සඳට බැළුම් හෙලූ අය

Jul 12, 2012

පිරිමි ඇසකින් ගැලූ කඳුළක්.....





උඹ දන්නවද කෙල්ලේ... මම තාමත් දුකින්... ඒ දවස ගැන මම කොහොම ලියල කියල පහදන්නද....මම දන්නවා මටත් වැඩිය උඹේ ගෑණු හිත ඉකිගහනවා ඇති.ආදරේනම් දුකක් තමා ඒත් අපි මේ තරම්ම අවාසනාවන්තයො කියලනම් මම දැන ගත්තෙ එදා ඒ මොහොතෙ.උඹ දන්නවද...? මගේ ජීවිතේ ලස්සනම සහ කාලකන්නිම දවස එදා.
උඹේ ගෙවල් වලට යන ගුරු පාරේ දිගට දාපු සුදු කොඩි දකිනකන්ම මම මේ යන්නෙ උඹේ තාත්තගෙ මළගමට කියන එක මට ඒ තරම් හිතට දැනුනේ නෑ.ඇත්තටම මම හිටියෙ සතුටින් ඒ මම මගේ ආදරේ මගේ ඇස් දෙකෙන් සජීවීව දකින පළවෙනි දවස අද නිසා.අපි හමුවුනේ සයිබර් අවකාශයේදි... උඹ හිටියෙ සීතල රටක... මම ලංකාවෙ... ඒත් අපේ ආදරේ ලස්සනට ගලාගෙන ගියා... අවුරුද්දක්... ඔව් මේ වෙනකොට ඒ ආදරේට අවුරුද්දක්..කවදා අපිට අපිව දකින්න පුලුවන් වෙයිද කියල නිශ්චිත දවසක් නැතුව කාලය ඔහේ ගෙවෙද්දි හිතුවෙවත් නැති විදියට උඹට ලංකාවට එන්න උනා... ඒ හදිස්සියේ උඹව දාලා ගිය උඹේ ආදරණීය තාත්තගේ මිනියත් අරගෙන.

                          බලපං අපේ දෛවයේ හැටි... කලුඳුලේම අපි හමුවෙන්නෙ මළගෙදරක... ඒකත් උඹේම තාත්තගෙ...අපි ගැන උඹේ ගෙදරින් දැන ගෙන හිටපු නිසාත්... මට උඹේ ගෙදරින් අකමති නිසාත් ඒ මොහොතේ මගේ සහභාගීත්වය මොන අතකට පෙරලෙයිද කියල මම තියා උඹවත් දැන ගෙන හිටියෙ නෑ.
ඒත් මම ආවා... හදවත් මොන තරම් ගැහුණත් ... ඉස්සරහ මොන තරම් අපැහැදිළි උනත්...සිතුවිළි මොන තරම් අවිනිශ්චිත උනත්..මම ආවා... හයියකට කියලා තිබුනේ මාත් එක්ක මගේ ළඟම හිටපු යාලුවෝ ටික විතරයි.
                      
