සඳට බැළුම් හෙලූ අය

Mar 26, 2018

May - December Romance !



ප්‍රියාවිය
හිස් මුදුනතින් පටන් ගත්
ප්‍රේමණීය හිරිවැටුමක
අවසාන තත්පරේදී
මා ඔය දිලෙසෙන තුරුණු දෑස
තුල කිමිදෙමි...

පරඩැලක්ව වැහැරුණු
මා දෑස් වුවද ප්‍රේමයෙන්
ගිනිගන්නා වග
ඔය ඇහි බෝල තුලින්ම දකිමි...

' ලොලීටා '
මගේ ප්‍රේමිය
මා නුඹට එසේ අමතමි...

ඉතින්
අසම්මත වූ බැවින් ප්‍රේමය
අසංවර යැයි ලොවෙන්
කොන් කල නිසාම
මෙකී පෙම
සඟවගමි ලයතුරේ සදහටම..

ඔය දෑස මත දිලෙන කඳුළකින්
ආත්මය විනිවිදින ඇසිල්ලක
දනිමි හැදින්නෙමි
රමණයම නොවන බව
රමණීය ප්‍රේමය ..


උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ කොළ පාට ඇස් නැවත කියවූ පසු ලියූවකි

21 comments:

  1. Replies
    1. හප්පා මේ වැටවල් ගැහිල්ල දැන් වසංගතයක් වගේනේ.... මොකද වෙන්නේ වචනයක් දෙකක් ලියලා ගියානම් ආ....

      Delete
  2. දැකුමෙන් දැනීමෙන් හදවත වැළපේද
    වයසින් විශම වූවද පෙම නැතිවේද
    බැතියෙන් පිරුණු තැන ආලය හිඟ නැතිද
    රතියෙන් පමණක්ම සෙනෙහස පවතීද....

    ජයවේවා !!!

    ReplyDelete
  3. හ්ම්ම්. කියවල නෑනෙ.. ඒත් කවිය නං හිතට දැණුන.. :-) :-)

    ReplyDelete
    Replies
    1. පොත් කියවන කෙනෙක්නම් කියෙව්වට පාඩු නැත... ස්තූතියි කාලෙකින් මෙහෙ ආවට

      Delete
  4. +++++++++++
    වචනයක් දෙකක් ලිව්වා ඔන්න

    ReplyDelete
  5. කාලෙකින් ඇවිත් කියවද්දි අමුතුම රහක් දැනුනා.
    කවි දැන් වෙන වෙන හැඩෙන් ලියනවා නේහ්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා යාත්‍රා ඔන්න ඔහෙ ලියවෙනවා ඉතින්

      Delete
    2. ඔන්න ඔහේ නෙවෙයි...
      නියම විදිහට ලියලා තියෙනවා

      Delete
  6. මේක කියවලා ඔලුවම හිරිවැවුනා ලස්සනයි සද

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙනම් බෙහෙත් ගන්න වෙයි.... හි හී

      Delete
  7. කාලයත් සංකල්පයක් වූ කල
    රමණීය ප්‍රේමය
    කෙසේ
    අසම්මත ප්‍රේමයක් ය
    යන
    කුලකයට දමන්න ද .......

    අසම්මත ,
    අසංවර ,
    මේ වචන
    ලෝකය තනන්නේ
    රාමුවක සිරවී සිට ය .......

    ReplyDelete
    Replies
    1. මොනයම්ම හැඩයක රාමුවක ප්‍රේමයක් හරි අසම්මත වෙන්නේ කොහොමද කියන එක මටත් ප්‍රශ්නයක්...

      Delete
  8. මේ නම් හරිම ලස්සන නිර්මාණය ක් සොඳුරු. ඊට පාදක උනු පොත නම් කියවා නෑ. ඒ නිසා "ලොලීටා" කියන්නේ එහි චරිතයක් ද කියන්න දන්නෙ නෑ. නමුත් මං හිතන්නෙ ඔබ දැනුවත් ඇති "Lolita syndrome" ගැන. ඇත්තටම සොඳුරු කවියෙකුට තියෙන්න ඕනේ භාෂා දැනුම වගේම සමාජ දැනුමත්. එවිටයි ඔබ වගේ දක්ශ නිර්මාණ කරුවන් බිහිවෙන්නෙ. හරිම අගෙයි සොඳුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එරන්දි ගොඩක් කාලෙකින් මෙහෙ ඇවිත් තියෙන්නේ...ලොලීටා කියන්නේ පොතේ චරිතයක් නෙවෙයි ඒත් ඒ පොතේ ගැහැනු චරිතයට පිරිමියා විසින් එක තැනකදී එහෙම කියනවා.මම බලල තියෙන්නේ ලොලීටා කියන්නේ නවකතාවක් මම ඒක කියවලත් නෑ හැබැයි ඒ ඇසුරින් නිර්මාණය උන ෆිල්ම් එක බලල තියෙනවා.කොළපාට ඇස් නවකතාවේ තියෙනෙත් ඒ හා සමාන කතාවක්."Lolita syndrome'' ගැනනම් ඇහුවේ අද. දැන් හොයලා බලන්න ඕන ඒ ගැන. මම මීට කලිනුත් මේ පොත ගැන සටහනක් ලියල තියෙනවා ඔයා ඒක කියෙව්වොත් කතාව ගැන පොඩි අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.මේ ලින්ක් එකේ ගිහින් බලන්නකෝ

      https://kavisandalla.blogspot.com/2016/10/blog-post_6.html

      Delete
  9. අනේ මන්දා ඉතින්

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...