සඳට බැළුම් හෙලූ අය

Aug 24, 2017

මං මැරුනොත් ඔයා මොකද කරන්නේ නොහොත් සත්තලන්ගෙ රස කතා !




                      ඔය පහුගිය දවස්වල නිකා ඉන්ට බැරි බඩජාරි කමට රඹුටන් බෑග් එකක්ම තනියම කලා පහුවදා කට ඇර ගන්න බැරි තරමට දිව ඌයිය වෙලා කන් දෙකෙනුයි ඇස් වලිනුයි දුම් විසි වෙන ගානට උණ හැදිලා හිටියනේ මේ සඳවතී කියන එකී.අපරාදේ කියන්න බෑ දෙයියනේ කියල දවස් හතරක් පහක් නොසෑහෙන්න විදෙව්වා.රඹුටන් තනියම කෑවට නිකන් දුන්න උණ මම විතරක් විදවන්නෙ මොකෝ කියල හිතල මට හොද වෙනකොට සත්තලන්ටත් දීලම තමා ඕං මම පස්ස බැලුවේ.හැබැයි ඉතින් මං වගේ නෙවෙයි සත්තලන් හරීම හොදයි ලෙඩක් දුකක් හැදුනට කාටවත් කරදරයක් නෑ.එයාම බෙහෙත් හොයාගෙන බීල එයාම පරිස්සම් වෙලා ගොඩ යන්න දන්නවා.දැන් ඔය අපි දෙන්න එක වහලක් යටට වෙලා අවුරුදු හයකුත් උනානේ ඒ අවුරුදු හයටම මුන්දා එකම එක පාරක්වත් දොස්තර කෙනෙක් ළඟට ගිහින් නෑ.( ඒකට මම හම්මේ ඉතින් ඒ ගැන  කවර කතාද )ඔය සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් වගේ දෙයක් මිසක් සත්තලන්ට එහෙම දොස්තරලා හොයාගෙන යන තරමට දරුණු ගනයේ ලෙඩක් හැදිලත් නෑ.ඔය අවුරුදු හයේ මුල් කාලෙදී එයාට පැපොල් හැදුනා.ඊට පස්සේ ටිකක් දරුණුවට උණක් හැදුනේ මේ පාර තමා.බොහෝම අබල දුබල වෙලා පැත්ත වැටිලා හිටියත් මේකා නෙවෙයි දොස්තර ගාවට අරන් යන්න පුලුවන් උනේ . එයාම ගිහින් ෆාමසියෙන් බෙහෙත් අරන් ඇවිත් බීල හිටිය.ඉතින් කෝම හරි ඔහොම ඇඳට වැටිලා දුකසේ ඉන්නකොට සත්තලන් මගෙන් එක පාරටම අහපි

බබා... මං මැරුනොත් ඔයා මොකද කරන්නේ ? ...

කියල.හම්මේ එක අහලා මට දැනුන සනීපය.ඇයි වදේ ඔය මනුස්සයාගෙන් ඔය ප්‍රශ්නේ අහල  මම කාලා තියෙන පරිප්පු ගාගෙන තියෙන ටින්කිරි ...හයියෝ කියලා වැඩක් නෑ.ඉතින්  ඒවාට රිටන් එක දෙන්න මේ තමා හොදම අවස්ථාව කියල මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. දෙන්නම් උණ ඩබල් වෙන්න කියල මම හිතාගෙන දත කට සීරුවෙන් තියා ගත්තා. හෝව් ... හෝව්... එච්චර ඉක්මනට ඉතින් ඒ කතන්දරේ මෙතන දාන්නෙ නෑ. ඒක පස්සට තියලා මම කියන්නම්කෝ ඔය ප්‍රශ්නෙත් එක්ක බැදිච්ච අතීත කයි කතන්දර ටිකක්.

                    ඔය අපි කරකාර බැන්ද මුල් කාලේ මාස දෙක තුනකට සැරයක් ඔය ප්‍රශ්නේ සත්තලන්ගෙන් ඇහුවෙ නැත්තන් මට නිකන් නින්ද යන්නේ නෑ වගේ ගතියක් තිබුනා.කැස්සක් හෙබ්බිරිස්සාවක් හැදුනත්, එයා නැති වෙලාවක හයියෙන් ගොරවලා වැස්සත් ,වත්තට ගැරඩියෙක් හරි තලගොයෙක් හරි ආවත්,අම්මා කෝල් කරලා පොඩි සද්දයක් දැම්මත්, හිතට මොකා...ක්ම හරි දුකත් ආවත් කල් යල් බලලා

නිකමට හරි මං මැරුනොත් ඔයා මොකද කරන්නේ....