ඉතින් එහෙම ආපු මට උඹේ ඇස් හමුවුණා... සුද ඇදගෙන ශෝක වෙන වැලපෙන සීයක් දෙසීයක් සෙනග අස්සෙ අපි අපිව දැක්කා...අවස්ථාව මොක උනත්... වට පිටාව මොක උනත්... අපේ ඇස් කුලුඳුලේ එකිනෙක ගැටුණ ඒ එකම තත්පරය තමා මගේ ජීවිතේ අමරණීයම අවස්ථාව...අනේ ඒ මොහොතෙ මට දැණුන දේවල් ළඟින් වාඩි කරන් උඹට කියන්න තිබුණනම්...එකම වචනයක් හරි කතා නොකරත් ඔය ඇස් දිහා ඔය මූණ දිහා විනාඩියක් දෙකක් බලන් ඉන්න තිබුණනම්...ඒත් මම වගේම උඹත් දන්නවා අපි ඒ තරම් පින් කරලා තිබුනේ නෑ. අපේ පළමු හමුව අපිට ඕන විදියට ලස්සන කරගන්න තරම් අපි වාසනාවන්ත උනේ නෑ.
ඒත් මට පුලුවන් සැනසෙන්න.. අඩුම ගානේ උඹව දකින්න හරි ලැබුනනේ කියලා හිත හදාගන්න...ඒත්.. ඒත්.. එතන සිද්ධ උන සමහර දෙවල් මම හරි අමාරුවෙන් දරාගත්තෙ බන්... සමහර දෙවල් පිරිමි හිතකට උහුළගන්න බැරි තරම් උනා...උඹේ සනුහරේ එකෙක්වත් ඇවිත් මා එක්ක කතා කලේ නෑ හැමෝම අමුතු සතෙක් දිහා බලනවා වගේ බල බල හිටියා මිසක්.මම ආවේ උන්ගෙන් උඹව උදුරන් යන්න නෙවෙයි... උඹ එක්ක තනිවෙලා පෙම් සුව විඳින්න නෙවෙයි...මම ආවේ සාමාන්‍ය විදියට අවමගුල් උත්සවයකට.මට අකමැති එක වෙනම ප්‍රශ්නයක් ඒත් ඒක මෙතනට අදාලත් නෑ.මරණෙකදි මගුලකදි තරහකාරයොත් එකතු වෙනවා හරි මනුස්සකම ඒ වෙලාවට උන්ව කොන් කරන එක නෙවෙයි.ඒ වෙලාවට නැති මනුස්සකං ආයේ වෙන කොයිම වෙලාවකවත් වැදගත් නෑ.උන් එකෙකුට හරි තිබුනා අපි ආපු එකේ ගෞරවයවත් තියන්න වචනයක් දෙකක් කතා කරන්න.උන් කලේ ඒක නෙවෙයි උඹටත් අපිත් එක්ක කතා කරන එක තහනම් කරන එක. ආගන්තුක තැනක අහසින් කඩං වැටුණ වගේ අපි පැය ගානක් උඩ බලං පුටු රත්කර කර හිටිය. සත්තයි අතරමඟදී නැගිටල එන්න හිතන වාර අනන්තයි.ඒත් උඹ දන්නවද මම ඉවසුවා උඹ නිසා.මම හැම තිස්සෙම හිතුවෙ මුකුත්ම නැති මට මේ ටිකත් ඇති නේද කියලා.
මම දන්නව උඹේ තාත්ත ආදරණීය තාත්ත කෙනෙක්.මේ වියෝව දරාගන්න උඹට තව කාලයක් යාවි.උඹට නැති උනේ ජීවිතේට තිබුණ ලොකුම හයිය.උඹ කවදාහරි මම ගාවට එනකං උඹට තිබුණ ලොකුම හව්හරණ.අනිත් අය පොලවෙ හැපි හැපි අඬද්දි උඹ අන්තිම වෙනකන්ම කඳුළු ගල් කරගෙන හිටියෙ ඇයි කියල මම දන්නව.උඹට ඕන උනා උඹ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනගේ උරහිසට හේත්තු වෙන්න... ඒ පපුවට තුරුල් වෙලා දුක දියවෙනකන් අඩන්න...උඹ හිතපු ...බලපොරොත්තු උණු ඒ ටික උඹට දෙන්න බැරුව මම හිතින් ඉකිගහපු තරම් උඹ දන්නෙ නෑ කෙල්ලෙ...

                  අන්තිම වෙනකං දරන් උන්නු උඹ සුසාන භූමියට යනකන් මග දිගට සිහිසුන් වෙවී වැටෙන එකම පාරක්වත් මට උඹ ලඟට එන්න ඉඩක් තිබුනේ නෑ.මට පේන්න එතන වීරයො වෙන්න ගොඩක් අය හිටිය..උන් දන්නවනම් අපි ආදරේ කරපු හැටි උන් අපිට මෙහෙම කරන්නෙ නෑ බං.උන්ට මට අකමැති වෙන්න තියෙන එකම හේතුව අන්තර්ජාලයෙන් දැන අදුනා ගත්ත එක කියන එක මොන තරම් විහිලුවක්ද බං...?අවුරුද්දක් තිස්සෙ මම කලේ බොරුවක්නම් අද මම මෙහෙම මෙතනට එනවද... එකෙක් දෙන්නෙක් නෙවෙයි උඹේ මුලු නෑ සනුහරේ ඉස්සරහටම...?මට එහෙම එන්න හයිය තිබුනා.. ඒ මට මගේ ආදරේ විශ්වාස නිසා... මම උඹට ආදරේ කලේ ආපහු හැරෙන්න නෙවෙයි ඒක දවසක උන් තෙරුම් ගනීවි.

