සඳට බැළුම් හෙලූ අය
May 16, 2018
මමයි ඒ බඹරින්දු කඩුපුලට පෙම් බැන්ද !
අහම්බෙන් නිදි බිඳුණු වෙලාවක නෙත ගැටුණු
සුවඳින්ම ඇතුලු හද ගැඹුරටම ගිනි තබපු
ලෝකෙටම හොර රහසෙ අඳුරු රැය විනිවිදපු
නුඹද ඒ මල උදා ස්වයං වරයෙදි නොදුටු
සඳත් මල්වර රෑක විදා පෙති රහසේ
මුදත් මල් මකරන්ද නොපෑහී පහසේ
හෙටත් නුඹ පිපේනම් මෙතන මේ වාගේ
මටත් පුලුවන් ඉතින් නො'නිදන්න ආයේ
රාත්‍රිය නො'යිඳුල්ම පිනි ඉහින මානේ
පිපී සැලෙනා අරුම හිනැහෙමින් සිතුසේ
රසඳුනක් නොවී තව කිසිවෙකුට ආයේ
තුරුල්ලට වරෙන් දැන් මැණික නුඹ මාගේ
සඳේ රැස් කැරැල්ලෙන් නුඹ මුවා කරලමී
කදෝකිමි ඇසකිනුත් නුඹේ රුව සඟවමී
දහක් කුසුමන්ට ලොබ බැන්ද සිත මුදවමී
නෑඹුල්ම මලක පෙති දෝතින්ම සිපගමී
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
සඳේ රැස් කැරැල්ලෙන් නුඹ මුවා කරලමී
ReplyDeleteකදෝකිමි ඇසකිනුත් නුඹේ රුව සඟවමී
දහක් කුසුමන්ට ලොබ බැන්ද සිත මුදවමී
නෑඹුල්ම මලක පෙති දෝතින්ම සිපගමී
හරිම ලෝබ හිතෙනවා කවි පෙළට.... ස්තූතියි සඳවතී....
ස්තූතියි සඳවතී
Deleteරැයම දිගුවෙලා අඳුරත් නිති කැන්දූ
ReplyDeleteතවම ගත පුරා දිවයයි පිණි බිංදූ
සුදම රැදුණු පෙති කුළුඳුල් පෙම රැන්දූ
සුවම විඳින්නට එනු මැන බඹරින්දූ....
ලස්සනයි සඳූ...
ජයවේවා!!!
ලස්සන පද ... ස්තූතියි දුමී
Deleteරැයක් තිස්සේ බලා උන්නේ
ReplyDeleteඔබ පිපෙන බව දැනම.
ස්වේත ගණ වර්ණයෙන්
සිහින් පෙති දිගු උනේ.
බබරෙකුට නොවසන්න
මම ඔබව රැක ගත්තේ,
බුදු හිමිට පුද දෙන්න,
ඔබේ අගේ වැඩිවෙන්න.
කවුද දැන් මේ රකින්නේ බඹරෙක්ද.... නරියට කුකුල්ලු බාර දුන්නා වගේ තියේවිනේ... හි හී
Delete+++++++++++++
ReplyDeleteහා
Deleteරාත්‍රිය නො'යිඳුල්ම පිනි ඉහින මානේ
ReplyDeleteපිපී සැලෙනා අරුම හිනැහෙමින් සිතුසේ
රසඳුනක් නොවී තව කිසිවෙකුට ආයේ
තුරුල්ලට වරෙන් දැන් මැණික නුඹ මාගේ
ආදරණීයයි...
තව මලක් දකිනතුරු වෙන්නත් පුලුවන් ඉතින් නේද ඔය ආලවට්ටම් බඹරාගේ...
Deleteරැය ගැඹරට කඩුපුලක්ය පෙම් බැඳුණූ
ReplyDeleteකඩුපුලකට බඹර තුඩකි සිත් බැඳුණූ
සඳ එළියෙන් නිති සැනසුනු මල් ළන්ඳූ
Deleteමල නොතලා රොන් ගනීද බඹරින්දූ
👍 👍 👍
ReplyDeleteස්තූතියි මිථිල
Deleteඅපූරුයි නෙව...
ReplyDelete"...කදෝකිමි ඇසකිනුත් නුඹේ රුව සඟවමී..."
ආදරේ කියන්නෙම ලෝබ කමට... අයිති කර ගන්නවට... අපි කවදා නිවන් යයිද අප්පා...
ඒකනේ අපි කොච්චර නෑ නෑ කිව්වත් ආදරේ කියන්නෙම ආත්මාර්තයට ලෝබ කමට
Deleteරසවත් කවියක්
ReplyDeleteස්තූතියි රස්ති....
Deleteපිපී සැලෙනා අරුම හිනැහෙමින් සිතුසේ
ReplyDeleteරසඳුනක් නොවී තව කිසිවෙකුට ආයේ
තුරුල්ලට වරෙන් දැන් මැණික නුඹ මාගේ
ලා...ස්සන පද වැල්...!
හරි ලා....ස්සන කමෙන්ට් එක ... හි හී
Delete