සඳට බැළුම් හෙලූ අය

Apr 24, 2012

තුරුළු වෙමි... නෙතුපියා... සීතලට....





සීතල නුවර එළියට ආයෙමත් සැළලිහිණි වසන්තය උදා වෙලා
මුලු නුවරම එකම සැනකෙළියක් වගේ
ලස්සනට ඉර එළිය වැටිල තිබුණ
පරිසරයම හිටි හැටියේ අඳුරු වෙලා
මහ වරුසාවක් කඩාගෙන වැටුණ.....
ඒ මහා වරුසාවත් එක්කම ඔයා මගේ හිතට
ගොඩ වැදුනෙත්
හදිස්සියේ නොකියාමයි......

මහා පිරිවරක් මගේ වටේ උන්නත් ඔයා නැති අඩුව
මේ කාටවත්ම පුරවන්න බෑ රත්තරං....
සැහැල්ලුව විනෝදය පැත්තකින් තියල
මේ හීතලේ කොහාට හරි ගුළි වෙලා
මට ඔයා ගැන හීන මවන්න හිතෙනව....
කඳුකරේ හීතලට හිරි වැටුන ආත්මය
උණුහුම් කරන්න අනේ... ඔයා මගේ ළඟින් උන්නානම්...

තුරඟ තරග පිටිය ළඟ
පුංචි අවන්හලේ සීතළ ඇගිලිතුඩු දවටාන
දොඩමළු වෙන්නට තිබුණා...
හෝර්ටන් තැන්නේ මහරත් මල් ගහකට මුවා වෙලා
ඩිංගිත්තකට ඔය පපුවෙ උණුහුමට ගුළි ගැහෙන්න තිබුණ...
හීතල කඩා හැලෙන පහළ මිටියාවතේ
නමක් නොදන්න කහ පාට මල් යායේ
ඔය අතේ පැටලිලා දඟ කරන්න තිබුණ...

අනේ... රත්තරං ...
මේ අළු පාට මීඳුමේ පා කරල
උණුසුම් හාද්දක්වත් මට එවනවද...
මේ හීතල...මේ පාළුව...
මේ තනිකම...දරාගන්න බෑ..
සත්තයි...

ප/ ලි .... මීට වසර තුනකට පමණ පෙර නුවර එළියේ ග්‍රෙගරි වැව පාමුළ පුංචි ගල් බංකුවක සිට දින පොතේ කුරුටු ගෑවකි.

16 comments:

  1. මම හොදට පර්යෙෂන කරලා නිගමන වලින් හොයාගෙන තියෙන්නේ.. ආදරයේදි කාන්තාවකට පිරිමියාව ඕන වෙන්නේ සිතල වේලාවට විතරයි.... හොද වේලාවට ඔයා නුවර එලියේ ගියේ.. හංබන්තොට වගේ ගියානම්.. තියෙන රස්නෙට ඔයාට හාදු නේමේයි කුණු හර්ප තමයි මතක් වෙන්නේ.... අයියො ඔයාගේ හබියා..

    ලස්සනයි කව්යෝ... මට මතක විදිහට ඔයා ඔතැනටම ඊට අවුරැදු 2කට පස්සේ වගේ ගියා නේද? ඔය හාද්ද ගන්න... මම දැක්කා...

    ReplyDelete
  2. Pooh අයියෝ මට හිනා අනේ ඔයාගේ කොමෙන්ටුව කියවලා....හී හී මටනම් හැමතිස්සෙම ඕන වෙනවා ඒත් සීතල වෙලාවට වැඩියෙන් ඕන වෙනවා ඒකයි වෙනස. හි හී.... ඔව් ඔව් එතනටම ගියා.. ඒ යනකොට ඔයත් ඇවිල්ලා හිටියනේ මම දැක්කා

    ReplyDelete
  3. නියමයි. එක එතකට කෙල්ලෝ සේරගෙම හිත් එකමද මන්දා?

    ReplyDelete
  4. බට්ටි - අනේ මංදා සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා බට්ටි

    ReplyDelete
  5. උඩම තියෙන කමෙන්ටුව දැකලා මම කියන හිතුන ටික නොකියා ඉන්න හිතා ගත්තා... :)

    ඒක නෙමෙයි අක්කේ කෝ කතාව??