                         උඹේ තාත්තව කනත්තෙ පස් වලට යට කරනකනුත් ඈත ඉදන් බලන් ඉදල මං උඹට යනවවත් නොකිය එන්න ආවෙ හිතකින්නම් නෙවෙයි.උඹට යනව කියල කියන්න උඹ හිටියෙ සිහියෙන් නෙවෙයි.ඊට එහා මට එතන රැදෙන්න පුලුවන් කමක් තිබුනෙත් නෑ.
දැන් මට තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ ආයෙ උඹ යන්න කලින් එකම තප්පරේකට හරි ඔය මූණ බලා ගන්න ... සමහර විට ඒ වාසනාවත් අපිට අහිමි වේවි.... ඒත් කමක් නෑ... මං බලන් ඉන්නවා... දවසක උඹ ඒවි... මේ හැම බධාවක්ම බිඳගෙන... ඔය කොටු පවුරෙන් පැනල... අන්න එදාට අපි හිනාවෙමු.....උඹ දන්නවද එදාට අපි එක්ක අඬ අඬ හිනා වෙන්න තව ගොඩක් අය බලන් ඉන්නවා... ඉතින් අපිට කොහෙද තනියක්....

විශේෂයි - මෙහි ඇති අකුරක් අකුරක් වචනයක් වචනයක් පාසා සත්‍ය සිදුවීමකි.එකම වෙනස එයට මුහුණ දුන් පිරිමි පාර්ශවය මා වී ඔහුට හිතෙන දෑ මවිසින් ලිවීමයි. මෙහි එන යන බොහේ දෙනා මේ සිද්ධිය මා මෙන්ම ඇසින් දුටු අය වේ. ඇසින් නොදැක්කත් මේ දෙදෙනා අදුනන අයද වේ.ඒ හැම දෙනාම කමෙන්ට් පල කිරීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිවෙන අයුරින් කමෙන්ට් දැමීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලමි.

51 comments:

  1. වෙච්ච සිද්ධිය o3wall එකේ අපි හැමෝම දන්නවා අක්කේ..කවි අක්කා එදා මට මේ විස්තරේ කියද්දී වුනත් මගේ ඇගේ මාළු නැටුවේ එදා මේ වෙච්චා සිද්ධියේදී හිතක් පපුවක් නැති දේවල් වෙලා තිබුණු නිසා.අපි කෙනෙක්ගේ මලගේදරකට යන්නේ දුක බෙදාගන්න මනුස්සකමට මිසක් කෝන්තර පිරිමහන්න නෙමෙයි.එත් මනුස්සකමෙන් යන අපිට එතැනදී මනුස්සකම බෙදාගන්න කවුරුත් නැති උනොත් දැනෙන අසරණකම මේ වෙලාවේ එතන නොහිටියත් අපිට දැනෙනවා.දුක් වෙන්න එපා අයියේ අක්කේ..ඔයාල දෙන්නට අකුල් හෙලන ඔය මිනිස්සු හැමෝටම පෙන්න ඔයාලගේ ආදරේ දිනාගන්න.ඒ වෙනුවෙන් අපි හැමෝම ඔයාල දෙන්න එක්ක ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සිම්බා මලයෝ අපි හැමදාම එයාල එක්ක

      Delete
  2. මම එක. ඔන්න දැන් කියවන්න යන්නෙ

    ReplyDelete
    Replies
    1. හෆොයි එක නෙමේ. චාටර්

      Delete
    2. මොකද්ද රජෝ මේ පින්තූරෙ? මේ රජෙක්යැ. රජෙක් වගේ ඇඳන් ඉන්න හො‍ටු කොල්ලෙක්නෙ. මීට වඩා හොඳයි කොස් කොල තොප්පියක් දැම්මනම්

      Delete
    3. හයියූ.... මෙයාලගේ රණ්ඩු

      Delete
  3. මම දන්නෙ නෑ මේ කාවවත්. ඒත්, හිතාගන්න බැරි තරම් නපුරුයි මිනිස්සු. මොන දේ වුණත් ඒ දෙන්නට එකතු වෙන්න ලැබෙන්න මම ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  4. ''දවසක උඹ ඒවි... මේ හැම බධාවක්ම බිඳගෙන... ඔය කොටු පවුරෙන් පැනල... අන්න එදාට අපි හිනාවෙමු.....උඹ දන්නවද එදාට අපි එක්ක අඬ අඬ හිනා වෙන්න තව ගොඩක් අය බලන් ඉන්නවා... ඉතින් අපිට කොහෙද තනියක්....'' - අනිවාරෙන්!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් එයාලා හිනාවේවි දවසක අනිවා