කියල අහන එක නිකන් පුරුද්දක් වගේ උනා. මුල්ම කාලේදිනම් ඕක ඇහුවම සත්තලන්

අනේ බබා ජිවිතේ පටන් ගත්තා විතරයි මැරෙන කතා නොකියා හිටුකෝ මගෙන් මැරුම් නොකා....

කියල කිව්ව.පස්සෙ පස්සෙ ඔන්න මෙහෙමලු උනේ.

                                

                                                            
                     
                                               මම - බබා නිකමට හරි මං මැරුනොත් ඔයා මොකද කරන්නේ...

සත්තලන් - මැරුනොත් නේද ... එහෙම උනොත් ඉතින් ඉස්සෙල්ලම මල්ශාලාවකට කතා කරනව..

මම - හා ඊට පස්සෙ...

සත්තලන් - පස්සෙ ඉතින් හත් දවසක් නිදි මරන්නත් එපැයි..නෙස්කැෆේ, බීම , බිස්කට් මගෙ අම්මා....මරු තමා ඉතින්...

මම - මොනවද අනේ ඔයා බලන් ඉන්නෙ මම මැරෙනකන්ද බිස්කට් කන්න...

සත්තලන් - අනේ නෑ... ඔයාටනෙ උවමනාව තියෙන්නෙ ඉක්මනට මැරිලා මට ඔව්වා කවන්න.

මම - ඉහි .. ඉහි ..ඉහි ඔයා හොද නෑ...

සත්තලන් - ඇයි අනේ මම මොනාද කලේ..

මම - මම මැරිලත් ඔයාට කිසි ගානක් නෑ...

සත්තලන් - පිස්සුදු සුදූ... ඔයා මැරිලා බලන්නකෝ මම දුක් වෙන තරම්...


                                                    *  *  *  *

ඔන්න තවත් දවසක

මම - බබා නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ ආ...

සත්තලන් - මමද මම ඉතින් ඔය පට්ට කෑල්ලක් හොයලා ආයෙත් කසාඳ බදිනවා...

මම - පට්ට කෑල්ලක් ?

සත්තලන් - ඔව් එක්කො සනී ලියෝන්  නැත්තන් ජෙසිකා ඇල්බා තමා ,කරීනත් අවුලක් නෑ ඉතින් එයා කොහොමත් මගෙ කෑල්ලනේ.

 මම - මේ... මගේ යකා අවුස්සන්න එපා මම ඕකුන් සේරම කීතු කීතු කරනවා

සත්තලන් - යකෝ... මේකි මැරිලවත් මට සැනසීමක් නැති වෙන පාටනේ..

මම - ඔව්. ඔව්... මැරුනත් මම පස්සෙන් එනවා මොනාද කරන්නේ බලන්න...

සත්තලන් - හැක් .. හැක්.. ඔව්  ඉතින් ගෑණුනේ...

                                                     *  *  *  *
මේ තවත් දවසක්.මේක උනේ මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඔය කතාවෙන් පස්සේ මම ආයෙ ඒකාගෙන් ඔය පරශ්නෙ මේ වෙනකන්ම ඇහුවේ නෑ.

මම - බබා...

සත්තලන් _ ම්ම්ම්ම්ම්

මම - නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නේ ...

සත්තලන් - අන්න හොද ප්‍රශ්නයක්... මම මේ ඒත් කල්පනා කර කර හිටියේ මේ අවුරුද්දට මොකද ඔය ප්‍රශ්නේ පරක්කු කියල.

මම - හරි ඉතින් කියන්නකෝ

සත්තලන් - මෙහෙමයි.. දැන් ඕක මොන වගේ මරණයක්ද .. ස්වභාවිකද එහෙම නැත්තන් දිවිනසා ගැනීමක්ද ...?

මම - මොකක හරි අනේ.. කොහොම හරි මම මැරිලා

සත්තලන් - හරි ස්වභාවික මරණයක්නම් ඉතින් කරන්න දෙයක් නෑ... හැබැයි නිකමට හරි දිවිනසා ගන්න වගේ හිතෙනවනම් අනේ කරුණාකරලා කුක්කු දෙක කපලා ෆ්‍රිජ් එකේ දාලා බොලා කර ගන්න දෙයක් කරගන්න මෙයා හොදේ..

