සඳට බැළුම් හෙලූ අය
Mar 9, 2012
දෙනුවන් අනුහස....ප්‍රථම සජ්ජායනාව
ඉතිං මා සිහි ලදිමි. ඒ පැය හෝ දින ගණනාවකට පසු විය යුතුය. මට කිසිවක් නිනව් නොවේ.මම දෙනෙත් හරින්නට වෙහෙසුනෙමි. එහෙත් කලු පාට අන්ධකාරය මිස කිසිවක්ම නැත.මා මේ සිටින්නේ කොහේද...... මනස වෙහෙසවා කොහේ හෝ තැනක් ආවර්ජනාකර ගන්නට මම වෙහෙසුනෙමි.කවුරුන්ම හෝ මා අසලම සිටිනා බව මට යම් යම් චලනයන්ගෙන් දැනේ. ඒත් ඒ කවුද.......?
" Good Morning සර් "
එක වරටම නුපුරුදු ගැහැණු හඩක්...
" Good Morning සිස්ටර් "
ඒ පිලිතුරු හඩ....කාගෙද... දෙවියනේ සුදු අයියා.......
" සර් අද ගොඩාක් සතුටින් නේද..."
" ඔව් සිස්ටර්... මම පුදුම සතුටින්..."
" ඔන්න ගොඩක් දවසකට පස්සෙ අද සර්ට සර්ගෙ නෝනව හිතේ හැටියට බලා ගන්න පුලුවන් "
" මම ඒ මොහොත එනකන් නොඉවසිල්ලෙන් මේ බලන් ඉන්නෙ "
" බය වෙන්න එපා සර්.. හැමදේම හොද විදියට සිද්ධවේවි... සර්ගෙ වයිෆ් හිටියටත් වැඩිය ලස්සනට ඉඳීවි.. මගේ සුබ පැතුම් සර්..."
"තෑන්ක්ස් සිස්ටර්... ඔයාලා කරපු උදව් අපි කවදාවත් අමතක කරන්නේ නෑ..."
අදහන්න මසිත නැවතුණි. යාන්තං හුස්ම වැටෙන්නට ගත්තා පමණි මට මේ ඇසෙන්නේ මොනවාද... මම හොස්පිට්ල් එකක... සුදු අයියා මගේ ළඟ... මම එයාගේ වයිෆ්...දෙවියනේ... මේ සේරම ඇත්තනම් මම එතකොට මැරුනේ නැද්ද... දෙනුවන්... එතකොට මගේ දෙනුවන්... එයා කෝ...? මහා හඩින් හඩා වැටෙන්නට.. ඇදෙන් බැස කොහේ හෝ දිව යන්නට.. ඔළුව කොහේ හෝ හප්පා ගෙන මේ එන්න දඟලන මතකය නැවත මරා දමන්නට මට සිතේ.
එහෙත් මම සංසුන් වීමි. දෙනුවන් ඔබ කොහේ හෝ නිදුකින් වසනවා ඇත.කළබල කර මේ සියල්ල උඩු යටිකුරු කල නොහැක.එසේනම් මා සංසුන් විය යුතුමය. මම නිසොල්මන්ව අතීතය වෙත පියමං කරමි. මා සිහි ලද බව මගේ ළඟම සිටින සුදු අයියා හෝ දැනගන්නට මත්තෙන් මා ඒ අතීතයේ සිත් සේ සැරි සරමි .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ සෙනසුරාදාවකි. හැමදාමත් මෙන් අද ද මා පරක්කුය. තාරා.. මා මිතුරිය මේ වන විට ඇමතුම් දෙකක්ද SMS හයක්ද එවා අවසානය.
" මම උඹට තව විනාඩි 5 ක් දෙන්නම් .. ආවේ නත්තං මම යනව "
මා පරක්කු වන හැමදාමත් ඇය ඔහොම කියා මට තර්ජනය කරයි. එහෙත් කවදාවත් මා දා තනිව නොයයි.