      Delete
  5. කාවයියා උබ මට විස්තරේ කිවුවේ නැ කැතයි හරිය

    (උබලා දැන් මාත් එක්ක තරහා වෙලා නේද කමක් නැ උබලට හොදනම් මට මොකෝ

    හ්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම් පව් තමා මගේ අක්කිටයි අයියටයි

    ReplyDelete
    Replies
    1. කියන්න බොලා පේන්න ඉන්න එපැයි.....

      Delete
  6. මගුල් කපුවෙක් ලවා මනාලයින් මනාලියන් තෝරාගන්න එකේ වරදක් නැත්නම් අන්තර්ජාලයෙන් මුණ ගැහෙන දෙන්නෙක් ගැන එහෙම හිතන්නේ කොහොමද ? මිනිස්සු හිතින් මවාගත්තු පුහු ආකල්ප. කාව්‍යා අක්කේ. මේ කතාව ඇත්තක් කියල තියනවනේ. ඒක කියවන අයගේ හිතට වදින විදිහට සුපිරියට ලියල තියනවා. මොනදේ මොන විදිහට ඉවර වුනත් ඒ දෙන්නට ඉක්මනින්ම එකතු වෙන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් මල්ලි කොහොම කොයි විදියට ඇරඹුනත් අවංක ආදරේ දුර යනවා.

      Delete
  7. නියමයි කවී ඔයා එදා එතන ඉදලා හැම දේම හොදටබලංං ඉදලා තියෙනවා,,, අනේ මන්දා ඔයා කොහොම ඒ දේට මුහුන දුන්නද කියන්න,,, බටනම් ඕවා කොහොමත් බලන් ඉන්න බෑ... කොහොම උනත් මම දෙන්නවම දන්නවා.... මම හිතන විහියට,, අනිවා එයාලා දෙන්නාට එකතු වෙන්න පුලුවන් වේවි කියලා මට හිතෙනවා... අනික අන්තර්ජාලය හරහා කියවන්න පුලුවන් බලන්න පුලුවන් ඒවායෙත් නරක අසබ්‍ය දේවල් තියෙනවනේ,,, එහෙම එකේ හොද කොල්ලො කෙල්ලො නෑ කියන්න බෑ නේද?....

    ReplyDelete
    Replies
    1. මම බලන් හිටියා වගේම ඒ දෙවල් මගේ හිතට පුදුම විඳියට දැනුනා ඒකයි මේ තරම් අපූරුවට මේක ලියවුනේ.ඔව් අපි හැමෝගෙම පැතුම එයාලගේ සතුට තමා.ඒක දවසක් එයාලට ලැබේවි

      Delete
  8. අනේ මම නම් කවුද කියල දන්නේ නෑ..(අපි ඉතින් අලුත්නේ) කොහොම උනත් දුක් සීන් එකක්.දෙන්නට එකතුවෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... :)

    ReplyDelete
  9. හ්ම්ම් ගොඩක් සංවේදියි හොදක්ම වෙන්න කියල පර්තනාවක් විතරයි කරන්න පුළුවන් මට

    ReplyDelete
  10. එයාලගේ මේ ආදරේ නම් දවසක ජය ගන්නවමයි කියලා හිතෙනවා අක්කි..ඇත්තටම ලොකු හයියක් ඒ ආදරේ ඇතුලෙන් දැක්කා..ඒ මොහොතේ ඒ හිතට දැනිච්ච හැගිම් හුගක් අපුරුවට අක්කි ලියලා තියනවා....

    ඒ වගේම මමත් ප්‍රාර්ථනා කරනවා ඒ ලස්සන ආදරේ ජය ගන්නම කියලා..!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූති, ඔව් අනිවා එයලාට හොදක් වෙන්න ඕනේ ඒක තමා අපේ එකම පැතුම

      Delete
  11. මටනම් මුකුත් කියන්න තේරෙන්නේ නෑ අක්කේ.. අක්ක කිවුව අර නොදැක අවුරුදු දෙකක් ආදරේ කලා කිවුවේ මේ කතාවටමද?

