සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jun 27, 2012

දෙනුවන් අනුහස... අවසන් සජ්ජායනාව



 සීත සෘතුව ගෙවා හමාර කර මේ වසන්තය මලින් බර වන සමයයි.මම ජනේල් තිරය මෑත් කර ගෙමිඳුළට නෙත් යැවීමි. නෙක නෙක පැහැ මල්, පෙති දෙපෙති විදා පිපින්නට සූදානමිනි.නොඉඳුල් ළඳළු මත වැටුණු තුහින කැට හිරු රැසින් දිස්න දේ.රොන් සුවඳට ඉව කරමින් රොනට ඇදෙන බිඟු කැළ කොයි මලේ වසන්නදෝ සිතා ගන්නට බැරුව මෙන් මල් අතර එහා මෙහා සරයි.ගේ දොර හැර මිඳුළට දුව ගොස් මේ වසන්තය තුරුළු කර ගන්නට මට සිතේ.නෑඹුල් හිරු රැස් යට වී මල් සුවඳ හදවත පුරා විඳගන්නට මට සිතේ...එහා මෙහා සැරිසරණ සමනලුන් හා මොහොතක් දොඩමලු වෙන්නට මට සිතේ...මම අගුලු හැර ජනේල් පියන්පත් හැර දැමීමි.හීන් හුළඟකුත් සමග උදෑසන ප්‍රථම හිරු කිරණ මගේ සියොළඟම තෙමාලමින් කාමරයට ඇතුල් විය.මා හැරී යහන දෙස බැලුවෙමි. පොරෝනයට ගුලිවී ඔහු තවමත් සුව නින්දේය.මට සිනහ නැගේ මෙලෙස ඔහුට තව හොදහැටි නිදන්නට හැක්කේ එක්කෝ විනාඩියකි නැත්තම් දෙකකි.ඒ දැහැන බිඳින තුරු මා මොහොතකට කණ්නාඩියට එබී බැලීමි.තවමත් මේ ඇස් වල දිස්නය අඩුවී නැති හැටි.

" ටක් ටක් ටක් "

ඉතිං මේ හැමදාමත් මෙන් සුපුරුදු ස්වරයයි. මෙය ඇසෙන තුරු අපිට ඇදෙන් බැසීම සපුරා තහනම් වේ. මා දුව ගොස් ඇදට පැන ඔහුට තුරුලු වීමි.එ සැනින් ඔහුද මා ඇද ඒ පොරෝනය තුලටම ගති.හ්ම්.. මෙයත් ඇහැරිලා හොර ගෙඩියා වගේ ඉදලා.

" සුදු තාත්තියෝ...... ඔන්න ඔයාගේ සුදු දූ එනවා........"

නුහුරු තාලෙට සිංහල වචන හසුරවමින් දොඩන ඒ හඬ ඇහෙද්දි හැමදාමත් මෙන් අදද සියුම් සතුටකින් හිතම පිරේ.එක අතකින් ටෙඩී බෙයාර් කෙනෙකුද අනිත් අතින් ලොකු රෝස මල් පොකුරක්ද තුරුලු කරගෙන ඈ කාමරයට ඇතුල් විය.ඉතින් මේ අපේ සිහිනය , බලාපොරොත්තුව සහ ජීවිතයයි. අපේ ජීවිත එළිය කළ පුංචි සුරංගනාවිය නෙතුකි අමායා නම් වූ ඇයයි.

වෙනදාට ඇදට පැන්න ගමන් තාත්තාට තුරුලු වෙන ඈ අද පැන ගෙන විත් මට තුරුලු විය.

" ඔයාට Happy Birthday සුදු අම්මියෝ.."

" හානේ මට අමතකම උනා අද මගේ උපන්දිනේ කියලා.... Thank You මගෙ සුදු දූ...මේ ඔක්කොම මටද..."

ඈ දුන් ටෙඩීබෙයාර් වද මල් පොකුරද තුරුල් කර ගත් මා හිනැහෙමින් ඇසීමි.

" ඔයාට විතරයි දූ මාව මතක ... බලන්න තාත්තිටවත් අම්මිගේ Birthday එක මතක නෑ...හරි නරකයි තාත්ති.."

තවමත් පොරෝනයෙන් මුහුණ වසාගෙන සිටින සුදු අයියාව මා හයියෙන් කොනිති ගැසීමි.අපේ පුංචි හුරතලිය අතින් කට වසාගෙන හිනැහෙන්නට විය.

" අයියෝ අම්මි ... තාත්ති තමා මටත් මතක් කලේ අද අම්මිගෙ උපන්දිනේ... මේ Gift මට අරන් දුන්නෙත් තාත්ති තමා ..."

" තාත්තිද ටෙඩීබෙයා කෙනෙක් තේරුවේ අම්මිට .... අයියෝ... දූ... අම්මි පොඩි බබෙක්යෑ..."

" හි හී .. මමත් තාත්තිගෙන් ඕක ඇහුවා... කොච්චර වයසට ගියත් අම්මි තාම බබෙක් වගේ කියලා තාත්ති ඕක ගන්න කිව්වේ...."

එය අසා මට සිනහව අමතක විය. මහා සැනසුමකින් හිත පිරී යන්නට විය. ඉතින් ඔහු දූට කී දේ සැබෑවකි.අදට මට වයස විසි අටකි, මා දැන් අවුරුදු අටක දියණියකගේ මවකි.එහෙත් අදටත් ඔහුට මා පුංචි එකියකි.ඔහු ආදරෙන් සෙනෙහසින් අත පත ගා හැදු මගේ බාල විය අපේම දියණියගෙන් නැවත දැක දැක විඳ විඳ මහා සැනසුමක් ලබයි.එදා පටන් අද වෙන තුරුම සියලු දොම්නස් ඒ කරට ගෙන සොම්නසම පමණක් මට දී ඔහු සැනසෙයි.කොයි තරම් කල් ගියද කොයි තරම් වයසට ගියද හැමදාමත් ඔහුට මා ළැදැරියකි.එය වෙලාවකට හිතට මහා බරක් උනිද ඒ සෙනෙහස ළඟ මා සැබෑවටම ජීවිතය විඳිමි.මා අපමණ සෙනෙහසින් නිදන ඒ නෙතු දෙස බලා සිටිමි.දෑස වසා ගෙනම සුදු අයියා මාවත් දියණියවත් දෙපසින් ඒ ළයට තුරුල් කර ගත්තේය.

" Good Morning තාත්තී.... ඔන්න අද තාත්ති අම්මි ගාවට වෙලා ඉන්න සීයා පප්පා මාව School එකට ඇරලනවා කිව්වා අද හොදේ..."

දූ අමායා එසේ කියා පිටව ගියේ තවත් විනාඩි කීපයක් අප හා සුරතල් වීමෙන් පසුවය.

" මේ කටම තමා ඒකටත් තියෙන්නෙ "

සුදු අයියා මගේ නිකටින් අල්ලා මිරිකා එසේ කීවේ හිනැහෙමිනි.දයාබර සැමියෙකුගේත් සෙනෙහෙබර පියෙකුගේත් නිහතමානී අඩම්බරය ඒ ඇස් වල වේ.

" ම්ම්ම්ම්... ඉතින්.... අද මගේ සුදු නංගිගේ උපන්දිනේ නේ.... කියන්න මගෙන් මොනවද ඕනේ...."

මේ මුලු ජීවිතයටම සරිලන්නට දෑ ඔහු මට දී තිබේ.ඒ හැමකකටම වඩා ඔහු මට දුන් සෙනෙහස දයාව රැකවරණය මහ මෙරක් තරම් වේ.මීට වසර ගණනාවකට පෙර හිස්ම හිස් හදවතකින් මේ සීත දේශයට ගොඩ බට මට ඔහු හෙමින් හෙමින් ජීවිතය කියා දුන් හැටි...හදවත ප්‍රේමයෙන් පිරවූ හැටි...ලෝකයේම තියෙන සතුට මගේ පය පාමුළට ගෙනත් දෙන්නට මහන්සි වූ හැටි...අම්මා යන උත්තරීතර පදවියෙන් මා සම්පූර්ණ ගැහැණියක කල හැටි...

" මට තව මොනාද ඕනෙ සුදු අයියා... ඔයාම කියන්න මේ ජීවිතේ මට තව මොනාද අඩු මගෙ අයියේ...?

මා ඒ වතට තුරුලුව ඒ මුහුන දෙස බලා ඇසීමි.

" ඔයාට දෙන්න බැරිවුන තව එක දෙයක් තියෙනවා මගෙ නංගී... අද ඔයාගේ උපන්දිනේදී මම ඒක ඔයාට දෙනවා.."

යහනෙන් බැස කණ්නාඩිමේස ලාච්චුවෙන් මොකක්දෝ අතට ගෙන ඔහු ආයෙම යහනට ගොඩ විය. මම කුතුහලයෙන් එදෙස බැලීමි.සුදු අයියාගේ අත වූයේ ගුවන් ටිකට් පත් දෙකකි.මා එය අතට ගෙන බැලීමි.එහි ගමනාන්තය ශ්‍රී ලංකවයි. මා විශ්මයෙන් ඇළලී ගියෙමි.

" ඇයි අපි ලංකාවට යන්නේ අයියා.... අපේ කවුද එහෙ ඉන්නේ....?"

මා එසේ ඇසුවේ හැබෑවටමය.

" ඇත්තටමද එහෙම ඇහුවේ... අපේ කවුරුත්ම එහෙ නැද්ද සුදු නංගී..."

ඒ පැනයත් සමඟම සියුම් හිරිවැටීමක් හදවත පුරා දිව යන්නට විය.සදහටම වසා දැමූ හදවතේ එක දොරටුවක් සියලු ඉබි යතුරු කඩාගෙන මහා හඬින් ඇරෙනා හඬ මට ඇසුණි.මා වැරෙන් දෙනෙත් පියා ගතිමි. දෙනුවන් ... තාරා... ඔවුන් අපේ නොවේයැයි කියන්නට හැකිද...අනුහස් අයියා මේ අපේ අය යැයි බර කර කීවේ ඔවුන්ට බව මා ඉඳුරාම දනිමි.ගෙවුණු අවුරුදු නමය පුරාවටම ඔවුන් ගැන වචනයක් කතා නොකල සුදු අයියා මේ හිටි හැටියේ ඔවුන් මතක් කලේ ඇයි..? ආයේ කවදාවත් ලංකාවට නො එමී කියා ආ මා වසර ගණනාවකට පසු එහේ ගෙන යන්නට සුදු අයියා සූදානම් වෙන්නේ ඇයි..?දාහක් ප්‍රශ්ණ හිතට ආවද මා ඒ කිසිවක් මුවින් නොඅසා සුදු අයියාගේ මුහුණ බැලීමි.

