සඳට බැළුම් හෙලූ අය

Sep 3, 2018

හුස්මකට හුස්මක් !



කොහේදෝ ඈත
දුරකින් ඇසේ
නොනිදනා රැයක
ඉසියුම්ව ඉසියුම්ව
තත් බිඳෙන
ස්වරයක්...

ළඟ ළඟ ම
ළඟ ළඟ ම
දැනේවී දැනේවී
රෝමාන්තික
පිරිමි විළවුන්
සුවඳක්..

රසෝඝයේ සලු
ගිලිහෙන්නටත්
පෙරම
විනිවිදී විනිවිදී
අකීකරු තරු
දෑසක්...

6 comments:

  1. රසෝඝයේ නිමේෂයක් ඉසිඹුලන්නට කෙරෙන හෘදයාංගම ආරාධනයක්ද මේ සඳවතී?

    දන්නේනම ලියල තියෙනවා . හරිම සුන්දරයි තාත්විකයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන අගය කිරීමට.....

      ලියපු කෙනා කවිය තෝරලා දෙනවට වඩා තම තමන්ට තේරෙන දැනෙන විදියට වින්දාමයි නිර්මාණයක් ලස්සන නේද... ඔය පේන්නෙ නැද්ද පල්ලෙහා කමෙන්ට් කරපු එකාට හිතිල තියෙන දේ හි හී

      Delete
    2. අඳුරු අහසක රෑ කැටයම්
      සඳකි තනිකම්කල සිත්තම්
      ඔබට තවකෙකු පමණක් නම්
      මියෙමි සඳවත අද මා නම්

      Delete
  2. කොටුවක් පනින සින් එකක්ද මන්දා :)))

    ReplyDelete
    Replies
    1. පේනවනේ හිතෙන දේවල් ඉතින්....කමක් නෑ කමක් නෑ... කෝම හරි හිතා ගන්නකෝ

      Delete
  3. නින්දට යන රැයේ යහනක සැතපිලා ඉන්නකොට හිතෙන දෙයක්ද කොහෙද ඔය.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...