සඳට බැළුම් හෙලූ අය

May 7, 2017

ආදරණීය කසුන් !



ආදරණීය කසුන් ...

ඔයා දන්නවද...
පිච්ච මල් පුරවපු වතුර කළෙන් නාලා
ගෙට ඇවිත් දවස් දෙකක් යන්නත් කලින්
මම ඔයාට ආදරෙන් පිස්සු වැටුන....
එහෙම කිව්වට ඉතින් මම ඒ වෙනකොට ආදරේ ගැන
මෙලෝ හසරක් දැනගෙන හිටියෙ නෑ
ඒත් ඔයා ගැන... ඔයාගෙ සුදු නංගි ගැන කියවල
එදා මම අඬපු තරම්
වස්සානයේ පිටු අදටත් සාක්කි දරනව....
කසුන්.....
ඔයාට ආදරේ කරපු තරමටම මම
වෙලාවකට සුදු නංගිට ඊරිසියා කලා
කොටින්ම මට ඒ දවස්වල ඕන උනා
මගේ නම චාපා ගංඟාදරී කියල වෙනස් කර ගන්න
ඒත් ඉතින් යාන්තන් අවුරුදු දොළහක් වෙච්ච
බටු කෙල්ලෙකුට පුලුවන්ද එච්චර හපන් කමක් කරන්න...
ඇත්තමයි ....කසුන්.....
මම ඔයා නිසා කොච්චරනම් හිත රිදව ගත්තද.....අඬා වැටුණද....
ඔයාගෙ ආදරෙන් පිස්සු වැටිල සති ගානක්
යනතුරුම මම හිටියෙ පා වෙවී වගේ
යෞවනේ එළිපත්තට අඩිය තියද්දිම ඔයා මගේ පපුවට දුන්නෙ
එසේ මෙසේ ගින්දරක් නෙවෙයි කසුන්......
ඔයාගෙන් රිදුණු හිත යාන්තන් සුවපත් වෙන්න ගත්තෙ
දුයිෂෙන් මගේ ලෝකෙට එබ්කම් කරන්න
පටන් ගත්තට පස්සෙ
ඒත් මගේ පළවෙනි ආදරය වෙච්ච ඔයාව
අමතක කරන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ
එහෙමයි කියලා දුයිෂෙන්ට බෑ කියන්නත් හිතක් තිබුනෙ නෑ
කසුන්.....
මම ඔයා එක්ක පබ්ලික් ලයිබ්‍රි එකේ එකම මේසෙ දෙපැත්තට වෙලා
ඇස් වලින් දාහක් දෙවල් කතා කරන ගමන්ම
හිම මිදෙන හීතලේ ස්ටෙෆ් මිටියාවතේ වැතිරිලා
දුයිෂෙන් එක්ක අහසෙ තරු ගණන් කලා...
අනේ කසුන්......
අන්තිමට මටම මම ගැන චී.... කියලා හිතුන....
කොහොමද එකම විදියට එකම තරම් එක පාර
දෙන්නෙක්ට ආදරේ කරන්නෙ....?
ඒ නිසා මම ඔයාල දෙන්නව හිතින් කිරල බැලුව
එක පාරක් නෙවෙයි දහදොළොස් වතාවක්ම කිරල බැලුව
දන්නවද කසුන්....
කොහොම බැලුවත් ඔයාගෙ පැත්ත පෝ.....ඩ්ඩක්... උඩින් ...
ඉතින්...මම මගේ විජාතික පෙම්වතාව
හදවතේ ගැඹුරුම තැනක ලො.....කූ ඉඩක් දීල  හැංගුවා.
ඉතින් දැන් කාටවත් කියන්න පුලුවන්ද මම මහ චපල කෙල්ලෙක් කියල
අහන්න කසුන්....
එදා ඉදන් මේ වෙනකනුත් මම ඔයාට
එකම විදියට ආදරේ කරනව කියල
මේ කියනකන් ඔයාවත් දන්නෙ නෑ නේද....?
ඔයාගේ සුදු නංගි තරමටම
නෑ... නෑ... නෑ....
ඊටත් වඩා ඔයාට ආදරේ කල ..කරන
මම ,

සොඳුරු සඳවතී ...