මම - හෑ....ක් ... අර මොකටද කුක්කු කපන්නේ...

සත්තලන් - නෑ ඉතින් මම අඹේවෙලින් හරි හොද කිරි වැස්සියෙක් දක්කන් එනකන් මගේ කොලු පැටියා බඩගින්නේ තියන්න බෑනේ ඌ තාම අම්ම කුක්කුනෙ බොන්නේ...

                                                      *  *  *  *

ඔන්න එදායින් පස්සේ කටක් ඇරලා මම නෙවෙයි උන්දගෙන් මේ වෙනකන් ඔය ප්‍රශ්නෙ ඇහුවේ. ඇයි වදේ පල් වෙනවා කියලා මෙහෙමත් පල් වෙන්න පුලුවන්ද. ඉතින් ඔය වගේ අවස්ථාවක තමයි ජීවිතේ පලවෙනි වතාවට සත්තලන් මගෙන් එයා මලොත් මම මොකද කරන්නේ ඇහුවෙ.

සත්තලන් - බබා මම මැරුනොත් ඔයා මොකද කරන්නේ..

මම - ඔයා මලොත්ද .. හි .. හී ..හි හී...

සත්තලන් - කියහන්කො වදේ

මම - මොනා කරන්නද ඉතින් වල දානවා මිසක්

සත්තලන් - ඊ ළඟට

මම - ඊ ළඟට ඉතින් හත් දවස... තුන් මාසේ ...අවු....

සත්තලන් - හා හා හරි හරි දාන දිදී ඉන්නවා විතරද  කසාඳයක් කරගන්නෙ නැද්ද

මම - මොකද නැත්තේ... කරගන්නවා.. කරගන්නවා... හො...ඳ... ලා...ස්සන උස කොල්ලෙක් බලල බඳිනවා.

සත්තලන් - ම්ම්ම් අන්න හරි ඒක හොදයි .. හැබැයි මගේ කොල්ලට බාප්පලගෙන් ටොකු කන්න බෑ... නිකමට හරි මට මොනා හරි උනොත් ඌව මල්ලිට බාර දෙන්න ඕනේ ( මගේ මල්ලිට )

මම - ඉහි ඉහි  එතකොට මම

සත්තලන් - බොට ඉතින් ඊට පස්සෙ එකෙක් බැරිනම් දහයක් හරි බැඳගන්න පුලුවන්..

මම - හ්... එහෙමද හැබැයි මම මලත් ඔයාටත් බෑ කුඩම්මලා ගෙනත් මගෙ පුතාට ටොකු අන්නන්න

සත්තලන් - ආයෙ බඳින්න මම.... පිස්සුද... එකම වරද  දෙපාරක් කරනවද සුදූ මම...

මම - අනේ විහිලු නෙවෙයි ඔහොම කිව්වට ඉතින් මාසයක් හමාරක් යනකොට මාව අමතක වෙයි.එක එක ඒවා කරන්න හිතුනහම නිකන්ම කසාඳයක් කරගනී..

සත්තලන් - මොනාද එක එක ඒවා...

මම - ( ලැජ්ජාවෙන් ඇඹරෙමින් ) අරවා අනේ

සත්තලන් - කොරවාද අනේ..

මම - යන්න අනේ යන්න... බබා වගේ අහන්නේ... අර දැන් ඩිස්ටි ඩිඩිං කියලා කියන්නේ...

සත්තලන් - හෑ...ක් හැක් හැක් හැක්..... එව්වා කරන කසාඳ බඳින්නම ඕනේද බං..... ඔයා දුක් වෙන්න එපා සුදූ මම එව්වා කලට වේලාවට කරගන්නම්...

මම - මො...කා..ක් ..? හ්... හිතේ ඇති එහෙනම් දැනගන්නවා මම මලොත්  කසාඳ බැන්ඳත් කමක් නෑ එව්වා මෙව්වා කරන්න තහනම් හරී...

                                                    *  *  *  *

 ඉතින් බලන්න පින්වතුනි සත්තලන් වගේද මම .. මම වගේද සත්තලන්.. ඔන්න ඔහොමයි අපි.


