සඳට බැළුම් හෙලූ අය

Jul 4, 2012

ආසයි මට ඔබෙ පතිනිය වෙන්නට ......





උයා රස මසවුලක් සෙනෙහසින්
දල්වලා පහන් පැල බැතියෙන්
අඳුර මැදින් ඔය රුව දැක ගන්නට
දොරකොඩටම වී මග රැක ඉන්නට

වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන
විඩා නිවන තුරු හිස අතගානට
පුංචි හාදුවක් නළලට දෙන්නට
උණුසුම් ආදර වදන් කියන්නට

තොරක් නැතුව පෙම් බස් මුමුණන්නට
නිමක් නැතුව මුඳු හාදු පුදන්නට
සොදුරු ලොවක සුබ සිහින දකින්නට
මුළු රැයක්ම ඔය ළයෙහි නිදන්නට

ඉඳහිට දබරව තරහා වන්නට
ආයෙත් දඟ කොට සිනා නගන්නට
ලෝකෙම ලස්සන මං ඔය නෙතින් දකින්නට
හැම සසරක ඔබ මගේම වෙන්නට

දුක සැප එක ලෙස සමව විදින්නට
බාදක මැද ජීවිතය දිනන්නට
අත්වැල වී ඔබ ළඟින්ම ඉන්නට
මියෙන තුරා ආදරේ කරන්නට

" ආසයි මට ඔබෙ පතිනිය වෙන්නට ''


සතියකින් බ්ලොග් එකට මුකුත්ම ලිව්වේ නෑ.හරිනම් මම මේ වෙනකොට ලියන්න ඕනේ දෙනුවන් අනුහසේ පසුවදන. ඒත් මේ දවස්වල හිත ටිකක් කළබලයි.අලුතින් මුකුත් ලියන්න හිතෙන්නෙම නෑ.ඉතින් හිතුවා මම කලින් ලියපු කවියක්වත් දාන්න ඕනෙ කියලා බ්ලොග් එක පාලුවට යන නිසා.ඔන්න ඉතින් මේක ඒ දවස්වල අරයටලු ලිව්වෙ හොදේ.දැන් ඉතින් මේ ප්‍රර්ථනා ඉටු වෙලා





53 comments:

  1. ලස්සනයි ..

    'සොදුරු ලොවක සුබ සිහින දකින්නට
    මුළු රැයක්ම ඔය ළයෙහි නිදන්නට'

    මේ ටිකට තමා මම ආසම! :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් ආසම ඒ ටිකට තමා

      Delete
  2. ෂාහ් මෙන්න පතිනියෝ. මේ වගේ පතිනියෝ ලබන්න ස්වාමි පුරුෂයෝ පින් කරලා තියෙන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මගේ හබියනම් වාසනාවන්තයි

      Delete
  3. සුබ පැතුම් මගෙනුත් ලස්සන කවක් ........

    ReplyDelete
  4. මමත් හොයන්නේ මේ වගේම කෙනෙක් නම් තමා, නැද්ද මේ වගේ වෙන කෙනෙක් ?

    ReplyDelete
    Replies
    1. හි හී කීප දෙනෙක්ම මගෙන් ඇහුව මට නංගිලා නැද්ද කියලා වෙලාවට නංගියෙක් නෑනේ මට

      Delete
  5. ඔහොමම හිතෙන තවත් අය ඉන්නවලු
    ලස්සනයි කාවෝ.

    ReplyDelete
    Replies
    1. කවුද අප්පේ ඒ අනිත් කෙනා හි හී

      Delete
  6. ලස්සනයි අක්කියෝ..වාසනාවන්..

    ඔන්න බනින් එපා
    මේකට එතකොට අර ඔයා අයිස් ක්‍රීම් කාලා එයාට කොටු දෙන එකත් අයිති වෙනවද?
    ඔන්න දැන් ඔයා බැන්නත් බට්ටිට ඇහෙන්නෙ නැතිලු,.....

    ReplyDelete
    Replies
    1. ශ්ශ්ශ්... කෑ ගහන්න එපා වදේ... ඒවත් මේ ආදලේට කරන දෙවල් තමා

      Delete
  7. මේ වගෙ හීනයක් නැති කෙල්ලෙක් නැතුව ඇති.... ඇත්තටම මමත් හරිම ආසයි මේ කවි පන්තියට.. ඒ වගෙම මෙ කවි පන්තිය මගෙ ජීවිතෙට ලං කරගන්ටත්.......