    ReplyDelete
  6. Dinesh - ඇයි දිනේශ් මල්ලි පූට වගේ ඔයාටත් ප්‍රශ්නයක් තියෙනවද සීතලයි ගෑණි ලමයි සම්බන්දව? දෙන්නම් දෙන්නම් මේ ටිකේ කතාව මහ හැරුනා යාපනේ සංචාරය නිසයි අවුරුදු නිසයි ඊලගට දෙන්න ඉන්නේ කතාවෙ ඉතුරු කොටස

    ReplyDelete
  7. ලස්සනයි..
    ඇත්තටම මටත් මේ දේවල් මේ විදියටම හිතිලා තියෙනවා..බලන් යද්දි ගැහැණු ලමයි හැමෝම මේ වගේ.. :)

    ReplyDelete
  8. ගොඩක් ලස්සනට ලියන තියනවා, හැබෑට ගෑනු ළමයි මෙහෙම හිතනවද අප්පා අක්කේ. :)

    ග්‍රේගරි වැව බලන්ඩ පුංචි සන්දියේ ගිහින් තියනවා. නුවර එලිය කියන්නේ මට නම් ගුප්ත නගරයක්.

    ReplyDelete
  9. සිත්රූ සිහින - ම් එකනේ.... කොහොමත් ඔයා ලියන විදියට මම ආසයි ඒ මගේ හිත කියලත් වෙලාවකට මට හිතෙනවා

    ReplyDelete
  10. පැතුම් [සිතුම් පැතුම්] - අනේ මටනම් නුවර එලිය බොහොම ප්‍රේමණීය සුන්දර නගරයක්

    ReplyDelete
  11. මේ දවස්වල වැස්ස නිසා සීතලට කියල මම හිතුවේ :)

    ජය !

    ReplyDelete
  12. sAm (සෑම්) - ම් ඔව් වැස්ස වගේම මේ ඉතින් නුවර එළියේ වසන්ත කාලෙනේ ඒකයි මේක දාන්න හිතුවේ

    ReplyDelete
  13. නුවරඑළිය ගැන කියද්දී දැනුත් එහෙ යන්න හිතෙනව.. ගිය අවුරුද්දේ යාළුවො සෙට් එකක් එක්ක ගියා... පට්ට... අපේ දෙන්නෙක්ට කෙල්ලො සෙට් උනා.. :D :D

    ReplyDelete
  14. මාතරේ - හි හී එහෙමද...

    ReplyDelete
  15. කියවන්න share කරන්න...........

    සිංහලයා නසන "නොලිමිට්" ටොපිය...

    බහුතර සිංහලයන්ගේම තුට්ටු දෙක හූරා කමින් සිංහලයන් මතම යැපෙන Nolimit නැමති මුසල්මානු ‍ව්‍යාපාරය "සිංහල අකුරක්වත් නැති, අරාබි බස සහිත කැලැන්ඩර බෙදමින් සිංහලයාගේ කනේ පැහැරුවා මතකද? දැන් ඔවුන් අතගසා ඇත්තේ ඊටත් වඩා සිය ගුණයකින් භයානක කූට සැළසුමකටයි.

    මේ අවුරුදු සමයේ බුරුතු පිටින් මේ වෙළදසැල් ජාලය සමග ගණුදෙනු කරන සිංහල පාරිභොගිකයන් ඉලක්ක කර ගනිමින් නොමිළේ බෙදා දෙන ටොෆී වර්ගය ගැන ඔබ දන්නවාද? "මෙදා සැරේ උන් සිංහලයාට ලබා දෙන්නේ අමුතුම "ටොපියකි". මේ ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් රසායනිකය ගර්භණි වූ මාතාවන්ටගි කළලය ගබ්සා කරවීමේ හැකියාව ඇත. කුඩා ළමුන් සදහා මෙය කිසිසේතම සුදුසු නොවන අතර වකුගඩු හා අනෙකුත් ශරීර අවයව වලට හානි කිරීමේ හැකියාව ඇත. එවැනි අහිතකර රසායනික අඩංගු රස කැවිලි සිංහලයාට නොමිළේ කවන්නේ කුමන අරමුණකින් දැයි සිතා බලන්න.

    ReplyDelete
  16. chatu - බොහොම ස්තූති චතූ දැනුවත් කිරීමට

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...