" අපි හෙට Flight එකෙන් ලංකාවට යනවා සුදු නංගී..... ඔයාගෙන් අහන්නේ නැතුව මෙහෙම තීරණයක් ගත්තට මා එක්ක තරහ වෙන්න එපා පැටියෝ... මුකුත්ම ඇහුවේ නැති උනත් ඔය හිතේ තියෙන දෙවල් මට තේරෙනවා.ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර තව පැය කීපෙකින් ඔයාට ලැබෙනවා..ඉතින් එතකන් ගොඩාක් හිතන්නේ නැතුව වෙනදා වගේ ඉන්න ඕනෙ හොදේ..."

මා හිස වනා එය පිළිගතිමි.විටෙක මැරිලා ඉපදුන අයෙකු සේ ජීවත් වෙන්නට හැදුවද දෙනුවන් සිහිවන , තාරා සිහිවන මොහොතක ඔවුන් මගේ ලෝකයේ මිය ගිය අය සේ සිතුවද යටි හිතින් මා කෙදිනක හෝ මෙවන් ආශ්චර්යක් බලා පොරොත්තු වූවා නොවේද...යලි කෙදිනකවත් ආයේ මුලට යන්නට තුන් හිතකවත් බලාපොරොත්තුවක් නොවුනද ඔවුන් හොදින් ඉන්නවාද කියාවත් දැන ගන්නට සිත කොයි තරම්නම් පෙරුම් පිරුවාද..ඒ සිහිනය යථාර්තයක් වන්නට යන මේ මොහොතේ මම අපමණ සසළව සිටියෙමි.


" සුදු අයියා එතකොට අපේ දූ.."

ගුවන් ටිකට් පත් වූයේ මටත් සුදු අයියාටත් පමණක් බැවින් මා ඇසීමි.

" දැන් අපේ කෙල්ල ලොකුනේ වස්තු... එයා අම්මලා එක්ක ඉඳීවී. වැඩිම උනොත් අපි සතියයි ඉන්නෙ ... බය වෙන්න දෙයක් නෑ මම කෙල්ලගෙන් අවසර අරන් තියෙන්නෙ..."

" ම්ම්ම් .. එතකොට මේ ආච්චිලා සීයලා තාත්තලා දුවලා සේරම එකතු වෙලා මට හොරෙන් ගහපු ප්ලෑන් එකක් වගේ..."

" නැතුව නැතුව ... එහෙම නේන්නම් Surprise present දෙනකොට "


සුදු අයියා හිනැහුනේ මහා වීර කමක් කල පරිද්දෙනි.

*******************************************************************


පසුදා අළුයම Montreal ගුවන් තොටින් අනුහස් අයියාත් මාත් රැගත් යානය අහසට ඉගිළුනි.සුදු පුලුන් වැනි වළාකුළු මතින් තටු සලා ඉගිලෙන යානයේ කවුලුවක් සමීපයේ වාඩි වී හිස් බැල්මෙන් මා ඔහේ බලා සිටියෙමි.හිත පිරී පිපිරෙන්නට තරම් හැඟුම් හිතේ වුණිද මා දරා ගතිමි.අප මේ යන්නේ දෙනුවනුත් තාරාත් මුණගැසෙන්නට බව ඉතින් මා දනිමි.මොනවා ඇසුවද දුටුවද අර ඉස්සර මෙන් හඬන්නට තැවෙන්නට හිතට ඉඩ නොදෙමීයි මා තරයේ සිතට ගතිමි.ඒ ඇස් දැක සසළ වෙන්නට තරම් දුර්වල හිතක් දැන් මට තියෙන්නට විදියක් නැත. මම මගේ ලෝකය සදා අවසන්ය. එහි හිස්තැනක් ඇදක් පලුද්දක් නැත.මා මෙන්ම ඔවුන්ද ඔවුන්ගේ ලෝකය සදාගන්නට ඇත.ඒ ලෝකය දැක බලා සැන සෙන්නට හිනැහෙන්නට මට දැන් හැක.උත්තරා... මගේ දයාබරම යෙහෙළිය වසර ගණනාවකට පසු හමුවෙන ඒ උනුසුම් මොහොත හිතින් විඳිමින් මා අනුහස් අයිය්යාට තුරුලු වීමි.වෙනදාට වැඩිය වේගයෙන් ඒ පපුව ගැගෙන බව මට දැනේ.ඒ පහසේ බව ඇත්තේ උණුහුමක් නොව සීතළකි.සුදු අයියාද මා මෙන්ම නොසන්සුන් වී ඇති සෙයකි.කිසිවක්ම ඕනාවට වඩා නොසිතා හිදිමියි සිතා මා දෙනෙත් පියා ගතිමි.

පැය ගණනාවක වෙහෙසකර ගුවන් ගමනකින් අනතුරුව අවසානයේ අප ගමනාන්තය කරා ළගා වූයේය.සියලු රාජකාරි හමාර කර ගුවන් තොටින් පිටතට ආ මට නිදහස් හුස්මක් වැටුණි.වසර නමයකට පසු උපන් බිමට අඩිය තැබූ මා මෙන්ම අනුහස් අයියාද සිටියේ කාලෙකට පසු අම්මා තාත්තා දැක්කාක් මෙන් ළය හිරි වැටෙන අමුතුම හැඟීමකිනි.මේ බිමේ ගෙවුණු සොඳුරු සැමරුම් සියල්ල තප්පර ගානකට හිතේ එහා මෙහා වුණි.ගුවන් තොටුපල ආසන්නයේම හෝටලයක කාමරයක් අපිට නවාතැන් සදහා අනුහස් අයියා විසින් කලින්ම වෙන කර තිබුණි.වෙලාවේ හැටියට එය ඉතා පහසු විය.

" රූම් එකට ගිහින් Change එකක් දාගෙනම යමු නේද සුදු නංගී..."

යන්නේ කොහේදැයි හරියටම දන්නේ නැති වුවද මම සිනා සී හා යි කීවෙමි.මේ ගමනේ සියලු සැලසුම් තවම දන්නේ සුදු අයියා පමණි.අවශ්‍ය තැනදී නිවැරදිම විසඳුම ගන්න ඔහු ගැන මා හොද හැටි දනිමි.එල්ලී එල්ලී ගොස් ඔහුගෙන් අසන්නට තරම් දෙයක් නැත. අනෙත් අතට වසර නවයක් ඉවසූ මට මේ පැය කීපය ඉවසන්නට බැරි තරම් නොහික්මුණු තදියමක්ද නැත.

පැයක් ඇතුලත අපි සූදානම්ව එලියට පැමිණියෙමු.හෝටලයෙන්ම කුලියට ගත් කාරයක් අප සදහා සූදානම්ව තිබුණි.මේ තරම් පිළිවෙලට මේ ගමන හදිස්සියේ යොදා ගත්තා වන්නට නොහැක.මේ සියල්ල කාලයක් තිස්සේ සුදු අයියා විසින් සැලසුම් කරන්නට ඇත.

" අපි ඉස්සෙලා කොහෙද යන්නේ නංගා..... තාරා බලන්න යමුද... දෙනුවන් බලන්න යමුද...

ඒ පැනයෙන් මහිත සසළ විය.එයාලා එකට නෙවෙයිද ඉන්නේ මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරනන්ට විය.ඒ ප්‍රශ්නාර්ථයෙන්ම මම අනුහස් අයියාගේ මුහුණ බැලීමි. ඔහු මගේ හිත මොහොතින් කියවන්නට ඇත.

" දෙනුවන් ඉන්න තැන තාරාට ඉන්න බෑ සුදූ...එයාලා වෙනම ඉන්නේ "

මගේ ඇස් මගහරිමින් සුදු අයියා පැවසුවේ දිග හුස්මක් අරන්.ඒ හුස්මේ මහා ලොකු කතාවක් හැංගිලා තියෙන බව මට නොදැනුනා නොවේ.

" අපි ඉස්සෙල්ලා තාරා බලන්න යමු අයියා..."

එතැනින් මේ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙන නිසා මම ඇය දැකීමට යුහුසුලු වීමි.

" ම්ම්ම්ම්..... මම කියන්නද පැට්ටො... අපි ඉස්සෙල්ලා දෙනුවන් බලලා ඊට පස්සේ තාර ඉන්න තැනට යමු...

කාරය පණ ගන්වා පාරට දමමින් සුදු අයියා මගෙන් විමසීය. මම නිහඬව හිස වැනීමි.මා නොහිතන කතන්දරයක් අපේ ජීවිත වටා වෙතැයි මගේ ගැහැණු ඉවට දැනෙමින් තිබුණි.හිත රිදෙන දෙයක් නොවේවායි මා දන්න කියන හැම දෙවියන් නමටම නමස්කාර කලෙමි.

හැල්මේ ගමන් කල රිය තුල මහා නිහඬ තාවයක් විය.සුදු අයියා හිටියේ ගැඹුරු කල්පනාවකය.සුදු අයියාත් සමඟ තාරාත් මමත් ආගිය සොඳුරු තැන් විටෙන් විට දෑස් මානයේ හසු වී සැනෙන් පසු වෙයි . ගෙවුණු ඒ අතීතය සිහිව දෑසට කඳුළක් නැගුණි.අනේ අප දුරස් වූ හැටි... අවුරුදු නවයක්.... කටහඬවත් නොඅසා අප අපව අමතක කල තරම්...තාරා කෙදිනක හෝ මට කතා කරාවියැයි මා බලා සිටියා මිස නිකමටවත් මම ඈට කතා කරන්නට හොයා බලන්නට ඉස්සර වූයේ නැති හැටි...ඒ ආඩම්ව්බර කම ගැන මේතාක් නොදැනුන මහා කලකිරීමක් හිතට දැනෙන්නට විය.දෑස් වැරෙන් පියා තාරා වෙනුවෙන් ඉනූ කඳුලු මා ඔහේ වැටෙන්නට ඉඩ හලෙමි.

