සඳට බැළුම් හෙලූ අය

Mar 18, 2017

මේ තරම් දුරද !




 අහසම නුඹයි
 තරුපති මමයි
 සුදු සඳ නුඹයි
 සඳකැන් මමයි

පිනිබිඳු නුඹයි
වණ මල මමයි
මහ වැසි නුඹයි
සීතළ මමයි

සමුඳුර නුඹයි
සිතිජය මමයි
දුරට හරි ළඟයි
ළඟට අපි දුරයි

20 comments:


  1. සමුඳුර නුඹයි
    සිතිජය මමයි
    දුරට හරි ළඟයි
    ළඟට අපි දුරයි
    ..................
    ඇත්තටම මේකෙ මුල් කවි දෙක නම් මට කිසි රහක් නැහැ... සිරාවටම කිව්වෙ. අද ඔයාගෙ කවි මීට වඩා ගොඩක් උසස් මට්ටමක තියෙන්නෙ...ඒ නිසා අලුතින් ලියන්න.
    ඔය මම උඩින් සඳහන් කරපු කවිය නම් පට්ටයි... ඒකෙ තියෙනවා අමුතු ගතියක්..රහක්.. අද ඉන්න සඳවතිය ව ඒ කවියෙන් දැනෙනවා.. ලියන දෙයින් ලියන කෙනාව ෆීල් වෙන්න ඕන...කවි ලියද්දි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි කොච්චි ඔයා කියන්නේ ඒ කාලේ ලියපු සමහර ඒවා දැන් කියවද්දි මටම හිනා.ඒත් සමහර එව්වා තියෙනවා අද කියවද්දි කොච්චර අඩුපාඩු පෙනුනත් අකුරක්වත් වෙනස් නොකර එහෙමම තියන්න හිතෙන එව්වා.අද දාපු මේ කවිය මම මූණු පොතට එකතු කරල තියෙන්නෙ 2010 අවුරුදුම හතක් පරණයි. මේ කවියටත් වැඩිය මම කැමති මේ කවිය දාලා තියෙන පින්තූරෙට.

      ආ ඒක නෙවෙයි සුබ පැතුම් ඔයාට නෙලුම් යාය සම්මනෙකට නිර්දේශවෙලා තියෙනවා නේද ඔයා. කොළඹ ගමයාගේ බ්ලොග් එකෙන් ඒ බව දැනගත්තේ.

      Delete
    2. ඒ බවක් දැන ගත්තේ ඔයා කිව්වම...ස්තූතියි .

      Delete
  2. සුවඳ පතුරවමින් පිපෙන සොඳුරු මල නුඹයි
    සුවඳ දිගේ එන සමනල රෑනෙ රජු මමයි....

    ලස්සනයි සඳූ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී දුමී... අන්න ඔයත් ඉන්නවා නෙළුම්යාය සම්මාන ගොඩේ. සුබ පැතුම් ඔයාටත්

      Delete
  3. ඇයි කාටවත් වැහිලිහිණියන්ව මතක් නොවෙන්නෙ අහසයි තරුපතියි සඳයි පිණිබිඳුයි වනමලයි සමුදුරයි රැල්ලයි වෙරළයි ඔබ දුරයි මම ලඟයි අරකයි මේකයි කියද්දි අප්පා..!
    වැහිලිහිණි කොච්චර අහිංසකද හැබෑට...?

    ReplyDelete
    Replies
    1. සොඳුර නුඹ ලිහිණියක
      රැයේ අඳුරට හඩන
      මමද ලිහිණියෙකු වෙමි
      කැඩුණ තටු පිරිමදින ...

      අහිංසක අප දෙදෙන
      තටු කඩා මේලෙසින
      සිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..
      සඳට දොස් නොකියන්න
      සඳ කුමක් කරන්නද
      බාල වයසින් මැරුණ
      ප්‍රේමයකි තරු එළිය ..

      කටුක දුක් විරහ මැද
      අතරමංවී ගියද
      අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට
      කියා දෙමු පියඹන්ට
      අපි අපේ පැටවුනට
      නිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක ....

      ඇයි අනේ රත්න ශ්‍රි මහත්තය මෙහෙම ලියල කපුගේ මහත්තය අරම කියලා තියෙන්නේ.

      Delete
    2. හප්පා ඔන්න දැන් මට සේරම වැඩ නවත්තල ඒ සිංදුව අහන්න ඕනේ වගේ

      Delete
    3. අන්න ඒකනේ කියන්නේ...

      Delete
    4. සඳ අහලා තියනවද, ඕක "මගේ බිසවුනේ අසාපන්" ගීතයේ දෙවනි කොටස. ඒ කියන්නේ සැමියා දුශ්කර සේවයට ගියාට පස්සේ කියන එක. ඔතන ඉන්න ලිහිනියෝ සක්වා ලිහිනියෝ. ඒ දෙන්නා දෙමහල්ලෝ හරි ආඅදරෙන් ඉන්නවලු. ඒත් ඒ දවල්කාලයට විතරයි.මොකද්දෝ හේතුවකට රෑට වෙන්වෙන්න සිද්දවෙනවලු. උන් දෙන්නා කරන්නේ මුලු රෑම අඬන එකලු. ඕකගැන ලස්සන කතාවක් තිබ්බා මනෝශ්ගේ බ්ලොග් එකේ. හොයාගන්න පුලුවන් උනහම එවන්නම්.

      ලංකාවේ ඉන්නකොට එච්චර ෆීල් නොවුන, මෙහාට ආවහම ටිකක් දැනුන ගායකයෙක් තමයි ප්‍රියා සූරියසේනයන්. දඩ බඩ සංගීතය නැතුව ඔහුගේ ගීත අහනඑකෙත් පොඩි ගතියක් තියනවා.

      ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
      ඔබ කොතනකද කියාලා....

      Delete
    5. http://masandumal.blogspot.ae/2015/02/blog-post.html?m=1

      Delete
    6. ගීතය කොයි තරම් අහල තිබුනත් මේ නිධාන කතාවනම් අද තමයි දැන ගත්තේ. ස්තූතී කටුසු මම මේ ලින්ක් එකේ ගිහින් තව වැඩි දුර විස්තර බලන්නම්කෝ

      Delete
  4. දුරට හරි ළඟයි
    ළඟට අපි දුරයි

    ඒක කාලයක් ගැන මතක් වුනා ..හොද වෙලාවට මට කවි ලියන්න බැරි

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම ඔය වගේ කාල තියෙනවා නේද...

      Delete
  5. දුරට හරි ලඟ වෙන්නත් ලඟට හරි දුර වෙන්නත් හැකි ඔබටත් මටත් පමණයි...
    ලස්සනයි සඳූ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් මිරිඟුවකට පෙම් බඳින එකත් හරි අපූරු වැඩක්

      Delete
  6. දුරට හරි ළඟයි
    ළඟට අපි දුරයි

    මන් මේ කෑල්ලට ගොඩක් කැමතියි. සරළ සුගම බස් වහරකිනුත් පුළුවන් ගොඩක් දේවල් කියන්න.අගෙයි....

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම ඔය කෑල්ලට තමා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...