" අදත් කොල්ලන්ගේ සූ පාරවල් මැද්දේ පංතියට යන්න උනොත් බලපන්කෝ මම උඹට කරන දේ "
ඇගේ බරබරය මැද්දේම මම දඩිබිඩියේ ඇද ගතිමි.අහස් නිල් ඩෙනිම් කලිසමත් සුදු පැහැ ටී ෂර්ටයත් ඇද රතු පැහැ රබර් සෙරප්පු යුවළ පය ලා ගතිමි.මේ ඉතින් මගේ ලේසිම ප්‍රියතම ඇදුමය.
" සුදු දූ.... මේ බත් කටක් කාලා යන්න දරුවෝ... කිරි එකත් තාම මෙතන ඇල් වෙනවා.."
" පරක්කුයි අම්මා.... තාරා ටවුන් එකට ඇවිත් දැන් ගොඩාක් වෙලා..."
" ඔයා හැමදාමත් ඒ කෙල්ලව රස්තියාදු කරනව සුදු දූ... කවදද ඔයා වෙලාවට වැඩක් කරන්න පුරුදු වෙන්නේ...?"
" කොහෙද ඉතින් බලන්නකෝ අම්මා... මට ඕනේ නැති වෙලාවටනම් මෙතන්ට වාහන පෝලිමක් අරන් එයි..ඒත් මට ඕන වෙලාවට කෝල් කරලවත් කට්ටිය ගෙන්න ගන්න බෑ.."
මා මේ නෝක්කාඩු කියන්නේ අනුහස් අයියා ගැනය.
" ඒක යස කතාවක්නෙ.. සුදු පුතා ඉන්නේ ඔයාගේ ඩ්‍රයිවර් වැඩේ කරන්නද ? අනික ඉතින් එයාට පුළුවන් කමක් තිබුනනම් කොයි ලෝකේ හිටියත් ඒවි නල්ල මලේ නෑනා පොඩ්ඩ කැන්දන් යන්න.."
එයනම් සැබෑවකි. ඔහුට බැරිම අවස්ථාවක මිස ඔහු මා කී දෙයක් ලේසියෙන් පැහැර නොහරී.නැත්තම් මේ වෙනකොට අනුහස් අයියා ඉගිල්ළී හෝ එනවා සිකුරුය. අම්මාට වැද ඇගේ මුහුණට හාදුවක් තවරා මා අඩියට දෙකට ගේට්ටුව ලඟට දුව විත් පාරට පැනගතිමි.අදනම් තාර පැටියා මාව ඉතුරු කරන එකක් නෑ කනේ පුළුන් ගහන් තමා ඉන්න වෙන්නේ.
උත්තරා... මගේ අතිජාත මිතුරිය... දුකේදීත් සැපේදීත් එක වගේම ළඟ රැදෙන දයාබරම හිතැත්තිය.... ඇය සිහිව මට සිනහ නැගේ.දැන් ඇති සුදු මූණ ජම්ඹු ගෙඩියක වගේ රතු කරගෙන...ඒ මුහුණ මව මවා මම තවත් අඩිය ඉක්මන් කලෙමි.
දඩාස්.... මා මෙන්ම කළබලෙන් වේගයෙන් ආ කෙනෙක් එක පාරටම මගේ දකුණු උරහිසේ වැදී මා ආ පස්සට අඩිදෙක තුනක් විසිවුණි. මගේ අත රැදි පොත් පෑන් මහ පාරේ සී සී කඩ විසිරුණි.ජර මර අස්සේ බර කරත්ත කිව්වලු. හැපුණ එකා මොකා උනත් අදනම් මගෙන් අහ ගන්නව හොද හින්දුස්ථාන් වලින්. මම මගේ හිතටම එහෙම හිතා ගෙන නෙත් ඔසවා බැළීමි.
අදහන්න... මගේ උගුර කට පවා වේළුණි. කියන්නට ආ බොහේ දේ මුව තුලම සිරවී අගුල් වැටුණි.කඩවසම්.... බොහෝ කඩවසම් උත්තුංග දෙහදාරී තරුණයෙක් මා නෙත් අභියස විය.ඒ ඇස් මගේ ගැහැණු හිත සසල කරවන තරම් අසාමන්‍ය ලස්සනකින් යුක්ත විය.කොල්ලෙකුට මෙච්චර ලස්සන ඇස්.......?
"සොරි.... මම ඔයාව දැක්කේ නෑ...."
