සඳට බැළුම් හෙලූ අය

Jun 8, 2012

ඉකිබිඳින්නද මුදු පැළැන්දේ.......



පණසේම රැක ගතිමි පාරිශුද්ධත්වය
බොඳ කලේ නෑ ඒත් යහන මත පිරුවටය
දෙවෙනි ගමනට එලූ සුදෝ සුදු පාවඩය
ඉරාගෙන මතුවුනා රතු රෝස කටු පොකුර

රොස්පරොස් බැලුම් හා අවලාද අපහාස
හදවතට එල්ල කල වෙඩි උණ්ඩ වරුසාව
සනුහරේ උන් නගන සමච්චල් සිනා හඩ
ගිනි ගෙයක් වුනා මුඳු කුළගෙයම පළමු දින

ඔප්පු කර ගත නොහී සැගව ගිය සාක්ෂිය
තට්ටුකර රිදවාවි හැමදාම හදවතට
මියෙන තුරු එල්ල වන සාවද්‍ය චෝදනා
හිමිකමයි මා ලැබූ යුග දිවියෙ සොඳුරු වූ




මේක ගොඩාක් ඉස්සර ඒ කියන්නෙ මීට අවුරුදු දහයකට විතර කලින් මගේ අතින් ලියවුන කවියක්.මීට කලින් මන් මේක ගොඩක් තැන් වල දාලත් තියෙනවා. මේ සැරේ අර බක්මහ උලෙලේ ඔන් ලයින් තරගෙටත් මම ඉදිරිපත් කලේ මේ කවිය තමා.මේ කවිය කලින් කියවපු අය ඇහුවා මගෙන් මේක මගේ අද්දැකීමක්ද කියලත්.අනෙ අම්මෝ මේක කීයටවත් මගේ අද්දැකීමක්නම් නෙවෙයි. ඒත් ඒ කාලේ මම මේක ලිව්වේ පුංචි සිද්ධියක් නිසා.මේක අද මට ලියන්න හිතුනෙත් මේ කවිය ලියන්න හේතු වුන ඒ සිද්ධියට අදාල කෙනෙක් ගොඩක් කාලෙකට පස්සෙ මට මේ ළඟදී මුණ ගැහුණා.වෙන කවුරුවත් නෙවෙයි ඉතින් ඒ මගේ පාසල් කාලේ අපේ කල්ලියේ හිටපු මගේ හොදම මිතුරියන්ගෙන් කෙනෙක්.


ඒ අපි උසස්පෙළ කරලා ගෙදර ඉන්න කාලේ.අපේ කල්ලියේ හිටියා හත් දෙනෙක් ඒ හත් දෙනාගෙන් මුලින්ම විවාහ වෙන්න හිටියේ මේ කියන මගේ මිතුරිය තමා.අවුරුදු පහළොවේදී විතර අරඹපු ප්‍රේම කතාව A/L වලින් පස්සේ හමාර කොරලා එක වහලක් යටට වෙන්න තමා එයාලගේ කල්පනාව තිබුනේ.මේකි කසාද බඳින්නත් හදනවා ඒත් ඒ වෙනකොට මමනම් ආදරේ කලුද සුදුද කියලවත් දැනගෙන හිටියේ නෑ.ඔන්න දැන් දෙපැත්තෙම අය මෙයාලගේ විවාහයට කඩිමුඩියේ සූදානම් වෙනවා. ඒ අස්සේ මගේ යෙහෙලිය ඉස්කෝලෙත් එනවා හිටපු ගමන්.ඔන්න ඔහොම ආපු දවසක එයා කතාවක් බහක් නැතුව මූඩ් ගහගෙන හිටියා.මම ඉතින් ළං වෙලා ඇහුවා මොකද කියලා.ටිකක් වද කරලා ඇහුවම එයා කියපු කතාවට මට කියන්නේ මොනාද කියලවත් හිතා ගන්න බැරි වුනා.මෙන්න මේකයි කතාව.


