සඳට බැළුම් හෙලූ අය

Jun 13, 2012

දෙනුවන් අනුහස... එකොළොස්වෙනි සජ්ජායනාව





 
අසා කියා දැන ගන්නට බොහෝ දේ හිතේ වුණිද ඒවා කාගෙන් අසන්නටදැයි කියා මට සිතා ගනු නොහේ. තාරා ගැන සුදු අයියාගෙන් හෝ අම්මගෙන් අසන්නට සිතුනද එයටද ඉඩක් ලැබුනේ නැත.ඒ දෑස් හැරි වෙලේ ඉදන් පරීක්ෂණ කීපයකට මා බදුන් වූ නිසාය.ඔලුවේ තුවාල වලට බෙහෙත් ගැල්වීම් බැන්ඩේජ් මාරු කිරීම් දෙනෙතට ව්‍යායාම ආදියෙන් හවස් වන තුරුම මා හෙම්බත් වීමි.සුදු අයියා ඒ හැම දේටම සහය වෙමින් නිරන්තර මා අසල විය.මුහුණ පුරා වැවුණු රැවුලත් මලානික වුණ ඒ ඇස් දෙකත් දකිද්දී මට මහා දුකක් දැනේ.මේ ටිකට ඔහු විදවූ විඳවිල්ල ඒ ඇස් වල අපූරුවට සටහන් වේ.

" අම්මත් එක්ක ගෙදර ගිහි එන්න සුදු අයියා දැන් මට සනීපනේ ඔයාලා ඔහොම ඉන්නවා දකිද්දී මට දුකයි... ඔය එළු රැවුල ඔයාට කැතම කැතයි ඕක කපලා නාලා ලස්සන වෙලා එන්න...."

මා කියූ දෙයට ඒ මුව මුරා හසරැළ් නැගුණි.

" දැන් කියවනවා චන්ඩියා වගේ... ඒත්.. ඒත් පහුගිය දවස් වල මම විඳපු දුක ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ නංගී..."

" අනේ දැන් දුක් වෙන්න එපා අයියා.... දැන් හැමදේම හරිනේ.. ම්ම්ම්ම්....ආයේ මම අයියට කවදාවත් දුකක් දෙන්නෙ නෑ..."

" හරි ... මම අම්මව ගෙදරට දාලා එන්නම් පව් නැන්දා ඔය හිතේ හයියට මෙහෙමවත් ඉන්නේ... මම බය උනා එයත් ලෙඩ ඇදට වැටේවි කියලා..."

මගේ අසරණ අම්මා ගැන මට මහා දුකක් දැනුනි. ඇගෙන් සමාව ඉල්ලන්නට බැරි තරම වරදක් මා කර ගත් හැටි.මා නළල සිප සුදු අයියා යන්නට හැරුණි. මා ඒ අත අල්ලා නවතා ගතිමි.

" සුදු අයියා.... කෝ තාර.... ඇයි එයා මාව බලන්න නාවේ..."

" එයා ආවා සුදු නංගී... ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරපු වෙලේ ඉදන් ඊයේ රෑ වෙනකනුත් උත්තරා හරි හරියට අම්මයි මමයි එක්ක ඔයා වෙනුවෙන් මහන්සි වුණා..අද උදේ ඔයාගේ බැන්ඩෙජ් කපනවා කියලත් එයා දන්නවා... ඒත් එයාට හදිස්සියෙම බණ්ඩාරවෙල යන්න වුණා.. එයාගේ ආච්චිට සනීප නැතුව...හෙට නැත්තං අනිද්දා එයා ඒවි පැටියෝ..."

සුදු අයියා එය කීවේ මගේ හිත හදන්නට බොරුවක් නොවන බව මම ඒ ඇස් බලා වහා හදුනා ගතිමි. තාරා ගැන හිතේ තිබූ හැම කහටක්ම එයින් සේදී ගියේය. මට මහා සැනසුමක් දැනුණි.

" එයා මා එක්ක තරහා නෑ නේද සුදු අයියා..."

නැත කියන්නට සුදු අයියා හිස දෙපසට වැනීය.

" පිස්සු කෙල්ල දැන් ඔය විකාර මුකුත් හිතන්න එපා... මම නර්ස් කෙනෙක්ට කතා කරන්නම් .. පරිස්සමින් ඉන්න... මම ඉක්මනට එනවා..."

" සුදු අයියා....

මා නැවතත් ඒ අත අල්ලා ගතිමි.

" ඒ පාර මොකද..... ම්ම්ම්ම්ම් "

අසන්නට ගිය දේ මුවේ සිර කර මා මොහොතක් නිහඬ වීමි.අනුහස් අයියා මා දෙනෙත් දෙසම බලා සිටින්නට විය.ඉතින් මා අසන්නට යන දේ ඔහුට නොදැනෙන්නට විදියක් නැත.

