සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Aug 14, 2018

උන්මාදිනී !



ග්ලැසියර සීතල
දැනෙන හවසක

මන්දාකිණි දිස්නයකි
ඒ දුඹුරු ඇස් අස

ගිනි සිළක උණුහුම
රැඳුණු මුඳු පපුවක

වෙලෙමි දැවටෙමි
උන්මාද සිහිනයක

8 comments:


  1. "ග්ලැසියර සීතල" වගේම "මන්දාකිණි දිස්නය" කියන උපමා පද පෙළ රසවත් කරලා තියෙනවා අගේට .

    ගිනි සිළක උණුහුම රැඳුණු මුඳු පපුවක කියන කොටසේන් කියන්න හැදුවේ ලොවට වහං වෙලා කරපු කරන ආදරයක්දෝ කියල මට හිතුනා . කොහොම නමුත් බලද්දී ඒ ආදරය හුදු සිහිනයක් ම පමණමැයි .

    **********************************

    අලුත් විදියක් ... හරිම ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතුන විදියත් හොදයි.....ඒත් මම ලිව්වේ වෙන දෙයක්....හැබැයි මේ කවිය තමන්ට තේරෙන තේරුම් ගන්න විදියට රස විඳින්න ලොකු බාධාවක් නෑ කියලයි මට හිතෙන්නේ

      Delete
  2. ලස්සන යෙදුම් ඇති නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පිලිතුරු කවිත් සෙන්සර් බෝඩ් එකෙන් කපලද දුමී... දැන් කවි නෑ ගොඩක් වෙලාවට ලස්සනයි විතරයි.

      Delete
  3. ඇත්තටම ඒක උන්මාද සිහිනයක්ම තමයි සදු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ .... ඔය වගේ හීන නැතෑ කාටත්

      Delete
  4. අපිට කොයින්ද අනේ ඒ වගේ මාළු? :/

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමෙයි.... මූදු ගියානම් හරි එහෙනම් ....

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.