දඩිබිඩියේ විවාහ කටයුතු ලෑස්ති වෙන අස්සේ ඔය ඇදට එළන සුදු රෙද්ද ගැනත් කතා ඇති වෙලා තියෙනවා.ඉතින් ඔය කතා අතරේ මගේ යෙහෙළිය එයාගේ පෙම්වතාගෙන් නිකමට වගේ මෙහෙම අහලා

" නිකමට හරි ඔය කියන දේ එදාට මට තිබුනේ නැත්තං ඔයා මොකද කරන්නේ...?"

එතකොට එයාගේ පෙම්වතා කියලා

" ඒක අනිවර්යයි .... ඒක තියෙන නොතියෙන අනුව තමා ඔයාගේ හෙට දවස තීරණය වෙන්නෙ...."

එයා කියපු ඒ දේ නිසා මගේ යෙහෙළිය හිටියේ එයා ගැන කලකිරිලා වගේ.

" පුංචි කාලේ ඉදන් මම මැරීගෙන ආදරේ කලේ මේ වගේ කෙනෙක්ටද කියලා මට හිතෙනවා කවී... මම ඒක ඇහුවේ විහිළුවට එහෙම නැතුව මම වරදක් කරගෙන නෙවෙයි.. ඒත් බලන්න එයා දීපු උත්තරේ... නිකමට හරි මගේ මොන කරුමෙකට හරි ඕක නොතිබුනොත් එයා මාව එළියට ඇදලා දාවි නේද...ඒතකොට අවුරුදු ගාණක් අපි කරපු ආදරේ තේරුම මොකක්ද කවී..."



එයා මගෙන් එහෙම ඇහුවට සමනල පිහාට්ටක් වගේ සැහැල්ලුවෙන් හිටපු මට ඒ කාලේ ඔය දෙවල් ගැන අවවාද දෙන්න, උත්තර දෙන්න තරම් ලොකු දැනුමක් තිබුනේ නෑ . ඒත් එයාගේ කඳුලු මාවත් සීතළ කලා. මම ඒක විහිලුවක් හැටියට හිතලා වැඩිය නොහිතා ඉන්න කියලා එයාගේ හිත හැදුවා.ඊට සතියකට දෙකකට විතර පස්සේ මගේ අතින් ලියවුනේ ඔන්න ඔය උඩ තියෙන කවිය තමා.


ඉතින් ඔන්න ඔය යාලුවා තමා මට ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් අහම්බෙන් මුණ ගැහුනේ. දෙවියන්ගේ පිහිටෙන් එයාට අර වගේ කරදරයකට මුහුණ දෙන්න උනේ නම් නෑ. අද එයාලා බොහොම සතුටින් ජීවත් වෙනවා. බබාල දෙන්නෙකුත් ඉන්නව දැන් එයාට. ඒත් එදා එයාට එයාගේ පිරිසිදු බව ඔප්පු කරන්න බැරි වුනානම්.......????

45 comments:

  1. ඉස්සර වගේම තදින්ම ඔය චාරිත්‍රේ බලනවද ??? මම හිතුවේ දැන් එහෙම එකක් නැහැ කියලා.

    ReplyDelete
  2. බැරි වෙලාවත් අර පැල්ලම හරහට හිට්ටනම් මොනවා කරන්නද.

    මම නම් ඔය සාම්ප්‍රදායට තදින්ම විරුද්ධයි.

    ReplyDelete
  3. දාහක් එක්ක නිදාගත්තත් බදිනදවසට පිරිසිදු චරිතවත් කෙල්ලෙක් හොයන පිරිමි තමා අපේ සමාජයේ බහුතරය ,හැබැයි එහෙම අය කීයටවත් හිතන්නේ නැහැ තමන් නිදි වැදුණු අයගැන ....

    ReplyDelete
  4. ලෝක ප්‍රශ්නයක් නේ :ඔ
    කවිය පට්ට

    ReplyDelete
  5. මම හිතන් නැ තව ඉස්සරහ මේක මහ ලොකු ප්‍රශ්නයක් නම් වෙයි කියලා.. එත් ඉතින් විශ්වාසයක් නැති ආදරේන් ඇති වැඩේ මොකක්ද..

