සඳට බැළුම් හෙලූ අය
Nov 15, 2017
නුවර අහස යට !
නුවර මන්දාරමේ හීගතුව ඉවසාන
රොබෝරෝසිය මලක් වැව් දියට ඉඟි පාන
දළදාව වීදියේ අතෑරුන සුබ සීන
තාම සුවඳයි සුසුම් හෙලන අර හන්තාන...
දෙපා කකියන තුරුම ඇවිද ගිය මල්යාය
මීඳුමේ දුමාරය පෙරවගත් කඳුයාය
මතක ගින්දර වැදී පිච්චෙද්දි හද සෑය
අදත් පහුකර යද්දි හිතට ඔච්චම් පාය
මේ මතක අරන් යන්නට බැරිව මාවැලී
දියත් හඬනවා ගං දෑළ දෙවුරේ වෙලී
උණ පදුරෙ හෙවන යට එකම කුඩයේ ඇලී
පිරිමැදපු හැඟුම් ඒ තරමටම සියුමැලී
අස්ගිරිය උඩින් පායද්දි රෑ තරු රෑන
අත්හරින්නට බයයි අපි දැකපු ඒ හීන
ආයෙ කවදාවත්ම සෙංකඩට නුඹ නේන
මගේ කඳුළුත් අරන් හඬාපන් හන්තාන
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
සඳවතී නුවර අහස යට ලියවෙනකොට දකුනේ වෙරළට වඩා හැඟුමෙන් බර වෙනවා කියලයි අපිට දැනෙනේ...නුවර හීන තව දකින්න...!
ReplyDelete:)
උණ (පදුර) පඳුර උනා නං...!
ඒකනේ... මට ඉතින් නුවර ගැන තමා රහටම ලියවෙන්නේ... අයියෝ මේවා මේ ටයිපින් මිස්ටේක් අප්පා
Deleteදම්පාට රොබරෝසියා මලක පෙති සිඳුණු..
ReplyDeleteවැහිදාක වැනි කඳුළු උණු උණුවේ එහි රැඳුණු..
සංකාව නුඹ නැතිව සෙන්කඩගලින් මිඳුණු..
හංගාන ඉකි ගසයි ඇහි පිය අගින් බිඳුණු..
වා...ව්... කමීටත් ඉදලා හිටලා ලස්සන ලස්සන අදහස් එනවනේ
Deleteඉඳල ඉඳල හිටියම එහෙම තමයි.. :)))))))))))))))
Delete++++
ReplyDeleteස්තූතී ඔබට
Deleteනුවර කියන්නේ හවසක මම දැකපු ලස්සන හීනයක්!
ReplyDeleteඇයි මම ? මමත් හැමදාමට නුවර ලස්සනට දකිනවා... හීන මවනවා
Deleteගිරි දුර්ග අභිබවා ගලන මහවැලි නදී තෙර....
ReplyDeleteවිටෙක විය මාපියන් මෙන් සොදුර අප සිත් හට...
පැණිදෙනිය, ගලහා හන්දිය හරහා අප ඇවිද ඇත දහස්වාරයක්...
ගලපගත්තේ අපේ සිත් නුවර වැව රවුම මතය..
අප අපේම ලෝකයක් තනන රිසියෙන්...
හුදකලාවූ හැටි මතකද නෙත් දහස් වසා එතැන..
අප පැතූ ලෝකයට එරෙහිවූ රූස්ස ගස් අතර තැනුනු මිටියාවත මැදින් නිරුපද්‍රිතව...
සොදුරියෙ අප පා තැබූ හැටි සිහිනයකි තවමත් මා හට..
තනිවෙලා නැත සොදුරියේ මහනුවර..
ඔබ නැතත්, මා නැතත් අප වැනි පෙම්වතුන් පිරිවරා විරාජමානව....
ශා... අපූරුයි... ස්තූතී
Deleteඕක මට හොඳට දැනෙනවා
ReplyDeleteම්ම්ම් ඔව් ඔව් දනිමි දනිමි
Deleteමේක පරන කවියක්ද? රොබේසියා මල් ගැන මතකයක් තියෙනවා සදූම ලියාපු
ReplyDeleteමේක උණු කැවුම් වගේ රස්නෙ පිට එකක් රස්ති, ඒ ඔයා කියන්නෙ වෙන එකක්..
Deleteදෙපා කකියන තුරුම ඇවිද ගිය මල් පාර
ReplyDeleteඅදත් එහෙමයි අපෙ මතක එහි තවම
සෙංකඩගලත් හඩනවා තාම නුඹ නැතුවාම
හන්තාන උබ අඩපන් මගෙ කදුලු අරගෙනම
����❤️��