සඳට බැළුම් හෙලූ අය
May 1, 2017
දයාබර නොරිකෝ !
දයාබර නොරිකෝ....
මේ පාලු රාත්‍රිය ඉහිලුම් නොදෙන තරමටම හිතට වද දෙනව.මට ඔයාගෙ නිල් ඇස් වෙන කවරදාටත් වඩා මතක් වෙනව නොරිකෝ..මේ වගේ වෙලාවට තමා මට හිතෙන්නෙ ඔයාව සදහටම අතහැරල මම මේ ආව ගමන ඉක්මන් වැඩියි කියල.ඒත් දැන් පසුතැවිලි වෙනවට වඩා මට කරන්න වෙන මුකුත්ම ඉතිරි වෙලා නැති බව ඔයාට තේරෙනව නේද..?ආදරෙන් අපිට ඉතුරු උනේ මේ වේදනාව මේ පසුතැවිල්ල මේ කඳුල විතරමද නොරිකෝ....
පාලු සුසානෙක සොහොන් කොතක් යට හිරවෙච්ච මගේ ආත්මය ඔයාගෙ ආදරේ ආයෙ ආයෙ ඉල්ල ඉල්ල කෑ ගහනව මගෙ නොරිකෝ.ඉස්සරහට සීතල තව වැඩි වේවි,හිම කුණාටු හතර වටින්ම මාව වට කර ගනීවි.මගේ ශරීරෙ පොලවට පස් උනාට මගේ ආත්මෙට මේ හීතල දැනෙනව නොරිකෝ.මේ වගේ වෙලාවක ඔයා ළඟින් උන්නානම් ඉස්සර වගේම අපිට පාලු අවන්හලක එක ළඟින් වාඩි වෙලා කෝපි බොන්න තිබුණ.තොරතෝංචියක් නැතුව කතා කරන ඔයාගෙ හුරතල් බල බල සකුරා මල් හැලිච්ච පාරවල් දිගේ ඔහේ ඇවිදන් යන්න ආයෙ කවදාවත්ම අපිට බෑ නේද නොරිකෝ...?
මේ මළවුන්ගෙ මාසෙ . මම දන්නවා නොවරදීම අද හෙට දවසක ඔයා ඒවි මාව බලන්න.හැමදාම වගේ එදාටත් ඔයා මගේ සොහොන පාමුළ වැටීගෙන කඳුලු හලාවි.මම ඔයාට අඬන්න එපා කියන්නෙ නෑ නොරිකෝ.ඒ ඔයාගෙ කඳුලු මට අගේ නැති නිසානම් නෙවෙයි.හීතලට ගල් වෙච්ච මගේ ආත්මෙට දැන් දැනෙන එකම උණුහුම ඔයාගෙ ඔය කඳුළක රස්නෙ විතරමයි නොරිකො.මම දැන් ඔයාගේ කඳුලු වලට හරි පෙරේතයි.
ඉතින් මම මඟ බලන් ඉන්නවා... ඉක්මනින්ම එන්න මගෙ නොරිකෝ... ඔය කඳුළකින් මගේ ආත්මෙ අවදිකරන්න......
මං ,
ඔයාගේම දෙවෙන්දොරා
සුබෙකි මල් විතරක්ම
එපා අරගෙන එන්න
ඔය කඳුළු කෙංඩියත්
අරන් හනිකට එන්න
ගල් වෙච්ච ආත්මෙට
ඒ කඳුළු ඉසලන්න
හීතලේ පාලුවේ බෑ
මෙහෙම තනිවෙන්න
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
නීල දෙනෙත කඳුළු පිරෙයි දුකින්දරා
ReplyDeleteබාල නොවුණු සෙනෙහස එයි හදින් නෙරා
ආල කුසුම් පරවුණෙ ඇයි සිහින ඉරා
තාල තබා මම එනවා ඉවසන් මගෙ දෙවෙන්දොරා....
ජයවේවා!!!
එහෙම කමෙන්ට් දාන ඔයාව වසරේ හොදම කමෙන්ට් කරුවා නොකර කොහොමද ඔන්න මමත් මනාපෙ පල කලා ඔයාට... ජය වේවා ඔබට දුමී
Deleteස්තූතියි සඳූ.
Deleteජයවේවා!!!
කමකුරාවේ පාර පුරා..
