සඳට බැළුම් හෙලූ අය
Jan 15, 2018
අහන්නකෝ !
අවාරේ උනත් පියාඹා ඇවිත්
හිත මත්තෙ හිමිහිට වැහුවම
උණු උණුවෙ වැටෙන කඳුළක තෙත
මේ හැටිම ඝනකම් බව
සුදුරෙදි හොරෝ
උඹ දන්නේම නැතිද !
තුංග තුරු මුඳුනක
වහංවුන මලක් පෙති ඇරියම
පලාතම සුවඳ දෙන බව
බමරු මල් පෙති සිඹින බව
කහ කුරුල්ලෝ උඹට මම අමුතුවෙන්
කියාදෙන්නම ඕනෙද !
හිතකට හිතක් ඇලුනම
ඒ තරම් ඉක්මනට
ගලවන්න බැරි බව
අර දඟ කරන මොනර පැටික්කිට
කියා දෙන්නට කවුරුත්ම
නැද්ද හැබෑටම !
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
අහන්නකෝ... මම ලිව්වා...
ReplyDelete// කජු ගස් ලන්දේ අවාරෙට සැරිසරනා සුදු රෙදි හොරාවත්
උඩවත්තේ කොස් ගස් මන්ඩියේ ලගින දඟකාර මොණරාවත්
නොදන්නා
මට මගහැරුන මා
ඔබට හමුවූයේ අවාරෙට බැව්
නොකී නිසාමද
මේ දරාගනු නොහැකි කඳුලු හෙලන්නේ
අපට හොරෙන්....!///
එතකොට සඳවතී කමෙන්ට් කලා ඔය උඩ ලියලා තියෙනාකාරයට...!
මේක හොඳයි සිංදුවකට...!
ඒ මොනා උනත් දැන් කඳුළු ඇති සඳවතී..හිනාවෙමු..!
ම්ම්ම් ඔව් නේන්නම් ...මේ ඒ කවියට දාපු කමෙන්ට් එක තමා පොඩ්ඩක් වැඩියෙන් ලියලා කරලා ගත්තේ...මම හිතුවා මතක නැතුව ඇති කියලා හි හී...
Deleteකඳුළු..... ? කඳුළු තියෙන තරමට තමා කවි ලස්සන වෙන්නෙ අනේ...
අහන්නකෝ
ReplyDeleteමේක නම් නියමයි.
හිතකට හිතක් ඇලුනම
ඒ තරම් ඉක්මනට
ගලවන්න බැරි බව
අර දඟ කරන මොනර පැටික්කිට
කියා දෙන්නට කවුරුත්ම
නැද්ද හැබෑටම
ඇත්තටම සුදු රෙදි හොරායි කහකුරුල්ලායි දන්නේම නැද්ද? මොණර පැටික්කිට මේ ටික තේරුම් කරන්න
ඒකනේ යාත්‍රා....එයාලගෙන්ම තමා ඒක අහන්න ඕන
Deleteඅහන්නකෝ..........
ReplyDeleteඔයත් ලස්සන ආදර කතාවක හිමිකාරියක් බව මම දන්නවා..
සමහර විට ඔයා හිතින් ආදරේ ඇති.
සමහර විට ඔයා ගොඩක් ආදරෙන් ඇති..
සමහර විට ඔයා හොරෙන් ආදරේ කරනවා ඇති...
සමහර විට ඔයා වෙන්වෙලාත් එයාටම ආදරේ කරනවා ඇති...
අපේ ආදර කතා එකිනෙකට වෙනස්.............. නේද ? හා
ම්ම්ම්ම් ඔයා ඔය කියන කොයි ආදර කතාව උනත් සොඳුරුයි ... මිහිරියි තමා...
Deleteඒකනේ ........
Deleteරස වින්දා හරියට .
ReplyDeleteස්තූතීයි ඔබේ පැමිනීමට
Deleteහරි ලස්සනට ප්‍රශ්න තුනක් අහල.
ReplyDeleteතුනටම ඉතින් කුරුල්ලන්ට උත්තර නැහැ
අවාරේ උනත් පියාඹා ඇවිත්
හිත මත්තෙ හිමිහිට වැහුවම
උණු උණුවෙ වැටෙන කඳුළක තෙත
මේ හැටිම ඝනකම් බව
සුදුරෙදි හොරෝ
උඹ දන්නේම නැතිද !
ඒකනේ වැඩේ... ස්තූතියි
Deleteඅහන්නකො.. ඔය මොණරු ඉන්නවා නේද? බොරු ආඩම්බර කම විතරයි.. පිහාටු ටික ලස්සනයි කියල රැවටෙන කුරුල්ලොත් ඇති.. ඒ වුනාට ස්මාර්ට් කහ කුරුල්ලෝ වත් කපටි සුදු රෙදි හොරුවත් ඕවට අහු වෙන්නේ නෑ.. මොකද උන් ඔක්කොම ඇති තරම් අහල තියෙනවා මොණරු අඬලන සද්දේ.. හැක්. :)))
ReplyDeleteඇත්ත තමයි සේරම එකයි බලන් යනකොට
Deleteඒකෙ වෙනසක් තියෙනවා සදු
ReplyDelete