සඳට බැළුම් හෙලූ අය

Aug 7, 2017

ඔව් ඔයා හඳක් !


නුඹ ,
ඈත අහසේ දිලෙන සඳවත
මම  ,

සඳට පෙම් කල
පුංචි බිම් මල

නුඹ ,

විසල් නුග රුක දාහය නිවන
මම ,
ඒ මහා වෘක්ෂයේ සෙවන නොලබාම
වියළුණු තණපත

නුඹ ,
දොලොස්මහේ පහන
නොනිවී දැල්වෙන
මම ,
එළිය පමණක් දී
නිවී ගිය පහන් වැටිය

නුඹ ,
සමනොළ ගිරිශිඛර
මම ,
මහා ගිරිදඹ ගෙවා පියඹා ඇවිත්
නුඹ පපුව මත්තේම මියෙන්නට පැතූ
අහිංසක සමනළිය

නුඹ ,
මහවැලි ගං කොමළිය තුරුල්ලට ගෙන
ජීවිතය අත්විඳින බව නොදැන..

19 comments:

  1. ලස්සනයි සඳූ. මේක හදිසියේ ලියපු එකක්ද කියලත් වෙලාවකට හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හදිස්සියේ ලියූවක් නෙවෙයි දුමී මේක අවුරුදු හයකට විතර කලින් ලියපු එකක්. මේ දවස්වල නිදහසක් නෑ අලුතින් ලියන්න ඉතින් බොල්ග් එක පාලු කරන්න බැරි නිසා දැම්මේ.

      Delete
    2. හ්ම්. ඒ වෙනස දැණුනු හින්දයි කිව්වෙ. මොකද සඳූ දැන් ලියන නිර්මාණ මීටවඩා රසවත්.

      Delete
  2. ලස්සනයි සඳු

    කලිනුත් කියෙව්වා කමෙන්ට් කලා ඒක නැ දැන්

    ReplyDelete
    Replies
    1. ඕහෝ එහෙමද ... දුක් නොවන්න සොඳුර

      Delete
  3. ඕව විතරක් කියල වැඩක් නැහැ ඒ යකා ගෙදර එනකොට කන්න බොන්න දෙයක් හදල තියන්න. හැක්

    ReplyDelete
    Replies

    1. හි හී මම යක්කුන්ට බයා.......යි

      Delete
  4. හරියන්නේ නැහැ

    ReplyDelete
  5. ලස්සනයි හැමදාමත් වගේ

    ReplyDelete
  6. සේද සිනිදු සුදු දුංහිඳ නුඹ කියන කපුගේ ගේ සිංදුව මතක් උනා..

    ReplyDelete
    Replies
    1. එහෙමද... අහලා තියෙන මතකයක් නෑනේ හිටාන් අය්යණ්ඩි අහලා බලන්න

      Delete
  7. මේක ටිකක් වෙනස් වගේ .මට අවසානය තේරෙන්නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකට කමක් නෑ ඉතින්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...