ඔහුගේ හඩින් මා හිරි වැටී ගියේය.සිහි ලද ඇසිල්ලේ මම ඒ නෙත් වලින් මා නෙත් ඉවතට ගතිමි.විසිරී ගිය පොත් පෑන් ටික හනි හනික අහුලා ගත් මා ආපසු හැරී නොබලාම දිව ගියෙමි.තාරා නැවතුම ලඟ මා එනතුරු නොඉවසිල්ලේ බලා හිදී.හැල්මේ දුව ගිය මා ඈ ළඟ නැවතී හති අරින්නට වීමි.මට වචනයක්වත් කතා කරන්නට ඉඩ නොතියා නැවතුමට ආ බසයකට තාරා මාවත් ඇදගෙන ගොඩවිය. මට තවමත් හති වැටේ.
" මෝඩි... පරක්කු වුනයි කියල ඔහොමත් දුවන සිරිතක් තියෙනවද උදේ පාන්දර කුලප්පු වෙච්ච වැස්සියෙක් වගේ...."
ඇය කියවයි. මම සිනාසීමි... හති දම දමා සිනාසීමි.
" කවී.... පිස්සුද උඹට... මේ උදේ පාන්දර මහසෝනා දැක්කද උඹ..."
" ඔව් බං දැක්කා... හැබැයි මහසෝනා නෙවෙයි.... "
" එහෙනං මොකාද දැක්කේ..."
" ජෝන් ඒබ්‍රහම් වගේ හැන්ඩි පොරක්... එයා මගේ ඇගේ හැප්පුණා..."
" ජෝන් ඒබ්‍රහම්.... ආච්චිගේ රෙද්ද.."
තාරා මට රවයි.
" නෑ සීයගේ සරම..."
මමද ඇයට රවා කීමි. තාරාට සිනා නැගුණි. මටද සිනා ආවේය.
" කියපං කවී මොකෝ උනේ..."
" පස්සේ කියන්නම් බං... පේන්නේ නැද්ද මම තාම හති අරිනවා..."
මම දෙනෙත් පියා ඒ රුව නැවත මවා ගතිමි.සැබැවින්ම ඔහු ඉන්දීය සිනමාවට ඔබින තරම් ජේත්තුකාරයෙකි.ඒ අසාමාන්‍ය දිගු නිල් ඇස් මිහිපිට කොහේවත් මින් පෙර මා ජීවමානව දැක නැත.ඒ ඇස් කෙල්ලෙකුට පිහිටියානම් මොනතරම් ලස්සන වේවිද... මං ලඟ ඉන්න බාබි ඩෝල්ගේ ඇස් දෙක වගේමයි... ඒ බෝනිකි ඇස් දෙක ගැන මහා ලෝබ කමක් මට දැනුණි.මට මං ගැනම සිනහ නැගේ. මේ කොහේවත් යන ඇස් දෙකක් ගැන මමත් හිතන දෙවල්.
පංතිය අතරමැද ලැබෙන කෙටි විවේකයේදී මම තාරාට සියල්ල පැවසීමි. සිදුවූ දේ අසා ඇය මහා හඩින් හිනැහිනි.
" හරි කියපං බලන්න දැන් ඌ උඹේ කොහෙද හැප්පුනේ..."
මම ඇයට මගේ දකුණු උරහිස පෑවෙමි.
" හොද වෙලාවට..... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් මොන දෙයියන්ට කියන්නද.. පව් ... උඹ එහෙනං..."
ඇය ඇසක් වසා ඉඟිමරා දිව යන්නට විය. ඇගේ නොහොබිනා කතාව මට වැටහුනේ ඇය සිනා සිසී දිව යද්දීය.
"පිස්සී...උඹනම් දැන් ගානට වැඩී හොදේ..."
මමද සිනා සිසී ඇය පසුපස දිවගියෙමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
" අනේ තාරා මගේ ෆෝන් එක.... "
වෙනදා වගේම ක්ලාස් ඇරෙන කිට්ටුව අනුහස් අයියාට කෝල් කරන්නට මතක් වෙන තුරුම මට මගේ දුරකතනය ගැන සිහියක් නොවීය.මට දෙලෝ රත් විය.එය උදේ පාරේ වැටෙන්නට ඇත. පොත් දෙක තුන අහුලාගෙන දුව ආවා මිස මට එය මතකයට ආවේම නැත.