    ReplyDelete
  8. එක හරි ලස්සන සිතුවිල්ලක්...මම හිතන්නේ ඔනේම කෙල්ලෙක්ගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් නිම්ශා මේ හීනේ අද මම හැබෑවටම විඳිනවා

      Delete
  9. අන්තිම කොටස දකිනකම් මම ඉතින් බොට හිතින් බැන බැන උන්නේ

    ඇයි යකෝ බැන්දටත් පෙස්සේ මේවා දාන්නේ සැකයි මට බොලා ගැන දැන් සුදු ඇත් පොව්වෙක් වගේ ඒවා නේද දාන්න ඕනේ (ක්ලිනික් යන වැඩ කොහොමද හරියට වෙනවා නේද මොනාද මේ දවස් වල කන්න හොද බත් එක්ක එවන්න ඇහුවේ හරිය කව්යියෝ

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලෙ තියෙන එක ඇත්තක්ද.. ;)

      Delete
    2. හි හී තාම සුදු ඇත් පැටව් පේන්න ගත්තේ නෑ ලක්ස්..හරි හරි කන්න ආස ඒවා ලිස්ට් එකක් මම ඒ කාලෙට එවන්නම් හොදේ

      Delete
    3. මේ ලක්ස්ට පිස්සු සිත් රූ... එයාට ඉක්මනට මාමා කෙනෙක් වෙන්න ඕනෙලු ඒත් මට හදිස්සියක් නෑ

      Delete
    4. ඇත්තද කියලත් අහනවා පළමු අවුරුද්ද ඉවර වෙනකම් බලං උන්නා දැන් එක් ඉවරයි ඔන්න නිවුන්නුලු හම්බෙන්න ඉන්නේ (නිල නොලත් ආරංචි තමා ඉතින් කව්‍යියගේ සත්තලන් කිවුවේ මට )

      Delete
  10. එහෙනම් ඔන්න අපිත් සුභ පතනවලු හොදේ... :)

    මේක පෙන්නන්න ඕන මගේ වෙන්න වයිෆ්ට... ;)

    ReplyDelete
  11. දුක සැප එකලෙස සමව විදින්නට
    බාදක මැද ජීවිතය දිනන්නට
    අත්වැල වී ඔහු ළඟින්ම ඉන්නට
    මියෙන තුරා ආදරේ කරන්නට

    සඳවතියට වාසනාවන්..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති සිත් රූ.... ඒ වගේම ඔයාටත්

      Delete
  12. කවි පන්තිය නම් හරිම ලස්සනයි අක්කියෝ....

    සිත් අහස එළිය කරන්න සඳවතියට මගෙනුත් සුභ පැතුම්..!!

    ReplyDelete
  13. ආ.. එහෙනම් මෙයා ආසාව ඉෂ්ටකරගෙන නේද?
    අර අවුරුද්දකට කලින් කියපුව ඉතින් හැමදාටම වලOගුයි නේද?
    එහෙනම් වාසනා වේවා කිව්ව!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් අදටත් තව ඉස්සරහටත් මුලු ජීවිත කාලෙටමත් මෙවා වලංගුයි

      Delete
  14. අම්මේ....කෙල්ල පෙරුම් පුරලා තියෙන තරමක්...!!! ලිවිල්ල නම් සුපිරි කව්යෝ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මෙහෙමත් පෙරුම් පිරිල්ලක්... ස්තූති බුවා

      Delete
  15. //දැන් ඉතින් මේ ප්‍රර්ථනා ඉටු වෙලා අවුරුද්දකුත් වෙලාලු හොදේ.//

    එහෙනම් වෙන මොන කතාද නේ?ලකී නෙ ඔයා.. :)
    ඒක නෙමේ ඔයා වගෙම නංගිලා නැද්ද?මාත් හොයනව ඔයා එයාට ආදරේ වගෙ මට ආදරේ කරන කෙනෙක්ව.........

    ReplyDelete
    Replies
    1. හය්යූ නංගිලා නෑ ඉන්නෙ අක්කියෙක් තමා හි හී

      Delete
  16. අච්චිගේ රේද්ද?

    උයා රස මසවුලක් සෙනෙහසින්
    දල්වලා පහන් පැල බැතියෙන්
    අඳුර මැදින් ඔය රුව දැක ගන්නට
    දොරකොඩටම වී මග රැක ඉන්නට

    දන්න තරමින් මේ වයිපරේ ගෙදර නැ.. ඉන්නේ හස්බන්ඩා ගාවා මුරකරගෙන. මොකද හස්බන්ඩා බලන්න ලස්සන කෙල්ලො එනවා. ගෙදර කුස්සියේ තියෙන තුන පහ බොතලේ පුස් කලා. මොකද උයලා දෙන්නේ නැ. කඩෙන් කන්නේ..

    වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන
    විඩා නිවන තුරු හිස අතගානට
    පුංචි හාදුවක් නළලට දෙන්නට
    උණුසුම් ආදර වදන් කියන්නට

    වැඩ ඉවරවේලා එ අහිංසකයාට කරන්න වැඩ කොටියක් තියෙනවා, රේදි හොදන්න ගේ අස්පස් කරන්න. කොහොමත් එ වේලාවට උනුසුම් වදන් නම් ඇහෙනවා. එත් ආදර වදන් නම් නේමේයි..

    තොරක් නැතුව පෙම් බස් මුමුණන්නට
    නිමක් නැතුව මුඳු හාදු පුදන්නට
    සොදුරු ලොවක සුබ සිහින දකින්නට
    මුළු රැයක්ම ඔය ළයෙහි නිදන්නට

    කොහොමත් ඇදට යනකම්ම ඔය කටෙන් කියවේන එවා.. මේ ටවුන් එකම දන්නවා. එ අහිංසකයා මහන්සිවේලා ඇදට හරි එන්නේ රැට ජොලියේ ඉන්න පුලුවන් වේයි කියලා. කොහේද දුක තමයි රංජනි කියලා මේන්න ආදර බිරිද කුනු කෙල පෙරාගෙන දොයි.. අයියො අසරණ හස්බන්ඩා

    ඉඳහිට දබරව තරහා වන්නට
    ආයෙත් දඟ කොට සිනා නගන්නට
    ලෝකෙම ලස්සන මං ඔය නෙතින් දකින්නට
    හැම සසරක ඔබ මගේම වෙන්නට

    කොහොමත් මේ ගොනාට මේ කරත්තේ තව ආත්ම 7ක් අදින්න වේයි..

    දුක සැප එක ලෙස සමව විදින්නට
    බාදක මැද ජීවිතය දිනන්නට
    අත්වැල වී ඔබ ළඟින්ම ඉන්නට
    මියෙන තුරා ආදරේ කරන්නට

    මේහෙම කියලා තමයි කුරැල්ලා වගේ හිටපු කොල්ලාව දපනේ දාගත්තේ.. එත් අද වෙනකොට මේවා කොච්චර ඇත්තද කියලා අහල පහල උදවිය දන්නවා...

    -----------------------------------------------------------------

    මොනවා වුනත් කවියො ඔයාගේ නිර්මානයනම් ඕනම කොල්ලෙක්ව අල්ල ගන්න පුලුවන් හොද නිර්මානයක්...

    මේ කෙන්ති ගන්න එපා මගේ හෘදයාගම විවේචනයට.. ඔක්කොම හොද කියලා තියෙන එකේ මට හිතුනා ඇත්ත පහදලා දෙන්න...

    ReplyDelete
    Replies
    1. පූ උබ කොහෙද යකෝ යන්නේ ?????/

      Delete
    2. මොකද යකො බේරිහන් දෙන්නේ..

      Delete
    3. හය්යූ මට හිනාව නවත්ත ගන්න බෑ මම මේකට පස්සේ උත්තර දෙන්නම් පූවෝ

      Delete
    4. Pooh ඉහි ඉහි ඉහි බොලා මට ගහපු මඩ වලට හිටුකෝ හෙට හම්බුනොත් දෙන්න රිටන් එක

      Delete
  17. ආව්........ ආදරේ වෑහෙනවා..:D

    පසු වදන ඉක්මණින් ඕනෙ....:/

    ReplyDelete
    Replies
    1. හරියෝ ඉක්මනටම දෙන්න බලන්නම් හොදේ

      Delete
  18. ගොඩාක් ලස්සනයි කවි අක්කේ හැමදාම වගේ. ඒ ආශාව දැන් ඉතින් ඉහටත් උඩින් ඉෂ්ටවෙලා ඇති මයේ හිතේ... සුභ පැතුම් අනාගතේටත් හොඳේ

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූති මල්ලියෝ...

      Delete
  19. කවි අක්ක මරු කවිය

    ReplyDelete
  20. දොරේ ගලන ආදරේ ..ලස්සන කවිය..
    පළමු වතාවට තමයි මේ පැත්තට ආවේ ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූති පැමිණීමට සාදරෙන් පිළිගන්නවා

      Delete
  21. ආදරේ කරන්න ගත්ත දා ඉදන්ම හැම කෙල්ලෙක්ගෙම හීනෙ නේද කවියා,,
    බොට නම් ඉතින් මාර හැපිනෙ හීන හැබෑවුන නිසා ,, මගෙ හිතට ගොඩක් ලං වුන කවියක් මේක

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...