සඳට බැළුම් හෙලූ අය
May 7, 2017
ආදරණීය කසුන් !
ආදරණීය කසුන් ...
ඔයා දන්නවද...
පිච්ච මල් පුරවපු වතුර කළෙන් නාලා
ගෙට ඇවිත් දවස් දෙකක් යන්නත් කලින්
මම ඔයාට ආදරෙන් පිස්සු වැටුන....
එහෙම කිව්වට ඉතින් මම ඒ වෙනකොට ආදරේ ගැන
මෙලෝ හසරක් දැනගෙන හිටියෙ නෑ
ඒත් ඔයා ගැන... ඔයාගෙ සුදු නංගි ගැන කියවල
එදා මම අඬපු තරම්
වස්සානයේ පිටු අදටත් සාක්කි දරනව....
කසුන්.....
ඔයාට ආදරේ කරපු තරමටම මම
වෙලාවකට සුදු නංගිට ඊරිසියා කලා
කොටින්ම මට ඒ දවස්වල ඕන උනා
මගේ නම චාපා ගංඟාදරී කියල වෙනස් කර ගන්න
ඒත් ඉතින් යාන්තන් අවුරුදු දොළහක් වෙච්ච
බටු කෙල්ලෙකුට පුලුවන්ද එච්චර හපන් කමක් කරන්න...
ඇත්තමයි ....කසුන්.....
මම ඔයා නිසා කොච්චරනම් හිත රිදව ගත්තද.....අඬා වැටුණද....
ඔයාගෙ ආදරෙන් පිස්සු වැටිල සති ගානක්
යනතුරුම මම හිටියෙ පා වෙවී වගේ
යෞවනේ එළිපත්තට අඩිය තියද්දිම ඔයා මගේ පපුවට දුන්නෙ
එසේ මෙසේ ගින්දරක් නෙවෙයි කසුන්......
ඔයාගෙන් රිදුණු හිත යාන්තන් සුවපත් වෙන්න ගත්තෙ
දුයිෂෙන් මගේ ලෝකෙට එබ්කම් කරන්න
පටන් ගත්තට පස්සෙ
ඒත් මගේ පළවෙනි ආදරය වෙච්ච ඔයාව
අමතක කරන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ
එහෙමයි කියලා දුයිෂෙන්ට බෑ කියන්නත් හිතක් තිබුනෙ නෑ
කසුන්.....
මම ඔයා එක්ක පබ්ලික් ලයිබ්‍රි එකේ එකම මේසෙ දෙපැත්තට වෙලා
ඇස් වලින් දාහක් දෙවල් කතා කරන ගමන්ම
හිම මිදෙන හීතලේ ස්ටෙෆ් මිටියාවතේ වැතිරිලා
දුයිෂෙන් එක්ක අහසෙ තරු ගණන් කලා...
අනේ කසුන්......
අන්තිමට මටම මම ගැන චී.... කියලා හිතුන....
කොහොමද එකම විදියට එකම තරම් එක පාර
දෙන්නෙක්ට ආදරේ කරන්නෙ....?
ඒ නිසා මම ඔයාල දෙන්නව හිතින් කිරල බැලුව
එක පාරක් නෙවෙයි දහදොළොස් වතාවක්ම කිරල බැලුව
දන්නවද කසුන්....
කොහොම බැලුවත් ඔයාගෙ පැත්ත පෝ.....ඩ්ඩක්... උඩින් ...
ඉතින්...මම මගේ විජාතික පෙම්වතාව
හදවතේ ගැඹුරුම තැනක ලො.....කූ ඉඩක් දීල හැංගුවා.
ඉතින් දැන් කාටවත් කියන්න පුලුවන්ද මම මහ චපල කෙල්ලෙක් කියල
අහන්න කසුන්....
එදා ඉදන් මේ වෙනකනුත් මම ඔයාට
එකම විදියට ආදරේ කරනව කියල
මේ කියනකන් ඔයාවත් දන්නෙ නෑ නේද....?
ඔයාගේ සුදු නංගි තරමටම
නෑ... නෑ... නෑ....