ගෝල්ෆේස් පිටියද පසුකර රිය වේගයෙන් ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙයි.මම තාරා මෙන්ම දෙනුවන්ද හිටියේ පිලියන්දලය. සුදු අයියා ගාලු පාර දිගේ මේ යන්නේ කොහැදැයි සිතන්නට මම වෙහෙසීමි.අගක් මුලක් නොදැන එසේ හිත වෙහසන එක මෝඩ කමකි. මේ වසර ගණනාව තුල මොනවා කොහොම වෙනස් වෙන්නට ඇද්ද.තිගැස්සෙන හිත වාවා ගන්නට මම කාලය හා සටන් කරමින් ඉවසන්නට වීමි.දෙහිවල පසු කර මද දුරක් ගිය අනුහස් අයියා ගල්කිස්ස සුසාන භූමියත් ඕඩියන් සිනමා හලත් අතර මැද පාරට දමා වාහනය නතර කලේය.සිනමා හලේ තාප්පයත් සුසාන භූමියේ තාප්පයත් හැරුනු කොට ඒ අවට ගෙයක් දොරක් නැත. මම විශ්මයෙන් වට පිට බැලීමි.දෙනුවන්ගේ මහ ගෙවල් ගල්කිස්සේ බව දවසක් තාරා කියූවක් මට සිහි විය.අපි මේ කොහෙද සුදු අයියා... කියන ප්‍රශ්නාර්ථයෙන් මා ඔහු දෙස බැලීමි.සුදු අයියා මගේ පැත්තට හැරී අසුනේ වාඩි වී මගේ දෑතම ඒ අත් වලින් තද කොට අල්ලා ගති.

" සුදූ... මගෙ නංගී... මේ අහන්න... මම දැන් ඔයාට කියන්න යන්නේ ගොඩක්.... ගොඩා....ක් දුක හිතෙන කතාවක්...මම කියන්නෙ නෑ අඬන්න එපා කියලා හිත හැදෙනකං අඬන්න ඔයාට අයිතිය තියෙනවා...ඒත්.. ඒත් .. දැන් ඔයා ලොකු ගෑණියෙක්...එදාට වැඩිය හැම දෙයක්ම හරියටම තේරුම් ගන්න පුලුවන් තැනක අද ඔයා ඉන්නවා...ඔයාට රකින්න පවුලක් තියෙනවා... අපේ දෝණි නේද අද ඔයාගේ ලොකුම වස්තුව...අන්න ඒ අපේ වස්තුව ගැන හිතලවත් මෙතනින් එහාට අහන්න දකින්න වෙන දෙවල් උපේක්ෂාවෙන් දරාගන්න කියල මම ඔයාගෙන් ඉල්ලනවා...."

හිස දෙපසින් ඇරඹි මහා හිරි වැටුමක් මුලු ශරීරය පුරාම උඩු දුවනවා මෙන් හැඟීමක් මට දැනුණි.මා සසළව ගිය තරම්...

" අනේ මට කියන්න සුදු අයියා... මේ හැම දේකම තේරුම දැන්වත් මට කියන්න... ඇයි අපි මෙතන්ට ආවේ... කවුද මෙහෙ ඉන්නේ... කෝ තාරා... කෝ දෙනුවන්...."

" ඔය අහපු හැම ප්‍රශ්නෙකටම විතරක් නෙවෙයි අවුරුදු නමයක් තිස්සේ කණ්නාඩියෙන් ඔය මූණ පේන වාරයක් වාරයක් ගානේ ඔය නිල් පාට ඇස් දිහා බලාගෙන හොයන්න වෙහෙසිච්ච කතාවටත් මෙතන උත්තර තියෙනවා...ඒත් ඊට කලින් අපි දෙනුවන්ට කතා කරලා එමු සුදු නංගී..."

දෙකට නැවූ ලියුම් කවරයක් කලිසම් සාක්කුවෙන් ගෙන එය මට පෙන්වා අතට ගුලි කරගන්නා ගමන් සුදු අයියා එසේ කීයා වාහනයෙන් බැස විත් මාද බස්සවා මගේ අත කිටි කිටියේ තද වන්නට අල්ලා ගෙන ඉස්සර විය.සුසාන භූමියේ ප්‍රධාන දොරටුව ලඟට විත් අනුහස් අයියා නතර විය.අප මේ යන්නට හදන්නේ කනත්ත ඇතුලට බව දැනෙද්දී මගේ ඉහ මොල රත් වන්නට විය.මගේ දෙපා මටම අවසඟ විය.මට ආයෙම හැරී දුවන්නට සිතුණි.ඒ බව දැනීදෝ අනුහස් අයියා අල්ලා සිටි අත තවත් හිර විය.

" අනේ සුදු අයියා... කියන්න මට මේ හිතෙන දැනෙන දේ බොරුවක් නේද....අනේ මට යන්න බෑ අයියා ... අපි ආපහු යමු.... "

මා සුදු අයියාගේ උරහිස් බදා හඩන්නට වීමි.

" එන්න අපි යමු සුදු නංගී... මේ හැම දේම කියලා පෙන්නලා මට මගේ හිතත් නිදහස් කර ගන්න දෙන්න රත්තරං...ඔයාගේ සුදු අයියා අවුරුදු නවයක්... අවුරුදුම නවයක් මේ බර ඔලුවෙ තියන් හිනා වෙලා හිටියා...මටත් දැන් හරි මහන්සී පැටියෝ... දැන් අපි මේ හැමදේම බෙදා ගමු..."

සුදු අයියා මා වත්තන් කරගෙනම සුසාන භූමියට ඇතුල් විය.ඔහු කියූ කිසිවක් හරියට මට ඇහුනාදැයි කියාවත් මට නිනව් නැත.මම හිස් බැල්මෙන් වට පිට බැලීමි.සොහොන් බිම පුරා ඇත්තේ නිහඬ ගුප්ත බවකි.බටහිර අහසින් හිරු බැස යන්නට ආසන්නය.අහස්කුස පුරාම ඇත්තේ රක්ත වර්ණයකි.මා වත්තන් කරගෙනම සොහොන් කොත් අතරින් එහෙන් මෙහෙන් රිංගා ගොස් අනුහස් අයියා එක් තැනක නැවතුණි.ඉහලට ගත් හුස්ම පහලට දාන්න මට අමතක විය.මහා හඬින් හඬන්නට ඕනෑ වීද මුවින් එකම හඩක්වත් පිට නොවීය.ලේ පනින තරමට තොල් වැරෙන් විකා මම හැඩුම පාලනය කලෙමි.සට සට ගා ගැහෙන දෙපා අවසගව මම ඒ සොහොන පාමුල ඇද වැටුනෙමි.

පැහසර දෙනුවන් තරුණ මහතාට
අජරාමර නිවන් සුව අත් වේවා !

අසිහියෙන් මෙන් ඒ අකුරු දිගෙ මගේ ඇස් දිව ගියේය.ඒ ස්මාරකයේ කෙටූ තව එකම අකුරක්වත් කියවන්නට බැරි ලෙස මගේ දෑස් බොඳ විය.මේ විසල් දුක තවත් හිර කරගෙන හිටියොත් පපුව පැලී මෙතනම මා මියයතැයි මට සිතුනි. මහා හඬින් කෑ ගසා මම හැඩීමි.සුදු අයියා මා වලක්වන්නට ආවේ නැත.එහෙත් මා අසලම දණගසාගෙන මා තුරුලට ගත්තේය.


" මෙවා මෙහෙම උනෙ කොහොමද සුදු අයියේ....මම හිතුවේ වෙන දෙයක් ඒත් වෙලා තියෙන්නෙ කවදාවත් මම හීනෙකවත් දැක්ක දෙයක් නෙවෙයි...තාරාට දෙනුවන් දීලා මම අයින් උනානෙ මගෙ අයියේ... අනේ ... ඒත් ඇයි මෙහෙම උනේ...."

මම අසිහියෙන් කෑගැසීමි. මේක කියවන්න සුදු නංගී...

මෙතෙක් වෙලා සුරතෙ ගුළි කරගෙන් උන් ලියුම් කවරය මට දී සුදු අයියා නැගිට එහාට වුණි.ගැහෙන ඇගිලි තුඩු වලට වාරුවගෙන මම එය දිග හැරීමි.

මගෙ සුරංගනාවී.......!

ආමන්ත්‍රණය දකිද්දීම හිත පත්තු විය..ඉතින් ඒ දෙනුවන්ගෙන්ය.ඒ අකීකරු අකුරු අතර හිත සමාධි ගත කරගන්නට මම හිතට අණ කලෙමි.

මගෙ සුරංගනාවී...

ආදරේ නේද මට...? ඒත් .. ඒත් ඒ ආදරේ බිංඳුවක්වත් නොවිඳම මට යන්න වෙනවා....දුකයි... මහ හුගක් දුකයි රත්තරං ..කියන්න දෙවලුත් මහ හුඟයි ඒත් මට තියෙන්නෙ හරිම පුංචි වෙලාවක්...හා පැටියෙක් වගේ අහිංසක ඔය ඇස් දැක්ක දවසෙ ඉදන් මම ඔය හිතට ආදරේ කරපු තරම් මේ පුංචි වෙලවෙදි වචන වලට අමුනල මේ කොලේ ලියන්න මට පුලුවන් කමක් නෑ.. ඒත් දන්නවද... මම ආදරෙයි ..ලියල කියල පහදන්න බැරි තරමට මම ආදරෙයි මගෙ සුරංඟනාවී...

මතක් කරන්න අපි හම්බුණ මුල්ම දවස... අන්න එදා... ඒ මොහොතේ තමයි මම ඔය හිනාව මගේ හිතේ සදහටම පරිස්සම් කරල හංගගත්තෙ.ඒ වෙනකොටත් මම කෙල්ලො ඕන තරම් දැකලා තිබුනා ආශ්‍රය කරලා තිබුනා.ඒත් ඒ වෙනකං කිසිම කෙල්ලෙක් ගැන ඇති නොවුන මොකක්දෝ පූජනීය මිහිරි හැඟීමක් මට ඔය ලස්සන පුංචි මූණ දකිද්දී ඇති උනා. මම විශ්වාස කරනව ඒක තමා ආදරේ... කවමදාවත් මම නොදැන හිටි ආදරේ ඒ තමා..ඒත් ඒත්.. දැකපු පළවෙනි දවසෙම ඒ සුරංඟනාවී වෙන කාටදෝ අයිති කියල දැනගත්තම මගේ පපුවට මොකක්දෝ උනා...මුලු රෑම බීලා පිස්සු නටලා මම ඔයාව අමතක කරන්න උත්සහ කලා.ඔයා දන්නවද සුරංඟනාවී ඇගේ හැප්පිලා අපි හම්බෙච්ච දවසෙ ඒ රෑ ඔයා වගේම මමත් ඔයා ගැන හීන මැව්වා..