    ReplyDelete
    Replies
    1. නෑ දිනේශ් මල්ලි, ඒ මගේ කතාව මේ ඒක නෙවෙයි මේක මගේ යලුවෙකුගේ කතාවක්

      Delete
  12. හතුරෙකුට වත් මෙ වගේ දෙයක් වෙන්න එපා.....

    ReplyDelete
  13. පව් යකඩෝ......

    ප/ලි දෙකේ සයිස් එක... ඇහැ කඩාගෙන ගියා

    කවී අක්කට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පව් තමා රජෝ මොනා කරන්නද... අයියෝ මෙ ආකුරු පොඩි කරන්න මම ට්‍රයි කොලා ඒත් බෑනෙ අප්පා

      Delete
  14. දුකයි අක්කේ
    ඔහුට නිවන් සුව අත්වේවා!!!
    සැබෑ ආදරේ දවසක ජයගනිවී

    ReplyDelete
  15. //ප/ලි දෙකේ සයිස් එක... ඇහැ කඩාගෙන ගියා//

    එකගයි රජාට...

    :)

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අනේ තාම පොඩි කරගන්න්න බැරි උනා

      Delete
  16. අනේ මන්දා කවී අක්කේ මේක කියවද්දි ඇග හිරිවැටුනා. ඒ දෙන්නා අදුනන්නෙ නැතිවුනාට ප්‍රාර්ථනා කරනවා එකතුවෙන්න ලැබෙන්න කියලා. ඒ කෙල්ල වාසනාවන්ත වෙයි මේ වගේ කොල්ලෙක් ලබන්න. 99% ම බොරුව රජකරන නෙට් ලෝකෙ ඒ කොල්ලා අනිත් අයට අදරේ කියල දුන්නා කියලයි මට නම් හිතෙන්නේ.
    ඒ අක්කා හෝ නංගි‍ට ...ඔයා යන්න කෙල්ලේ. මොන බාධකේ ආවත් යන්න ඒ ආදරේ තුරුල් කර ගන්න. කවී අක්කා අකුරු කරලත් ඒ ආදරේ දිග පලල අපේ පපවුට මෙච්චර දැනුනම් ඔයාට ඒ ආදරේ කොයි තරම් දැනෙනව ඇත්ද?ඇත්ටම වාසනාවන්තියක් වෙයන් ඒ ආදරේ ලබාගෙන.....

    ReplyDelete
    Replies
    1. ස්තූති බට්ටියෝ. ඔව් ඔව් බොරුව රජ කරන තැනක මේ ඇත්ත මගේ ඇ ස්වලට කඳුලු ගෙනාවා. තාමත් මට ඒ සිද්ධිය මැවි මැවී පේනවා. මට මෙහෙම දුකනම් ඒක අත්විදපු ඒ හිත් දේක් කොහොම විඳවනවා ඇද්ද

      Delete
  17. ඇත්තටම දුක හිතෙන අවාසනාවන්ත කථාවක්. පහළ නොකිව්වනම් ම්ම හිතන්නේ ප්‍රබන්ධයක් කියලා. මමත් මේකෙ කියපු අය කවුරුන්ද කියන එක දන්නෙ නෑ. ඒත් මමත් පතනවා නෑදෑ පිරිසට ඉක්මනටම යථාර්තය අවබොධවෙලා ඉක්මනටම ඒ දෙදෙනාට එක්වන්නට ලැබෙන්නය කියා...

    ReplyDelete
    Replies
    1. නැහ මේක ප්‍රබන්ධයක් නෙවෙයි. මේක ඇත්තම ඇත්තක්

      Delete
  18. හ්ම්... මොනවා කියන්නද මන්දා...

    ReplyDelete
  19. ඒ පපුවට තුරුල් වෙලා දුක දියවෙනකන් අඩන්න...උඹ හිතපු ...බලපොරොත්තු උණු ඒ ටික උඹට දෙන්න බැරුව මම හිතින් ඉකිගහපු තරම් උඹ දන්නෙ නෑ කෙල්ලෙ...

