සඳට බැළුම් හෙලූ අය
Aug 7, 2017
ඔව් ඔයා හඳක් !
නුඹ ,
ඈත අහසේ දිලෙන සඳවත
මම ,
සඳට පෙම් කල
පුංචි බිම් මල
නුඹ ,
විසල් නුග රුක දාහය නිවන
මම ,
ඒ මහා වෘක්ෂයේ සෙවන නොලබාම
වියළුණු තණපත
නුඹ ,
දොලොස්මහේ පහන
නොනිවී දැල්වෙන
මම ,
එළිය පමණක් දී
නිවී ගිය පහන් වැටිය
නුඹ ,
සමනොළ ගිරිශිඛර
මම ,
මහා ගිරිදඹ ගෙවා පියඹා ඇවිත්
නුඹ පපුව මත්තේම මියෙන්නට පැතූ
අහිංසක සමනළිය
නුඹ ,
මහවැලි ගං කොමළිය තුරුල්ලට ගෙන
ජීවිතය අත්විඳින බව නොදැන..
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

ලස්සනයි සඳූ. මේක හදිසියේ ලියපු එකක්ද කියලත් වෙලාවකට හිතෙනවා.
ReplyDeleteජයවේවා!!!
හදිස්සියේ ලියූවක් නෙවෙයි දුමී මේක අවුරුදු හයකට විතර කලින් ලියපු එකක්. මේ දවස්වල නිදහසක් නෑ අලුතින් ලියන්න ඉතින් බොල්ග් එක පාලු කරන්න බැරි නිසා දැම්මේ.
Deleteහ්ම්. ඒ වෙනස දැණුනු හින්දයි කිව්වෙ. මොකද සඳූ දැන් ලියන නිර්මාණ මීටවඩා රසවත්.
Deleteලස්සනයි සඳු
ReplyDeleteකලිනුත් කියෙව්වා කමෙන්ට් කලා ඒක නැ දැන්
ඕහෝ එහෙමද ... දුක් නොවන්න සොඳුර
Deleteඕව විතරක් කියල වැඩක් නැහැ ඒ යකා ගෙදර එනකොට කන්න බොන්න දෙයක් හදල තියන්න. හැක්
ReplyDelete
Deleteහි හී මම යක්කුන්ට බයා.......යි
හරියන්නේ නැහැ
ReplyDeleteඔව් මන් හිතුවා
Deleteලස්සනයි හැමදාමත් වගේ
ReplyDeleteස්තූතී ඔයාට
Deleteසේද සිනිදු සුදු දුංහිඳ නුඹ කියන කපුගේ ගේ සිංදුව මතක් උනා..
ReplyDeleteඑහෙමද... අහලා තියෙන මතකයක් නෑනේ හිටාන් අය්යණ්ඩි අහලා බලන්න
Deleteඅගෙයි සදු.....
ReplyDeleteස්තූති රස්තියො
Deleteමේක ටිකක් වෙනස් වගේ .මට අවසානය තේරෙන්නෑ
ReplyDeleteහ්ම්ම් ඒකට කමක් නෑ ඉතින්
DeleteNeat....!!
ReplyDeletethanks Archi...
Delete