මම මට ඕන දේ හොදින් හරි නරකින් හරි ලබාගත්ත මිනිහෙක්...ඔව් ඔයා ඇහුව දැක්ක වගේම මම නරක මිනිහෙක් කුපාඩියෙක් රස්තියාදුකාරයෙක්.එත් ඔය ඇස් දෙක අස්සෙ අලුත් මිනිහෙක් වෙන්න.. අලුත් ලෝකයක් හදා ගන්න මට ඕන උනා.. ඒකට මට ඉඩක් නැති බව දැන දැනම මම ඒ හීනෙ ජීවත් වෙන්න ආස කලා.හම්බවෙනකොටම මට අහිමි වෙලා තිබුන ඔයාව ඈතින් ඉදන් දැකල සැනසිලා කතා කරලවත් හිත හදා ගන්න අන්තිමට මම තීරණය කලා.ඒකයි මම පංති මාරු කරල ඔයලගෙ පංතියට ආවෙ.අනුහස්ගෙන් ඔයාව උදුර ගන්න මට ඕන තරම් විදි තිබුනා වෙන මොනවා බලෙන් ලබාගත්තත් ඔය ආදරේ බලෙන් ලබාගන්න මට ඕන උනෙ නෑ. මම ඔයාට ආදරේයි කියලා මගෙ යාලුවෙකුගේ මාර්ගෙන්වත් ඔයාට දැන ගන්න මම ඉඩ තිබ්බෙ නෑ.

දකින දකින වෙලාවට බැන්නේ රැව්වේ එරෙව්වේ ආදරේ නැතුව නෙවෙයි මගෙ සුරංඟනාවී....කොයි වෙලේ හරි හිතේ උතුර උතුර නලියන ආදරේ එළියට පනීවි කියල මම බය උනා.මතකද දවසක් මම කිව්වා මේ ආත්මෙ ලැබෙන්නෙ නැති දේවලින් ලබන ආත්මෙ වැඩක් නෑ කියලා..දුකට තරහට එහෙම කිව්වා මිසක් ඒ ඇත්ත නෙවෙයි රත්තරං... තව ආත්ම හතකටවත් අනුහස් අයියා ඔයාව එයාගේ කර ගන්න පෙරුම් පුරනවා ඇති.මම දන්නවා ආදරේදි එයා මට වැඩිය ඉස්සරහින් ඉන්නවා මම එයා තරම් හොද මිනිහෙක් නෙවෙයි.ඒත් .. ඒත් .. මම ඔයාට පොරොන්දු වෙනවා එයාව පරාද කරන්න බැරි උනත් මම එයාට දෙවෙනි වෙන්නෙ නෑ.. අනේ උපදින එක ආත්මෙක හරි මගේ වෙනවද....මම ආදරෙයි මහ ගොඩක්...

දෛවයේ ලියල තිබ්බ හමුවීමක් වගේ හරිම අහම්බෙන් එදා MC එක ඇතුලෙදි අපි හමුවෙච්ච දවස තමා මගේ ජීවිතේ සොඳුරුම දවස..ඒ හැගීම් මේ හදිස්සියේ කොහොම වචන කරන්නද රත්තරං.. මහ හයියෙන් ගොරවද්දි තිගැස්සුන මුව පැටියෙක් වගේ මේ පපුවෙ මූණ හංගගනිද්දි දන්නවද මට ඇඬුනා.කෙල්ලො විසි තිස් ගාණක් මෙලෝ සිහියක් නැතුව තුරුල් කර ගත්ත මෙ පපුව එච්චර සද්දෙට ගැහුනෙ ඇයි කියල මම අදටත් දන්නෙ නෑ.කිසිම නරක හැගීමක් ඒ විනාඩි ගානෙ එක තප්පරේකදිවත් මගේ හිතට දැනුනේ නෑ.මගේ අම්මා ළඟදි මට දැනෙන ආදරය ගෞරවය බය ඔයා ළඟදිත් මට එහෙමම දැනුනා.අම්මට පස්සේ මම මේ ලෝකේ ඇත්තටම ආදරේ කරන එකම ගෑණි ඔයා.අනේ ඒත් ඔයාව ලබා ගන්න තරම් මම පින් කරලා නෑ රත්තරං...

ඉඩක් ලැබෙන හැම වෙලේම ඔය ඇස් මගේ ඇස් අල්ලගෙන මොනවදෝ කියන්න හදන බව මට නොතේරුනා නෙවෙයි ඒත් උත්තරා ඇවිත් හැම දෙයක්ම කියනකන් මගෙ සුරංඟනාවී මට මේ තරම්ම ආදරේ කියලා මම දැන ගෙන හිටියේ නෑ..සතුටු වෙන්නද දුක් වෙන්නද අඬන්නද හිනාවෙන්නද කියල තේරුමක් නැතුව මම පිස්සු නැටුවා..අඩුම තරමේ මම තාරාටවත් කිව්වෙ නෑ මමත් මැරීගෙන ඔයාට ආදරේ කරනවා කියලා.. මම පොරොන්දු උනා තාරාට එයා එක්ක එකතු වෙලා ඔයාගෙ හිතින් මාව අයින් කරන්න උදව් කරනවා කියලා...අපි දවස් ගානක් මුණ ගැහුනා කතා කලා ඔයා ඉස්සරහට ඇවිත් රඟපාන හැටි පුරුදු උනා...උත්තරා පුදුම කෙල්ලෙක්.. තමන්ගෙ යාලුවාගේ සතුට වෙනුවෙන් එයා නොකරපු දෙයක් නෑ.ඒ ටික දවසට අපි ගොඩාක් ළං උනා.වචන දහයක් කතා කලොත් ඒකි ඒ වචන දහයෙන් අටක්ම කත කලේ ඔයා ගැන.මට ඒක මහා මානසික වදයක් උනා.හරි සිහියෙන් ඉදගෙන ඒ දෙවල් අහන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ...මම කලේ සිහියක් පතක් නැති වෙනකං බොන එක.. එහෙම බීපු එක දවසක සිද්ධ වෙන්න ඕන නරකම දෙත් මගේ අතින් තාරාට සිද්ධ උනා...ඔව් රත්තරං ඔයාගේ යාලුව මගේ අතින් විනශ උනා.. ඒත් ඒකි එක කඳුළු බිංඳුවක් මගේ ඉස්සරහ පෙන්නුවේ නෑ.අපි බඳිමු කියලා මම උත්තරාට කිව්වා.එයා හිනා උනා.. එයාට මොනවා උනත් එයා එයාගේ යාලුවට පිටුපාන්නේ නැති බව කිව්වා. මේ කිසිම දෙයක් උනෙ නැති ගානට ගහක් ගලක් වගේ ඊට පහුවදා මා එක්ක ඔයා ඉස්සරහට එන්න තරම් ඒකි හිත හයිය කරගත්තා..

තව මම මොනවද කියන්නෙ රත්තරං .. අපි හිතපු පතපු කිසිම දෙයක් ඒ විදියට සිද්ද උනෙ නෑ.මේ ටික ලියන්නෙ නවලෝකෙ Intensive Care එකේ සිහියක් නැතුව ඔයාව උඩුබැලි අතට දාලා තියෙනවා බලලා ඇවිල්ලා.අනේ මට මේ තරම් ආදරේ කලේ ඇයි රත්තරං....ආසාවට එකම පාරක්වත් ඔය කටින් ඒ ආදරේ අහගන්නෙ නැතුවම මම යන්න යනවා...ඒත් මට ඉන්න බෑ මේ ගමන මම යන්නම ඕනේ.වෙච්ච කිසිම දෙයක් ආපහු හරි ගස්සන්න බෑ තමයි.ඒත් මං නිසා අහිමි කරගත්ත ඔය ජිවිතේ හිස්තැන මම පුරවනවා.මගේ ඇස් දිහා බලන හැම පාරකම හිතුවා නේද මේ ඇස් කෙල්ලෙක්ට තිබුනනම් කොහොම ලස්සන වේවිද කියලා ..මතකද අපි අන්තිමට හමුවුන දවසෙ ඒක මටත් කිව්වා...ඇත්ත තමයි මේ නිල් ඇස් කෙල්ලෙකුට කොහොම ලස්සනට තියේවිද... ඒත් ඒ ලස්සන බලන්න මට අයිතියක්වත් වාසනාවක්වත් නෑ. මම යන්නම යනවා සුරංඟනාවී... ඒත් මට දුක නෑ... ඒ ඇයි දන්නවද අදින් පස්සේ ඔයා මේ ලෝකේ බලන්නෙ මගේ ඇස් වලින්...අනේ ඒකම ඇති මට සැනසෙන්න ඔව් රත්තරං ඒකම ඇති මට....මම කරපු හැම පවකටම වන්දිය මම මේ ආත්මෙම ගෙවලා යනවා.එතකොට එන එක ආත්මෙක හරි ඔයා මගේම වේවි.

තව කියන්න කොච්චරක්නම් දෙවල් තිබුනත් මට වෙලාව නෑ රත්තරං..අන්තිමට එකම එක දෙයක් කියන්නම් මම කරපු කිසිම දේකට උත්තරා පලි නෑ.එයාට කවදාවත් දොස් කියන්න එපා. මං වෙනුවෙන් එයාව බලාගන්න.එයාට කරපු අසාධාරණේට මට එයාට දීල යන්න දෙයක් නෑ.ඉතින් මම යන්නද... අනිත් හැමදේම අමතක කරල ඔයාගේ මතකය විතරක් මම අරන් යනවා...අමතක කරන්න එපා ඒ මතක තුරුලු කරන් සංසාරේ කොහේ හරි මම බලන් ඉන්නවා .....කවදම හරි එනවා නේද ඔයා....?

එක දවසක්වත් ඔයාගේ වෙන්න බැරිවුන, සංසාරේ හැම දවසක්ම ඔයා එනකං බලන් ඉන්න මං ,

දෙනුවන්.