" අනේ තාරා මං ඉවරයි... සුදු අයිය ෆෝන් එක අරන් දීල මාසයක්වත් නෑ.. අනේ අපරාදේ.... මං ආසයි ඒ ෆෝන් එකට..."
" කොහෙද ඉතින් උඹ මහසෝන දැකල වගේ දුවගෙන ආවේ මෙලෝ සිහියකින් නෙවෙයිනෙ..බලපං අත ගාලා උඹේ අවයව සේරම තිබ්බ තැන් වල තියෙනවද කියල.. නැත්තං ඒවත් මහ පාරෙද දන්නෙ නෑ..."
" අනේ විහිළු නෙවෙයි බං .. මං දැන් සුදු අයියට මොනවද කියන්නේ..."
" අපි ගෙදර යන ගමන් ඔය කන්ටේනර් දෙක හැප්පුනයි කියන තැන පොඩ්ඩක් විපරම් කරලා බලමු හෝඩුවාවක් දැනගන්න පුලුවන්ද කියල "
ඇයට හැමදේම විහිළුය.
" වැඩක් වෙයිද තාරා...? "
" මෙතන ඉදන් පේන බලන්නේ නැතුව අපි ගිහිල්ලම බලමු බං.. අනික කොහොමත් උඹ එතන පහු කරන් යන එකනෙ...ම්මත් එන්නම් උඹ එක්ක අද..."
" අනේ ෂෝක් ..... තාරා.... ඔයා...
මම පැන ඇය බදා ගතිමි.
" මේ ..මේ... ඔය බටර් වැඩක් නෑ... මට නාන්න ඕනෙ... දවල් කෑම ඕනෙ... හැන්දෑවට මාව ගෙදර ගිහින් ඇරලන්නත් ඕනෙ හොදේ..."
" හරි හරී ... සුදු අයිය ආවම අපි රෑට ගිහින් බස්සන්නම් "
" අම්මේ.... මගෙ දෙයියො... ඔය තියෙන්නෙ... අන්න එහෙම වරෙන්කෝ..... උම්....මා..."
ඇය දෙතොල් උල් කර හාදුවක් සුළගේ පා කර එවයි.
පංතිය නිම වූ සැනින් අප වෙනදා නැති කඩි කුලප්පුවකින් පංතියෙන් එළියට පැනගතිමු. එසේ නැතිනම් මේ වේලාවට සමුද්‍රදේවී පාරෙන් එලියට එනවා බොරුය.නුගේගොඩ හංදිය තෙක් අපි පිම්මේ ඇවිද ආවෙමු.තාරාත් මමත් කොහුවල තෙක් ඇවිද ගොස් පිළියන්දල බසය ගත යුතුය.වෙනදානම් මේ ටික පයින් යාම අපිට වගක් නැත .P n S එකෙන් මොනවා හෝ බී පාර දිගේ තියෙන කඩ සාප්පු වල තොරොම්බල් බල බල යන්නට අඩුම තරමින් පැය බාගයක්වත් ගතවේ.
" අනේ තාරා... මටනම් බෑ මේ ටික පයින් දුවන්න... අපි ට්‍රයිශෝ එකක යමුකෝ..."
" උඹේ මොලේ කචල්ද කවී...බලපං ට්‍රැෆික් එක..අපිට දහ පාරක් කොහුවලට පයින් යන්න පුළුවන්.."
එයනම් ඇත්තකි.මේ වේලාවට ත්‍රිරෝද රියදුරන්වත් කොහුවලට යාමට පැමිනෙන්නේ නැත.මම මූණ බෙරි කරගෙන තාරාගේ අතක එල්ලුණෙමි.
කොහුවල තෙක් හති දම දමා හැල්මේ දුව ආ අප යන්නට ඔන්න මෙන්න කියා තිබි බසයකට නැගතිමු.
" හ්ම්.. බහිනකම්ම වාඩි වෙන්නනම් හම්බෙනවා බොරු... කෝ දියං පොත් ටික..."