" එයත් ආවා සුදු නංගී....තාරා එක්කම එයත් ආවා... එයා විතරක් නෙවෙයි එයාගේ යාලුවොත් ආවා ඔයාව බලන්න...එයාලනම් අදත් ඒවි... ඒත් මට ඔයා පොරොන්දු වෙන්න ඕනෙ සුදු නංගී... මේ කිසිම දෙයක් ආයේ ආයේ හාර අවුස්සලා හිතට දුකක් ගන්නේ නෑ කියලා වෙච්ච හැමදේම වෙලා ඉවරයි...ආයේ කවදාවත් මුලට යන්න හිතන්නෙපා පැටියෝ... කවුරු කා එක්ක කොහොම ආවා ගියත් ඔය හිත හයිය කරගන්න... මං වෙනුවෙන් නෙවෙයි අර අතන ඉදන් තාමත් හූල්ලන ඔයාගේ අම්මා වෙනුවෙන්වත් ඒක කරන්න..."

" මම පොරොන්දු වෙනවා අයියා ... පොරොන්දු වෙනවා... අපි මෙහෙන් ඉක්මනටම යමු... ආයේ කවදාවත් නො එන්නම ලංකාවෙන් යමු... අනේ මාව අරන් යන්න සුදු අයියා...මට ඔයයි අම්මයි විතරක් හිටියම ඇති... සත්තයි මගෙ අයියා ...මාව අරන් යන්න..."

ඉතින් ඒ මාගේ අවංකම අදහස විය. අනුහස් අයියාගේ ඇස් දිලිසුණි.ඔහු මා තුරුළු කරගෙන කීප වරක්ම මා නළල සිප ගති.

" මතකද මම දවසක් කිව්වා.. අවංකවම ඔය කටින් ඕක කියපු දවසට මම ඔයාව අරන් යනවා කියලා...අද ඒ දවස මගෙ නංගී... අපි ඉක්මනටම මෙහෙන් යනවා... ඔව් අපි ඉක්මනටම මෙහෙන් යනවා..."

අම්මා සමග සුදු අයියා පිටව ගියේ මට එසේ පොරොන්දු දෙමිනි.මහා බරක් හිතට දැනුනද මා සුසුමකින් ලය සැහැල්ලු කර ගතිමි.කවුරුවත් නැතුව තනිවුණ මේ ඇසිල්ලේ මට සිතන්නට බොහෝ දේ විය.මම ඇස් පියා ගතිමි.තාරා හා දෙනුවන් කොයි මොහොතේ හෝ මා ඉදිරිපිටට එන්නට පුලුවන. ඉතින් එයට මා සූදානම් විය යුතුය.කවදාවත් මට නොලැබෙන දෙනුවන් එකා තකට මගේ හොදම යෙහෙළිය හා සහෝදරිය හා සමාන තාරාට ලැබෙන එකට මා ලෝබ වීම හෝ ඉරිසියා කිරීම නොවටී.තාර හොද කෙල්ලකි. දෙනුවන්ගේ නරක ගති අතහැර ගන්නට ඈ පිහිට වෙනවා නිසැකය.ඉතින් මා ඔවුන්ගේ ලෝකය ඔවුන්ට තනා ගන්නට ඉඩදී අනුහස් අයියා හා ලියූ මගේ ජීවිතයත් ගෙන මා පිටව යමි.දයාබර දෙනුවන් ඔබට බැදි අසීමිත සෙනෙහස මම සදහටම හදවතේ නිදන් කරමි.

මා කෙලෙස සිතුවද එය කිරීම මේ හිතනා තරම් ලේසි නැති බව මා දනිමි. ඒ නිල් ඇස් වලින් මා දුටු සංසාරගත ප්‍රේමය කෙලෙස සගවා තබා ගන්නදැයි මා නොදනිමි.ඒ නිල් ඇස් සිහිව මා තිගැස්සී නෙත් හැරීමි.අද මා සතුවද ඒ හා සමාන නිල් ඇස් දෙකක් ඇත. ඒ ඇස් යට මම නොදන්නා මොකක්ම හෝ කතාවක් ඇද්දැයි මට සිතේ.මම වහා නැගිට නාන කාමරයේ කණ්නාඩිය ඉදිරිපිටට වීමි.ඒ ඇස් තරමට නොවූවද මේ ඇස් ද නිල් පාටය.ඒ ඇස් තරමට නොවූවද මේ ඇස් ද කතා කරන සෙයකි.යටි පතුල් වලින් පටන් ගෙන පපුව දක්වා එන මහා ගින්දරක් සමග හිතට මහා නොසන්සුන් කමක් දැනේ.දෙවියනේ මේ ඇස් දකිද්දී මට හිතෙන දේ කවමදාවත් ඇත්තක් නොවේවායි මා පැතීමි.

" මැඩම් ... මම උදව් කරන්නද...."

නාන කාමරයේ දොරට තට්ටු කර එසේ ඇසුවේ මා බලා ගන්න නර්ස් විය යුතුය.මා දොර හැර එලියට ආවේ ඇයට සුහදව සිනා සෙමිනි.