හඬමින් ඉකිගසමින් වැලපෙමින් පපුව හිර කරමින් මියෙන්නට තරම් වේදනාවක් දැනෙද්දීත් මම එක හුස්මට ලිපිය කියවා හමාර කළෙමි.ආයේ අලුතින් හඬන්නට මේ ඇස් වල කඳුළු නැත.කඳුළු වලින්ම හේදුන ලිපිය සුරතට ගුළි කරගෙන මා එහෙමම සොහොන් කොත මත හිස හොවා ගතිමි.මැරි මැරී ඉපදෙන්නට අපට ඉඩ හසර සාදා ඉතින් ඔහු යන්නම ගොසින්ය.මට ලෝකය දකින්නට ඒ ඇස් දී ඔහු යන්නට ගොසින්ය.මම ඉස්සී සොහොන් කොතේ වූ දෙනුවන්ගේ චායාරූපය දෙස බැලීමි.පන පිටින් ඉන්නාක් මෙන් ඒ රූපය ජීවමාන ගතියක් ඇත.කතා කරන හිනැහෙන ඒ නිල් ඇස් දැන් මා ළඟය.මෙ සා විසල් ප්‍රේමයක් ඒ හිතේ මා කෙරේ තිබුන බව අනේ මා දැන සිටියානම් සමහර විට මේ හැම දේම මීට වඩා වෙනස් වෙන්නට තිබුනා නොවේද...එක පාරක් ඒ මුවින් මට ආදරේදැයි අසන්න එ දවස මා පෙරුම් පිරූ තරම් ..මට තාරා සිහිවේ.. මා වෙනුවෙන් ඈ ඇගේ ජීවිතේ සියලු වටිනාකම් කැප කර ඇත.ඈ කොහේ කොහොම සිටිනවාදැයි කියාවත් මා දන්නේ නැත.හිසත් පපුවත් එකම විදියට හිර වෙන සෙයක් මට දැනේ.මා එහෙමම දෙනුවන්ගේ සොහොන මත වැතිර ගතිමි.

" නැගිටින්න සුදු නංඟී ... කොච්චර ඇඬුවත් ඔච්චර තමා අඬලා දොඩලා ඔයත් ලෙඩෙක් උනොත් මේ හැමෝම කරපු කැපකිරීම් වලින් වැඩක් නැතුව යනවා..මේ දෙවල් ඔයාට කියන මෙච්චර කාලයක් ගියෙත් ඔයාගේ මානසික තත්වය සෞඛය තත්වය ගැන හිතලයි.. මේ දිවල් තේරුම් ගන්න ශක්තිය දැන් ඔයාට තියෙන්න ඕනෙ මගෙ නංගී..."

මා තුරුලු කරගෙන හිස අත ගාමින් අනුහස් අයියා නැවතිල්ලේ දොඩයි.ඒ කිසිම දෙයක් කණට ගන්නට මට හරියට සිහියක් තිබුනාදැයි මා දන්නේ නැත.

" ඔයා වෙනුවෙන් මැරෙන්න තරම් ආදරයක් දෙනුවන්ගෙ හිතේ තිබුනා කියලා මම දැන ගෙන හිටියනම් සත්තයි මම ඔයාලව එකතු කරනවා මගෙ නංගී...මේ දෙවල් මෙහෙම උන එක ගැන ඔයාට වැඩිය මම විඳවනව රත්තරං... ඔයාට වැඩිය ගින්දරක් මේ පපුවේ ඇවිලෙනවා...මේ ලියුම කවදා හරි ඔයාට කියවන්න දෙන්න කියලා මගේ අතට දීලා තාරටත් යන්නම් කියලා නවලෝකෙ ඉස්සරහින් දෙනුවන් වාහනේකට පැන්නෙ තාරයි මමයි බලන් ඉදිද්දි සුදූ...අනේ එකා ඒ ගියේ මෙහෙම වැඩකට කියලා මට යන්තම්වත් තේරුනේ නෑ... ඔයාට බද්ධ කරන්න ඇස් දෙකක් හොයනවා කියලා එයා දැනගෙන හිටියා..එයාගේ ඇස් ඔයාට දෙන්න කියලා එය හොස්පිට්ල් එකට පවා ලියුම් දීලා.... පැය ගානක් ඇතුලතදි වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.. දෙනුවන්ගේ අවසන් කැමැත්ත විදියට එයාගේ ඇස් ඔයාට බද්ධ කලා.. එතකොට ඔයා හිටපු තත්වය උඩ මේ කිසිම දෙයක් ඔයාට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ .. මොළයට වෙච්ච හානි නිසා අවුරුදු ගානක් යනකන් සියුම් කම්පනයක්වත් දැනෙන්න දෙන්න එපා කියලා ඩොක්ටර් අපිට අවවාද කරලා තිබුනේ... ඒත් අපි බය උනා බැන්ඩේජ් ගැලෙව්වට පස්සේ ඔයා මේ ඇස් අදුරගනී කියලා.. ඔයා ළඟට එන හැමෝවම අපි කලින්ම දැනුවත් කරලා තිබ්බා..ඔයාට සිහිය එද්දි තාරා යන්න ගියේ මොනවාට හිත හයිය කර ගත්තත් ඔයා ඉස්සරහ ඒ රඟපෑම කරන්න එයාට හයිය තිබුනේ නෑ..මං හිතන්නේ මරණින් පස්සේ තාරා දෙනුවන්ට ආදරේ කරන්න ගත්තා.. ඇස් පනාපිට දෙනුවන් වාහනේකට යට වෙලා ඉන්නවා දැකලත් ගහක් ගලක් වගේ හිටපු ගෑණි.. දෙනුවන්ව මෙතන පස් වලට යට කරනකන් එක කඳුළක් හෙලපු නැති ගෑණි..අන්තිමට මේ සොහොන් කොත් දෙදරන්න ඇඩුවා...පොළවෙ පස් කකා මෙතන වැටිලා හිටියා... අපි කාටවත් එයාව නවත්තන්න පුලුවන් උනේ නෑ...."

මම තුශ්නිම්භූතව අසා සිටියෙමි.සුදු අයියාගේ ඇසින් වැටුණ කඳුලක් මගේ කම්මුලක් දිගේ ගලා ගියේය.අහන්න ...මට මේ තරම් ලතැවුලක් දැනේනම් මේ සියල්ල ඇස් පනා පිට වින්ද ඔහුට මොන තරම් දුකක් වේදනාවක් ඇද්දැයි ඒ කඳුළම සාක්ශිය. හිටි හැටියේ හිතට ගතට මහා ශක්තියක් ආවා සේ මම දනි පනි ගා නැගිට ගතිමි.

" සුදු අයියා... තාරා කොහොද.... අපි යමු අනේ... මේ දැන් යමු...."

" එයා ඉන්නවා සුදු නංගී...ඒත් දැන් රෑ වෙලා එතනට යන්න පුලුවන්ද දන්නෙ නෑ...අපි කෝකටත් ගිහින් බලමු... එයා දන්නවා අපි එනවා කියලා..."

සුදු අයියා එහෙමම දණ ඔබා දෙනුවන්ගේ සොහොනට වැඳ නැගිට්ටේය.ඒ දැක මගේ හිතම කඩා වැටුණි.අප සියල්ලට දුක දී මේ හිතුවක්කාරයා නික්ම ගිය හැටි..මමද එහෙමම ගොස් හිස හොවා වැඳ වැටුණෙමි.දයාබර දෙනුවන් ඔබ මට දී ගිය ආලෝකයට වන්දි ගෙවීමට මේ සංසාරයම මට මදිය...මා ඔය ඇස් දෙකට පෙම් බැන්ද පවට විඳවූ අන් සියලු දෙනා වෙනුවෙන්ම කවදා හෝ වන්දි ගෙවිය යුතුය.ආයේ ආයේ අලුත් වන කඳුළු සොහොන් කොත පුරා විසිරුණි.මා සිහිසුන්ව නොවැටී සිටින්නට හිතට මුලු වෙරම ගතිමි.

" අපි යමු සුදු නංගී..."

අනුහස් අයියා මා නැගිටවන තුරුම මම සොහොන් කොත පාමුල හැඩීමි.හීන් වැහි පොදක් ඇද වැටෙද්දී අප සුසාන භූමියෙන් නික්මුණි.යන මග දිගටම මා කලේ හඬ වැටෙන එකය. වරින් වර මහිස අත ගා සුදු අයියා මොන මොනවාදෝ කීවේය.අඳුර වැටී තිබුණ නිසා මේ කොහිදැයි වටහා ගන්නට මම අපොහසත් වීමි.

" මේ කොහෙද සුදු අයියා... මම හිතුවේ තාරා බණ්ඩාරවෙල කියලා..."

" අපි දැන් ඉන්නේ හොරණ පහු කරලා සුදූ...දැන් ළඟයි.."

දන්න කියන කිසිවෙකුත් නැති මේ ප්‍රදේශයට ඈ ආවේ කෙසේදැයි මා කල්පනා කලෙමි. ඈ විවාහවී මෙහේ එන්නට ඇතැයි මා සිතා ගතිමි. තාරාට කියන්නට ඇති දෑ අහන්නට ඇති දෑ මම ආයෙමත් මතක් කර ගතිමි.ඒ පය පාමුළ දණින් වැටී සමාව ගන්නට මම සිතා ගත්තෙමි.මා වෙනුවෙන් ඈ දරාගත් හැම දේටම එසේ කලාට පව් නැත.

ප්‍රධාන පාරෙන් අතුරු පාරකට රිය හරවද්දී ගසා තිබූ නාම පුවරුව දෙස මා නිකමට බැලීමි.

සමාධි සුව මෙහෙණි අසපුවට

ඒ නම කොහේදී හෝ මීට පෙර දැක හුරු බවක් මට සිහිවිය.මා මතක් කලෙමි.සුදු අයියා පහුගිය වසර නවය පුරාවටම මේ නමට හැම මසකම මුදල් ආධාර කල බව මට සිහිපත් විය.දෙවියනේ මෙහෙ ඉන්නේ තාරාවද්ද... ඇගේ නමද සමධි උත්තරාය.හීයක වේගෙන් හදවත පුරා දුක දිව යන්නට විය.මා දුකටම සට සට ගා වෙව්ව්ලන්නට වීමි.

" මේතනින් එහාට වාහනේ යන්න බෑ ... බැහැලා පයින් යමු සුදු නංගී..."