තාරා මගේ පොත් කීපයද උදුරගෙන ඇගේ පොත් සමගම අසල වාඩි වී උන් ඇන්ටි කෙනෙකුට දුන්නේය. බසයෙන් බහින තුරුම අපට වැඩි කතාවකට ඉඩ හසර නොලැබිණි.ඒ තදබදයෙන් මිදෙන්නට අපි දෙදෙනාම පහසුවෙන් අල්ලා සිටින්නට ඇති තැන් සොය සොය එහාටම මෙහාට වූ නිසය.
හංදියෙන් බසයෙන් බැසගත් තාරාත් මමත් ළහි ළහියේ ඉදිරියට ගියෙමු. උදෑසන ඒ සිදුවීම වූ තැන කිට්ටු වෙද්දී නුහුරු තිගැස්මක් මසිතට දැණුනි. තාරාට වෙනසක් නොපෙන්නා මා හාත්පස බැළීමි.
" නෑ නේද කවි...."
" හ්ම්.... නෑනේ තාරා..."
" මෙචචර සෙනග ගැවසෙන තැනක ඕක මෙච්චර වෙලා තියෙන්න විදියක් නෑ බං... කවුරු හරි ඇහිදන් යන්න ඇති..."
මටද එසේ සිතී සිතට දුක දැනේ.මම ඒ දුරකතනයට බෙහෙවින් ආසා කලෙමි.ඒ අනුහස් අයියාගෙන් තිළිණ ලද නිසාම නොව එය ඒ තරමටම හුරුබුහුටි වූ නිසාය.මෙතන කරකැවී තවත් වැඩක් නැතැයි මට සිතේ.
" අපි යමු අනේ.."
එසේ කියා මා තාරාගේ අතින් අල්ලා ඉදිරියට අඩියක් තැබුවා පමණි.ඒ බෝනිකි නිල් ඇස් අපේ පෙර මඟ බලා සිටිනවා ම දුටිමි. සත්තයි.... අසාමානය සීතලකින් මහිත වෙවුළුම් කන්නට විය.තාරාගේ අත වැරෙන් මිරිකාගෙන මා එහෙමම නැවතුණෙමි.මගේ වෙනස දැක ඇය වහා ඉදිරිපස බැලීය.උදෑසන ඔහු ගැන මා කල වර්ණාව නිසා ඈ සැනෙන් ඔහු හදුනා ගන්නට ඇත.
" අඩ්ඩඩ්ඩා.... පිස්සු හැදෙන සඳ.... බොලිවුඩ් වලින් කඩන් වැටිච්ච තරුවක් වගේනෙ බං මූ... මට දැන්නේ තේරෙන්නෙ උඹ උදේ ඉදන් කරකවල අත ඇරිය වගේ හිටියේ මේ ඇස් අස්සේ අතරමං වෙලා තමා එහෙනම්....."
තාරා පිස්සුවෙන් වාගේ දොඩයයි.
"ඒයි... කවී... මොකෝ මේ කරන්ට් වැදිල වගේ.... යමං බං අපි ගිහින් කතා කරමු..."
එහෙත් අපිට හිතන්නටවත් ඉඩක් නොතියා ඒ ඇස් මගේ ඇස් සමාන්තරව විත් නැවතුණි.මා වෙව්ලා ගිය තරම්.
" මේ ෆෝන් එක ඔයාගේ නේද...? "
මගේ ජංගම දුරකතනය පෙන්වා ඔහු මගෙන් ඇසීය.විශ්වාස කරන්න... ඒ හඩ ඈත සංසාරයේ කොහේදී හෝ මා අසා ඇති හඩක් මෙන් හෘදයාංගමව මා සවන් විනිවිද ගියේය. ඔව් කියා උත්තර දෙන්නට තියා හිස වනා එය පිලිගන්නට තරම්වත් සිහියක් මට නොවීය.මා වෙනුවට තාරා ඉදිරිපත් විය.
" අනේ.... තෑන්ක්ස්...මේ ෆෝන් එක නැතිවෙලා ඇති කියල මෙයා ගොඩක් දුකින් හිටියෙ....අපි මේ යන ගමන් මෙතන නැවතුනෙත් පොඩ්ඩක් හොයල බලන්න.."
