නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
සමුඳුර නුඹයිසිතිජය මමයිදුරට හරි ළඟයිළඟට අපි දුරයි..................ඇත්තටම මේකෙ මුල් කවි දෙක නම් මට කිසි රහක් නැහැ... සිරාවටම කිව්වෙ. අද ඔයාගෙ කවි මීට වඩා ගොඩක් උසස් මට්ටමක තියෙන්නෙ...ඒ නිසා අලුතින් ලියන්න. ඔය මම උඩින් සඳහන් කරපු කවිය නම් පට්ටයි... ඒකෙ තියෙනවා අමුතු ගතියක්..රහක්.. අද ඉන්න සඳවතිය ව ඒ කවියෙන් දැනෙනවා.. ලියන දෙයින් ලියන කෙනාව ෆීල් වෙන්න ඕන...කවි ලියද්දි..
ඇත්ත තමයි කොච්චි ඔයා කියන්නේ ඒ කාලේ ලියපු සමහර ඒවා දැන් කියවද්දි මටම හිනා.ඒත් සමහර එව්වා තියෙනවා අද කියවද්දි කොච්චර අඩුපාඩු පෙනුනත් අකුරක්වත් වෙනස් නොකර එහෙමම තියන්න හිතෙන එව්වා.අද දාපු මේ කවිය මම මූණු පොතට එකතු කරල තියෙන්නෙ 2010 අවුරුදුම හතක් පරණයි. මේ කවියටත් වැඩිය මම කැමති මේ කවිය දාලා තියෙන පින්තූරෙට.ආ ඒක නෙවෙයි සුබ පැතුම් ඔයාට නෙලුම් යාය සම්මනෙකට නිර්දේශවෙලා තියෙනවා නේද ඔයා. කොළඹ ගමයාගේ බ්ලොග් එකෙන් ඒ බව දැනගත්තේ.
ඒ බවක් දැන ගත්තේ ඔයා කිව්වම...ස්තූතියි .
සුවඳ පතුරවමින් පිපෙන සොඳුරු මල නුඹයිසුවඳ දිගේ එන සමනල රෑනෙ රජු මමයි....ලස්සනයි සඳූ.....ජයවේවා!!!
ස්තූතී දුමී... අන්න ඔයත් ඉන්නවා නෙළුම්යාය සම්මාන ගොඩේ. සුබ පැතුම් ඔයාටත්
ඇයි කාටවත් වැහිලිහිණියන්ව මතක් නොවෙන්නෙ අහසයි තරුපතියි සඳයි පිණිබිඳුයි වනමලයි සමුදුරයි රැල්ලයි වෙරළයි ඔබ දුරයි මම ලඟයි අරකයි මේකයි කියද්දි අප්පා..!වැහිලිහිණි කොච්චර අහිංසකද හැබෑට...?
සොඳුර නුඹ ලිහිණියකරැයේ අඳුරට හඩනමමද ලිහිණියෙකු වෙමිකැඩුණ තටු පිරිමදින ...අහිංසක අප දෙදෙනතටු කඩා මේලෙසිනසිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..සඳට දොස් නොකියන්නසඳ කුමක් කරන්නදබාල වයසින් මැරුණප්රේමයකි තරු එළිය ..කටුක දුක් විරහ මැදඅතරමංවී ගියදඅපි තවම පෙම් කරමු අපේ ජීවිතවලටකියා දෙමු පියඹන්ටඅපි අපේ පැටවුනටනිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක .... ඇයි අනේ රත්න ශ්‍රි මහත්තය මෙහෙම ලියල කපුගේ මහත්තය අරම කියලා තියෙන්නේ.
හප්පා ඔන්න දැන් මට සේරම වැඩ නවත්තල ඒ සිංදුව අහන්න ඕනේ වගේ
අන්න ඒකනේ කියන්නේ...