" දැන්නම් මැඩම්ට ගොඩාක් හොදයි වගේ නේද... මම තමයි මෙහෙට ආපු දවසේ ඉදන් මැඩම්ව බලා ගත්තේ..."

මට වඩා වසරක් හෝ දෙක පමණ වැඩිමල් ඇය හුරුබුහුටි කෙල්ලකි.ඇය මට මැඩම් කියද්දී මහා නුහුරක් මට දැනේ.

" ඔයාලට ගොඩක්ම ස්තූති මං වෙනුවෙන් මහන්සි උනාට හොදේ.."

" ඒක අපේ ඩියුටි එකනෙ මැඩම්..."

ඈ කීවේ සිනා සෙමිනි.

" ඒක නෙවෙයි මේ ඇස් නම් මැඩම්ට හරිම ලස්සනයි... ඇත්තමයි හරියටම මැඩම්ටම කියලා හැදුවා වගේ..."

" ඇත්තටම මේ ඇස් මට කොහෙන්ද ලැබුනෙ නර්ස්..."

ඇගේ කතාවෙන්ම මා මොනවා හෝ අහුලා ගන්නට සූදානම් වුනෙමි.

" එයත් මැඩම් වගේම ලස්සන ගෑණු ළමයෙක් .....මැඩම් Accident වෙලා ගෙනත් දවස් දෙකකට විතර පස්සේ ඔය ඇස් ලැබුනේ. හැමෝම කිව්වා මේ ඇස් මැඩම්ට ලස්සනට තියේවි කියලා.ඇයි මැඩම් දන්නේ නැද්ද අනුහස් සර් එක්ක තාරා මැඩම් අර මැඩම්ගෙ යාලුවා එයා පවා ගියා ඒ ගෑණු ළමයගේ පවුලේ අය හම්බෙලා ස්තූති කරන්න...."

සසළව තිබු සිතට ඇගේ කතාවෙන් මහා සැනසුමක් දැනුණි.අනුහස් අයියාට කියා මටද ඒ පවුලේ අය දකින්නට තදබල උවමනාවක් දැනෙන්නට විය.මේ සා විසල් පින් කමක් කල ඔවුන්ට වචනයක් කතා කිරීම මගේ යුතුකමකි. ඉඩක් ලැබුනොත් එය කරන්නට යෑමට මම සිතා ගතිමි.

" මැඩම් ඔහොමම ඇදට ගිහින් හාන්සි වෙන්න.... මට මේ බෙහෙත් ඔයාගේ ඇස් වලට දාන්න තියෙනවා..."

ඈ මා අල්ලාගෙන ගොස් ඇද වෙත ඇරලීය.eye drop එක දැමූ පසු හීන් දැවිල්ලක් ඇස් වලට දැනුනි.වැසූ දෝර හැරගෙන එක වරම කඩාපාත් වූ සේනාව හදුනාගන්නට බැරිව මා බොඳ වුණ ඇහිපිය වේගයෙන් ගැසීමි.රශ්මි , චමෝදි , නිශූ සේම ඉශාන් , චාමික , අනුශ්ක ඇතුලු දෙනුවන්ගේ මිතුරන් කැලම මා අබියස විය. මා මොහොතක් දෙකක් ගල් ගැසී බලා සිටියෙමි. ඔවුන්ද එලෙසම බලා සිටින්නට විය.මදෙස විශ්මයෙන් බලා සිටි ඔවුන්ගේ ඇස් වලට ඉනූ කඳුළලි මගෙන් වසන් කරගනිමින් ඔවුන් රැළම මා වට කොට ගති. මා මදක් ඉස්සී දොර දෙස බැලුවේ තාරාවත් දෙනුවන්වත් දැක ගන්නටය. නැත එහෙත් ඔවුන් නැත.

" කවී.... අනෙ අම්මෝ උඹ ලස්සන වෙලා බං... කොහොමද කොහොමද ඉතින්..."

" අඩේ... මේකිට තාම සැප..... උඹ දන්නෙ නෑ අපි උඹ නිසා කාපු කටු...."

" යකෝ... මටත් ඔය මොනා හරි ඇනගෙන මෙහාට එන්න හිතයි.... බලපල්ලකෝ ලස්සන නර්ස් නෝනලා ළඟට වෙලා සලකන හැටි..."

එක එකා නා එක එක විකාර කියවමින් පිස්සු නටයි එදා වගේම අදත් මුන්ගේ කටවල් වලට බ්‍රේක් නැත.හිනැහෙනවා හැරෙන්නට මට තවමත් මුකුත් කියා ගන්නට නොලැබුණි.

" මැඩම් යාලුවෝ ආවනේ... දැන් තනි නෑනේ ... මම යන්නම් එහෙනම්... "

හෙදිය පිටත් වුනේ හැමෝටම ලස්සන සිනාවකින් සංග්‍රහ කරමිනි.

