සඳට බැළුම් හෙලූ අය
Dec 23, 2017
මතක් උනත් අමතක උනා වගේ ඉන්න !
ඉතින්
ඔබ යන්න !
දෙන්න ඔය කඳුළු කෙංඩිය මට
ආ.... ගන්න
මේ සිනා මල් වට්ටියම නුඹ
මතක ඇතුව ආයෙ
නෑවිත්ම ඉන්න
යන අතරමඟ පයට
පෑගෙන්න
විසිනොකර අපෙ මතක
කෝ.... දෙන්න
නෑඹුලේ සිප ගත්ත
හාදුවේ සුවඳ විතරක්
කැමතිනම් ඔබ අරන් යන්න
අමතක නොකර
ආයෙ නෑවිත්ම ඉන්න
බලාපොරොත්තු සේරෝම
ඔබ අරන් යන්න
සෙනෙහසේ සුවඳ විතරක්
මට තියා ගන්න ඉඩ දෙන්න
අනාරධිතව ඇවිත්
අනාරාධිතවම යන්න
මතක් උනත්
අමතක උනා වගේ ඉන්න !
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
පළමු තැන මටය
ReplyDeleteඉතින් මෙහි එමිය
දුමියා නැත මෙහිය
ඔහුට කලියෙන්
ලියමි මම කවිය
- ජෑ මා -
මගේ මග අහුරා
Deleteආ නිසා සතුරා
වස් කවිය මතුරා
කියමි පළයන් පුංචි මකරා.... :) :)
ජයවේවා!!!
දෙන්නගෙම කවි අපූරුයි... ස්තූතියි...
Deleteවස් කවිය එලවා
Deleteදමනු මගෙ රිසියා
කියා මම මතුරා
ඒස්වා පුහ් දුමියා ඇඩුවා
- ජෑ මා කාලී ජිනේ ජිනේ -
කාලි ඒස් වා පුහ්! :)
මකර මගෙ දරුව
Deleteහොඳින් අහගනුව
හොඳින් වස් තනුව
වයමි රැකිලා ඉන්න බලව....
ජයවේවා!!!
වස් තනුව ගොතලා
Deleteකියත් මේ දුමියා
මගේ ගිනි පිඹලා
රැකිලා ඉන්නෙමි මමයි මකරා
- ජෑ මා -
ගිණි කොහොම පිම්බත්
Deleteකොහොම උඩ පැන්නත්
අහසෙ රඟ දුන්නත්
කවියෙ බල නොබිදේවි තවමත්......
ජයවේවා!!!
අපි මෙහේ ඉදලා
Deleteමෙලට කවි ලියලා
බ්ලොගිය රජ වීලා
සද වේවි අග වීලා
- ජෑමා -
ඉතින් කවි කියවමු
Deleteපසුව රස විඳගමු
හිතට සතුටක්ගමු
දැන් ඉතින් අපි මෙයින් නවතිමු....
ජයවේවා!!!
මට මෙහෙමත් හිතුනා.
Deleteසොඳුරු සඳවතිගේ කවියට වඩා, මේ කවි මඩුව අගෙයි.. ලස්සනට එලිවැට රැකලා.
//මතක් උනත්
අමතක උනා වගේ ඉන්න !//
මේකට මං ආසයි
ඒකනෙ අරු
Delete- ජය මහ -
අපුරු වාදයක්
Deleteහැඟීම් ගොඩක්. ඇත්තටම ලස්සන නිර්මාණයක්.
ReplyDeleteස්තූතීයි කොච්චි...මේ දවස්වල නිදහසේ වගේ... බ්ලොග් එකත් අප්ඩේට් උනොත් වටිනවා
Deleteලොකු නිදහසක් නැහැ ...කරදර ගොඩක් එක්ක...
Deleteඅතින් පටලා සතුටුවූ මුත් අපේ සුන්දර පෙර දින
ReplyDeleteනෙතින් කඳුළක් උණන තරමට පපුතුළේ නිති සිහිවෙන
ගතින් වෙන්වන වියෝ දුක තව ඉවසගන්නට බැරි තැන
හිතින් තවමත් නුඹ ළඟයි මම දිරි ගනින් නුඹ මගෙ පණ......
හැමදාමත් වගේ දැණෙන් නිර්මාණයක් සඳූ.
ජයවේවා!!!
හැමදාමත් වගේ ලස්සනයි ඉතින්
Deleteමුතු සිනා සලා නෙළු මල් වට්ටියම දී සින්න..
ReplyDeleteනෙතු පුරා මගේ උණු කඳුළු කෙන්ඩිය මැන්න..
සිතු සරා තව වරක් ඔය කොපුල සිප ගන්න..
පැතු සිහින මෙහි දමා 'අමතකව' යමි යන්න..
ලස්සනයි කමී ස්තූතී
Deleteහරිම අපූරු ප්‍රතිචාරය. ලස්සනයි හොරෙන් හොරෙන් love නේද ?
Deleteහොරෙන් මොකද.. එළිපිටම ලව්.. (මේ වගේ නිර්මාණ වලට) :)
Deleteඅතහැරීම
ReplyDeleteම්ම්ම් ඔව් අල්ලන් ඉඳලා ඉඳලා බැරිම තැන
Deleteයන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .
ReplyDeleteයන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .
ReplyDelete