ඉතින් මා සියල්ල තේරුම් ගතිමි. එහෙත් දෑසින් දකින්න තුරු එය පිලිගන්නට සිත ඉඩ දුන්නේම නැත.මම සුදු අයියාගේ අතක් තද කර අල්ලා ගතිමි. සුදු අයියා ඉස්සර විය.වචනයේ පරිසමාප්ත අයුරින්ම පරිසරය නිහඬ නිසළ විය.ගසකින් කොලයක් වැටෙන හඬ පවා පැහැදිළිව ඇසෙන තරමට සංසුන් පරීසරයේ මම මගේ ඉකිය පාලනය කර ගන්නට වෙහෙසෙමින් පඩි නැගීමි.ගල් පඩි සිය ගනනක් නැග අවසනයේ මා ඈ දුටිමි.මුඬු කල හිසත් කසාවතත් ඈට වයසට වැඩි වියපත් පෙනුමක් පෙන්නුවද මා ඇය හැඳුනා ගතිමි.සියල්ල අත්වින්ද ඒ මුහුණ පුදුමාකාර ශාන්තය.ඒ ඇස් වල පසුතැවීමක් නැත.විනාඩියක් දෙකක් ගල් ගැසී ඈ දෙසම බලා උන් මා තාරා යි මහා හඬින් කෑ ගසමින් දිව යන්නට වීමි. දිව ගොස් ඈ වැළද ගන්නට මොහොතක් තිබියදී සුදු අයියා මා අල්ලා ගත්තේය.

" අහන සුදු නංගී... මේක පන්සලක්... අඬන්න කෑ ගහන්න තියාගන්න එපා....අනික මේ ඉන්නේ ඉස්සර ඔයාගේ යාලුවා තාරා නෙවෙයි... ප්ලීස් කලබල කරන්න එපා පැටියෝ..."

මැරීගෙන මා හිතින් පෙම් කල දෙනුවන් මට ඒ ඇස් දන් දී ආදරේ නොකියාම යන්නට ගොස්ය. එක බඩවැල කඩන් ආ සහෝදරියක සේ මා ළඟ උන් මගේ අතිජාත මිතුරිය දසසිල් මාතාවක් වීය.. මා ඒ සියල්ලටම වගකිවයුත්තාය.මේ සියල්ල මෙහෙම වද්දීත් සුදු අයියා මට නාඩන්න කියයි... කලබල නොකරන්න කියයි... අර ඉස්සර මෙන්ම මුරණ්ඩු වෙන්නට හදන හිත මම ආයාසයෙන් සංසුන් කරගතිමි.ඒ ඇසිල්ලේ තාරා අප සමීපයට විත් නතර විය.

" අවසර මෑණියනි.."

අනුහස් අයියා අඩක් දණ නමා ඈට වැන්දේය. මම හිත පිත් නැති එකියක සේ බලා සිටියෙමි.

" කොහොමද කවිති නෝනා.. මේ එන ගමන්මද..."

හිත කෑළි කෑළි වලට කැඩී සී සී කඩ විසිරෙද්දී මම සවන් අදහා ගන්නට බැරි ලෙසින් බලා සිටියෙමි. මේසා දුරස් බවක් අප අතර තියෙන්නට පුලුවන්ද... අර ඉස්සර මෙන් හති වැටෙන තුරු සිනාසී කතා කරන්නට අපට බැරිද...වචනයක්වත් කතා නොකර මම ඒ පින් පාට සුදු මූණ දෙසම බලා සිටියෙමි.

ආදරය යනු කැපකිරීමනම් මහා ලොකුආදරවන්තියක්යැයි සිතූ මා කල කිසිවක්ම නැත.දෙනුවන්, තාරා පමණක් නොව අනුහස් අයියාද ආදරය වෙනුවෙන් මහමෙරක් දුක් විඳ කප්පරක් කැපකිරීම් කර ඇත.ඒ සියල්ලන්ට පිංසිදු වන්නට අද මා ජීවත් වෙයි.මගේ එක හිතුවක්කාර කමක ජීවිත ගණනාවක ඉරණම ලියා තබා ඇත.දෛවය වෙනස් කරන්නට හැදුවාට කවදාවත් එය නොවෙන බව ඉතින් මා තේරුම් ගතිමි.

" කවිති නෝනා.. එන්න අපි ටිකක් වාඩි වෙමු ඔයාට අසනීප පාටයි.."

නැවතත් ඒ සංසුන් හඬ මගේ හිත පාරවමින් ඇසෙන්නට විය.තව දුරටත් ඉවසන්නට මට නොහැක.

" අනේ මට බෑ තාරා.... මට බෑ.... ඇයි මට මෙච්චර වෙනස්කමක්... එකම එක පාරක් .. එකම එක පාරක් මට ඉස්සර වගේම කවී කියලා කතා කරන්න.... එකම පාරක් මට ඔයාව බදා ගන්න ඉඩ දෙන්න....ඉස්සර වගේ මට බනින්න... මම කරපු වැරදි වලට මෝඩ කම් වලට කෑ ගහන්න තාරා...මං මැරෙයි දෙයියනේ ...මං මැරෙයි... "

මම මහා හඩින් කෑ ගැසීමි.පාලු දෙනිපෙත පුරා ගල් කඳු වල හැපි හැපී දෝංකාර දෙන මගේ ඉකිබිඳුම ආයේ ආයේ මටම ඇසෙන්නට විය.

" එන්න කවී..."

තෙත් වූ දෑසින් තාරා මදෙසට දෝතම පෑවේය.මා හඩමින් දුව ගොස් ඇයට තුරුලු වීමි.ඇගේත් මගේත් කඳුළු එකට එකතු වී ඒ කහ පාට සිවුරට වැටී සිදී යන්නට ඇත.අවසානයේ මා ඒ දෙපා මුළ වැඳ වැටුණෙමි.

" මට සමාවෙන්න උත්තරා මෑණියනි "

මා සිතින් දහස්වරක් මිමිණීමි.



           සමාප්තයි.

66 comments:

  1. Replies
    1. එක වුනාට කෝ බට්ටියො කාව්‍යගෙ කතාවට කමෙන්ට්ස්..:D

      Delete
    2. බට්ටි අක්කාට නෝ කමෙන්ට්ස් ලූ ;)

      Delete
    3. ඒකනේ බලන්න සිත් රූ

      Delete
    4. 1 උනාට තෑගි දෙන්නේ නෑලු මෙහෙ

      Delete
    5. ඔයාට මම කිව්වනේ අක්කි හේතුව.බැ බෑ තෑගි ඕනෙමයි.මම ප්‍රින්‍ට් කරන් ඇවිත් බස් එකේ කියෙව්වා.
      කොහොමද මේතරම් සංවේදීව ලියන්නේ.ඇත්තටම දෙනුවන් තරම් ආදරේ කරන ජීවිතේ වුනත් කැප කරන අය ඉන්නවද අක්කේ.තාරා මහණ වෙච්ච ටික කියවද්දි හුගක් දුක හිතුනා.ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්.
      ඔයා ලියනවා හුගාක් ලස්සනයි අක්කේ. හුගක්ම. මේක ඉක්මනින්ම ප්‍රින්ට් කරමු. අලුතින් සජ්ජායනවාක් ලියන්න පටන් ගනිමු.ඔන්න බට්ටි බ්ලොග් එකට ඇවිත් අවුරුද්දට සේරම කියවපු එකම නවකතාව අක්කගෙ එක...
      සුභ පැතුම් මගේ අක්කියෝ....


      සිත්රූ අක්කි & හිතූ
      :පී :පී :පී :පී

      Delete
    6. ස්තූති බට්ටි නගා කතාව කියවලා බැලුවට, ම්ම් දෙනුවන් ලා අනුහස් ලා වගේ අය මේ සමාජේ ඉන්නත් පුලුවන් නගා... හැබැයි හරිම අඩුයි.

      Delete
  2. හරිම ලස්සනයි කාව්‍යා..නොහිතපු අවසානයක්..ලස්සනම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූති සිත් රූ හැමදාම ඇවිත් කතාව කියවලා ගියාට

      Delete
  3. අනේ අම්මෝ කවි අක්කි....අද නම් ඇස වලට කදුළු පිරුනා..මේ තරං දුක හිතෙන අවසානයක් තියෙයි කියලා කතාව මුල ටික කියවද්දී නම් හිතුනේ නෑ...එක අතකින් ලොකු දුකක් වගේම තව අතකින් සන්තෝස වෙන්න දේකුත් තියනවා...ඒ වගේම අදින් කතාව ඉවරයි කියල හිතෙද්දි අපරාදේ ඉවර වුනේ කියලත් හිතෙනවා..කමක් නෑ අන්තිමේදී කවිති සතුටෙන් සුදු අයිය එක්ක හිටියා කියලා හිතමු නේද....ඇත්තමයි මම කවි අක්කි ලියපු කතාවක් කියවපු පලවෙනි වතාව...කවදාවත් අමතකම නොවෙන ලස්සම ලස්සන කතාවක් මෙච්චර කල් මහන්සි වෙලා අපිට කියවන්න දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි...ඉක්මනටම තවත් කතාවක් දෙනකන් අපි බලන ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ස්තූති සිම්බා මලයෝ... ම්ම් ඔව් මම මේ කතාවේ අවසානය ලිව්වෙත් ඇස් වල කඳුළු පුරෝගෙන...

      Delete
  4. අනේ අන්තිම වෙනකම් බැලුවෙ නෑ. දුක හිතිලා .

    ReplyDelete
    Replies
    1. හිමිහිට ආයෙත් බලන්න ගිම්හානී

      Delete
  5. කතාව නම් ගොඩක් ලස්සනය් කාව්‍යා.එත් දුක හිතෙන අවසානයක්.ගොඩක් දේවල් හිතට එනවා....කවි නිසා එයාට ආදරේ කරන අයට උන දේවල් ගැන දුක් වෙවී කවීට ආදරේ කරන තවත් අයගේ සතුට වෙනුවෙන් සතුටින් (දුක හංගන්) ඉන්න වෙලා.හරි අමාරු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූති අලුත් බුවා... අවසානය එක්තරා විදියකට දුකක් තමා.. ඒත් මේ තමා ජීවිතය

      Delete
  6. ඔන්න ඔහොමයි එතකොට උනා කියන්නේ නේ.... :)

    තව එකක් ලියමුද? :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මහ රජ මෙහෙම තමා උනේ ඉතින්

      Delete
  7. අක්කි, මට මේ කතාව ගැන කියන්න දේවල් මහා ගොඩායි!!! මේක පුදුමම කතාවක්.. මේක මට කියන්න වචන නැති තරම්...නියමම නියමයි!!!!