ඈ ගිය සැනින් ඔවුන් මගේ ඇද වටා වාඩි විය.

" අනේ දැන් ඔයාට හොදයි නේද කවී... අම්මෝ ඔයා අපිව බය කල තරමක්... "

" ඇයි කවී ඔය තරම් මෝඩ වැඩක් කලේ ඔයා..."

නිශූ මගේ අත පිරිමදිමින් එසේ ඇසීය.

" මේ මේ... ඔය බයිලා වැඩක් නෑ බං දැන්... කවුරුවත් ඔය විකාර ආයෙත් මේකිගෙන් අහනන් එපා... ගිය දේ ගියා... එච්චරයි..."

අනුශ්ක හැමෝටම ඇහෙන්න ඇගිල්ල දික් කර එසේ කීය.මා නැවතත් ඉස්සි දොර දෙස බැලීමි.ඉශාන් එය දැක මට කිට්ටු විය.

" උඹ කාවද ඉස්සි ඉස්සි හොයන්නේ..."

මා මුකුත්ම නොකියා අසරණව සිනා සීමි.

" බැලුවට වැඩක් නෑ ... උන් එන්නේ නෑ..."

ඉශාන් එසේ කීවේ අමුතුම හඬකිනි. මම ප්‍රශ්නාර්ථයකින් වහා ඔවුන් දෙස බැලීමි.

" තාරා නම් බණ්ඩාරවෙල ගියා... "

රශ්මි එසේ කීවේ මට පමණක් ඇසෙන්නට මෙනි.

" අරූ ගැනනම් කියලා වැඩක් නෑ... ඌ අපිටත් කොලේ වැහුවා....අන්තිමට නොකියම යන්න ගියා..."

අනුශ්ක කීවේ මහා තරහකින් දැවෙමිනි.

" දෙනුවන් කොහෙ ගිහින්ද ඉශාන්..."

මා ළඟම හුන් ඔහුගෙන් මා විමසීමි.

" මම හිතන්නේ ඌත් තාරා එක්ක බණ්ඩාරවෙල ගිහිල්ලා..."

බිඳුනු හඬින් ඉශාන් කීවේ මගේ ඇස් මගහරිමිනි. මට දුක සිතේයැයි ඔහුට සිතෙන්නට ඇත.නැත ඉතින් මා මේ සියල්ල දරා ගමි.මා එය ගනන් නොගත් බව අගවනන්ට ඔහේ සිනා සීමි. ඊට පසු මා එකම සැරයක්වත් තාරා ගැනවත් දෙනුවන් ගැනවත් ඔවුන්ගෙන් ඇසුවේ නැත.ඔවුන් මට කිසිවක් කීවේද නැත. අනුහස් අයියා එනතුරුම මට තනි රකිමින් හිද ඔවුන් පිටව ගියේ ඒ සිටි පැය ගානේම මා සිනහවෙන් තබාය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තවත් දින කීපයක් රෝහලේ සිටි මා ඉන් පිටත් වූයේ ගතින් මෙන්න සිතින්ද වෙනස් වූ අයෙකු පරිදිය.හිසේ මැහුම් කපා බැන්ඩේජ් ගැලවූ පසු එකදු කෙස් ගසක්වත් නැති හිස මම දෝතින්ම පිරිමැද බැලීමි.තව මාස දෙක තුනකින් හිසේ අති කැළැල් වැසී යන්නට හිස කෙස් වැවෙනු ඇත.දින විස්සකට පසු මා නැවතත් ගෙදරට අඩිය තැබුවේ නැවත ඉපදුනු අයෙකු මෙන්ය.ඒ මා රෝහලේ උන් දින කීපයේම තාරා මා බලන්නට ආවේ නැත. අනුහස් ආවේද නැත. මුලදි මුලදි මග බලා සිටියද අවසන මා එය අත්හැර දැමීමි.කවුරු කෙසේ කීවද තාරාට මගේ මුහුණ බලන්නට නොහැකියාවක් ඇතැයි මා විශ්වාස කලෙමි.ඒ කවුරුන් නොදැන සිටියත් මා දෙනුවන්ට පෙම් කල තරම් ඈ දන්නා නිසාය.මා ඔහුට පෙම් කල බව දෙනුවන් පවා දැන් දන්නේය.එයට දෙනුවන් කොහොම ප්‍රතිචාරා දැක්වු වාදැයි මා දන්නේ නැත. ඔහු පුදුම වන්නට ඇත මට හිනැහෙන්නට ඇත.ඔහු මට බිඳක්වත් ආදරේ කලාදැයි නොදැනම මේ ආදරේට සමු දෙන්නට මට ඉතින් දැන් සිදුවේ. ඔහු හා බැඳුණු සියලු මතක හදවතේ භුමදාන කර මම නැගී සිට ගතිමි