තාරා එසේ කියා අත දිගු කර ෆෝන් එක ඔහු අතින් ගත්තේය.
" අඩෝ.....ව්........... දෙනුවනයා.... "
ඇසිල්ලකින්... මහා හඩින් කෑ ගසමින් ආ කොළු රැළක් අපිව වට කර ගති.
" උඹ අපිවත් හලලා ආවේ මේකටයි එහෙනම් ආ....."
" අම්මටහුඩු... මෙයාද එතකොට අද උදේ උඹේ ඇගේ හැපුණයි කියපු සුරංගනාවී..."
" ශා.... මරු මරු... සුරංගනාවිට ඇසිස්ටන් කෙනෙකුත් ඉන්නවා වෙලාවට ..."
ඔවුන් නා නා ප්‍රකාර දේ කෑ ගසමින් කියවයි.මම විලියෙන් රතු වීමි. එහෙත් තාරාටනම් වගක් නැත.
" ආ.... මෙයා ඔයාලට කිව්වේ සුරංගනාවියෙක් ඇගේ හැපුණයි කියලද.... හැබැයි කවී නම් මට කිව්වේ ජෝන් අයියද කවිද එකෙක් ඇගේ හැපුණා කියලා..."
තාරාද ඔවුන්ට දෙවෙනි නොවන බව මා අද්දැකීමෙන්ම දනී.ඉතින් එය එසේම විය. ඇයද හරි හරියට කොලු රැළ හා දොඩවයි.මා එකම වදනක්වත් නොදෙඩුව මුත් මේ වන විට ඔවුන් තාරා හා බොහෝ කුලුපගු වී හමාරය.තාරා ඔවුන් සමග බොහේ අදහස් හුවමාරු කර ගන්නවා මට ඇසේ.මා හිමිහිට නෙත් එසවීමි. මා සිතූ සේම ඒ ඇස් මදෙස බලා සිටී.දෙනුවන්..... එතකොට ඔයාගෙ නම දෙනුවන්......ඒ නුවන් වලට ගැලපෙන අපූරුම නම.හදවතේ ගැඹුරුම තැනක මා ඒ නම සීරුවට සටහන් කරගතිමි.
" ෆෝන් එක බලන්න... ඔයාගේ සුදු අයියගෙන් Missed Call 68ක් තියෙනව... SMS සුත් 30ක් විතර ඇති.එයාට කතා කරන්න ඉක්මනට... නැත්තන් එයා බය වෙයි..."
දෙනුවන් හැමටම ඇහෙන්න කෑ ගසා මට කීය.මට මහා ලැජ්ජාවක් දැණුනි.දෙවියනේ මේ දඩබ්බරයන් SMS කියවූවාවද්ද.
" ආ... ආ.... කවුද සුදු අයියා කියන්නේ..... ආ....
දඟ කොළුවෙකු මගේ ළගටම විත් විමසයි.
" එයාද... එයා තමා අපේ කවී ගෙ පණ....."
තාරා වගක් නැතුව කියා දැමීය.මම කොලු රැළ ඉස්සරහ මහා අපහසු තාවයක්ට පත්වී සිටියෙමි.
" හා...නේ.... ඔයා අන්සතු මලක්ද මෙයා..... පව්...... අපේ දෙනුවනයා..
ඔවුන් මොන මොනවාදෝ කියනවා මට හීනෙන් මෙන් ඇසේ.මම ඒ ඇස් දෙස හොරැහින් බැළීමි.හිතුවකාර නිල් ඇස් යාන්තමට රතු වී ඒ සුදු මූණ තිගැස්සෙනවා මා දුටිමි.අහේතුක දුකක් මසිතට දැණුනි.
" අපි යමු මචං.... "
අහලකවත් පේන්න නොතිබි මහා කළබලයක් මවාගෙන දෙනුවන් යන්නට ඉස්සර විය.
" අපි එහෙනං යනව මචීල ... ආපහු සෙට් වෙමුකෝ දවසක හොදේ... අපි ඉන්නෙත් මේ ඒරියල් එකමනෙ...දෙන්නටම සීයූ කිව්වා එහෙනම් ඔන්න..."
