සඳට බැළුම් හෙලූ අය

Sep 20, 2017

දෙනුවන් අනුහස !



        2012 අවුරුද්දේ හා හා පුරා කියල මම බ්ලොග් එකට ලිව්ව නව කතාව තමයි මේ දෙනුවන් අනුහස කියන්නේ.ඒ කාලේ බ්ලොග් ලියන කියවන අයගෙන් මේ කතාවට බොහෝම ඉහල ප්‍රතිචාර  ලැබුනා.ඉතින් ඒ ප්‍රතිචාරත් එක්ක මගේ තිබුන හීනයක් තමා කවදා හරි මේ කතාව  මගේ කුළුඳුල් නවකතාව විදියට එලියට දාන එක.ඒක විතරයැ ඉතින් කවි පොතක් කරන එකත් ඒවගේම හීනයක් තමා. ඒකනම් ඉතින් නොහිතූ විදියට  තව නොබෝ  දිනකින් සැබෑ වීමට නියමිතයි. ( හා  හා ඒක රහසක්  වැඩි  විස්තර පසුවට )

               දැන් ඒක නෙවෙයිනෙ වැඩේ  මගේ මේ කුළුඳුල් නව කතා මෙව්වා එක දැන් ටික කාලෙක ඉදලා මම තව කොටස් එකතු කරමින් සමහර කොටස් කපමින්  සංස්කරණය කොරමින් ඉන්නෙ. මොකද ඉතින් අවුරුදුම පහකට කලින් ලියපු එකක්නෙ එතකොට මම  හිච්චි එකා නෙව දැන් ඉතින් ඊට වඩා පෝ..ඩ්ඩක් පරිණතයි නොවැ. ( ඔය කිව්වට අනේ මන්දා ඒකත් ) හරි අනේ දැන් ඒකත් නෙවෙයි වැඩේ මගේ මේ දෙනුවන් අනුහස  මේ දවස්වල නැගලා යන  එදිරි අයියගෙ දෙවෙනි ඉනිමට පෝඩ්ඩක් විතර ළඟින් යන ගතියක් තියෙනවා.දෙවෙනි ඉනිම වගේම මේකත් මේ යොවුන්  පාසල් වියේ හුරතල් කතාවක් එච්චරක් විතරක් නෙවෙයි කියාන්ඩලකො ඒකත් නෑනා මස්සිනා  ලව් එකක් තියෙනවා.එච්චරද...?  නෑනේ... මස්සිනාගේ නම දෙනුවන් අනී.ඔය දෙවෙනි ඉනිමේ අවන්ත වගේම සෙල්ලක්කාර එපා කරපු එකෙකුත් ඉන්නවා ඒ දෙනුවන්.හැබැයි කතාවේ අන්තර්ගතයනම්  හාත්පසින්ම වෙනස් ඒ උනාට මේ අව් අස්සේ මම මේක එළියට දැම්මොත් මම දෙවෙනි ඉනිම කොපි කලා කියල කට්ටිය මාව මරන් කාවි කියන සාධාරණ මෙව්වා එකක් මට තියෙනවා අප්පා.අනෙ ඩෙයියනේ එත් ඉතින් මම මේක ලියනකොට එදිරි අයියගෙ හිතේ අහලකවත් දෙවෙනි ඉනිමක්  තියෙන්න නැතුව ඇති.දැන් ඉතින් එහෙම කිව්වම කට්ටිය මට පුප්පන්න එපා මම හිතනවා කියල එදිරි අයියා අනුහස්ව මගෙන් උස්සලා කියල (එහෙමනේ අපේ කට්ටිය කොහෙන් හරි මඩ බාල්දිනේ උස්සන් එන්නේ)අනුන්ගෙන් වචන ඇහිදින්න තරම් ඒ මනුස්සයට සිතුවිලි වල අහේනියක් නෑනේ.මීට අවුරුදු ගානකට කලින්  එදිරිගේ සාටරේ කියවලා මම එයාගෙ රසිකාවියක් උනේ.දැන් මම එයාගෙ සුළඟ නුඹ සහ මම පොතක් කරලා එලියට දානකන් මඟ බලන් ඉන්නෙ.

          ඉතින් පින්වතුනි මම දැන් මගේ දෙනුවන්  අනුහස එක පොකුරට දෙන්න හදන්නේ.මම හැමදාමත් කියනවනේ  ඒ කාලේ මගේ බ්ලොග් එකේ හිටපු කියවන්නෝ පිරිස නෙවෙයි අද ඉන්නේ ඉතින් මගේ යුතුකම ඔයාලා මගේ පරණ කතා කියවන්නේ නැත්තන් කියවපිය කියලා බලෙන් ඇස් දෙකේ අනින එක.අනික ඉතින් දැන් ඔය  සතියේ දවස් වල යන කසි කබල් නාට්ටිය එහෙමත්  සති අන්තෙත් සුවප්නා එක පොකුරට,  සදහටම ඔබ මගේ පොකුරු දෙකට කිය කිය අපිට බලෙන් පෙන්නන්නේ. එහෙම එකේ බ්ලොග් නවකතාවකුත් එක පොකුරට දුන්නම මොකෝ වෙන්නේ. හා නැද්ද..?
       