ReplyDeleteසකුරා මල් වැටිලා...
එක කුඩයක ඇවිද යන්න..
ඔබ අද නෑ දෙවෙන්දොරා...
හිදෙජි මෙමොකො දුරස් වෙලා..
දුක විතරක් ඉතිරි වෙලා..
මගෙ තනියට කවුරුත් නෑ...
ළගට එන්න දෙවෙන්දොරා...
සකසුකියෙන් කී පාරක්..
සකේ බිව්වද මතකත් නෑ...
එපා කියා වලක්වන්න...
ඔබ අද නෑ දෙවෙන්දොරා...
මගෙ ආසා සුන් නොකරම..
මළවුන්ගේ අවුරුදු දා...
අද හෙටකම එනව නේද..
කියන්න මට දෙවෙන්දොරා...
මේක ලංකාදීප පත්තරේ පළවුණු එකක්... ලිව්වේ කවුද කියල නම් මතක නෑ.. ලස්සන නිසා මතක තිවුණෙ.
බොහොමත්ම ස්තූතී ඔබේ පැමිණීමට වගේම මේ සුන්දර කව බෙදා ගත්තටත්, කවුරු ලිව්වා උනත් හරි අපූරු සිතුවිල්ලක්
Delete+++++
ReplyDeleteස්තූතී
Deleteනොරිකො... නම ලාවට මතකයි වගේ , පොතක තිබුනද මන්ද? A/l නිසා මතකෙ ටිකක් මළකඩ කාල... ඡපානනෙ ඉගෙනගන්න ගිය කෙනෙනක් ගැන තිබ්බ නවල් එකක්ද මන්ද?
ReplyDeleteආ... ඒකෙන් වැඩක් නෑ
නියම ලිපියක් 👍👍👍👍
මලවුන්ගේ අවුරුදු දා සහ මලගිය ඇත්තෝ පොත් වල තමයි මේ චරිත ඉන්නෙ. ස්තූතී මෙහෙ ආවට ඔයාට
Deleteහිනාවට වඩා කඳුළු හදවත් උණුසුම් කරන හැටි හරි පුදුමයි.
ReplyDeleteහ්ම්ම් ඔව් අපි හෙලන කඳුළකින් උනත් වෙන හිතක් සුවපත් වෙන වෙලාවල් තියෙනවා
Deleteකවිය සුපිරියි... +++++++
ReplyDeleteස්තූතී අරූ හැමදාමත් වගේ
Delete
ReplyDeleteනොරිකෝ සං ආයේ එන්න
සකුරා මල් සුවඳ දැනෙනවා
සඳ විතරක් පාර කියනවා
නුඹේ ඇසින් සඳ රැස් විහිදෙනවා
නොරිකෝ සං ආයේ එන්න
හිම කබාය නෑ උණුසුම්
නුඹේ උවන මට සැනසුම්
පාර දිගේ මල් හැලිලා
නුඹේ නමට අමතනවා //
නොරිකෝ සං ආයේ එන්න //
සකේ බින්දු බින්දු පිරුණ
බඳුන දෙකට බෙදාගන්න
හිතේ පිරුණු ආදර කවි
නුඹේ නමට යලි ගයන්න //
නොරිකෝ සං ආයේ එන්න //
ගායනය - දයාන් විතාරණ
ගී පද - දිනිති දීපිකා
සංගීතය - මහේෂ් විතාන
මේ සිංදුව අහල ඇති. මේක ලිව්වෙත් බ්ලොගර් කෙනෙක්ම තමා
හප්පේ මේ අපේ දිනිතියගෙනේ.. එයා මගේ හොද මිතුරියක්... ස්තූතී ඉවාන් මෙහෙ ඇවිත් මේ අකුරු කියවනවට. මමත් ඔයාගේ පැත්තේ ගිහින් හොදටම හිනා වෙලා ආවා
Deleteමට මේ පොත් දෙකම කියවල ඉවර කරන කොට දැනුනෙ පුදුම වේදනාවක්.