එසේ පැවසූ කොළු රැළද දෙනුවන්ට එකතු විය.තාරා සිනා සී ඔවුන්ට අත වැනීය.
" පිස්සු පූසො ටිකක්නෙ බං... මොනවා උනත් මෑන් හොද එකා නේද...මග රැකල ඉදලම ෆෝන් එක දුන්නනේ..."
" අනේ ඔව් තාරා මම ෆෝන් එකෙ ආසවත් අත ඇරගෙන හිටියෙ.."
" ඔක්කොම හොදයි අරුන් අනුහස් අයියව ඇදිල ආවම කියපු කතාව තමා මට දිරවන්නෙ නැත්තෙ..."
තාරා මගේ වැලමිට කොනිත්තමින් කට කොනකින් සිනා සිසී එසේ කීය. ඔවුන්ගේ දාංගලේත් විකාර කතාත් සිහිව මා මුවටද සිනා නැගේ.
" දැන්නම් මෙතන කැකිරි පලනව.. උඹ ඌට කට ඇරල Thanks කිව්වෙවත් නෑ මී හරකි..."
ඒ මදිවාට තාරා මට බැන වදී.ඇත්තටම මම එසේ කල යුතුව තිබුණා නොවේද...ඒත් .. ඒ ඇස් ලඟ මා ගොළු වූ තරම්....මේ ජීවිතයේ නැවත ඔහු කෙදිනකවත් මුණ නොගැසීමටද පුළුවන.මට මහා පසුතැවිල්ලක් දැණුනි.
~~ මතුසම්බන්ධයි ~~
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
අනේ හරිම ලස්සනයි. ෂෝයි. මේ මෙගා එකක් කියවන්න පටන් ගත්තමයි. අද වැඩ අඩුයි ඒක නිසා කියවන්න පුළුවන් වුනා. අනේ ඒත් දිගටම කියව්නන ලැබේ ද කියල නම් ෂුවර් නෑ.
ReplyDeleteමට මේ කතාවේ සමහර සිද්ධි නිකං අහලා දැකලා පුරුදුයි වගේ. අනේ මන්දා මට පිස්සුද නැත්නම් ගිය අත්මේ අහපු දෙයක්වත්ද?
(මම මුලින්ම කමෙන්ටුවක් දැම්මනේ අනේ කියවන්න කලින් එක වෙන්න. කෝ දැන් ඒක නෑනේ)
බට්ටි - ස්තූතී බට්ටී.... දිගටම කොහොම හරි කියවන්න පුලුවන්නම් ඔයාට. මම ඉක්මනට ඉක්මනට කොටස් ටික දාන්න ඉන්නෙ.හරි හරි ඔයා තමයි එක.
ReplyDeleteakkii hariam lassanata liyala.. sujeewa paradainee bolee.
ReplyDeleteඊළඟ කොටසත් බලලා ඉමුකො
ReplyDeleteතරු අහස - ස්තූති තරු මල්ලි.... අපොයි මාව එයාටනම් සමාන කරන්න එපා.හික්ස්
ReplyDeleteවර්ණා - ඉක්මනට අනිත් කොටසත් දෙන්නම් යාළු
ලස්සන කතාවක්.ආයෙත් මුල ඉදන් කියවන්න ඕනේ...
ReplyDeleteහරිම ලස්සන කතාවක්.... භාෂා භාවිතය නම් හරිම අපුරුයි..
ReplyDeleteසුබ පැතුම්! :DD
ශෝක් කතාවක් අක්කේ.. පලවෙනි වචනේ ඉදන් අන්තිම වෙනකන් කතාවක් මම කියවලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්.. ඒ කියන්නේ ඉතින් මේ කතාව කොච්චර දිග උනත් මම කියවනවාය කියන එක.. හැබැයි පරක්කු කරන්නනම් එපා අක්කේ ලියන්න..
ReplyDeleteබ්ලොග් එකත් අළුත් කරලා තියෙන්නේ.. ලස්සනයි..
අඩේ මට මතකයි...මේ කවි අක්ක කියන්නේ මම බෝලාගේ ඇගේ හැප්පුණු දවසේ කතන්දරේ නේද?ඔන්න බලහන් බෝලාගේ ඇස වහ වැදිලා දැන් මම කන්නාඩි දානව...