    බොක්කටම වැදුනා.. ඇස් දෙකට සිද්දිය දකිද්දි මේච්චර වැදුනේ නැ. මොකද මම මේ විදිහට හිතුවේම නැ.. ගෙට ගොඩවැදිලා හිනාවේලා හිටියා විතරයි කරේ.. එත් එතැන වාඩිවේලා හිටපු මුං දෙන්නා හිත ඇතුලෙන් කොච්චර විදවන්න ඇතිද? මට මුකුත් කියන්න තෙරේන්නේ කවියො... මොනවා වුනත් ඔයා වගේම අවසානේ සුභ වෙන්න කියල හදවතින්ම පතනවා.. හැබැයි මුන් දෙන්නාගේ මගුල් ගෙදර නම් මම යන්නේ නැ.. ඇයි බං යනවා යනවා ඉවරයක් නැනේ...

    මේ නගින කන්දේ පල්ලමක් තව ඉස්සරහට තියෙනවා කියලා මගේ හිත කියනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් ඒ වෙලාවේ අපි හිනා වෙලා හිටියට උන් දෙන්නා හිටියේ ගිනි ගොඩක ඒක මට දැනුනා.හි හී ඒකනම් ඇත්ත තමා ඇයි අප්පා එපා වෙනවනෙ යන්න ගියාම

      Delete
  20. මේ වගේ දෙයක් ගැන මොකුත්ම කියන්න හිතෙන්නේ නෑ..
    යහපත් අවසානයක් වෙන්න කියල විතරක් කියන්නම්..

    මෙන්න මේටික නම් සහතික ඇත්ත..
    \\මරණෙකදි මගුලකදි තරහකාරයොත් එකතු වෙනවා හරි මනුස්සකම ඒ වෙලාවට උන්ව කොන් කරන එක නෙවෙයි.ඒ වෙලාවට නැති මනුස්සකං ආයේ වෙන කොයිම වෙලාවකවත් වැදගත් නෑ.\\

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වෙලාවට නැති සුහද කම් ආයේ මොකටද

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. (Eagle)

      Kawiyo oya mede mehema liyapu eka gana godak sthuthi....... api hamoma ekathuwela gamanak giya eka pawule sahodarayo wage......api eda eka kale ape sahodarayath ara ahinsaka kellath wenuwen.... eda apahu enakota ape hithata danuna de ananthayi ewagema kiyala enna hithuna dewaluth ananthayi eth me kathawe lassana awasanayak wenuwen api hamoma e dewal hithe hirakaragena awa ....... dan api e lassana dawasa wenakan balagena innawa eda hithata apu duka wenuwata hitha pura dore galagena yana sathutak balaporothuwen..... eth e kisima deyak nisa neme sahodarakama wenuwen

      Delete
    2. ඔව් උකූ අපි යනකොට අපේ හිත් වල තිබුන සතුට එනකොට අහලාකවත් තිබුනේ නෑ,ඇත්තටම මටනම් කලකිරුනා ඒ මිනිස්සු ගැන . ඒත් අපි අපේ යාලුවා වෙනුවෙන් ඉවසුවා ඒක තමා එතනදි කරන්න පුලුවන් එකක දේ උනේ.අපි බලං ඉමු කාලායාට ඉඩ දීලා මේ කතාවේ හිනා වෙන්න පුලුව්න දවසක් වෙනකං

      Delete
  22. එදා අපි (පවුලේ අය කිවොත් වඩාත් නිවෑරදිය් නේද) ගිය මේ ගමනේදී සහබාගි උන පොඩිම කෙනා විදියට මට කියන්න තියෙන්නේ අපේ එදා ගිය කට්ටියම කියපුව තමයි .මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා අක්කටයි අය්යටි එකතු වෙන්න ලැබේව කියල .අපේ අනිත් අයත් එහෙමි හිතන්නේ ක්ක්යල දන්නවා .ඇත්තටම එදා අපිට දැනුන දේත් යයට දැනුන දේත් කොහොම ඇද්ද .අපිඅ පැත්තකට දාමුකෝ .යයට කොහොම දැනෙන්න ඇත්ද .

    ReplyDelete
  23. දුක තුනී වේවා කියලා තමා මට නම් කියන්නෙ වෙන්නෙ...

    ReplyDelete
  24. me adara kathawe aluthma thathwe denaganna asai... hemadema hodin wela athi kiyala hithanawa....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...