සඳ අහලා තියනවද, ඕක "මගේ බිසවුනේ අසාපන්" ගීතයේ දෙවනි කොටස. ඒ කියන්නේ සැමියා දුශ්කර සේවයට ගියාට පස්සේ කියන එක. ඔතන ඉන්න ලිහිනියෝ සක්වා ලිහිනියෝ. ඒ දෙන්නා දෙමහල්ලෝ හරි ආඅදරෙන් ඉන්නවලු. ඒත් ඒ දවල්කාලයට විතරයි.මොකද්දෝ හේතුවකට රෑට වෙන්වෙන්න සිද්දවෙනවලු. උන් දෙන්නා කරන්නේ මුලු රෑම අඬන එකලු. ඕකගැන ලස්සන කතාවක් තිබ්බා මනෝශ්ගේ බ්ලොග් එකේ. හොයාගන්න පුලුවන් උනහම එවන්නම්.ලංකාවේ ඉන්නකොට එච්චර ෆීල් නොවුන, මෙහාට ආවහම ටිකක් දැනුන ගායකයෙක් තමයි ප්‍රියා සූරියසේනයන්. දඩ බඩ සංගීතය නැතුව ඔහුගේ ගීත අහනඑකෙත් පොඩි ගතියක් තියනවා.ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේඔබ කොතනකද කියාලා....
http://masandumal.blogspot.ae/2015/02/blog-post.html?m=1
ගීතය කොයි තරම් අහල තිබුනත් මේ නිධාන කතාවනම් අද තමයි දැන ගත්තේ. ස්තූතී කටුසු මම මේ ලින්ක් එකේ ගිහින් තව වැඩි දුර විස්තර බලන්නම්කෝ
දුරට හරි ළඟයිළඟට අපි දුරයිඒක කාලයක් ගැන මතක් වුනා ..හොද වෙලාවට මට කවි ලියන්න බැරි
අපි හැමෝටම ඔය වගේ කාල තියෙනවා නේද...
ලස්සනට ලියලා තියෙනවා ...
බොහොම ස්තූතී
දුරට හරි ලඟ වෙන්නත් ලඟට හරි දුර වෙන්නත් හැකි ඔබටත් මටත් පමණයි...ලස්සනයි සඳූ
ම්ම්ම් ඔව් මිරිඟුවකට පෙම් බඳින එකත් හරි අපූරු වැඩක්
දුරට හරි ළඟයිළඟට අපි දුරයිමන් මේ කෑල්ලට ගොඩක් කැමතියි. සරළ සුගම බස් වහරකිනුත් පුළුවන් ගොඩක් දේවල් කියන්න.අගෙයි....
මමත් කැමතිම ඔය කෑල්ලට තමා
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
ReplyDeleteසමුඳුර නුඹයි
සිතිජය මමයි
දුරට හරි ළඟයි
ළඟට අපි දුරයි
..................
ඇත්තටම මේකෙ මුල් කවි දෙක නම් මට කිසි රහක් නැහැ... සිරාවටම කිව්වෙ. අද ඔයාගෙ කවි මීට වඩා ගොඩක් උසස් මට්ටමක තියෙන්නෙ...ඒ නිසා අලුතින් ලියන්න.
ඔය මම උඩින් සඳහන් කරපු කවිය නම් පට්ටයි... ඒකෙ තියෙනවා අමුතු ගතියක්..රහක්.. අද ඉන්න සඳවතිය ව ඒ කවියෙන් දැනෙනවා.. ලියන දෙයින් ලියන කෙනාව ෆීල් වෙන්න ඕන...කවි ලියද්දි..
ඇත්ත තමයි කොච්චි ඔයා කියන්නේ ඒ කාලේ ලියපු සමහර ඒවා දැන් කියවද්දි මටම හිනා.ඒත් සමහර එව්වා තියෙනවා අද කියවද්දි කොච්චර අඩුපාඩු පෙනුනත් අකුරක්වත් වෙනස් නොකර එහෙමම තියන්න හිතෙන එව්වා.අද දාපු මේ කවිය මම මූණු පොතට එකතු කරල තියෙන්නෙ 2010 අවුරුදුම හතක් පරණයි. මේ කවියටත් වැඩිය මම කැමති මේ කවිය දාලා තියෙන පින්තූරෙට.
Deleteආ ඒක නෙවෙයි සුබ පැතුම් ඔයාට නෙලුම් යාය සම්මනෙකට නිර්දේශවෙලා තියෙනවා නේද ඔයා. කොළඹ ගමයාගේ බ්ලොග් එකෙන් ඒ බව දැනගත්තේ.
ඒ බවක් දැන ගත්තේ ඔයා කිව්වම...ස්තූතියි .
Deleteසුවඳ පතුරවමින් පිපෙන සොඳුරු මල නුඹයි
ReplyDeleteසුවඳ දිගේ එන සමනල රෑනෙ රජු මමයි....
