සඳට බැළුම් හෙලූ අය
Mar 26, 2018
May - December Romance !
ප්‍රියාවිය
හිස් මුදුනතින් පටන් ගත්
ප්‍රේමණීය හිරිවැටුමක
අවසාන තත්පරේදී
මා ඔය දිලෙසෙන තුරුණු දෑස
තුල කිමිදෙමි...
පරඩැලක්ව වැහැරුණු
මා දෑස් වුවද ප්‍රේමයෙන්
ගිනිගන්නා වග
ඔය ඇහි බෝල තුලින්ම දකිමි...
' ලොලීටා '
මගේ ප්‍රේමිය
මා නුඹට එසේ අමතමි...
ඉතින්
අසම්මත වූ බැවින් ප්‍රේමය
අසංවර යැයි ලොවෙන්
කොන් කල නිසාම
මෙකී පෙම
සඟවගමි ලයතුරේ සදහටම..
ඔය දෑස මත දිලෙන කඳුළකින්
ආත්මය විනිවිදින ඇසිල්ලක
දනිමි හැදින්නෙමි
රමණයම නොවන බව
රමණීය ප්‍රේමය ..
උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ කොළ පාට ඇස් නැවත කියවූ පසු ලියූවකි
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

++++++++++
ReplyDeleteහප්පා මේ වැටවල් ගැහිල්ල දැන් වසංගතයක් වගේනේ.... මොකද වෙන්නේ වචනයක් දෙකක් ලියලා ගියානම් ආ....
Deleteදැකුමෙන් දැනීමෙන් හදවත වැළපේද
ReplyDeleteවයසින් විශම වූවද පෙම නැතිවේද
බැතියෙන් පිරුණු තැන ආලය හිඟ නැතිද
රතියෙන් පමණක්ම සෙනෙහස පවතීද....
ජයවේවා !!!
ස්තූතියි දුමී ඔයාට
Delete++++++++
ReplyDelete+++++++
Deleteහ්ම්ම්. කියවල නෑනෙ.. ඒත් කවිය නං හිතට දැණුන.. :-) :-)
ReplyDeleteපොත් කියවන කෙනෙක්නම් කියෙව්වට පාඩු නැත... ස්තූතියි කාලෙකින් මෙහෙ ආවට
Delete+++++++++++
ReplyDeleteවචනයක් දෙකක් ලිව්වා ඔන්න
අනේ හොදයි
Deleteකාලෙකින් ඇවිත් කියවද්දි අමුතුම රහක් දැනුනා.
ReplyDeleteකවි දැන් වෙන වෙන හැඩෙන් ලියනවා නේහ්
අනේ මන්දා යාත්‍රා ඔන්න ඔහෙ ලියවෙනවා ඉතින්
Deleteඔන්න ඔහේ නෙවෙයි...
Deleteනියම විදිහට ලියලා තියෙනවා
මේක කියවලා ඔලුවම හිරිවැවුනා ලස්සනයි සද
ReplyDeleteඅපොයි එහෙනම් බෙහෙත් ගන්න වෙයි.... හි හී
Deleteකාලයත් සංකල්පයක් වූ කල
ReplyDeleteරමණීය ප්‍රේමය
කෙසේ
අසම්මත ප්‍රේමයක් ය
යන
කුලකයට දමන්න ද .......
අසම්මත ,
අසංවර ,
මේ වචන
ලෝකය තනන්නේ
රාමුවක සිරවී සිට ය .......
මොනයම්ම හැඩයක රාමුවක ප්‍රේමයක් හරි අසම්මත වෙන්නේ කොහොමද කියන එක මටත් ප්‍රශ්නයක්...
Deleteමේ නම් හරිම ලස්සන නිර්මාණය ක් සොඳුරු. ඊට පාදක උනු පොත නම් කියවා නෑ. ඒ නිසා "ලොලීටා" කියන්නේ එහි චරිතයක් ද කියන්න දන්නෙ නෑ. නමුත් මං හිතන්නෙ ඔබ දැනුවත් ඇති "Lolita syndrome" ගැන. ඇත්තටම සොඳුරු කවියෙකුට තියෙන්න ඕනේ භාෂා දැනුම වගේම සමාජ දැනුමත්. එවිටයි ඔබ වගේ දක්ශ නිර්මාණ කරුවන් බිහිවෙන්නෙ. හරිම අගෙයි සොඳුරු
ReplyDeleteස්තූතියි එරන්දි ගොඩක් කාලෙකින් මෙහෙ ඇවිත් තියෙන්නේ...ලොලීටා කියන්නේ පොතේ චරිතයක් නෙවෙයි ඒත් ඒ පොතේ ගැහැනු චරිතයට පිරිමියා විසින් එක තැනකදී එහෙම කියනවා.මම බලල තියෙන්නේ ලොලීටා කියන්නේ නවකතාවක් මම ඒක කියවලත් නෑ හැබැයි ඒ ඇසුරින් නිර්මාණය උන ෆිල්ම් එක බලල තියෙනවා.කොළපාට ඇස් නවකතාවේ තියෙනෙත් ඒ හා සමාන කතාවක්."Lolita syndrome'' ගැනනම් ඇහුවේ අද. දැන් හොයලා බලන්න ඕන ඒ ගැන. මම මීට කලිනුත් මේ පොත ගැන සටහනක් ලියල තියෙනවා ඔයා ඒක කියෙව්වොත් කතාව ගැන පොඩි අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.මේ ලින්ක් එකේ ගිහින් බලන්නකෝ
Deletehttps://kavisandalla.blogspot.com/2016/10/blog-post_6.html
අනේ මන්දා ඉතින්
ReplyDeleteහා එහෙනම්
Delete