31 comments:

  1. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ පින්වතුනි , අම්මපා :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ අයියෝ මටත් එහෙමයි

      Delete
  2. අනේ අම්මපා හිනා ගස්සවලා ඉවර වෙලා විලිලැජ්ජැවට පත් කරන්න එපා අප්පා. මෙහෙම මුණත් රතු වෙලා චිරිස් ගලා හිනාවක් පනිද්දී අම්මා උනත් හැරි හැරී බලනවා දහ වතාවක් විතර.මේ මොන විකාරයක්ද කියලා. ආයෙම මෙහෙම ලියද්දී උඩින්ම මොකක් හරි එල්ලන්න කාත් කවුරුවත් නැති තැනකට වෙලා කියවන්න.

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ

      Delete
  3. හා හා නියමෙට හිනා වුණා. කවද හරි මැරෙන එක ඕක අහන්නම් ඕනෙද?

    ReplyDelete
    Replies
    1. අහන්නම ඕන නෑ ඉතින් ආදරේ හැටි ඔහොමලුනේ වෙලාවකට බොළඳයි

      Delete
  4. ගෑණුන්ගෙත් හැටි. මැරුණයින් පස්සෙවත් ඒ මිනිහට හොඳ රෙස්ටොරන්ට් එකකින් දෙකකින් කන්න ඉඩ දෙන්න එපා‍යෑ. ගෙදර කෑම හැමදාම කන්න බල කරන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. උන්දාටනම් ගෙදරින්ම කන්න තමා හිත.. මම තමා බොහොම අමාරුවෙන් පිටින් කන්න එක්කන් යන්නේ.( මම කිව්වෙ කෑම )

      Delete
    2. අපටත් ඔහොම භාර්යාවෝ ඉන්නවා නම් "පිටින් කන්න " එක්කන් යන්න කැමති . නැත්ද මන් අහන්නේ ..සොසා

      Delete
  5. අන්න කතාව..... මගෙනුත් ඔහොම අහන වෙලාවට මමත් කියන්නෙ වෙන පට්ට කෑල්ලක් සෙට් කර ගන්නව කියල තමයි.......හැබෑට මෙයාල මැරුනත් අපිට නිදහසේ ඉන්ඩ නැති හැටියක්......

    ReplyDelete
    Replies
    1. හි හී ඔය කිව්වට ඉතින් මැරුනට පස්සේ පාඩුවේ ඉන්න පුලුවන් වෙයි

      Delete
  6. මොනව කියන්නද ඉතින්:D:D
    ඔහොමත් නෝන්ඩි වෙනවද අප්පා... අපිට නම් හිනා වෙන්න හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා එයා එක්ක මොනවා කතා කරන්න ගියත් ඔහොම තමා කොහෙන් කටට එනවද මන්දා විකාර

      Delete
  7. ඔයාගෙ සත්තලං එල කිරි පොරක් අනේ.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව් එයා එක්ක ආවට පස්සේ තම මම හිනා වෙලාම මහත් උනේ

      Delete
  8. ඔහොම කතා අහගෙන මැරෙන්ඩවත් හිතෙනවාද ඉතින් .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මම දැන් ඔය මැරෙන කතා නාහන්නේ

      Delete
  9. අහන්නේම එක පැනයයි
    වෙනස් වෙනස් උත්තරමයි
    කියවන්නට ආස හිතයි
    නවතනු බැරි හිනා කටයි....
    :) :) :)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා

      Delete
  10. බෙල්ලෙ වැල දාගෙන ළිඳේ පනින්න වෙන කතානෙ මේව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් ඉතින් මම මැරුනුත් මේකට හරි ජොලිනේ ඒ නිසා මැරෙන්නෙම නෑ

      Delete
  11. චේ..චේ..මොනවද බං උඹල ඔය කතා කරන්නෙ? ඩිෂ්ටි ඩිඩිං..සිකේ අම්මප...ලැජ්ජාවෙ මගෙ ඔලුවෙ උකුණො බිමට පැන්න..ඔන්න කොටිම්ම

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නෙ කතා කරන්න වටිනවද මම අහන්නේ මේම එව්වා

      Delete
  12. අනේ ඒකට ලෙඩක් දුකක් හැදිලත් ඉන්න බැරි හැටි. සදුගේ පෝස්ට් ගොඩක් මග හැරිලා හෙට එන්ට ඕනෙ පිළිවෙලට කියවන්න

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගුටි නොකා ඇවිත් කියවපිය

      Delete
  13. හිනා වෙලා පණ ගියා . පරණ පෝස්ට් කියවන ගමන්.....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...