ලස්සනයි සඳූ.....
ජයවේවා!!!
ස්තූතී දුමී... අන්න ඔයත් ඉන්නවා නෙළුම්යාය සම්මාන ගොඩේ. සුබ පැතුම් ඔයාටත්
Deleteඇයි කාටවත් වැහිලිහිණියන්ව මතක් නොවෙන්නෙ අහසයි තරුපතියි සඳයි පිණිබිඳුයි වනමලයි සමුදුරයි රැල්ලයි වෙරළයි ඔබ දුරයි මම ලඟයි අරකයි මේකයි කියද්දි අප්පා..!
ReplyDeleteවැහිලිහිණි කොච්චර අහිංසකද හැබෑට...?
සොඳුර නුඹ ලිහිණියක
Deleteරැයේ අඳුරට හඩන
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණ තටු පිරිමදින ...
අහිංසක අප දෙදෙන
තටු කඩා මේලෙසින
සිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..
සඳට දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ..
කටුක දුක් විරහ මැද
අතරමංවී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක ....
ඇයි අනේ රත්න ශ්‍රි මහත්තය මෙහෙම ලියල කපුගේ මහත්තය අරම කියලා තියෙන්නේ.
හප්පා ඔන්න දැන් මට සේරම වැඩ නවත්තල ඒ සිංදුව අහන්න ඕනේ වගේ
Deleteඅන්න ඒකනේ කියන්නේ...
Deleteසඳ අහලා තියනවද, ඕක "මගේ බිසවුනේ අසාපන්" ගීතයේ දෙවනි කොටස. ඒ කියන්නේ සැමියා දුශ්කර සේවයට ගියාට පස්සේ කියන එක. ඔතන ඉන්න ලිහිනියෝ සක්වා ලිහිනියෝ. ඒ දෙන්නා දෙමහල්ලෝ හරි ආඅදරෙන් ඉන්නවලු. ඒත් ඒ දවල්කාලයට විතරයි.මොකද්දෝ හේතුවකට රෑට වෙන්වෙන්න සිද්දවෙනවලු. උන් දෙන්නා කරන්නේ මුලු රෑම අඬන එකලු. ඕකගැන ලස්සන කතාවක් තිබ්බා මනෝශ්ගේ බ්ලොග් එකේ. හොයාගන්න පුලුවන් උනහම එවන්නම්.
Deleteලංකාවේ ඉන්නකොට එච්චර ෆීල් නොවුන, මෙහාට ආවහම ටිකක් දැනුන ගායකයෙක් තමයි ප්‍රියා සූරියසේනයන්. දඩ බඩ සංගීතය නැතුව ඔහුගේ ගීත අහනඑකෙත් පොඩි ගතියක් තියනවා.
ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
ඔබ කොතනකද කියාලා....
http://masandumal.blogspot.ae/2015/02/blog-post.html?m=1
Deleteගීතය කොයි තරම් අහල තිබුනත් මේ නිධාන කතාවනම් අද තමයි දැන ගත්තේ. ස්තූතී කටුසු මම මේ ලින්ක් එකේ ගිහින් තව වැඩි දුර විස්තර බලන්නම්කෝ
Deleteදුරට හරි ළඟයි
ReplyDeleteළඟට අපි දුරයි
ඒක කාලයක් ගැන මතක් වුනා ..හොද වෙලාවට මට කවි ලියන්න බැරි
අපි හැමෝටම ඔය වගේ කාල තියෙනවා නේද...
Deleteලස්සනට ලියලා තියෙනවා ...
ReplyDeleteබොහොම ස්තූතී
Deleteදුරට හරි ලඟ වෙන්නත් ලඟට හරි දුර වෙන්නත් හැකි ඔබටත් මටත් පමණයි...
ReplyDeleteලස්සනයි සඳූ
ම්ම්ම් ඔව් මිරිඟුවකට පෙම් බඳින එකත් හරි අපූරු වැඩක්
Deleteදුරට හරි ළඟයි
ReplyDeleteළඟට අපි දුරයි
මන් මේ කෑල්ලට ගොඩක් කැමතියි. සරළ සුගම බස් වහරකිනුත් පුළුවන් ගොඩක් දේවල් කියන්න.අගෙයි....
මමත් කැමතිම ඔය කෑල්ලට තමා
Delete