    ReplyDelete
  6. දැන් නම් ගොඩක් දෙනෙක් ඕක ගැන එච්චර හිතන්නේ නෑ..

    ReplyDelete
  7. බොහෝ වෙලාවට මේවා බලන්න ඕන වෙන්නේ වැඩිහිටියන්ට .
    දැන්නම් ගොඩක් අඩු වෙලා මම හිතන්නේ මේ චාරිත්‍රය .
    කවිය ලස්සනයි .

    ReplyDelete
  8. සතුටු වේයල්ලා... එ පරම්පාරව දැන් නැ... දැන් පරම්පරාව ගොඩාක් දියුනුයි.. ඉස්සර ජිවත් වුන අය ගැන නම් දුකයි... එත් ඊලග පරම්පරාව ගැන හිතනකොට බයක් හිතෙනවා.. ලිංගිකත්වය ඉස්සරහට ලොක ලෙඩක් විගෙන එනවා..

    ReplyDelete
  9. මේ රෙද්ද මට දෙන්න ආවොත් අම්මපා පොල්ගෙඩි අකුරින් ලියනවා ඕකේ අනුන්ගේ රෙද්දවල් හොයන්න එන්න එපා කියලා මොන මගුලක්ද මේ....

    අනික මේ කොල්ලා ගැන නම් පුදුම කලකිරීමකුත් ඇතිවුනා... එතන ආදරයක්ද තිබිලා තියෙන්නේ කියලත් හිතුනා.ඕකට එක අතකට මේ මිත්‍යාව පතුරන එවුනුත් වග කියන්න ඕනේ...

    නොදකිං විතරක් මොන ලැජ්ජ නැති වැඩක්ද...

    කවිය මාරම ලස්සනයි අක්කෝ...

    ReplyDelete
  10. Hasitha - මේ සිද්ධියත් අවුරුදු නමයක් විතර පරණ සිදුවීමක් ඒ කාලේ බැලුවද දන්නේ නෑ මේක ඔය කියන තරම්.මේ වෙනකොටනම් ගොඩක් වෙන වෙලා ඕක ඔය තරම් ගනන් ගන්නේ නෑ.අනික මේ සිද්ධියෙදි දෙමාපියන් නෙවෙයි තම්න් පොඩි කාලේ ඉදන් ආදරේ කරපු පිරිමියමනේ මේක අනිවාර්ය කරලා තියෙන්නෙ. ඒකයි කණගාටුව

    ReplyDelete
  11. පැතුම් [සිතුම් පැතුම්] - ඒක තමා මමත් හිතුවේ නොතිබුනානම්... පව් මගෙ යාලුවා ජීවිත කාලෙම දුක් විදිවී

    ReplyDelete
  12. රොබින් - නියම කියමනක් රොබින් මම එකඟයි ඔයා එක්ක.

    ReplyDelete
  13. පුබුදු - ස්තූති පුබුදු

    ReplyDelete
  14. නිම්ශා - ඔව් නිම්ශා ලේ බිංදුවකින් ආදරේ තීරණය වෙනවනම් එක මානුශීය නෑ

    ReplyDelete
  15. Dinesh - ඔව් අද පරම්පරාව ඒ ගැන හොයනව අඩුයි. ඒත් අපේ ලොකු නැන්දා මේ දවස්වල එයගේ පුතාට මනමාලියෝ හොයනවා එයානම් කියන්නෙ ලේලිට එක තියෙන්නම ඕනෙ කියලා අපි ඉතින් එයා එක්ක තර්ක කරනවා ම්හ් වැඩක් නෑ එයා ඒ මතේමයි

    ReplyDelete
  16. Gimhani - ඔව් සහෝදරී මේවා දැන් පුහු මත

    ReplyDelete
  17. Pooh - ම්ම්ම් ඔව් ඔයා කියන එකත් ඇත්ත.අයියෝ දැන් ඔයාව අල්ල ගන්නත් බෑ නේ අප්පා හදිස්සියකට

