සඳට බැළුම් හෙලූ අය
Dec 4, 2016
ඕනෙම නෑ !
හිතින් හිත බැඳෙන්න අතින් අත අල්ලනම ඕනෙ නෑ..
බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න
ඇස් වලින් කතා කරන්නම ඕනෙ නෑ...
ආදරේ දැනෙන්න පපුවට තුරුළු වෙන්න
නළලට හාදු දෙන්නම ඕනෙ නෑ...
ආත්මගත බැඳීම් වලට නමක් තියෙන්නම ඕනෙ නෑ...
ඔයා ගැනම හීන මවන්න මට
ඔයාගෙන්වත් අවසර ඕනෙ නෑ...
අඩුම තරමෙ මම ඔයාට ආදරේ කියල
ඔයාට කියන්නවත් මට ඕනෙ නෑ...
ඒත්.... දන්නවද...
මං ඔයාට ආදරෙයි.... මහ හුඟක්...
Subscribe to:
Post Comments (Atom)
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...
කාත් කවුරුත් නොමැති හද දෙස ඈතකින් හිඳ බලාපූ
ReplyDeleteයාන් තමකින් වත් නොදී ඉඟි එහෙත් මගෙ හිත දවාපූ
ආත් මයක බැඳි සෙනෙහෙ වෙනුවෙන් කුමට නම් පද ගොතාපූ
මාත් විඳිනවා මෙමට ඇති පෙම තාම නුඹ මට නොකීපූ........
ශානි... ශානී.... එකකට එකක් නොදෙවෙනි මේ වගේ ලස්සන හැඟුම් කවි කරන්න තරම් ශානිට තියෙන හැකියාවට මගේ සුභ පැතුම්.
ජයවේවා!!!
ස්තූති දුමී ඔයාට නිතරම මේ දෙන දිරියට...
Delete//හිතින් හිත බැඳෙන්න අතින් අත අල්ලනම ඕනෙ නෑ.///
ReplyDeleteමේක නම් හරියට හරි ශානී :)
ම්ම්ම් ඔව් ඒකනේ.. ස්තුතී හීන දකින්නී
Deleteආදරෙයිනං මහ හුඟක්..
ReplyDeleteසිතිවිල්ලක්ම ඇති විඳගන්න ඒ ආදරෙන් බිඳක්..
ම්ම්ම් ඔව් ඉතින් මුකුත් නොකිව්වත් අදාල කෙනා මේව්වා තේරුම් ගත්තොත්...
Deleteඇත්තටමහරිම හැඟීම් බර කවි සිතුවිල්ලක් මටත් තිබුනා එහෙම ආදරයක් ඉවසල ඉවසල අන්තිමේදි මම වාසනාවන්ත වුනා ඒ ආදරය ලබන්න.
ReplyDeleteඉ
ම්ම්ම් එකනේ ඉතින් ඔයා කොච්චර වාසනාවන්තයිද.. සතුටුයි කටකාරි...
Deleteමට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..
ReplyDeleteමගේම වෙන්න නම් මගේ නොවී තියෙන එක අනිවාර්යයි.
හ්ම්ම්ම් ඔව් අහිමි වුන ඒත් හිමි වුන ආදරයක්
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete