සඳට බැළුම් හෙලූ අය
Jan 31, 2017
ඉසුරුමුණි පෙම්වතාට පෙම්වතියගෙන් !
රුවන්වැලි මහ සෑය වැදගෙන හමන මඳනල එක්කලා
තිසා වැව් දිය නගන හසරැළි අපේ සිත් මුසපත් කලා
ශූර රණකමි තෙජස් ගති ඇති කුමරු සාලිය එක්කලා
මමයි මාලා සැඩොල් කුලයේ අසම්මතයේ පෙම් කලා
හොරෙන් හමුවී උයනෙ රන්මසු ප්‍රේමයෙන් ආතුර වෙලා
උයන මැද පෙම් කෙළින එ'සඳ ලෝකයම අමතක කලා
කියන්නට අප ගැන රජුන් හට අපේ දෙස හොරැහින් බලා
අපේ ප්රෙමාලිංගනය රහසෙම කලු ගලක කැටයම් කලා
ඉසුරුමුණියේ යුවල ලෙස පෙම් විශේෂණ පද එක්කලා
අදත් අපෙ රුව කරයි වරුණා පෙමට සළකුණ ලෙස වෙලා
තුරුණු කොලු හිත් තලුමරා යන නමුදු මා දෙස බල බලා
තරහ අවසර මගේ හිමියනි අපේ හිත් දැන් ගල් වෙලා
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
මාලා කිව්වෙ අර අපේ මාලා අක්ක ද? රහයි ඈ.....
ReplyDeleteනෑ නෑ මේ ඒ මාලා නෙවෙයි වෙන මාලා කෙනෙක් ...
Deleteඅරුණ බේරෙන උයනෙ රන්මසු කැකුළියක් ඉඟි බිඟි කළා
ReplyDeleteකරුණ එයම වී දෙසිත් එක්වී අප දෙදෙන නිති පෙම් කළා
වරුණ රැව්දෙයි මාලියේ අපෙ සෙනෙහෙ අදටත් ඉතිරිලා
තරුණ බැල්මෙන් නොදැවෙනා නුඹ තවත් මා වෙත ළංවෙලා.........
ලස්සනයි සඳූ.....
ජයවේවා!!!
තරුණ බැල්මෙන් නොදැවෙනා නුඹ තවත් මා වෙත ළංවෙලා..
Deleteඅපූරුයි දුමී
රොමෑන්ස් ... නියමයි .. පට්ට රහයි.
ReplyDeleteතැන්ක් යූ වේවා
Delete+++++++
ReplyDeleteස්තූතී
Delete/තරහ අවසර මගේ හිමියනි අපේ හිත් දැන් ගල් වෙලා/
ReplyDeleteපුහ් නියමයිනෙ.
ඒක තමයි මාත් ආසම කෑල්ල
Deleteස්තූතී හැලප තුමෝ....
Deleteකොච්චි ආසම රසම කෑල්ල නේ ?
// කියන්නට අප ගැන රජුන් හට අපේ දෙස හොරැහින් බලා
ReplyDeleteඅපේ ප්රෙමාලිංගනය රහසෙම කලු ගලක කැටයම් කලා//
මරු...!
මේ පෙම් යුවල සාලිය අසෝකමාලා කියලා මතයකුත් තියෙනවනේ. අන්න ඒ ඔස්සේ ගිහින් තමා මේක ලිව්වේ
Deleteස්තූතී චෙෆ් තුමෝ
කුනී ගේ රහස් පෙමක් එහෙම උනානං රජතුමා ඕක තියෙන්න දෙන්නේ නෑ ඇත්තටම...!!
Deleteපුදුම ලස්සනයි සොඳුරු... මටත් ඕනේ උනා ලස්සනම කොටසක් උපුටා පෙන්වන්න..., එත් මට මේ හැම පද පේළියක්ම පුදුම ලස්සනයි.....
ReplyDeleteස්තූතී එරන්දි අගය කිරීමට
Deleteඅපේ හිත් දැන් ගල් වෙලා...හරිම අගෙයි ඒ කවි පෙල
ReplyDeleteස්තූතී ඔයාටත්
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete///////උයන මැද පෙම් කෙළින එ'සඳ ලෝකයම අමතක කලා///////
ReplyDeleteවයසක අපිවත් ඔය ලමයා තරුන කරවනවා.....සඳගේ රොමැන්ස්වල අඩුපාඩු නැහැ.
රොමෑන්ස් වලට වයසනම් මොනාද අප්පා
Delete