35 comments:

  1. ඇත්ත කතාව ක් ද ...?

    ලස්සනයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මේ ඉතින් සඳවතීගේ කතාවක් තමා

      Delete
  2. ඔයා හිච්චිම හිච්චි කාලේ වස්සනෙන් සිහිනයක් වෙලා කසුන් ආවේ ...මාත් එයාගේ රහසිගත පෙම්වතියක්.....මම ඉස්සර කවි ලීවා ඒ ආදරය ගැන..හරියටම කිව්වොත් 1990 දි...මේ වෙච්ච හිතේ අවුල දන්නවනම්.....එදා ස්ටේජ් එක උඩදී සන්නස්ගල මහත්තය මාව පන්නනවා ...හිකිස්.....

    මේක නියමයි සඳු..මට අතීතයහුඟාක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. කසුන්ට වගේම පස්සෙ කාලෙක කසුන්ව උපද්දවපු කසුන්ගේ අප්පච්චිටත් මම හරි කැමති උනා. ඒ නිසාමයි ඒ ලෙවල් වලට ආට්ස් තෝරගෙන සර්ගේ පන්ති වලට ගියේ.

      Delete
  3. අනේ මං හරිම ආසයි මේ ලියමනට... ඇත්තටම මාත් ඒ ආදරේට ඉරිසියා කලා... මටත් චාපා වෙන්න උවමනා උනා.. කාටවත් කසුන් තරම් ආදරේ කරන්න බැරුව ඇතියි කියලා ඒ දවස් වල දුකින් හිටියා.. මට ඒ වගේ ආදරයක් නොලැබෙන නිසා... ඒ අහිංසක බොලඳ පෙම්වතා ඇත්තටම හරිම සොඳුරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතී අරූ... ගොඩක් අයගෙ හීන වල කසුන් ඉදලනෙ බලන් යනකොට

      Delete
  4. මේ තියෙන්නේ Interpretation :)
    මාත් , මට ඕනේ උනා කසුන් කෙනෙක් ලබන්නත් සුදු නංගි වෙන්නත් :) :)
    ශානි ලියලා තියෙන්නේ අපේ කතාව , අපි නොලියු

    ReplyDelete
    Replies
    1. හය්යූ සේරම කසුන්ට ලව් කරලා .. හි හී ඒ කාලේ දැන ගත්තනම් මරාගෙන මැරෙනවා මම

      Delete
    2. අරූ එරන්දී සඳු විසිරීද එදා
      කෙරූ ආලෙ මට නොදැණුනෙ ඇයිද එදා
      මරූ කියා එහෙනම් සිව්දෙනම එදා
      බොරූ නොවෙයි බැඳගමි සත්තමයි එදා.....:)
      ------කසුන්------

      ජයවේවා!!!

      Delete
    3. එයා එහෙම චපල පෙම්වතෙක් නෙවෙයි අනේ... හි හී... කවියනම් මරු දුමී

      Delete
  5. කසුන් කියන්නේ අපි හැමෝගේම හිත අස්සේ හිටපු චරිතයක් වගේම සන්නවත් අමරණීය කළ චරිතයක්........

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යෙන්ම. ස්තූතී සින්බෑඩ්ගේ ආගමනයටත්

      Delete
  6. ලස්සන නිර්මාණයක් සඳූ...

    ජයවේවා!!!

    ReplyDelete
  7. ඒ කාලේ අපි සේරෝම චාපා ල...ඒ ලෙවල් කරන කාලේ...පොතේ අන්තිම පිටුවේ කවිත් තිබුනා...චාපගේ ඉස්කෝලේ ටයි එකත් අපිට තිබුනා...තනි කරලට ගොතල ඉන ලඟට කොන්ඩෙත් තිබුනා...සන්න ලියපු කසුන්ල තමයි හොයාගන්න ටිකක් අමාරු උනේ...හැබැයි කලාතුරකින් එහෙම සුදු නන්ගිලයි, සුදු අය්යලයිත් උන්නා...දැන් එයාල අම්මල තාත්තල වෙලා...වස්සාන හීනෙම තමයි...

    සෑහෙන අතිතෙතකට් හිත අරන් ගියපු ලස්සන ලියමනක්...

    හැබැයි මම ආදරේ දුයිෂෙන් ට...කසුන් ට නෙවේ...ඒ අප්‍රකාශිත ප්‍රේමය බොහොම වින්දනියයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් නේ ඒ කාලේ විශාඛා ටයි එකක් දැක්කත් කසුන්වයි චාපවයි මතක් වෙනවා.වස්සාන සිහිනයේ නම් ගම් සිද්දි එක්ක පොඩි හැඉ බැදීමක් තිබුනම හිතට ආපු ගැම්ම මාරයි.ගල්කිස්සේ හිටපු මට කසුන්ව පුදුම විදියට දැනුනා.කසුනුයි සුදු නංගී ඇවිදපු හිටපු පාරවල් වල ආවේ ගියේ පවා අනේ කසුන් මේ කොහේ හරි ඇති කියන හැඟීමෙන්.ඒ කාලෙනම් ඇත්තටම සොඳුරුයි අක්කා

      Delete
  8. කියවගෙන කියවගෙන ගියා....😇

    ReplyDelete
  9. මං කසුන්ටත් වඩා ආදරෙයි මේ ලියුමට
    අපූරුයි සඳවතියේ

    ජයවේවා!!

    ReplyDelete
  10. මන් කැමතියි කසුන්ට පණ දුන්න රොෂාන් රවින්ද්‍ර කියන නලූවටත්

    ReplyDelete
    Replies
    1. මට ඒකේ අනිත් පැත්ත මම කසුන් ගැන මවන් හිටපු ප්‍රතිරූපය ෆිල්ම් එක බැලුවම සුනු විසුනු උනා.ෆිල්ම් එක ඊට වඩා හොදට කරන තිබ්බා අප්පා. රොශාන්නම් හොදයි ඒත් කසුන්ට නෙවෙයි.

      Delete
    2. මන් පොත කියවලා නෑ තාම

      Delete
    3. කියවපියන් ගුටි නොකා

      Delete
  11. එහෙමත් ආදරයක් 😁😁😁

    ReplyDelete
  12. කෝ මුකුත්ම කියලා නෑ නේ

    ReplyDelete
  13. මම ඔය ගැන ⁣⁣ෙනාදනිමි

    ReplyDelete
  14. Meeka patta ,mula haiya kiyawaddhi hithune oyage siraama seen ekak kiyala

    ReplyDelete
    Replies
    1. ස්තූතී මෙහේ පැමිණීමට.. ම්ම් ඇත්තම තමා ඉතින් මේ

      Delete
  15. මමත් ඔය පොත කියවලා නෑ. ඒ වුනාට පස්සේ කාලෙක ආපු චිත්‍රපටිය බලන්න ගියා ක්ලාස් කට් කරලා. අපරාදේ කියන්න බෑ ඒ කාලේ ඉඳන්ම ෆිල්ම් හෝල්වල මට හොඳට නින්දයනවා. විනාඩි 10ක් යන්න කලින් මම නිදි. බ්‍රේක් එකේදී අයිස් චොක් කාලා ආපහු නිදි. හැබැයි කසුන්ගෙයි, උරේශගෙයි සිංදුවටනම් මම මාර ආසයි

    ReplyDelete
    Replies
    1. සුසුමේ තවා සැඟවූ සිහිනේ.....
      ආ...ද..ර...නී..ය වස්සානේ..

      හම්මේ මතක් වෙනකොටත් ආදරෙයි ඒ ගීතයට....කසුන්ගෙ ඒ හඬට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...