          ඉතින් පින්වතුනි මම ආරාධනා කරනවා මගේ මේ කතාව කියවලා මට යහපත් ප්‍රතිචාර දක්වන්න කියල.ඔන්න දැන් මේක කඩාකප්පල් කොරන්න අර කඩදාසි කොලේ ලියන එකී කියාවි මම පරණ පෝස්ට් දාලා ජාමේ බේරගන්නවා කියල .නෑ පින්වතුනි මම එහෙම නෑ.


කතාවට පෙරවදනක්

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2

දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6

දෙනුවන් අනුහස 7

දෙනුවන් අනුහස 8

දෙනුවන් අනුහස 9

දෙනුවන් අනුහස 10

දෙනුවන් අනුහස 11
දෙනුවන් අනුහස 12
දෙනුවන් අනුහස පසුවදන


37 comments:

  1. අලේ... ඉතින්... පරණ එකක් ආයෙමත් පොස්ට් කොරල නේද??? මේ මේ මේ.... ඒවා ඔට්ටු නැහැ හරිද.. වහාම අකුලාගනු!

    මේ කතාව මම කියෙව්වෝය.... දියව් දියව්... අර අක්තාව දියවූ

    ReplyDelete
    Replies
    1. බලන්න උයා කොච්චර සෝයිද අනිත් අය වගේ මම ඇගිල්ලෙන් ඇනලා පෙන්නනකම් ඉන්නෙ නෑ සේරම කියවනවා... අනා...ලිඛී තැන්කූ..

      Delete
    2. ඒ බටර් හරියන්නේ නැත.. අඛණ්ඩ ආහාර අනුභවයේ යෙදෙමින් ඉල්ලීම් ඉටුකරනතුරු දැඩි ක්‍රියාමාර්ග ගනිමි.

      Delete
    3. දැන් නම් ඉවසුවා ඇතිය... හුහ්.. පෙනේද මම ඇවිත් මෙතන කියනවා කියල දන්නා නිසා වෙනම කෑල්ලකුත් දාල warning එක විදියට!! රට්ටු රවට්ටන්න එනවා මෙතැන !

      ඔයාගේ නවකතා , කෙටිකතා ඔක්කොම මම බැලුවා මේ බ්ලොග් එක හොයාගත්ත දවස්වලම. ඒ හින්දා මට බොරුකරන්න එන්න එපා හරිද? ලියනවා හොඳයි අර කතාව.. එක්කෝ එකෙක් මරලා දාලා හරි කමක් නැහැ කතාව ඉවරයක් කරනවා.. ( මරන්න!? හුහ්.. මැරුවොත් බලාගෙනයි අර අහිංසක කොල්ලව!!)

      Delete
    4. යකඩෝ.... දැන්නම් ලියන්නම වෙනෝ නැතන් මටයි මෙයාගෙන් මැරුම් කන්න වෙන්නේ

      Delete
  2. බලමු බලමු ඒකාලෙ මොනාද ලියල තියන්නේ කියල.
    සැබෑ කරගන්න යන හීනයටත් සුබපැතුම් එක්කරනවා.

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි කියවලා බලන්නකෝ බකරේ... මොකද මේ දවස්වල නිශ්ශබ්ද

      Delete
  3. මං බ්ලොග් ලෝකයට අලුත්නේ.. ඉතින් කියෝලා නෑ ඔයාගෙ මේ දෙනුවන් ගැන.. මං හිමින් සැරේ කියෝලා කොමෙන්ටුවක් දමන්නම්.. පොඩ්ඩක් පරක්කු වෙයි හැබැයි. මට මේ දවස් වල එෆ්සෑම් එකක් තියේ.. සුබපැතුම් හොඳේ

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ පැතුම් විභාගය හොදින් ජය ගන්න. ඊට පස්සෙ ඇවිත් කියවලා ගුණ දොස් කියන්නකෝ

      Delete
  4. දෙවෙනි පාරටත් ආයෙ කියෙව්ව.අන්තිමට දුක හිතුනට කතාව හරිම ලස්සනයි. දැන්වත් අර බාගෙට නවත්වපු කතාව ලියනවද?😐

    ReplyDelete
    Replies
    1. ඔහොම කරුණාවෙන් කිව්වට මේ යෝධිට හරියන්නේ නැහැ.. දෙකක් අනිනවාය... අහස්කුරක ගැටගහල උඩ අරිනවාය කියල තමයි වැඩේ කරවගන්න වෙන්නේ.. බොරුද බලන්න!!

      Delete
    2. ලියනවා ලියනවා මේ ලියනවා හි හී

      Delete
    3. අපෝ ලිඛිතත් එහෙමයි.. කිසිම ඉල්ලිමක් ඉටු කරන් නෑ. ඉවසන දනා රුපුයුදයට ජය කොඩියලු...
      හම්බුනොත් මල්ටි බැරල් සෙට් කරන්නේ කාර් එකෙ ඩිකියට. කෙලින්ම පුදුකුඩිරිප්පු වල වගේ ඉඳින්න.. හරිය...