    //ආදරය යනු කැපකිරීමනම් මහා ලොකුආදරවන්තියක්යැයි සිතූ මා කල කිසිවක්ම නැත.දෙනුවන්, තාරා පමණක් නොව අනුහස් අයියාද ආදරය වෙනුවෙන් මහමෙරක් දුක් විඳ කප්පරක් කැපකිරීම් කර ඇත//

    ඇත්ත අක්කෙ!! ඔයා මේ කතාවෙ අන්තිමට පෙන්නලා තියෙනවා ඇත්තටම ආදරේ වෙනුවෙන්, කැපකිරීම් කරපු, ඉවසපු මිනිස්සුන්ගෙ හිත. ඒකනම් මාරයි!! මම මේ කතාවෙ මුලදි දෙනුවන්ට වෛර කලා. ඒත් මම මේකෙ අවසානෙ දෙනුවන්ට ආදරෙයි.. ඔයා අපිව කතාව ඇතුලෙ හරි ලස්සනට අරගෙන ගියා. මේක පපුවට දැනෙන කතාවක්.. එක්කෙනෙක් දෙන්නෙක් මුල් කරගෙන නැතුව, ඔයා චරිත කීපයක්ම අරගෙන හැසිරෙව්වෙ පුදුම ලස්සනට..

    තාරා, සුදු අයියා, දෙනුවන් වගේම කවිති ත්, අවසානෙදි ආදරේ වෙනුවෙන් අපිට හිතේ දෙයක් ඉතුරු කලා...

    ඔයා සාර්ථකයි!! මේක හරිම ලස්සන කතාවක් අක්කෙ!! හුඟාක්ම ලස්සනයි!!!

    තව කතාවක් පටන්ගමු නේද? මේ වගේම ලස්සන?? සුභ පතනවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී හිතූ නගා ඔයාගේ දිගම දිග කමෙන්ට් එකට.ඔයා මේ කතාව ඇතුලෙ ජීවත් උනා ඔයාමේ කතාව උපරිමව වින්දා කියලා මම දන්නවා...

      Delete
  8. mate me kathawe end eke gane ene feeling eke wachana welate peralane therenne na akki,, am so sorry for that,, ae feeling eke hode ekak misa narekak nam neme aith deviyane meke atheme kathawak wage.. oh my god.. harima lassanay akki kathawe.. awsome. thawe ekka liyamu hode. :) wish you all the best again and again. take care

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූති ගොඩාක්.... තව ටික දවසකින් අලුත් කතාවක් දෙන්නම්කො හොදේ.

      Delete
  9. ambo man meka kiyeuwe essellama o3wall eken passei akkage blog eka hoya gatte.attatama samahara deval ape jivitha valatath sambandai me loke unu sah venna puluvan deyak.godak thanx.akki ava ekak liyanna me vagema diga nati ekak

    ReplyDelete
    Replies
    1. ස්තූති හොයාගෙන මෙහෙටත් ආවට. ම්ම් සමහරු කැමති දිග නැති කතා වලට සමහරු කැමති දිග කතා වලට... ම්ම් කොහොම හරි ආයෙම එකක් ලියන්නම්කො හොදේ

      Delete
  10. තුක්‌ තුක්‌ කාවයියා උබ ලගක උන්නනම් දනී මම කරනදේ

    හෆොයි මෙහෙම අවසානයක් දකින්නද මං මේක කියෙව්වේ අර මෑ මල (කවිති )මෙකි හින්දා තමා ඔක්කොම පව් අසරං තාරගේ තරුණ ජිවිතේ එක්කෝ තාරට අනුහස් දීලා මෑ මලට දෙනුවන් දෙන්න ඕනේ ඉහි ඉහි ඉහි ඉහි ඉහි (හරි හරි මම බොට බනින්නේ නැ කියන්න ඕනේ ඔක්කොම කලින් ප්‍රයිවට් එකේ කියපු නිසා (බැනපු )හ්ම්ම්ම් හ්ම්ම්ම් කමක් නැ ඉතින් බොලා දෙන්නේ මෙහෙමනම් අපි මොනා කරන්නද බාර ගන්නවා මිසක් හැබැයි ලස්සන කතාව (ආවසනේ පොඩ්ඩක් කැතයි හරිය ) හ්ම්ම් හ්ම්ම් ඉක්මනට හොද ලස්සන තව කතාවක් දිහන් අපිට කියවන්න හරිය ඔබට ජය කවයියෝ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    ReplyDelete
    Replies
    1. හි හී මෑ මල? ඇයි අනේ කවිතිට එහෙම නමක් දැම්මේ.ඉතින් මනුස්සයෝ ඇයි තාරාගේ තරුණ ජීවිතේ පව් කියන්නේ මහන වෙන එක කොච්චර උතුම් දෙයක්ද?හරි හරි මම දන්නවා ඔයා තාරාට ලවි කියලා අපරාදේ මට ඔයාට සෙට් කරන්න තිබුනා කතාවේ අන්තිමට හි හී..මුල ඉදලා මේ කතාව බලලා කමෙට් දාලා මාව දිරිමත් කලාට ඔයාට ස්තූති ලක්ස් ම්ම්ම් තව කතාවක් ඉක්මනටම දෙන්නම්කෝ හොදේ

      Delete
  11. මම මොකුත් කියන්නෙ නෑ. වෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරපු දේම වෙලා. දුකයි ගොඩක්

    ReplyDelete
    Replies
    1. අනේ මා එක්ක තලහා වෙන එපා හොදේ දෙනුවන්ට මොන අහරි කලොත් මාව මරනවා කිව්වනේ ඔයා හි හී

      Delete
  12. වේලපහම කියවපු මම කියාගන්න දෙයක් නැතුව හිතලා හිතලා කමෙන්ට් කරන්නේ දැන්.. හිතුවා වගේම ඇස් දෙක දෙනුවන්ගේ.. උත්තරා ගැන හිතුවෙවත් නැති දෙයක් අක්කා ලිවුවේ.. ජීවිතේ අමතක කරලා වලලපු මතකයක ඇත්ත අවුරුදු 8කට පස්සේ කිවුවම හදා ගත්ත හිත් කීයක්නම් බිදෙනවද? අන්න ඒක විතරයි මට තියෙන එකම ප්‍රශ්ණේ..

    ලස්සනයි අක්කේ කතාව.. තව වෙනස් තේමාවක කතාවක් ලියමු.. :)

    ReplyDelete
    Replies
    1. කතාව එක්ක මුල ඉදලම හිටපු ඔයාට ගොඩක් ස්තූති දිනේශ් මල්ලි.ඔයත් මේ කතාවේ අවසානය ගැන ගොඩක් වද උන කෙනෙක් නේ.ඇත්තටම මට හරිම සතුටුයි ඔයාලා වගේ අය ඇසුරු කරනන් ලැබුන එක. ඔයාලගේ මේ කමෙට්ස් තව කතාවක් ලියන්න මාව දිරිමත් කරනවා

      Delete
  13. කතාව නියමයි... ඒත් අර ලියුම ඔච්චර දික් නොවුන නම් නියමෙටම නියමයි :)

    ReplyDelete
    Replies
    1. ම්ම් මටත් එහෙමම හිතුනා සාතන් .. ඒත් ඒත් දෙනුවන්ගේ ලියුමෙන්ම කවිති නොදැන හිටපු දේවල් දැන ගන්න අරින එක හොදයි කියලා හිතුනා ඒ නිසයි ටිකක් දිගට ලිව්වෙ

      Delete
  14. ඔයාගේ කතාව මුල ඉදන් කියවද්දි එක එක අවසාන හිතට අවා. එත් අන්තිම දේ මම හිතපු කිසිම දෙයක් වුනේ නැ. ඇත්තටම දැන හිත හිරි වැටිලා ඇස් රතු වේලා තියෙන්නේ. අවංකවම කිව්වොත් මම කවදාවත් හිතුවේ නැ ඔයාට මේ තරමට ඇඩෙන්න ලියන්න පුලුවන් වේයි කියලා. අවංකවම ඔයාගේ ලිවිමේ හැකියාව ගැන සතුටුයි. ඔයාගෙන් මේච්චර දුක වුනත් ලස්සන කතාවක් බලාපොරොත්තු වුනේ නැ. මේ කතාව පත්තරේකට හරි පොතක් හරි ගැහුවනම් හොදයි...
    ඔයා මුලින් කිව්වා වගේ ඇඩෙන කතාවක් තමයි. ඇත්තටම ඇඩුනා.

    ඊලගට තවත් ලස්සන කතාවක් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතී පූවෝ... මේ කමෙන්ට් කියවද්දී අන්තිමට මට හිතෙනවා මම යම් තාක් දුරකට හරි සාර්ථකයි කියලා... මේ කතාවේ චරිත වලට මම සාධාරණයක් කලා කියලා...ඉතින් ඇත්තටම මම සතුටින්.

      Delete
  15. කෙල්ලේ.. මං නවකතා සෑහෙන්න ප්‍රමාණයක් කියවල තියෙනව.සම්භාව්‍ය මට්ටමේ ඒවත් බොළද ආදර කතාත් ඇතුළු සෑහෙන්න ප්‍රමාණයක්.. ඒවා අතරින් මගේ ඇස් දෙක අඩවන්න පුළුවන් වුණු නවකතා ගොඩක් තිබුණා.ඒත් ඇස්වලට කදුළු නෑවිත් හිතට කදුළු දෙන කතා තිබුණේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්.ඒවායින් සමහරක නම් ම‍ට මතක නැහැ.ඒත් ඒ පොත් මගේ හිතේ ඇති කරපු වේදනාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ.මේකත් හිතට කදුළු දීපු කතාවක්.මෙච්චර කාලයක් කමෙන්ට් නොකරත් අද මේක අවසාන වෙන දවසෙ ඔයාට කියන්න ඕන දෙයක් තියෙනව.මේක තමයි මම ජීවිතේ කියවපු සංවේදීම අවසානය සහිත ආදර කතාව...

    ඉතින් ඔයාගේ සාහිත්‍ය ජීවිතය හැම අතින්ම සාර්ථක වෙන්න කියල ඉතාම ආදරෙන් සුබ පතනව!