    ReplyDelete
  18. ගැමියාගේ පත් ඉරුව - හි හී අපිටත් දුන්නනේ ඔය රෙද්ද ඒක ඉතින් සාම්ප්‍රදායනේ. හැබැයි මගේ හබියා ඒක එලියට ගන්නවත් ඉඩ දුන්නේ නෑ ගෙදර ගියාම ඒකෙන් මට කොට්ට උර දෙකක් මහගන්න කිව්වා

    ReplyDelete
  19. ඒ කියන්නේ එච්චර කාලයක් ඔහු ආදරේ කරලා තියෙන්නේ ඔය පැල්ලම බලන්නද.
    ඇත්තටම ආදරේ කරලාද. මං නම් හිත්නනේ නෑ ඒක ඇත්තම ආදරයක් කියලා.

    ReplyDelete
  20. අප්පදබොල ඒක එච්චර සයිස් රෙද්දක්ද??? මම හිතුවේ ලේන්සුවක් වගේ එකක් කියලා... හබියා අයියාට මගේ ගෞරවය පිදුවා කියන්ඩෝ...

    ලොකු නැන්දා අහන්නැත්තම් රෙදි ගැලවෙන්න බයිට් කොරන්ඩෝ මම නම් එසේයි... කේන්දර බලන අයිටම් ඔළුව උඩ තියාගෙන ඉන්න කස්ටියට හොඳට දෙසලා තියෙනවා අපේ අක්කා කෙනෙක් තව ඩිංගෙන් ගෙදරට නාකි වෙනවා ඒ පිස්සු විකාර නිසා

    ReplyDelete
  21. priyantha - ඔව් මටත් එදා වගේම අදත් තියෙන ගැටළුව ඒකයි. ඒත් දැන් එයාලා හොදට ඉන්නවා

    ReplyDelete
  22. ගැමියාගේ පත් ඉරුව - හි හී අපිට දිපු එකනම් මීටරයක් එකහමාරක් විතර තිබුනා. ලොකු නැන්දාට අපි දන්න හැම බාසාවෙන්ම් කියලා බයිට් කරනවා ඒත් වැඩක් න අප්පා

    ReplyDelete
  23. විශ්වාසය නැති තැන ආදරයද නැත...........

    ReplyDelete
  24. ඉස්සර ඉකිබිඳින්නද මුදු පැලැන්දේ කියලා කුමරි හරි අරලිය හරි පත්තරේ ගිය කතාව මතක් උනා . .

    ReplyDelete
  25. ඒ කතාව විද්‍යාත්මක බලනකොට කන්‍යා පටලය කියන එක උපතින්ම අහිමි අය ඉන්නවා .. ඒ වගේම කන්‍යා පටලය විනාශ වුනු අයගේ නැවත හදන්න ශල්‍යකර්මත් දැන් තියනවා ..
    මේ දේවල් මීට වඩා සංවාදයට බදුන් වෙන් ඕනි .. මේ සිද්දි තුල කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් සිද්ද වෙන අසාදාරන තියනවා .......

    ReplyDelete
  26. ඕකෙන් හැමදේම මනින්න පුළුවන් නම් මොනා කරන්න බැරිද.... බොරු වැඩකට නැති අදහස්...

    ඔහොම වුනොත් කෙල්ලෙකුට බසියිකලයක් පැදගන්න බැරුව යනවා හදිස්සියකට...

    ReplyDelete
  27. තරු අරුන්දතී - ඔව් තරූ මගෙ යාලුවගේ කතාවෙදී ඒ කියමන හරි.

    ReplyDelete
  28. දුකා - ස්තූති පැමිණීමට මෙහෙටත්. ම්ම්ම් කුමරි පත්තරය ගැනනම් අහලා නෑ දැකලත් නෑ මම හිතන්නේ ඒක ගොඩක් පරණ එකක් වෙන්න ඇති. හැබැයි මගේ නැන්දා කෙනෙක් ඔය අරලිය කියන පත්තරේනම් එකතු කලා අපි එහෙ ගිය දවසට තාත්තට හොරෙන් මන් ඒක කියවලා තියෙනවා.