ඉතින් ඊටත් පසු උදා වුන එක සොඳුරු උදෑසනක මා අනුහස් අයියාගේ නීත්‍යානුකූල බිරිඳ වීමි.මඟුල් ඇඳුම් , මංගල පෝරු , ජයමංගල ගී කිසිවක්ම නැතුව ලා රෝස පාට සාරියකින් හැඩව ලෙඩ කෙල්ලක ලෙස මා අනුහස් අයියාගේ අත ගතිමි.මට මා ගැන දුකක නොදැනුනිද අනුහස් අයියා ගැන මහා දුකක් දැනුනි.මා නිසා ඔහු ජීවිතේ මොන තරම් කැපකිරීම් කරනවාද... යහලුවන් පිරිවරා සොඳුරු මනමාලයෙකු වන්නට දැකි හීන මා නිසා ඔහුට අහිමි විය. එහෙත් ඒ ඇස් වල දුකක් නැත. හැමදාමත් මෙන් ඇත්තේ ආදරයම දයාවම පමණි.

ලියාපදිංචිය හමාරව රෙජිස්ටාර් වරයා නික්ම ගිය තැන සුදු අයියා මා දෑතම සිප ගත්තේය.

" කියන්න සුදු නංගී මේ දේ මෙහෙම වුන එක ගැන ඔයා දුකින්ද.....මෙහෙම නොකර Canada යන්න බැරි නිසා අද මේ දේ මෙහෙම කරන්න උනේ...අපි එහෙ ගියාම ඔයාට ගොඩක් සනීප උනාම ලස්සන වෙඩින් එකක් ගමු හොදේ..."

" නෑ සුදු අයියා .... මම දුක් වෙන්නේ ඔයා ගැන... මෙ කාලකන්නි කෙල්ල නිසා අයියට ගොඩක් දෙවල් නැති වෙන්නවා..මම... මම...."

සුදු අයියා තවත් මුකුත්ම කියන්නට නොදී මගේ මුව සුරතින් වැසීය.

" ඔයා මට මැණිකක් රත්තරං.... එදා ඉදන් අද වෙනකනුත් මම හුස්ම ගත්තේ ඔයා වෙනුවෙන්....එක තප්පරේකටවත් ඔයා මගේ නෙවෙයි කියලා මේ ජීවිතේදී මම හිතලා නෑ...අද ඒ මැණික සදහටම මගෙ උනා... ඉතින් ඊට වැඩිය මට මොනවද ඕනෙ මේ ජීවිතේට..."

මා වැටී ඒ සුදු දෙපා නැමදීමි. අදින් පසු මේ සෙවන යට සැනසෙන්නට ඉතින් මා ජීවත් වෙමි.

අම්මා පැමින මා නැගිටුවා අප දෙදෙනාවම බදාගෙන හඬන්නට විය.

" චී... නැන්දා... ඇයි මේ අඬන්නේ.... මේ හිනා වෙන්න ඕන වෙලාවක්නේ....."

අනුහස් අයියා අම්මගේ කඳුලු පිසිමින් පැවසීය.

" මේ සතුටු කඳුලු දරුවෝ...මගේ ආයුශත් අරන් සතුටින් ඉදහල්ලා..."

ඇය එසේ කීවේ අප්‍රමාණ දරු දුකින් හා සෙනෙහසින් බව අප දෙදෙනාම දනිමි.

අනුහස් අයියා අම්මා ඔසවා වටයක් කැරකවුනේ අම්මා සිනා සිසී කෑ ගසද්දීය.දුක්බර කාලයක් අවසන මෙසේ සිනා සංහිඳියාවක් දකින්නට ලැබීම ගැන අප සැමගේම හිත වල සතුටක් තියෙන්නට ඇත.

" මාව බිමින් තියන්න දරුවෝ.... මතක නැද්ද හවස තුනට අපි Air Port ඉන්න ඕනේ.... තව ගොඩක් වැඩ තියෙනවා කරන්න..."

අම්ම කියූ ඒ දේ ඇසීමත් සමඟ ආයෙත් මා කල්පනාවකට වැටීමි.තව පැය කීපයකින් මා මේ රට හැර සදහටම ඉඟිල යමි.අලුත් යුවල පිළිගනන්ට එහෙ මාමාත් නැන්දාත් මග බලා සිටී.හිතට දුකකුත් සතුටකුත් එක වරම දැනෙන්නට විය.සියල්ල සිදු වූයේත් හමාර වූයේත් යලි ඇරඹුනේත් මොන තරම් කෙටි කාලයකින්ද.අලුත් රටක අලුත් පරිසරයක හෙටින් පසු ඇරඹෙන නව දිවිය ඉඳුරාම සුන්දර බව මා දනිමි.එහෙත් නොදැනෙන නොහැගෙන ආගන්තුක බියක් තිගැස්මක් මා වටා විය.හැමදේටම මුහුණ දෙන්නට මා නැවත නැවත හිත හදා ගතිමි.