      Delete
    4. ඒකනේ අරූ අතාරින්න එපා එයාව මමනම් අහින්සකයි රටක් වටී.. ඒ වගේද එයා

      Delete
    5. හම්මෝ.. දරුණු ගෑල්ලමයි වගයක්.. අපි අයින් වෙලා පයින් යන්නෝනි පරිස්සමට..

      Delete
    6. ඔයාගේ අර හෙල්මට් එක? සුදුපාට එක?? ඒක මිට පස්සේ මෙහෙට එනකොට දාගෙන එන්න

      Delete
  5. ලෝකයා මොනව කියුවත් මොකෝ සදවතී... ඔයාගෙ නව කතාව එලිදක්වන්න... සාක්ෂි විදිහට බ්ලොග් එක පෙන්නන් බැරියෑ මඩ ගහන අයට....

    කතාව කියවලා කොමෙන්ටුවක් දාන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතී නිර්මාණී කියවලා අඩු පාඩු කියන්නකෝ

      Delete
    2. ඊයෙ ඔයාගෙ මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ මේ දැන් වෙනකල් ඉඩ ලැබෙන වේලාවට කතාව කියෙව්වා.... හරිම ලස්සන කතාවක් සඳා...
      කතාව කියවලා ඉවර වෙනකොට ඇස්වලට කදුලුත් ඉණුවා... ඒ තරම් සංවේදී... ඔයාගෙ නිර්මාණය හරිම අපූඍුයි...
      කතාව සංස්කරණය කළා කියුව නේද... දැන් මට ඒක කියවන්න ආසයි... ඉක්මනින්ම නව කතාවක් විදිහට එලිදක්වන්න සදා... මගෙන් ඔයාට සුභපැතුම්...
      ඒ දවසට ඔයා කියුවත් නැතත් මාත් එතන ඇති....

      Delete
  6. හොඳයි මෙහෙම දාපු එක.. වැඩක් නැති වෙලාවක් අල්ලලා කියෝල කොමෙන්ටෙකක් දාන්නං.. අර වලිඛිතා ටත් කියන්න ඕනි හිතේ තියෙන ඔක්කොම කතා කලවමෙ ලියල බැරිනං මලවලා හරි අන්තිමට මේ වගේ පිලිවෙලකට දාන්න කියල..

    ReplyDelete
    Replies
    1. හ හා කියවලම කියන්නකෝ කොහොමද කියලා.මටත් දැන් පිච්චු හැදිල ඉන්නෙ ලිඛිතගෙ කතා සේරම පැටලිලා

      Delete
    2. ඔන්න ඔන්න ඉතින්..... මම නොකිව්වයි කියන්න එපා... ආයෙත් වෙන කතාවක් ලියනවා ඔන්න...

      Delete
  7. ඔක්කොම කියෝල ඉවර කරා.. පට්ට

    ReplyDelete
  8. මම කියවනවා ඉක්මනින්ම..ඔයාගේ කතා කියවන්න මං ආසයි

    ReplyDelete
  9. ඔන්න කතාව කියවලා ඉවරකරා.කතාවෙන් ගන්ඩ තියන්නෙ කෙල්ලො කියන්නෙ මහ පිස්සු ජීවී විශේෂයක් සහ ගුණයහපත් කොල්ලො නැත්තම් උන්ට යන එන මං නැතිවන බවත්ය.

    ReplyDelete
    Replies
    1. අහ්... එහෙමද හිතන් ඉන්නෙ මේ කොල්ලො

      Delete
  10. මට තාම උත්තර නෑ සඳා... මොකෝ ඒ....

    ReplyDelete
    Replies
    1. අනේ ඒක මම දැක්කෙ නෑනේ... සමාවෙන්න නිර්මාණී.. ස්තූතී ගොඩක් කතාව කියවලා අදහස් දැක්වීම ගැන . ඔව් නිර්මාණී මේක තව අලුත් කොටස් එකතු කරමින් ඉන්නේ කතාව තව ටිකක් දිග කරන්න.ම්ම්ම් බොහෝ දුරට ඒක පොතක් හැටියට පිට වේවි එතකන් ඉතින් ඉවසන්ඩ වෙනෝ

      Delete
  11. හිත නිව්නු වෙලාවක සේරම කියවන්නම්. මේ වැඩේනම් ගොඩක් වටිනවා සදු පරණ ඒවා උනත් හොදනම් මෙහෙම අළුතෙන් අප්ඩේට් කරන එක ගොඩක් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. අනික මේ පින්තූර වලට රැවටිලා අපි මේක කියෙව්වයි කියලා හිතන්න එපා හරිය

      Delete
    2. හා හා ... කෝම හරි කමක් නෑ කියවපියකෝ

      Delete
  12. Harima lassanai. Hitata danennama liyala tiyenawa.. antima kotasa kiyewwe nam ada ada.. hebei eye operation eka gena kiyanakotama Denuwan merenna ati kiyala mata hituna.. Uttara nam mahana wei kiyala hituwema ne. Mokada eya hitha hayya kellek nisa..
    Kohoma unth lassanama lassanai.. obata JAYA..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...