ReplyDeleteකවි අක්කගේ කතාවක් මම කියවපු පලවෙනි වතාව...හුස්ම නොගෙන කියවන්න පුළුවන් අක්කි මුල ඉදලම..ඉතුරු කොටසත් ඉක්මනටම දන්නා..ගොඩාක් ලස්සනයි...ඔයාගේ හැකියාව නං මාරයි..ඉක්මනටම පොතක් එළිදක්වන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
kawi godak lassanai..oya liyana onima deyak hithata wadinna danenna liyanawa...meka kiyawaddi matath mage pasal kale mathak una..
ReplyDeletedigatama liyanna kawi..ikmanata ithuru kotasuth denna.oyaata suba pathanawa.
මට කියන්න තියෙන ඔක්කොම මට කලින් බලපු උන්ටික කියලා.... දැන් මම මොනාද කියන්නේ...
ReplyDeleteමේ වගේ ලස්සන කතා නිර්මාණය කරන්න යොධබල යොධ විර්ය ලැබිලා.. කම්පිතර් එකට කොටන්න ඇගිලිවලට පට්ට ශක්තියක් ලැබේවා... කියලා දැන් මල ගිය ඇත්තන්ට පිං දෙන්න...
පුංචි කුමාරිහාමි - ස්තූතී යශෝ
ReplyDeleteIce (අයේෂා කුලතුංග) - ඔයාටත් ගොඩක් ස්තූති අයිස් දිරි ගැන්වීමට
Dinesh - ඉක්මනටම කතාව දෙන්නම් දිනෙශ් මල්ලි. ඔව් පොඩ්ඩක් ලස්සන කලා දැන් හොදයි නේද
සිම්බා මලයා - හානේ මම හිතුවා ඔයා මේක කලින් කියවන්නත් ඇති කියලා වෝල් එකෙදි
tweety -මම දන්නවා ඔයා බල්න් ඉන්නේ නොකියවපු කොටස් බලන්නනේ ඉක්මනටම නේද. හලි හලි ඉවසන්න මම දෙන්නම්
Pooh - ස්තීතී පූවෝ...
අම්මද බොල කාව්‍යාගෙද සිරා කතාව..
ReplyDeleteජය !
sAm (සෑම්) - හ්ම්.... මගේ තමා..... ස්තූති
ReplyDeleteඅනේ ඇත්තමයි කවී කියන්න වචන නෑ ඔයා ලස්සනම ලස්සන කතාවක් ලස්සනම ලස්සනට හිතට වදින්න ලියනවා..දිගටම ලියන්න කවියෝ.. කවද හරි ජනප්‍රියම නවකතාකාරියක් වෙනවා ඔයා,, ඒක නම් ෂුවර් ..
ReplyDeleteහ්ම් හරිම ලස්සනයි කාව්‍යා.. තවත් ලස්සනට ලියන්න.. ඔයාගෙ භාෂා භාවිතය හරිම ලස්සනයි.. ඒකට මං ගොඩක් කැමතී..
ReplyDeletenishi -ස්තූති නිශී
ReplyDeleteඅයන්ති පියුෂානි - ස්තූති අයන්ති ඔයාටත් දිගටම මේ පැත්තට එන්න කියල ආරාධනා කරනව
දිනේශ් අයියාගෙ ලින්ක් එකෙන් මේ කතාව මුල ඉදන්ම කියවන්න කියලා හිතුනා. ඇත්තටම හරිම ලස්සනයි!! මේ කතාව මට බොක්කටම වැදුනා. මේ කතාව, මේ පසුබිම, පරිසරය මට හුඟාක් සමීපයි!! හුඟාක් හේතු නිසා..
ReplyDeleteහිතුවක්කාරි
ReplyDeleteමේ මටත් කවදාවත්ම අමතක නොවන පරිසරයක් හිතූ. මේ කතාව ලියද්දී මම මේකේ ජීවත් වෙනවා වගේ මට දැනෙනවා
පලවෙනි එක ඉවරායි..........
ReplyDeleteහා නියමායි
Delete