    ReplyDelete
    Replies
    1. අනේ පුංචි එකී... (එහෙම කිවට ලොකු එකියෙක් වෙන්න ඇති ) හි හී... මේ කතාව කියවලා ඒත් කමෙන්ට් නොකරපු කට්ටියකුත් හිටියා කියලා මම දන්නවා. අද එහෙම කෙනෙක් උන ඔයා දීපු මෙ කමෙන්ට් එක මට බොහොම වටිනවා.. ගොඩක්ම ස්තූති ඔයාට

      Delete
  16. හරිම ලස්සනයි අක්කේ. ඇස් වලට කඳුලුත් ආවා. එක දිගට ඔක්කොම කියෙව්වා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති වර්ණා ගොඩක් අය මේක එක හුස්මට කියවනන් ඉවර වෙනකන්ම බලන් හිටියා

      Delete
  17. මැදදි කතාව බොළද වැඩියි කියලා අතහැරලා දාන්නත් හිතුනා. ඒත් අගට යනකොට ඒ අදහස වෙනස් උනා. කතාව ඉතාම හැඟීම්බරයි.
    …තව දියුනු කරන්න පුලුවන් තැන් මෙ කතාවෙ තියනවා.

    …අවවාදයයි : හින්දි පිචෑර් බලන එක අඩු කරන්න

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ජෝන් අය්යේ කතාව කියවල අදහස් සහ උපදෙස් දුන්නට, අත ඇරලා නොදා කියවපු එකනම් අනේ මට ගොඩක් වටිනවා. හැබැයි ඕං මම මේ දවවල හින්දි නෙවෙයි කොරියන් පිච්චැර් තමා වැඩි හරියක් බලන්නෙ හි හී

      Delete
  18. කියන්න මොකුත් නෑ අක්කෝ...මගේ ඇස් දෙකේ තියන කදුළු ඔයාට හැමදේම කියයි.

    ReplyDelete
    Replies
    1. මුකුත් කියන්න ඕන් නෑ තරූ... ඔය ඇස් වල තමා මගේ කතාවේ සර්ථකත්වය

      Delete
  19. කාලෙකින්ද මන්ද බැලුවේ.. හින්දි පික්චැර් එකක් වගේ ;)

    ReplyDelete
    Replies
    1. අනේ කාලෙකින් හරි බලපු එක ලොකු දෙයක්

      Delete
  20. මම කියවපු දිගම ලිපි අතර එකක්ද කොහෙද?
    …හපොයි... කොහොමද මෙහෙම ලියන්න ඉගෙන ගත්තෙ? කුතුහලය, ආදරය, දුක, වේදනාව වපුරලනෙ හැමතැනම.

    …අද තමයි මුලින්ම දැනගත්තෙ සඳවතියෙකුත් ඉන්නව කියල. එහකොට පොඩි කිති කිතියකුත් නොතිබුනාම නොවෙයි. හප්පේ... ආපු ගමන්ම කොර උනා.

    …අනෙක්ව ටිකත් හෙමීට බලන්නම්. අපෙ සඳවතීට ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගනන්වා සඳ.... අනේ මේක ලිපියක් නෙවෙයි කොටස් වශයෙන් ගිය නවකතාව්ක හොදේ මුල් කොටසුත් බලලම මේක බැලුවනම් තේරෙවි.හනේ මොකෝ කොර උනේ... ඔන්න මම ලඟනම් බේත් නෑ ඕවට

      Delete
  21. mata mokawath kiyanna na akkkiyo... Oya apiwa adawanawa akkiyo... mechchara duka hithena vidiyata liyanne kohomada akki...
    (ART)

    ReplyDelete
    Replies
    1. ස්තූති ආටියෝ මෙහෙට ඇවිත්ම මේක බැලුවට

      Delete
  22. .............................................

    ReplyDelete
  23. ඔන්න කවියෝ බොලාගෙ දෙනුවන් අනුහස් ඉවර වෙනකන් තමා මං උන්නෙ ..ඉවරයි කියලා කිව්වම මං හිතුවා මේකි ටයිප්කරන්න තියන කම්මැලි කමට එහෙන් මෙහෙන් ඉවරයක් කරාද දන්නෙ නෑ කියලා එවුනාට කිසිම අඩුවක් නෑ කවියෝ..ඇත්තමයි හොද නවකතාවක් කියවද්දි වෙනවා වගේම මට ඇඩුනා ,හිනා ගියා අමුතුම ලෝකෙකට ගියා සුජීව ප්‍රසන්නාආරච්චි කැලේ.පාඨකයන්ගෙ හිත් ඇද බැද තබා ගන්න පුලුවන් කිසි අඩුවක් නැති හරි ලස්සන බාෂාවක් ඔයා ලග තියනවා කවියෝ,මාත් එක්ක පිස්සු කියවන එකීට ඉතින් මෙච්චර හපන් කමක් කරන්න පුලුවන්නෙ අප්පේ..කාටද ආඩම්බර, උබට ආයෙ කියන්නෙ නෑ කවියා ඉක්මනටම මේක ප්‍රින්ට් කරපිය.තව ලස්සන කතාවකුත් ලියන්න හැබැයි බොට එකක් කියන්න මං දන්නවා උබ මහම මහා කම්මැලිච්චියක් එහෙමයි කියලා කතා ලියන එක නැවැත්තුවොත් මං මොනා කොරයිද දන්නෙ නෑ බොට..
    කොහොම උනත් උනුසුම් සුබ පැතුම් බොලාගෙ පලවෙනි නවකතාව සාර්තකයි නෙමෙ අතිසාර්තකයි..උම්ම්මා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී නිශී ඉවසීමෙන් බලන් ඉදලා ඉදලා අවසාන උනාම එක හුස්මට කියෙව්වට. මේ කතාව සාර්ථක වෙන්න ඔයාලගේ දිරි ගැන්වීම් ගොඩක් බලපෑවා, ම්ම් තව කතාවකින් ආයෙත් අපි හමුවෙමුකෝ හොදේ

      Delete
  24. ලස්සනයි......

    සත්තකින්ම කඳුලි පිරුණා ඇස්වල.මේ තරම් සංවේදි නවකතාවක් කියවලා ඇස් වලට කඳුලු ආවේ සැමා අයියගේ සිතු කුසු කතාව කියෙව්වට පස්සේ.... මාරම ලස්සනයි අක්කේ ඒත් දුක වැඩියි.නොහිතපු දෙයක් වුනේ මං හිතුවේ තාරා ඇස් දීලා දෙනුවන් එක්ක ඉන්නවා ඇති කියලා....

    මීට වඩා කියන්න බෑ ජය වේවා අක්කේ

    ReplyDelete
  25. Replies
    1. ස්තූති මල්ලියෝ ඔයාටත්

      Delete
  26. පිස්සු හැදෙනවා කවී උබේ මේ කතාව කියවලා අඩන්න උනා මට පට්ටම ලස්සනයි බං.....
    මේ ඇත්තමයි උබට මේ කතාව ඉවර කරන්න වෙන විදියක් ඇත්තටම තිබුනේ නැද්ද? ආ ඇයි බං මේ මුලු බ්ලොග් එකට ආපු මේ කතාව කියවපු හැම එකාම මේක කියවලා අඩන්න ඇති.... කොහොම උනත් ලස්සනයි කවී ගොඩක් ලස්සනයි.... අපිට තව කතාවක් දීපන් ඉක්මනටම,,,,,,,

    (පුලුවන්නම් අපේ කතාවක් ලියපන් කියවන උන්ට හිනා වෙලාවත් මැරෙන්න)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හ්ම්ම් අප්පේ ඇති යාංතන් කියවලා කතාව.ඔව් ඔව් ඒ කතාවත් නවල් එකකට මරු බලමුකො පස්සෙ කාලෙක ලියන්න හී හී

      Delete
    3. ඔව්... ඔව් කවී වයසට ගියාමවත් කියවන්න ලියපන්,,,, මොකද තාම කතාවේ උච්චතම හරිය යන්නේ... ඒක නිසා ඉවසලා බලන් ඉදලා බලපන්,,,, :) :) අනෙ මන්දා..!!! අයියෝ සල්ලි.@@@@

      Delete
  27. Kavi meka harima lassanai kelle, ikmanata thawa ekak denna hode

    ReplyDelete
  28. athi sarthaka nirmanayak kawi..man meka thun paarakata wada kiyeuwa.e hama paarama aduwa.hamadaama hithuwath comment karanna adai comment ekak daanne.aththamai kawi meka print karala hamotama kiyawanna denna.oyata nawa nirmaana kirimata hitheewa kiyala man prarthana karanawa....

    ReplyDelete
  29. අම්මේ... මම කාලෙකින් බ්ලොග් බලන්න ආවේ.. ආපු ගමන් නතර වුනේ අක්කගේ බ්ලොග් එක ලඟ. අනිත් ඔක්කොම බ්ලොග් පෝස්ට් අත් ඇරලා කෙලින්ම ආවේ අන්තිම කොටස බලන්න. මම කියපු එක හරි එහෙනම්. දෙනුවනුයි කවිතිට ඇස් දුන්නේ... ඒත් මම හිතුවේ නෑ දෙනුවන් මැරිලා කියලා... හරිම දුකයි අක්කියෝ.. ඇත්තමයි. ඒත් ලස්සනයි...

    ReplyDelete
  30. හරිම තාත්වික අනුෙව්දනීය කතාවක්. මට අහම්ෙබන් කියවන්න ලැබුෙන. ටිකක් විෙව්කව ඉන්න ෙවලාෙව ෙමානවහරි කියවන්න තිෙයයිද කියල ගූගල් ඒෙක් ෙහව්ව. කාව්‍යා කියන ඔයා කව්ද කියල මම දන්ෙන නැහැ. හැබැයි ඔයා මෙග අැස්වලට ෙගාඩක් කදුලු ෙගනාව. හැමදාම ෙම් විදිෙහ ඒ්වම ලියන්න ඒපා ඒතෙකාට කියවන අපිට දරන්න අමාරු ෙවයි.

    ෙ ෙම් කාෙග් හදවතද ? Who's heart is this. would like to know if possible.

    ෙෙඔයාට ෙගාඩක් ස්තූතියි.
    මම මෙහ්ෂ් ෙපෙර්රා Mahesh Perera

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ කතාව උඩට ඇවිත් තියෙන නිසයි බැලුවේ එතකොටයි මේ කමෙන්ට් එක දැක්කේ , බොහොම ස්තුතී කතාව කියවලා අදහස් දැක්වීමට

      Delete
  31. අන්තිම එකත් ඉවරයි.....මෙක එක හුස්මට කියෙව්වා....ඇහැට කඳුලක් ආවා

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.