ඊටත් වඩා ඔයාට ආදරේ කල ..කරන
මම ,
සොඳුරු සඳවතී ...
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
ඇත්ත කතාව ක් ද ...?
ReplyDeleteලස්සනයි
ජය වේවා ..!!!!
නැතුව නැතුව මේ ඉතින් සඳවතීගේ කතාවක් තමා
Deleteඔයා හිච්චිම හිච්චි කාලේ වස්සනෙන් සිහිනයක් වෙලා කසුන් ආවේ ...මාත් එයාගේ රහසිගත පෙම්වතියක්.....මම ඉස්සර කවි ලීවා ඒ ආදරය ගැන..හරියටම කිව්වොත් 1990 දි...මේ වෙච්ච හිතේ අවුල දන්නවනම්.....එදා ස්ටේජ් එක උඩදී සන්නස්ගල මහත්තය මාව පන්නනවා ...හිකිස්.....
ReplyDeleteමේක නියමයි සඳු..මට අතීතයහුඟාක් මතක් උනා
කසුන්ට වගේම පස්සෙ කාලෙක කසුන්ව උපද්දවපු කසුන්ගේ අප්පච්චිටත් මම හරි කැමති උනා. ඒ නිසාමයි ඒ ලෙවල් වලට ආට්ස් තෝරගෙන සර්ගේ පන්ති වලට ගියේ.
Deleteඅනේ මං හරිම ආසයි මේ ලියමනට... ඇත්තටම මාත් ඒ ආදරේට ඉරිසියා කලා... මටත් චාපා වෙන්න උවමනා උනා.. කාටවත් කසුන් තරම් ආදරේ කරන්න බැරුව ඇතියි කියලා ඒ දවස් වල දුකින් හිටියා.. මට ඒ වගේ ආදරයක් නොලැබෙන නිසා... ඒ අහිංසක බොලඳ පෙම්වතා ඇත්තටම හරිම සොඳුරුයි..
ReplyDeleteස්තූතී අරූ... ගොඩක් අයගෙ හීන වල කසුන් ඉදලනෙ බලන් යනකොට
Deleteමේ තියෙන්නේ Interpretation :)
ReplyDeleteමාත් , මට ඕනේ උනා කසුන් කෙනෙක් ලබන්නත් සුදු නංගි වෙන්නත් :) :)
ශානි ලියලා තියෙන්නේ අපේ කතාව , අපි නොලියු
හය්යූ සේරම කසුන්ට ලව් කරලා .. හි හී ඒ කාලේ දැන ගත්තනම් මරාගෙන මැරෙනවා මම
Deleteඅරූ එරන්දී සඳු විසිරීද එදා
Deleteකෙරූ ආලෙ මට නොදැණුනෙ ඇයිද එදා
මරූ කියා එහෙනම් සිව්දෙනම එදා
බොරූ නොවෙයි බැඳගමි සත්තමයි එදා.....:)
------කසුන්------
ජයවේවා!!!
එයා එහෙම චපල පෙම්වතෙක් නෙවෙයි අනේ... හි හී... කවියනම් මරු දුමී
Deleteකසුන් කියන්නේ අපි හැමෝගේම හිත අස්සේ හිටපු චරිතයක් වගේම සන්නවත් අමරණීය කළ චරිතයක්........
ReplyDeleteඔව් අනිවාර්යෙන්ම. ස්තූතී සින්බෑඩ්ගේ ආගමනයටත්
Deleteලස්සන නිර්මාණයක් සඳූ...
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී
Deleteඒ කාලේ අපි සේරෝම චාපා ල...ඒ ලෙවල් කරන කාලේ...පොතේ අන්තිම පිටුවේ කවිත් තිබුනා...චාපගේ ඉස්කෝලේ ටයි එකත් අපිට තිබුනා...තනි කරලට ගොතල ඉන ලඟට කොන්ඩෙත් තිබුනා...සන්න ලියපු කසුන්ල තමයි හොයාගන්න ටිකක් අමාරු උනේ...හැබැයි කලාතුරකින් එහෙම සුදු නන්ගිලයි, සුදු අය්යලයිත් උන්නා...දැන් එයාල අම්මල තාත්තල වෙලා...වස්සාන හීනෙම තමයි...