    ReplyDelete
  29. සචිත් - ඔව් සචිත් ඔයාගේ කතාව හරි , මම මේ කතාකලේ මේකෙ එක පැත්තක් පමණයි.මම ඇහුව සහ මම දැක්ක. මේ කතාවෙදී මගේ යාලුවා සාදාරණයි. ඒත් තව කතා ඕන තරම් තියෙන්න පුලුවන් මීට ප්‍රතිවිරුද්ද සහ වෙනස්

    ReplyDelete
  30. prasanna86k - හ්ම් ඔව් ඔක විතරක් පරිස්සම් කරගෙන ගෑනු ලමයෙක් පිරිමි හත් අට දෙනෙක් එක්ක යාලුවෙලා හැමදෙම කරගෙන ආවොත් එයා පිරිසිදුද ?

    ReplyDelete
  31. එහෙම නල්ල මලේ කොල්ලොත් ඉන්නවනේ ඉතින්....කරුමෙට හරි උපතින්ම එයාගේ ඔය කියන එක තිබ්බේ නැත්නම්...මම නම් කියන්නේ ඔහොම එකෙක් බැන්දේ අපරාදේ....අනික සුදු රෙද්දකින් නෙමෙයිනේ කසාදෙ තීරණේ වෙන්නේ....

    ReplyDelete
  32. hema kenektama oyadhe pihitanne naha kiyala mama paththareka dekka oka ghena danne nathi owa hoyana pirimith innawane itin ape lankawe....

    ReplyDelete
  33. සිම්බා මලයා - ඔව් එක තමා සිම්බෝ

    ReplyDelete
  34. sandu - ඔව් සඳූ ඒ නිසා මේ විකාරේ බලන එක අසාදාරණයි

    ReplyDelete
  35. අපේ රටේ පිරිමි විතරක් නෙමෙයි වයසක ගෑනූ අයත් හරිම අසාදාරනයි.. අනික පිරිමින්ට මේ කිසි දෙයක් නෑ. මේක තමයි අපේ ගොත්‍රික මනස තාම තියෙනවා කියන්නේ:.

    ReplyDelete
    Replies
    1. ඔව් කුමාරිහාමී අනේ මංදා මෙයාලා කවදා හැදෙයිද කියලා

      Delete
  36. කවි ටික පට්ටයි !!!!!!

    ReplyDelete
  37. කියන්න දෙයක් නෑ බොක්කටම වැදුනා....

    ReplyDelete
  38. පුද්ගලිකව අනුමත නොකරන දෙයක් .ඒත් දැන් නම් උත්තරත් තියනවා ඕන තරම්.දෙවැනි ගමන චිත්‍රපටයෙත් කථා කළේ මේ වගේම දෙයක් ගැන.හොයාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති වර්ණ... ඔව් මම අහලා තියෙනවා ඒත් ෆිල්ම් එක බලලනම් නෑ

      Delete
  39. Mamat me de anumatha karanna ,ada warthamane oya dewal godak aya balanawa adui ,namut oka balana ayat inna pulwan godak pirimi oka ghanann ghana kiwwata oya de notibbot hita atulen hari oka ghana hitanawa

    mama ahala tiyena widihata samahara ayata upatinma oya siviya naha,catholic aya marry karanna kalin pallien poya panti kiyala ekak tiyanwa ekedi oya sambandawt marry karanna inna ayata kiyala denawa

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔව් අද කාලේනම් ඔය ගැන හොයනවා අඩුයි ඒත් නැති වෙලාම ගිහිල්ලත් නෑ සනහර වැඩිහිටියෝ ඔය ගැන හරියට උනන්දුයි

      Delete
  40. ගොඩක් දුරට සමාජගත වෙන්න ඕනි ප්‍රශ්නයක්....කේ ගැන කතා කරලා තියෙනවා ලස්සනට....මරු.......

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...