සඳට බැළුම් හෙලූ අය
Jul 8, 2018
ඉසුරුමුණියේ මගබලන්නා !
තිසා වැව ළඟ කලා වැව ළඟ අපේ සෙනෙහස දෝරෙ ගැලුවා
රුවන් වැලි මහ සෑය වැදගෙන හමන පවනත් අසිරි සැලුවා
වණ උයන්වල මල් උයන්වල විහඟනුත් පෙම් කතා ඇහුවා
හිටි ගමන් නුඹ මටත් රහසෙම ඇස් වලින් මගෙ වහං වූවා
වාසලේ රජ අසරුවෙකි මා නුඹයි මම පෙම් කරපු මාලා
මේ තරම් පෙම් කරපු මගෙ හිත කියන් කොහොමද ගියේ දාලා
නැගී තුරගෙකු පිටේ සෙව්වෙමි ගම් නියම් ගම් පීර පීරා
ඉසුරුමුණියේ පොකුණ ළඟ දිය පොදක් බිව්වෙමි වාඩි වීලා
මඟුල් උයනේ තුරු හිසක් යට නුඹේ සිනහව රාව නැගුනා
ගැස්සිලා මම බලනකොට නුඹ ම' මිතුරු සාලිය එක්ක හිටියා
හොවාගෙන ඔහු නුඹව උකුලේ නුඹට ආදර කතා කිව්වා
නුඹට පෙම් කල මගේ හදවත ගල් වෙලා ගල් කුළක රැදුනා
ලෝකයම අද කතා වෙන්නේ යුවල ළඟ ඇති මහ පෙමක්
මිසක් කවුරුත් දන්නෙ නෑ ගල් කුළක මං විදිනා දුකක්
කමක් නෑ මං කියන්නෑ ලෝකයට නුඹ ගැන කිසි දොසක්
අපේ පෙම හදවතේ ගුලි කොට මග බලමි තව කප් සියක්
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

අදහසත් උත්සාහයත් අපූරුයි සඳූ. ඒත් මේක හදිසියේ ලියලා දාපු එකක් වගෙයි.... සඳූගේ මීට වඩා රහ පිරෙන වචන තියෙනවානෙ.... මොකද වුනේ.....
ReplyDeleteජයවේවා!!!
එහෙම තමා දුමී වෙලාවකට....
Deleteපැතලි රුව සේ එකට ඉන්නට අපිට පිං නැති දා.
ReplyDeleteඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ.
පව් කෙරුව හන්දා වෙන්ව යං නොහඬා.
ඔයාටත් කොහෙන් හරි ගැලපෙන සින්දුවක් මතක් වෙනවා නේද ....
Deleteමේක මරු!
ReplyDeleteපරණවිතාන මාත්තියා ගෙ පර්ජන්‍ය ත් නොවී, රාවණා කස්ටියගෙ විස්රව මුණිවරයා ත් නොවී, මෙයා සරල ප්‍රේමවන්තයෙක් වෙච්ච එක කොච්චර හොඳ ද... එතැන විඳ ගන්න තියෙන දේ උපරිමයි...
ඔව් නේද.... ඔය කොයි කතාවත් අපි දන්න විදියටම නැතුව වෙනස් විදියට හිතුවම ලස්සනයි
Deleteආදරය කියා ගන්න බැරිව ලතැවෙන හිත් කොයි තරම් තියනවද???
ReplyDeleteහ්ම්ම්ම් ඔව්
Deleteඅගෙයි
ReplyDelete