ReplyDeleteසෑහෙන අතිතෙතකට් හිත අරන් ගියපු ලස්සන ලියමනක්...
හැබැයි මම ආදරේ දුයිෂෙන් ට...කසුන් ට නෙවේ...ඒ අප්‍රකාශිත ප්‍රේමය බොහොම වින්දනියයි...
හ්ම්ම් ඔව් නේ ඒ කාලේ විශාඛා ටයි එකක් දැක්කත් කසුන්වයි චාපවයි මතක් වෙනවා.වස්සාන සිහිනයේ නම් ගම් සිද්දි එක්ක පොඩි හැඉ බැදීමක් තිබුනම හිතට ආපු ගැම්ම මාරයි.ගල්කිස්සේ හිටපු මට කසුන්ව පුදුම විදියට දැනුනා.කසුනුයි සුදු නංගී ඇවිදපු හිටපු පාරවල් වල ආවේ ගියේ පවා අනේ කසුන් මේ කොහේ හරි ඇති කියන හැඟීමෙන්.ඒ කාලෙනම් ඇත්තටම සොඳුරුයි අක්කා
Deleteකෑදර ආදරය...
ReplyDeleteහි හී නැතුව නැතුව
Deleteකියවගෙන කියවගෙන ගියා....😇
ReplyDeleteම්ම්ම් හොදයි හොදයි
Deleteමං කසුන්ටත් වඩා ආදරෙයි මේ ලියුමට
ReplyDeleteඅපූරුයි සඳවතියේ
ජයවේවා!!
අනේ ස්තූතී ගොඩක්ම
Deleteමන් කැමතියි කසුන්ට පණ දුන්න රොෂාන් රවින්ද්‍ර කියන නලූවටත්
ReplyDeleteමට ඒකේ අනිත් පැත්ත මම කසුන් ගැන මවන් හිටපු ප්‍රතිරූපය ෆිල්ම් එක බැලුවම සුනු විසුනු උනා.ෆිල්ම් එක ඊට වඩා හොදට කරන තිබ්බා අප්පා. රොශාන්නම් හොදයි ඒත් කසුන්ට නෙවෙයි.
Deleteමන් පොත කියවලා නෑ තාම
Deleteකියවපියන් ගුටි නොකා
Deleteඑහෙමත් ආදරයක් 😁😁😁
ReplyDeleteඒකනේ ආදරේ එහෙම තමා
Deleteකෝ මුකුත්ම කියලා නෑ නේ
ReplyDeleteමම ඔය ගැන ෙනාදනිමි
ReplyDeleteහ්ම්ම්ම් එහෙමද
DeleteMeeka patta ,mula haiya kiyawaddhi hithune oyage siraama seen ekak kiyala
ReplyDeleteස්තූතී මෙහේ පැමිණීමට.. ම්ම් ඇත්තම තමා ඉතින් මේ
Deleteමමත් ඔය පොත කියවලා නෑ. ඒ වුනාට පස්සේ කාලෙක ආපු චිත්‍රපටිය බලන්න ගියා ක්ලාස් කට් කරලා. අපරාදේ කියන්න බෑ ඒ කාලේ ඉඳන්ම ෆිල්ම් හෝල්වල මට හොඳට නින්දයනවා. විනාඩි 10ක් යන්න කලින් මම නිදි. බ්‍රේක් එකේදී අයිස් චොක් කාලා ආපහු නිදි. හැබැයි කසුන්ගෙයි, උරේශගෙයි සිංදුවටනම් මම මාර ආසයි
ReplyDeleteසුසුමේ තවා සැඟවූ සිහිනේ.....
Deleteආ...ද..ර...නී..ය වස්සානේ..
හම්මේ මතක් වෙනකොටත් ආදරෙයි ඒ ගීතයට....කසුන්ගෙ ඒ හඬට