සඳට බැළුම් හෙලූ අය

Jul 9, 2018

In This Moment !




මේ කවුළු ඇ'සඟින්
අර පේන අවකාශයේ
කොහේ හරි...කොහේ හරි
ඔබේ සුවඳත් ඇතී...

කොන්ක්‍රීට් තුංග තුරු
හිස් මුඳුන් සිඹ සිඹ
හමන මේ පවන් රොඳ
ඒ සුවඳ ගෙන වඩී...

හිස් අතින් ඇවිත් හිස්
අතින් යන තැනක හිඳ
එකම එක හුස්මක්ව
සෙමෙන් පවනේ වෙලී...

අන්න අර පේන දුර
ඈතකම සැඟවෙන්න
මතක පිටු ඉර ඉරා
කවුළුවෙන් විසුරමී...

15 comments:

  1. බෝම ලස්සණයි...

    මේ දවස් වල සෑහෙන්ට මතක පිටු ඉරෙනව වගෙයි... හෙහ් හෙහ්... :)

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ඉතින්... කවිය කියවන්න...පින්තූරයත් කියවන්න...ඒත් කවියාව කියවන්න උත්සහ නොකරන්න

      Delete
  2. නූතන මේඝ දූතය වගේ....නරකද උත්සාහ කලොත්..?

    ReplyDelete
    Replies
    1. මේඝ දූතෙත් බ්ලොක් වෙලා අයියෝ

      Delete
  3. අපූරුයි සඳූ...

    ජයවේවා!!!

    ReplyDelete
  4. මේ කවුළු ඇ'සඟින්
    අර පේන අවකාශයේ
    කොහේ හරි...කොහේ හරි
    ඔබේ සුවඳත් ඇතී...

    ලස්සනයි....

    ReplyDelete
  5. කොන්ක්‍රීට් සිප ගෙන එන මදනල හරිම විසකුරුයි සදු.

    ReplyDelete
  6. කියවෙන්නේ කවිය නොව කවියාම නිසාවෙන් නෝ කමෙන්ට්ස් හිටං...😂

    ReplyDelete
    Replies
    1. හිටං කමෙන්ට්ස් කරනකොට ඔහොම තමා කොහේ හරි ඉඳං කරන්නකෝ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...