අනුහස් අයියා අසල ගැවසෙද්දී වෙන කවරදාවත් නොදැනුන මහා කෝල ගතියක් හිතට වද දෙන්නට විය.ඒ බැල්මේ වෙනසක් නොවූවද මම උවමනාවෙනම් ඒ ඇස් මඟ හැරීමි.මගේ වෙනස සුදු අයියාට දැනෙන්නට ඇත. ඔහු හොරැහින් හිනැහෙනවා මම දුටිමි.දැන් ඔහු ඉතින් මගේ සදාදර සැමියා බව මගේ හිත පිලිගන්නට සූදානම් වෙන සෙයකි.එය සිහිව මටද සිනා නැගේ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගුවන් යානයේ අම්මාටත් අනුහස් අයියාටත් මැදිව වාඩි වූ මා සුලු මොහොතක් හුස්මක්වත් නොගෙන බලා සිටියෙමි.සියලු සොඳුරු වූත් දුක්බර වූත් මතක සියල්ල මේ බිමේ අතැර ඉතින් මා තව මොහොතකින් යන්නට යමි.පපුව කඩාගෙන ඇස්වලට කඳුළු එන්නට හදයි එහෙත් මා දරා ගතිමි.දැන් මගේයයි කියන්නට කිසිවෙක් මේ බිම නැත. මගේ වූ සන්තකය මා දෙපසින් වේ. ඊට වඩා වටිනා දෙයක් මට තියෙන්නට විදියක් නැත.මා දෑස් පියා අම්මගේ අත තරයේ අල්ලා ගෙන අනුහස් අයියාගේ වතට තුරුළු වීමි.මොහොතකින් යානය ගුවන් ගත විය.ඉතින් සියල්ල සියලු දෙනාට සුභ වේවායි මා ඉත සිතින් පැතීමි.

~~ මතුසම්බන්ධයි~~

50 comments:

  1. මම එක..... බ්ලොග් එක ඔක්කොම ලස්සන වෙලා තියෙන්නේ.... :)

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔව් ඔව් ඔන්න ඔයා එක . ඔව් දිනෙශ් මල්ලි බ්ලොග් එක ලස්සන කර ගත්තා ටිකක්

      Delete
    2. මොනවද ගාපු පේන්ට් එක ?

      Delete
  2. ඈහ්හ්.. බොලේ මෙන්න මම දෙකද කොහෙද ? එක හුස්මටම කියෙව්වා කාව්‍යා....

    ReplyDelete
  3. akkiyooo kathawa methanin iwara naha nedha....

    ReplyDelete
    Replies
    1. නැහැ සඳූ තව තියෙනවා

      Delete
    2. ඈ බං මෝඩ සදුවේ මතුසම්බන්ධයි කියපුවම එක ඉවර වෙන්නේ මොන රටේද හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

      Delete
    3. අනේද කියන්නේ සඳුගේ මේ දවස්වල වයර් මාරු වෙලා

      Delete
  4. හනේ මුන් දෙන්නට බැඳලවත් නිදහසේ ඉන්න නෑනෙ. ඒකත් මතු සම්බන්ධ කරලා

    ReplyDelete
    Replies
    1. හි හී එකනේ මාර වදයක් තමා මේක

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ටිකක් හොද අවසානයක් ඉක්මනට ඉතිරි කොටස දියෝ කාවයියෝ මට අතපසු වෙච්ච කොටස් සේරම අද මම කියෙව්වා හුග දවසකින් නේ මෙහාට ආවේ මම අපු නැති කාලෙට කොටස් ගොඩක් දාලනේ හොදයි හොදයි දැන් කවදාටද මේකේ අවසාන කොටස් දෙන්නේ එක දෙනකන් ඉවසුමක්‌ නැ හරිය

    ReplyDelete
    Replies
    1. කමින් සූන් ලක්ස් කැටේ බලන් ඉන්ටෝ

      Delete
  6. කවීට අඑස් දුන්නු ගෑණූ ලමයා කවුද?? :O හම්මෝ.. එක හුස්මටම කියවලා ඉවර කලා.. කොහොම වුනත් සුදු අයියායි කවීයි එකතු වුනානෙ.. හම්මෝ..මටනම් හොදටම සතුටුයි...නවකතා පොතක වගේම කුතුහලයයි, කතාවයි ගලාගෙන යන විදියයි, උපරිමයි!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති හිතූ....... ම්ම් ළඟදිම හැම ප්‍රශ්නේක්ට පිලිතුරු ලැබෙනවා

      Delete
  7. කාවයියෝ බොලා ක්ලිනික් යන නිසා නේද මේක දෙන්න පරක්කු වෙන්නේ ආ ඇත්ත කියහන්

    ReplyDelete
    Replies
    1. හපෝ ගිනි තියන්න එපා ලක්ස් මට තාම එහෙම අමාරුවක් නෑ

      Delete
    2. ඒ උනාට මට සිම්බා කිවුවනේ

      Delete
    3. මෙන්න මු මාව විකුනනවා....ඔව් ඔව් කතාව ඇත්ත....කවියා බඩ වෙලා...