ReplyDeleteඔබේ මේ පෝස්ටුව කියෙවුවහම ආයෙම ඒ වේදනාව දැනෙන්න ගත්තෙ හදවතට ම දැනෙන්න ලියල තියන නිසයි...එදා නම් ඒ වේදනාව කොහොම හරි හිතෙන් අයින් කර ගත්තෙ මෙන්න මෙහෙම අකුරු කරලා
ඔබ ඔබේ මව් බිමේ තනි වුනේ නොරිකොසන්,
නොතේරෙන නිසාවෙනි ඔබට අපගේ වදන්,
ළැබ දෙන්න සිහලුන්ගේ උරුමකම සෙනෙහසින්,
බිය වුනෙමි ඔබ සුමුදු සියුමැල්ල නිසාවෙන්,
නොසිතාම මා මුවින් ඔබට කියවූ වදන්,
අබියසදි කඳුළු නැඟුවා නෙතට මොහොතකින්,
සිහල බිම තුළ ඔබට ඒ කඳුළු නැගුනොතින්,
කටුක අමිහිරි වේවි මගේ සෙනෙහස ඉතින්,
සෙනෙහසක ලකුණුවත් නොතිබුනා නම් අනේ,
මගේ මව්බිමින් මා නොයෙන්නෙමි කිසිදිනේ,
ඔබ නමින් ඇංද සිතුවමක් මා හද කොනේ,
මිල නොකර අදත් ඇත මිනිස් හද පුදසුනේ,
ඔබ ලඟින් හිඳින්නට කබුකි ශාලාවට,
තරුණයන් නොයෙන්නෙද ඔබට ලං වන්නට,
පිපෙන සකුරා මලින් ගැවසි ගත් උයනට,
යන්න ඔබ හට නැති ද කව්රුවත් තනියට,
අප දෙදෙන ගත කෙරුව අවසාන දා සිතේ,
රැව් දිදී සිහි වේවි කීරි ගැහෙමින් ගතේ,
මගේ සෙනෙහස ඔබට පෙන්වන්න මා අතේ,
කිසිවකුත් නැත, තිබුනෙ නිහඬ බව හදවතේ,
ඔබේ හඬ නොඇසෙන්නේ ඇයි ද මට නොරිකොසන්,
කඳුගැටයෙ රැහැයියෝ හඬාවී එක හඬින්,
මළවුන්ගේ අවුරුද්ද ලබන්නේ හෙට බැවින්,
එන්න බැලුමට මෙමා සුබකි මල් මිට අරන්,
නකජිමා සොහොන මට ගෙන දේවි සිහිළැලී,
නමුදු මට පෙනෙන්නේ ඔබ සලන කඳුළැලි,
මගෙ නොකර ගත් නිසාවෙන් ඔබව මනාලී,
මා කෙරූ වරද මට වැටහේවි සියුමැලී,
කාලයට ඉඩ දෙන්න ඉවසිලිව නොරිකොසන්,
මළවුන්ගෙ ගම් මැදට එන්නෙපා පසු පසින්,
මෙහි එන්න අවසරය ඔබ ලබන තුරු ලොවින්,
මා බලා සිටින්නම්... නොරිකොසන් ඔබෙ නමින්!
මම හිතන්නේ ඔයා මෙහෙට අලුත් මිතුරියක්... ස්තූතී මගේ අකුරු කියවලා මෙතරම් සුන්දර නිර්මාණයක් ඔයාගේ අතිනුත් බිහි වුනාට. අපූරුයි මේ කව
Deleteසොඳුරු ගේ ලිපියත් මේ කවි පෙළත් දෙකම ලස්සනයි.
Deleteආයෙම මලගිය ඇත්තෝ කියවන්නට හිතුනා..ඔයාගේ මේ සටහන දැකලා....ලස්සන කවියකුත් එක්ක....
ReplyDeleteඉතින් කියවන්න අනේ ඔයත් පොත් ගුල්ලිනේ
Deleteබැස ගිය සරා සඳ තාමත් මතකයේ තියේ......
ReplyDeleteඅම්මෝ කාලෙකින් නලීන් අයිය මේ පැත්තෙ... සතුටුයි මට
Deleteදෙවෙන්දොරාටනම් මගෙ එච්චර කැමැත්තක් නෑ
ReplyDeleteඒත් සදූගේ ලියවිල්ලයි කවියයි අගෙයි.....
මටත් ඕකව පෙන්නන්න බෑ... ආත්මශක්තියක් නැති එකෙක්
Deleteතව හැගීමක් දැනීමක් නැති එකෙක්
Delete