සඳට බැළුම් හෙලූ අය

Dec 23, 2017

මතක් උනත් අමතක උනා වගේ ඉන්න !



ඉතින්
ඔබ යන්න !

දෙන්න ඔය කඳුළු කෙංඩිය මට
ආ.... ගන්න
මේ සිනා මල් වට්ටියම නුඹ
මතක ඇතුව ආයෙ
නෑවිත්ම ඉන්න

යන අතරමඟ පයට
පෑගෙන්න
විසිනොකර අපෙ මතක
කෝ.... දෙන්න
නෑඹුලේ සිප ගත්ත
හාදුවේ සුවඳ විතරක්
කැමතිනම් ඔබ අරන් යන්න
අමතක නොකර
ආයෙ නෑවිත්ම ඉන්න

බලාපොරොත්තු සේරෝම
ඔබ අරන් යන්න
සෙනෙහසේ සුවඳ විතරක්
මට තියා ගන්න ඉඩ දෙන්න
අනාරධිතව ඇවිත්
අනාරාධිතවම යන්න

මතක් උනත්
අමතක උනා වගේ ඉන්න !

25 comments:

  1. පළමු තැන මටය
    ඉතින් මෙහි එමිය
    දුමියා නැත මෙහිය
    ඔහුට කලියෙන්
    ලියමි මම කවිය

    - ජෑ මා -

    ReplyDelete
    Replies
    1. මගේ මග අහුරා
      ආ නිසා සතුරා
      වස් කවිය මතුරා
      කියමි පළයන් පුංචි මකරා.... :) :)

      ජයවේවා!!!

      Delete
    2. දෙන්නගෙම කවි අපූරුයි... ස්තූතියි...

      Delete
    3. වස් කවිය එලවා
      දමනු මගෙ රිසියා
      කියා මම මතුරා
      ඒස්වා පුහ් දුමියා ඇඩුවා

      - ජෑ මා කාලී ජිනේ ජිනේ -

      කාලි ඒස් වා පුහ්! :)

      Delete
    4. මකර මගෙ දරුව
      හොඳින් අහගනුව
      හොඳින් වස් තනුව
      වයමි රැකිලා ඉන්න බලව....

      ජයවේවා!!!

      Delete
    5. වස් තනුව ගොතලා
      කියත් මේ දුමියා
      මගේ ගිනි පිඹලා
      ‍රැකිලා ඉන්නෙමි මමයි මකරා

      - ජෑ මා -

      Delete
    6. ගිණි කොහොම පිම්බත්
      කොහොම උඩ පැන්නත්
      අහසෙ රඟ දුන්නත්
      කවියෙ බල නොබිදේවි තවමත්......

      ජයවේවා!!!

      Delete
    7. අපි මෙහේ ඉදලා
      මෙලට කවි ලියලා
      බ්ලොගිය රජ වීලා
      සද වේවි අග වීලා

      - ජෑමා -

      Delete
    8. ඉතින් කවි කියවමු
      පසුව රස විඳගමු
      හිතට සතුටක්ගමු
      දැන් ඉතින් අපි මෙයින් නවතිමු....

      ජයවේවා!!!

      Delete
    9. මට මෙහෙමත් හිතුනා.
      සොඳුරු සඳවතිගේ කවියට වඩා, මේ කවි මඩුව අගෙයි.. ලස්සනට එලිවැට රැකලා.

      //මතක් උනත්
      අමතක උනා වගේ ඉන්න !//
      මේකට මං ආසයි

      Delete
  2. හැඟීම් ගොඩක්. ඇත්තටම ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි කොච්චි...මේ දවස්වල නිදහසේ වගේ... බ්ලොග් එකත් අප්ඩේට් උනොත් වටිනවා

      Delete
    2. ලොකු නිදහසක් නැහැ ...කරදර ගොඩක් එක්ක...

      Delete
  3. අතින් පටලා සතුටුවූ මුත් අපේ සුන්දර පෙර දින
    නෙතින් කඳුළක් උණන තරමට පපුතුළේ නිති සිහිවෙන
    ගතින් වෙන්වන වියෝ දුක තව ඉවසගන්නට බැරි තැන
    හිතින් තවමත් නුඹ ළඟයි මම දිරි ගනින් නුඹ මගෙ පණ......

    හැමදාමත් වගේ දැණෙන් නිර්මාණයක් සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ලස්සනයි ඉතින්

      Delete
  4. මුතු සිනා සලා නෙළු මල් වට්ටියම දී සින්න..
    නෙතු පුරා මගේ උණු කඳුළු කෙන්ඩිය මැන්න..
    සිතු සරා තව වරක් ඔය කොපුල සිප ගන්න..
    පැතු සිහින මෙහි දමා 'අමතකව' යමි යන්න..

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කමී ස්තූතී

      Delete
    2. හරිම අපූරු ප්‍රතිචාරය. ලස්සනයි හොරෙන් හොරෙන් love නේද ?

      Delete
    3. හොරෙන් මොකද.. එළිපිටම ලව්.. (මේ වගේ නිර්මාණ වලට) :)

      Delete
  5. Replies
    1. ම්ම්ම් ඔව් අල්ලන් ඉඳලා ඉඳලා බැරිම තැන

      Delete
  6. යන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .

    ReplyDelete
  7. යන අයට යන්න දෙන්න . ඔයා දුක් නොවී ඉන්න .

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...