      Delete
    4. හය්යූ මට ලැජ්ජාවේ බෑ මොනාද මේ කියන කතා

      Delete
    5. හ්ම්ම්ම්ම් බොටත් ඇත්ත කියද්දී තමා නේද ලැජ්ජා

      Delete
  8. නොදොකින් හනිමුන් එක ලගදීම මෙකි මතු සම්බන්ධයි කොරලනේ....අඩේ අක්කේ ඒ පාර ඉවර වෙන්න කිට්ටුද?ඇයි කියහන් තාරා මුන්ගේ මගුලට නාවේ?මට ප්‍රශ්න ගොඩයි.....ඉක්මනට දියෝ හොදේ ඊලග කොටස....

    ReplyDelete
  9. යකො කුතුහලය හැමදාම දෙන්න එපා... මිනිහෙක්ගේ ඉවසිමේ සිමාවක් තියෙනවා. එක පැන්න ගමන් කි බොර්ඩ් එකයි මොනිටරේයි දෙකම බිම වැටෙනවා. සිරාවටම අද මගේ අතින් එහෙම වුනා.. හොද වේලාවට මුකුත් වුනේ නැ.. නැත්තං මේ පාර පඩියෙන් එවා අරන් දෙන්න වෙනවා. එක හුස්මට කියවගෙන ගියා.. මෙන්න විනාඩියක් ගියේ නැ මතු සම්බන්ධයි කියලා තියෙනවා. මල පනින්නේ නැද්ද අප්පා ?

    දැන්නම් ප්‍රශ්ණ ගොඩායි.. මෙතුවක් කල් මම හිතපු කිසිම දෙයක් වුනේ නැ. හැමවේලේම කතාව නොහිතපු පැත්තකට යන්නේ.. යකින්නියේ අපිව කරකවනවා කියලා තවත් කරකවන්න එපා.. මොනදේ කලේ නැතිවුනත් හැමදාම මේ පැත්තට ඇවිත් බලනවා මොනාද අලුත් එවා තියෙන්නේ කියලා.. එක හින්දා අහිංසක අපි වෙනුවෙන් තව කතා ගොඩක් ලියන්න පුලුවන් වෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. තව එකක් කැදැල්ලට ගලා තියෙන පාටනම් ලස්සනයි.. එවගේම පසුබිමත් ලස්සනයි...

      Delete
    2. හරි හරි හැමෝගෙම කුතුහලය ඉක්මනටම ඉවර කරනවා පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ. දැන් සූඉ නේද මගේ සඳවතිගේ පාට? මේක මට ලස්සන කරලා දුන්නේ නම කියන එපා කියපු කෙනෙක් හි හී. කොච්චර වැඩ තිබුනත් ඔයා මේ පැත්තට ගොඩ වෙලා යන එක මට සතුටක් පූවෝ

      Delete
  10. අඩේ බ්ලොග් එක මාර ලස්සන වෙලා රිප්ලයි බටන් එකත් ඇවිල්ලනේ.... එල එල ඈ..

    ඇත්තමයි අක්කෝ මේ කතාව මට කොහෝම මග ඇරුනද කියලා හිතාගන්න බෑ මාරම ලස්සනට ලියලා තියෙනවා ඇත්ත සිද්ධියක් කියන්නා වගේම.... මම එක හුස්මට කියවං ගියා උපරිමයි අක්කෝ උපරිමයි.... අති විශිෂ්ටයි... පහුගිය එව්වට කොමෙන්ට් නොකලට ගනන් ගන්න එපෝ...

    පහුගිය එව්වා සෑහෙන්න ඉක්මනට කියෙව්වා මේකට ඉක්මනට එන්න ඕනේ නිසා.... මොහොතකට හිතුනා ඇස් දුන්නේ තාරද කියලා... එහෙම වෙන්න බැයිද

    ReplyDelete
    Replies
    1. ස්තූති මල්ලියෝ ඔව් මම මේ රිප්ලයි බට්න් එක නැතුව් මාර දුකක් වින්දේ ඔන්න දැන් හලී... ම්ම් තව ටික දවසකින් මේ ඇස් කාගෙද කියලා මම ඔයාලට කියන්නම්කෝ හොදේ

      Delete
  11. අක්කා මුලින්ම කියන්න ඕනා ගාපු තීන්ත ටික නම් පංකාදු පහයි.දැන් නම් ලස්සනයි ඕං..
    කතාව මොන විදියට ඉවර වෙයිද කියලා මට නම් හිතා ගන්නවත් බෑ...
    මොනවා උනත් පූවා කිව්වා වගේ කුතුහලය දෙන්න එපා..මල පනිනවා...හිකිස් ;)

