ලට ෆිලුමට ආසාවක් ඇති  උනා.අම්මේ අපි ඒක බලමු කියල කැමැත්ත ප්‍රකාශ කල සැනින් පහුවදාම කොලූගෙ තාත්තව බලහත්කාරෙන්ම ලෑස්‍ති කරගෙන ෆිල්ම් එක බලන්න ගියා.


ෆිල්ම් එක මරේ මරුම කියන්න බෑ ඒත් මරු.හරිම සරළයි සුන්දරයි.ඒ ගොඩක් සිංදු අපි දන්න අපි කලින් අහල තියෙන අපි කැමති සිංදු නිසා එයාලත් එක්කම අත්පුඩියක් ගහල සිංදුව ගයමින් එන්ජෝයි කරන්න පුලුවන්.මට නම් ඒක ෆිල්ම් එකක් බැලුවට වඩා මියුසිකල් ෂෝ එකක් බැලුව වගේ ෆීලින් එකක් තමා ආවේ.මං ආසම සීතල කඳුකරේ මනරම් දර්ශන ටිකනම් පට්ට.ඒ වගේම පරණ වාහන දැක්කම පිස්සු හැදෙනවා.තුන් හතර පාරක් ගිහින් තියෙන හපුතලේ ඇඩිශම් බංගලාව යකඩෝ මෙච්චර ලස්සනද  කියල ආයෙ ආයෙ හිතෙන ඇඩිෂම් එකේ ඒ සීන්ස් ටික තමයි මං ආසම. ( දැන් ඉතින් මට ආයෙ ඇඩිෂම් යන්න හිතිල තියෙන්නෙ)ආ ක්ලැරන්ස්ට ඉන්න දමිත් කොලුව හරිම කඩවසම් උස හාදයෙක්. ඒ වගේම නිහාරිත් ලස්සන කෙලි පොඩ්ඩක්.ඒ ඇරුනම ඉතින් කාස්ට් එක ගැනවත් පිටපත ගැනවත් විචාර දෙන්න තරම් ලොකු දැනුමක් මට නෑ.හැබැයි ඉතින් ෆිලුමෙ රොමෑන්ටික් සීන් වලට ඊට වඩා පැනි බේරෙන වචන ආවනම් හොදා කියල හිතුන.සමහර වෙලාවට හිතුනා යකූ මේක ක්ලැරන්ස් ගෙ කතාවද ඇනස්ලිගෙ කතාවද කියලත්.ඒ මොකද සාරංග කොලුවව පෙන්නුව වැඩිද මන්ද සමහර වෙලාවට.හැබැයි ඉතින් කතාව බලද්දි එන ෆැන්ටසිමය ජොලියට එව්වා බාධාවක් නෙවෙයි.ලොකු හරයක් කතාවක් නෑ තමයි ඒත් ජොලි මරු ෆිලුමක් .ඒ නිසා බැලුවට පාඩුවක් නෑ.


ආ..අපි ඉතින් ඔය ක්ලැරන්ස් මහත්තයගෙ සිංදු අහල තිබුන මිසක් ඊට එහා දෙයක් ලොකුවට දන්නෙ නෑ නොවැ.හැබැයි පහුගිය දවස්වල අපේ බ්ලොග් ලියන ඩ්‍රැකී මහත්තැන්ගෙ බ්ලොග් එකේ ක්ලැරන්ස් ගැන ලිපි ගනනාවක්ම පල උනා.ඒවායෙන් සෑහෙන දේවල් දැනකියා ගත්ත.එයා ඒ ලිපි මාලාව දාලා ඉවර වෙන්න කලින් ෆිලුම බලපු එක මට මාර සතුටක්. 






 

9 comments:

  1. මම කැමති ගායකයෙක් නිසා අනිවාර්යයෙන්ම බලන්න හිටිය . කරුමෙට මම නිවාඩු යනවා මෙහෙ පෙන්වන දවසේ. වෙන විධිහකටවත් බලනව

    ReplyDelete
    Replies
    1. කොහොමහරි බලන්න.ඇත්තටම සිංදු ටික මරු

      Delete
  2. අත්දැකීම ලිව්වාට ස්තූතියි. ඒත් දැකපු ටිකෙන් සාරංගගෙ ඇක්ටින් ටිකා..ක් cringe කියල හිතුනෙ මට විතරමද?

    ReplyDelete
    Replies
    1. හිතුනා හිතුනා..ඒකනෙ එව්ව ගැන නොලියා මං රසවින්ඳ ටික විතරක් ලිව්වෙ.

      Delete
  3. ක්ලැරන්ස් කියන්නෙ මම පට්ටම ආස ගායකයෙක්, ඒ උනාට ඔය ලංකාවෙ හදන චරිතාපදාන බලන්න හිතෙන්නෙ නෑ අප්පා මට. එතකොට ඒ මනුස්සයා ගැන තිබ්බ හැඟීම කුඩු වෙලා යනවා වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් අන්න ලතාගෙ කතාවත් එනවලු.අන්තිමට රජකතා වගේ වේවිද දන්නෙ නෑ 🤭

      Delete
    2. අන්න ඒකනෙ. ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ. 😁

      Delete
  4. අන්න ඒකයි, ඒකෙ අවයවය... සංගීතය, කඳුකර දර්ශන හැටේ හැත්තෑවේ දශක ලස්සනට ප්‍රතිනිර්මාණය කිරීම තමයි ඒකෙ තියෙන එක...

    ReplyDelete
    Replies
    1. ආ...මේ ඇවිත් තියෙන්නේ...ස්තූති ස්තූති ආවට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...