සඳට බැළුම් හෙලූ අය

Nov 23, 2018

අහිමි !







ඉස්සරම ඉස්සරින්
පරවෙච්ච හීනයක්
අහම්බෙන් මඟ තොටක
ආයෙ ඇස ගැටෙනකොට
කොච්චරක් දුර උනත්
හිත ආයෙ අහන්නෙම
හුස්මකට දුරින්වත්
නවතින්න පුලුවන්ද

සම්මතේ කර වටක්
ගිලී මියැදෙන හීන
කල් ඉකුත් වූවාට
තාම සොඳුරුයි බෝම
රන් පාට හේදුනත්
මුදු'ගිල්ලෙ බර ගාව
නවතින්න වෙන්නේම
මුව පැටව් ඇස් සිහිව

ජීවිතේ අතර මඟ
එදා ගබ්සා වෙච්ච
ප්‍රේමයේ මුල් කැලළ
කිසිදාක සුව නොවන
කාලයේ වැලි තලා
හෝදගෙන ගිය මතක
ආයෙ උඩ එන්නෙපා
ඉතින් ඇහැරෙමු හනික

9 comments:

  1. සඳූගෙ පද ගැලපිලි හිතට දැනෙනවා හොදින් . සාමාවෙන්න කවියකින් කියන්න තරම් වෙලාවක් නැතිවුනාට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවි වලින් පිලිතුරු නොදුන්නත් එදා වගේම අදත් දුමී මෙහෙ ඇවිත් කියවන එකම වටිනවා.. ස්තූතියි ඒකට ඔයාට

      Delete
  2. කාට කාටත් පරණ මතක අවදි කරවන්නත් , ආපහු යථාර්තයට හුරු වෙන්නත් හොද පුර්වාදර්ශයක් . මේකත් කවි වැඩසටහනට ගන්නම්. සොදුරු සිත බ්ලොග් එකේ සදාදරණීය පරණ පෙම්වතා කතාව සිහිපත් කලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත්..... ඉඩ තියෙන වෙලාවක ඔය කියන කතාවත් බලන්න ඕනේ ඒ බ්ලොග් එකේ

      Delete
  3. ඇහැරුණත් අද හනික
    මතක මතුවෙයි දිනෙක!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ඒකනේ මතක සදානොමියෙන්නේ

      Delete
  4. පරවෙච්ච හීනේ මගේ හිතට තාමත් දැනෙනවා සදු.ඒක අමතක කරන්න කවදාවත් බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්නත් එපා ඉතින් ඒ අමරණීය මතක

      Delete
  5. පරවෙච්චි හිත තවම
    මග බලා ඉන්න විට
    පුළුවන් ද කියන් මට
    ඔහොම මග හැර යන්නට

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...