    ReplyDelete
    Replies
    1. මම දැන් පිස්සු පුසො දෙන්නෙක්ව දන්නවා.. මේ පිස්සු පුසා සචියා කියන පුසාද? එහෙම පුසා නම් උඹ දන්න හොදම කුනු හර්ප ටිකෙන් උඹටම බැනගනින්.. තොව තාමත් මම හොයනවා.. මම හොයන පුසා නෙමේයි නම් සොරි හොදේ

      Delete
    2. ඔව් ඔව් පූවෝ මේ අර සචියා කියන එකා තමා. එයත් දැන් ඔයා වගේ හැංගිලානේ ඉන්නෙ වැඩිය පේන්න එන්නේ නෑ හරි ආඩම්බරයි

      Delete
  12. කතාව දැන්නේ මම කියෙවුවේ.. ලොක්කා වගේ ඉස්සෙල්ල මම එක කියලා ගෙදරට ගාපු පාට ඇහුවට... :)

    හුරේ අන්තිමේ මම බලපොරොත්තු උන දේම වෙලා.. ඒක ගැන තියෙන්නේ මට මාරම සතුටක්.. ඒත් ඒත්.. මේ අවසානය නොවන බව දන්නවා.. ඇයි දෙනුවනුයි තාරයි ආවේ නැතතේ?? තාම මම හිතන්නේ ඔය ඇස් දෙනුවන්ගේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම දන්නවා ලොක්කා වගේ 1 දාලා ගියේ කතාව කියවලා නෙවෙයි කියලා

      Delete
  13. අක්කා.. කතාව ලස්සනයි...වෙනදා වගේම! ඊළග කොටස තෙක් බලා හිදිමි................. හැබැයි බ්ලොග් එක නම් අදුරු වැඩියි වගේ.තව චුට්ටක් ලයිට් කරන්න බැරිද අක්කේ.

    ReplyDelete
    Replies
    1. අනේ වැසි දැරිය.. ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා.. එත් කවියා කියලා කියන්නේ අදුරේන් අදුරට ගිය එකියක්.. එකයි අදුරේන් ලස්සනක් මතු කරන්න හදන්නේ...

      Delete
    2. ස්තූති ඔයාට අනේ සෝයි ඔයාගෙ අනම .. වැසි දැරිය.. මම මේ එක එක පාට ගාලා බලනවා නගෝ තාම හොද පාට මොකක්ද කියලා මගේ හිතටනම් මේ පාට ඇල්ලුවා ඒත් සමහරු කැමති නෑ කලු පසුබිමට

      Delete
  14. ලස්සනම ලස්සනයි..මම නම් මග බලන් හිටියෙ මේ දෙන්න එකතු වෙන දවස දකින්න..ඒත් තව පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ අලුත් ඇස් දෙකේ තමා..ඇස් දෙක මම හිතන කෙනාගෙමද දන්නැහැ..:O

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තර ඉක්මනටම ලැබෙනෝ

      Delete
  15. මටනම් කතාවේ අන්තිම ටික තේරෙනවා තේරෙනවා වගේ ...කතාව නම් සුපර් ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ස්තූති රොබින්

      Delete
  16. අනේ මම අසනීප වෙච්චි ටිකේ මෙන්න මෙයා ගේ පාට කරලා.. වියදම හබියගෙද? එයා මාරයිනේ මේ තියෙන වළකුළු තියෙන්නේ අහසෙ උඩමනේ..හිකිස්...
    ඩියුලක්ස්..වාව් සුපර්.......
    මගෙ අක්කියෝ දෙනුවන් අනුහස් නම් අම්බානට මට මග ඇරුනා .තා ගන්නකාරි නෑ අලී....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වියදම හබියගෙ අහැබැයි මහන්සිය වෙන කෙනෙක්ගේ...හි හී දැන් හොදයි ද ඔයාට ? හලි හලි පුලුවන් වෙලාවට හිමිහිට බලන්නකෝ හොදේ කතාව

      Delete
  17. all i can say is i need the next part of this story sooooooooooooooooon :D

    ReplyDelete
  18. අවසානය දුකක් වෙයිද සතුටක් වෙයිද කියලා හිතන්න කල් වැඩිද මන්දා.

    ReplyDelete
    Replies
    1. ම්ම් අවසානය බොහොම කිට්ටුයි

      Delete
  19. මොකක්දෝ දෙයක්.... අනේ මන්දා... කවිතිට හිතෙන දේම මටත් හිතෙන්නේ ඇයි කියලා.. කවිති හිතන දේ හරි වුනොත්.. දෙනුවන්... නියම ආදරවන්තයෙක්.. ඒත්... එයා පරක්කු වැඩියි.. අනේ මන්දා.. මට තේරෙන්නේ නෑ.. ඒත් දුකක් අත ලඟයි වගේ තමා මට තේරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔව් අවසානය බොහොම කිට්ටුයි බලන් ඉන්නකෝ

      Delete
  20. එකලොස්වෙනි එක ඉවරායි.........

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...